සිංහල අකුරු හා වචන ඉංග්‍රීසියෙන් ලියන හැටි ගැන ජේ. සී. අහංගම

සිංහල අකුරු හා වචන ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා විධිමත් ක්‍රමයක් අවශ්‍ය බව අපි පෙන්වා දුන්නා. මෙම සංවාදයට එක් වූ ජේ.සී. අහංගම විසින් පෙන්වා දෙන ලද කාරණා ඉතා වැදගත් යයි අප සිතන නිසා ඒවා නැවත මෙහි පළ කරන්නට අදහස් කළා. ඔහු මෙහෙම කියනවා.

අපි මේ ප්‍රශ්නය දිහා බලන්නේ අපේ ඉංග්‍රීසි ආභාසය හරහායි. ඇත්තටම සොයා බැලුවොත් අපට පෙනී යයි ඉංග්‍රීසි හැර බටහිර ඉන්දු යුරෝපීය භාෂාවල් ඉංග්‍රීසි වගේ නොව බොහෝ දුරට ලියන්නේ කියන විදිහටයි කියලා. ඉන්දු යුරෝපීය, එනම් හින්දි වගේ උතුරු ඉන්දියාවේ භාෂාවල් ලියන්නෙත් කතාවත් ලිවීමත් ගලපන රීති අනුවයි. සිංහලත් එහෙම නේ? (සිංහල ඉන්දු යුරෝපීය භාෂාවල් හා Germanic භාෂාවල්වලට, සංස්කෘතටත්, වඩා පැරණි ඉන්දු යුරෝපීය භාෂාවක් කියා ඔප්පු කල හැකියි).

ප්‍රශ්නය තේරුම් ගන්න ඉංග්‍රීසි ලිවීමට වුන හානිය දැනගැනීම හොඳයි.

පුරාණ ඉංග්‍රීසිත් ලිව්වේ කතාකරන විදිහටමයි. 600 වර්‍ෂයේ පමණ මුළු එංගලන්තයම ක්‍රිස්තු භක්තියට ගියාට පස්සේ ෆුතාර්ක් කුරුටු අකුරු මන්තරකරයින්ගේ අකුරු කියලා අතහැරලා ඉංග්‍රීසි පොත් ලතින් අකුරෙන් ලියන්න පටන් ගත්තා. නමුත් අකුරු 22ක් ඉංග්‍රීසි ශබ්ද ලියන්න මදි නිසා තයන්න, දයන්න හා ඇයන්න අකුරු මාලාවට එකතු කරලා ඉංග්‍රීසි අකුරු මාලාවක් හදා ගත්තා. දයන්න d අකුර හරහට කපලා ð හැටියට ලිව්වා. තයන්න ලිව්වේ පරණ ෆුතාර්ක් අකුර ලෙසමයි. ඒ තෝර්න් (þ) කියන අකුර තමා අද ඉතුරුවෙලා තියෙන එකම ඉංග්‍රීසි අකුර. ඇයන්න හදා ගත්තේ සිංහලයා අයන්නට ඇද පිල්ල දාගත්තා වගේ අ අකුරට ඇදයක් දාගෙනයි! -> æ. ඒක a+e බැඳි අකුර කියලා සමහරු වරදවා කියනවා. ඉතින්, කාලයක් ඉංග්‍රීසි පොත් ශබ්දානුකරණයෙන් ලිව්වා

නමුත් 1500 වගේ කාලයේදී කැක්ස්ටන් යුරෝපයට ගිහිං අකුරු මුද්‍රා එංගලන්තයට ගෙනාවා. ඒ කාලේ අද ලංකාවේ ලොක්කන් ඉංග්‍රීසි වන්දනා කරනවා වෙගේ එංගලන්තයේ පාලකයන් ප්‍රංශ භාෂාව වන්දනා කළා. දුප්පත් ජනයාගේ ඉංග්‍රීසි ගැන කාගේවත් තැකීමක් තිබුනේ නෑ. (දුප්පත් හෙළයාගේ බස යුනිකෝඩ් මැරුවාට කව්ද අඬන්නේ?). පල්ලිය කැක්ස්ටන්ට කිව්වා indulgence සහතික ගහන්න කියලා. ඉන්ඩල්ජන්ස් කියන්නේ සල්ලිවලට පව් සමා කරන සහතික ජාතියටයි. හුඟක් සල්ලි දුන්නොත් ස්වර්‍ගයට ඇතුල් වෙන්නම සහතික කළා. මේ සල්ලි වලින් තමා ප්‍ර‌ැතුගීසි (ප්+රු=ප්‍ර‌ැ), ලංසි, ඩච් ආදීන් රටවල් අල්ලන්න යුද නැව් යැව්වේ. අද ISIS එක කරන වැඩේමයි එදා ක්‍රිස්තු භක්තිකයන් කළේ. 'ආගමට වරෙන්, නැත්නම් මරනවා!'

කැකස්ටන් සල්ලි හම්බ කළා; නමුත් ඇයන්න, දයන්න, තයන්න, අපෙ හෝඩියේ නැති ඔෂ්ඨජ වයන්න (w) අකුරුවලට මුද්‍රා හැදුවේ නෑ. මේ හේතුවෙන් තමා dictionary කියන එක ආවේ!

(ගැමුණු, ඉංග්‍රීසි oo හා i අකුරු ශබ්ද කරන්න අපි දන්නේ නැති වග තේරුම් ගන්න. ඒවා උගුරු ළඟින් එන ඝොෂ ශබ්ද දෙකකුයි. oo ශබ්දය උයන්න අයන්න කියනවා වගේ කියන්න ඕනේ. i අකුර ඉයන්න, එයන්න වගේ කට හදාගෙන කරන ශබ්දයක්.)

සිංහල භාෂාව ඉන්දු යුරෝපීය භාෂාවක් නිසා අපිටත් ඉංග්‍රීසි ලතින්ගත කළා වගේ ලතින්ගත කරන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය දයන්න ඇයන්න තයන්න ලියන අකුරු පරිගණකයේ තියෙනවා.

ඉංග්‍රීසි මුද්‍රා පුවරුව දිහා බලන්න. ඒකේ q, w, f අකුරු තුන වෙනුවට පිළිවෙලින් ද්(ð), ඇ(þ), ත්(f) අකුරු දාමු. z->ශ්, x ->ෂ්. එතකොට මහප්‍රාණ වලට h අකුර kh, gh ආදී විදිහට ගමු. á -> අං, í -> ඉං ආදී විදිහට ගමු. මේ වගේ මුද්‍රා පුවරුවක් මම හැදුවා. මෙන්න ඒකෙන් ලියපු අර ගැමුණුගේ ප්‍රශ්න විසඳලා ලියපු ඒවා:

jayanþa, jayanþaa, pærakum, ðææla bádaara, guµaseekara, boolavaþþa, udagama, uðaagama, kottaava, nizzáka, vizexa, kudaa baµdaa, cuuda maaµikyaya, ðhanapaala, ðharmaðaasa, koþalaavala

යුනිකෝඩ් සිංහලෙන්:
ජයන්ත, ජයන්තා, පැරකුම්, දෑල බංඩාර, ගුණසේකර, බෝලවත්ත, උඩගම, උදාගම, කොට්ටාව, නිශ්ශංක, විශෙෂ, කුඩා බණ්ඩා, චූඩ මාණික්‍යය, ධනපාල, ධර්‍මදාස, කොතලාවල.

මොනවාද අර පිස්සු අකුරු කියලා ඉංග්‍රීසි අකුරු මාලාවෙන් පිට අකුරු දැකලා ලිඳේ ගෙම්බන් වෙන්නේ නැත්නම් අපිට පුළුවන් වෙනවා පලමුවෙනි වතාවට නම් හරියට ලියලා තියෙන ටෙලිෆෝන් නාමාවලියක් හදාගන්න.

මේ පිළිබඳ විස්තර මෙම ලේඛකයාගේ ahangama.com නම් වෙබ් අඩවියේ ඇතුළත් වෙනවා.

මම මේ මුළු එක ලිව්වේ මේ පහල දෙන පිටුව ඇතුලේ තියෙන ලතින්ගත සිංහල සිංහල අකුරෙන් පෙන්වන තැනේයි. ඒක කරන්නේ ෆොන්ට් එකකින් ලතින් අකුරුවල හැඩය වෙනුවට සිංහල අකුරු දාන ෆොන්ට් එකකිනුයි.
http://ahangama.com/liyamu/
Wordpress බ්ලොග් එකත් ඒ වගේ ලතින්ගත කළ සිංහල සිංහල අකුරෙන් පෙනෙන්න ලියන්න පුළුවන්. මේ මම ලියපු පරණ ගූගල් බ්ලොග් එකක්.
http://blog.ahangama.com/

මේ ක්‍රමය ගැන අදහසක් පළ කරන්නට කලියෙන් මේ ගැන ඔබත් හිතනවා නම් හොඳයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හොඳ අදහසක්. දුප්පත් සිංහලයාගේ අකුරු කෑවේ ටයිප් රයිටර් සිංහල කී බෝඩ් එක හදපු දවසේ. දා යන්න මේ ලියලා තියන විදිහට හැදුවේ ඒ කී බෝඩ් එකෙන්. නමුත් දා යන්න ඇත්තටම මේ රූපය නෙවෙයි. ඒ වගේම තමයි රේඵය යෙදීමත් පරිගණකයෙන් නිසි පරිදි කරන්න බැරි නිසයි අපි කාර්යය/කාර්‍යය, ධෛර්යය/ධෛර්‍යය වැනි විකාර රූප ලියන්නේ.

    ඔබ ලියා තිබෙන ක්‍රමයේ ධර්මදාස යන වචනය නිවැරදිව ලියා තිබෙනවා. තවත් එවැනි උදාහරණ ටිකක් දෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය දුප්පත් සිංහලයාට සාක්ෂරතාවයක් තිබුනේ නෑ. දැන් තියෙන තත්වයට සාක්ෂරතාවය ගොඩනැගීමත් පහසුවෙන් මුද්‍රණය කිරීමත් අතර ලොකු සම්භන්ධතාවයක් තියෙනවා. ඒ වගේම භාෂාව කාලයත් තාක්ෂණයත් අනුව වෙනස් වීම සාමාන්‍යයයි. අකුරේ නියම කියල රූපයක් නැ. තියෙනවාමයි කියන අය තල් ලිපිය භාවිතා කරන්න.

      Delete
  2. දැන් මේකද මේ වෙලාවෙ රටේ තියෙන දැවෙන ප්‍රශ්නය? පැරා මේ වගේ කාටවත්ම ප්‍රායෝගිකව වැඩක් නැති පිස්සු පෝස්ට් දානකොට (ඒකත් තමන් ලියපු එකක් නෙවෙයි,.) අපි ලොරි ගැන මැරුච්ච යාලුවො ගැන කතා කරනවා. දැන් කාටද පිස්සු? පැරාටද අපටද? වැඩකට ඇති කමෙන්ට් ඕනැ නම් වැඩකට ඇති පෝස්ට් එකක් දාන්න.

    ReplyDelete
  3. රටේ තිබෙන දැවෙන ප්‍රශ්න ගැන පමණක් ලියනවා ය කියා මා කිසිවෙකු සමග ගිවිසුමකට එළඹ නැත.

    ReplyDelete
    Replies
    1. පැරා කැමැති විදිහට කමෙන්ට් කරනවා කියා අප පැරා සමඟද ගිවිසුමකට එළඹ නැති බව අමතක වුණාද?

      (දැන් පුළුවන් නම් මේකත් කපන්න.)

      Delete
    2. ඔබ වැනි අයට තිබෙන මූලික ගැටලුව ඔබ යම් අදහසකට සවන් දෙන්නේ එය තේරුම් ගන්නට නොව පිළිතුරු දෙන්නට වීමයි.

      දැන් මේ පිළිතුරෙන් ඔබ බලාපොරොත්තු වන්නේ ජය ගත්තා ය කියන්නට නම්, ඔබ දිනුම අරගෙන සතුටු වන්න.

      එහෙත්, තේරුම් ගත යුතු කාරණය වන්නේ ඔබ මොනවා ලියුවත්, ඒවා පළ කිරීම හෝ නො කිරීම සම්බන්ධ අයිතියක් සංස්කාරකවරයාට තිබෙනවා.

      අනුන්ගේ අවකාශයක නිර්නාමිකව ඕනෑ කුණුහරුපයක්, අපහාසයක් ලිවීම ප්‍රකාශනයේ නිදහස කියා හඳුන්වන්න බැහැ.

      මතක තබා ගන්න ප්‍රකාශනයේ නිදහස කියන්නේ සම්මුතියක් මිස වල් බූරු නිදහසක් නොවෙයි.

      මෙතන අදහස් පළ කළ ඇතැමුන් සිය ප්‍රතිවාදීන්ගේ අම්මලාගේ ලිංගික අවයව ගැනත් කතා කරන්නට පටන් ගන්නා තරමට පහත් තත්වයට වැටුණා.

      බ්ලොග්කරණයේ ඇනොනිමස්කම කියන්නේ ඇතැමුන් සිය වනචාරිත්වය මුදාහරින්න පාවිච්චි කරන තත්වයක්. මෙය ලංකාව වැනි පසුගාමී ගැහැනු පිරිමි ඉන්නා සමාජයක භාවිතා කළ යුත්තේ ඉතා පරිස්සමින් බවයි මා උගත් පාඩම.

      Delete
    3. /එහෙත්, තේරුම් ගත යුතු කාරණය වන්නේ ඔබ මොනවා ලියුවත්, ඒවා පළ කිරීම හෝ නො කිරීම සම්බන්ධ අයිතියක් සංස්කාරකවරයාට තිබෙනවා. /

      දැන් එහෙම නෙවෙයි කියලා නැහැනෙ කවුරුත්. හැබැයි මෙතන ප්‍රශ්නය අනුන්ගේ අදහස් කපන පැරාලා, මාතලන්ලා, රාජ්ලා ඉන්දික උපශාන්තලාම තමන් විරුද්ධ මතවාදයන්ට විරුද්ධ අදහස් වලට ඉඩ දෙනවා කියලා නැව් ටෝක් දෙන එකයි. මේක පැරාගේ විශ්වය. ඉතින් පැරා ඒකෙ අධිරාජ්‍යවාදී විදිහට හැසිරෙනවා. විරුද්ධ මතධාරීන් පිටුවහල් කරනවා. හිරේ දානවා. ඒ අතරම මහා සමාජවාදියෙක් හැටියට පෙනී සිටිනවා. හරියට ස්ටාලින්ලා හිට්ලර් ලා පොල්පොට්ලා මහින්ද රාජපක්ෂලා වගේමයි. අපිත් පුළුවන් නම් කමෙන්ට් කරනවා බැරිනම් වෙන තැනක් හොයා ගන්නවා. අපි ඉතින් සාමාන්‍ය පුරවැසියෝනෙ මේ බ්ලොග් ලෝකයේ.

      පැරාට අවශ්‍ය මේකෙ කමෙන්ට් කරන සියළු දෙනාම තමන්ගේ ශිෂ්‍යයින් විදිහට කීකරු කරන එක නම් ඒකට ටිකක් රෑ වෙයි. නමුත් පැරා ඉන්දික උපශාන්තලාට වැඩිය නම් හොඳයි. එයා ඉතින් තමන්ගෙම බ්ලොග් එකේ ඇනෝ කමෙන්ට් පවා දාන්න තරමට පහළ වැටිලනෙ. දැන් මෙතන ඔය ඇනෝ කමෙන්ට් දාන්නෙත් ඊට පස්සෙ ඇනෝලට බනින්නෙත් ඒ වගේම ප්‍රොෆයිල්කාරයො තමයි. පැරාත් ඉතින් රැවටිලා ප්‍රොෆයිල්කාරයො මාර හොඳයි ඇනෝලා නරකයි කියලා බනිනවා. බලන කොට දෙගොල්ලොම එකම පිරිස.

      Delete
    4. මේ බ්ලොගය පුරා ම බලන්න අප පළ කළ අදහස්වලට පක්ෂ මතවලට වඩා විරුද්ධ මත වැඩියි. අපට පෞද්ගලිකව පහර දුන් ඇතැම් කුණුහරුප කමෙන්ට්වත් අපි ඉවත් කර නැහැ. මන්ද, එය දරා ගැනීමට අපට හැකි නිසා. අපේ මතයට විරුද්ධ මතයක් සහිත කිසිදු කමෙන්ටුවක් කිසි දිනෙක ඉවත් කර නැහැ. එහෙම තිබෙනවා නම් හැකි නම් පෙන්නන්න.

      මට කියන්න තිබෙන්නේ මේකයි. අපි ඉවත් කළ කමෙන්ටුවල අපේ අදහස්වලට විරුද්ධ කිසිවක් තිබුණේ නැහැ. ඒවා එක පැත්තකින් කිසිදු අදාළකමක් නැහැ. උදාහරණ ලෙස ඔය ලොරියක් ගැන කියන මගුල මොකක්ද කියා අපට තේරෙන්නේ නැහැ. ඒ කට්ටියට ඔය ලොරි කතාව වෙන චැට් රූම් එකක කර ගන්න පුළුවන්නේ.

      අනෙක් පැත්තෙන් කුණුහරුප හා විකාර කියන්නේ අපට විරුද්ධ අදහසක් නෙමෙයි. ඒවා විරුද්ධ සමාජ සදාචාරයටයි. මේ ලිපි කියවන අය අතර ළමයින් ද සිටින බව මතක තබා ගන්න.

      දැන් කල්පනා කරලා බලන්න ඔයා මොනවද මේ අදහස් කියලා කියන්නේ කියලා. ඔබ විසින් හිතේ ගොඩ නගා ගත්, මෙතැන නැති ප්‍රශ්නයකට ඔබ පිළිතුරු දීලා.

      මේක ඇත්තට ම ඔබගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. අපේ සමාජයේ ම ගැටලුවක්. කියන දේ තේරෙන්නේ නැහැ. හේතුව අහන්නේ තේරුම් ගන්න නෙමෙයි. පැන්න ගමන් උත්තර දෙන්න. මොකටද? තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන්.

      Delete
    5. ///අනෙක් පැත්තෙන් කුණුහරුප හා විකාර කියන්නේ අපට විරුද්ධ අදහසක් නෙමෙයි. ඒවා විරුද්ධ සමාජ සදාචාරයටයි. මේ ලිපි කියවන අය අතර ළමයින් ද සිටින බව මතක තබා ගන්න. ///
      අනිවර්යයෙන්ම මෙම අඩවිය රැක ගත යුතුයි ... අනවශ්‍ය කපාහැරීම් ඉතා සාධාරණයි..

      Delete
    6. දැන් පහුගිය ලිපියෙයි මේ ලිපියෙයි ලොරිය ගැන වැඩියෙන්ම කථා කරේ කවුද.... පැරාම තමයි...අනෙක මෙතන ඇවිත් ඇනෝලට වැඩියෙන්ම බනින්නෙ කවුද...ඉන්දික උපශාන්තයි... මාතලනුයි...

      මාතලං කියන්නෙ තමන්ගෙ මතයට පිටින් යන හැම එකාටම බලු බැනුම් බනින කෙනෙක්... ඒක නිසා පොර ඇනෝ කන්සෙප්ට් එකත් එක්කම තරහයි...

      ඊගාවට ඉන්දිකට හැම ඇනෝම පේන්නෙ අභීත වගේ... ඉතින් ඌත් ඇනෝලත් එක්ක තරහයි... ඉන්ටර්නෙට් එකෙන් සල්ලි ඉන්වෙස්ට් කරන්න ගිහින් කෙලවගත්ත එකේ වාඩුව යන්නෙත් ඇනෝලා පිටින්...

      පැරා මෙතන වෙන සංවාද වලට දායක උනොත් මේක ඇක්ටිව් විදිහට යයි... නැත්නම් මේකෙ ඇනෝලත් නෑ... ඔය මහ ලොකු කියල හිතන් ඉන්න බ්ලොග් කාරයොත් නෑ....

      Delete
    7. පැරා, බ්ලොග් එකක් කියන්නේ මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවක් නෙමෙයිනේ. අනික පැරා නේ මේකේ ඇඩ්මින්, පොස්ට් එකට අදාළ නැති මෝඩ ජෝක් තියෙන කොමෙන්ට් දැක්කහම කපල දාන්න. මාධ්‍ය නිදහස කියන එකයි, මානසික රෝගීන් රැකබලාගන්නවා කියන එකයි දෙකක් කියල මේක කියවන 99% දන්නවා.

      Delete
    8. //හැබැයි මෙතන ප්‍රශ්නය අනුන්ගේ අදහස් කපන පැරාලා, මාතලන්ලා, රාජ්ලා ඉන්දික උපශාන්තලාම තමන් විරුද්ධ මතවාදයන්ට විරුද්ධ අදහස් වලට ඉඩ දෙනවා කියලා නැව් ටෝක් දෙන එකයි. මේක පැරාගේ විශ්වය. ඉතින් පැරා ඒකෙ අධිරාජ්‍යවාදී විදිහට හැසිරෙනවා. විරුද්ධ මතධාරීන් පිටුවහල් කරනවා. හිරේ දානවා. ඒ අතරම මහා සමාජවාදියෙක් හැටියට පෙනී සිටිනවා. හරියට ස්ටාලින්ලා හිට්ලර් ලා පොල්පොට්ලා මහින්ද රාජපක්ෂලා වගේමයි. අපිත් පුළුවන් නම් කමෙන්ට් කරනවා බැරිනම් වෙන තැනක් හොයා ගන්නවා. අපි ඉතින් සාමාන්‍ය පුරවැසියෝනෙ මේ බ්ලොග් ලෝකයේ.//

      අනේ නිකන් පලයන් මහත්තයෝ යන්න.....ඔය හැමදාම කියන බයිලාව කියහන් කොන්ඩේබැදපු චීනෙකුට....මාධ්‍ය නිදහස කියල උඹට කුණුහරුප කොටන්න චාන්ස් එකක් දීපන් කියලද කියන්නේ ?

      උඹද අර ලොරි කොමෙන්ට් එක දාන රෝගියා.

      Delete
    9. කොච්චර කිව්වත් මීහරක්ට තේරෙනවද?

      Delete
    10. 'අනෙක් පැත්තෙන් කුණුහරුප හා විකාර කියන්නේ අපට විරුද්ධ අදහසක් නෙමෙයි. ඒවා විරුද්ධ සමාජ සදාචාරයටයි. මේ ලිපි කියවන අය අතර ළමයින් ද සිටින බව මතක තබා ගන්න.'

      (2011 අප්‍රේල් 06, W3Lanka) මේ දිනමිණ පුවත්පතේ සිරස්තලයකි.

      'වත්තට ‘චූ’ කළැයි වක් පිහියකින් කොටලා
      සිසුවා රෝහලේ ඉඩම් හිමියා අත්අඩංගුවේ'

      මුත්‍රා වැනි බර වචන වෙනුවට චූ කියා සරළ වචනයක් යෙදීම නරක නැත. භාෂාව ද වෙනස් විය යුතු ය. රජය කරන නිසා එසේ වෙනස් කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් විය යුතු ය.


      ඒ අනුව, තව ටික කලක් යන විට අසූචි වෙනුවට ගූ කියා ද, ශුක්‍රානු වෙනුවට කැරි කියා ද, සංසර්ගයේ යෙදෙනවා වෙනුවට හුකනවා කියා ද දිනමිණේ යෙදෙනු ඇත.


      පසුව ඒවා පාසල් පෙළ පොත්වලට ද එනු ඇත.


      අපි නම් සිරාවට ම මේ වෙනසට කැමති ය. මන්ද, කුණුහරුප හෙවත් සිංහල ස්ලෑං ලිඛිත ව්‍යවහාරයට ගැනීමට මෙය කදිම අවස්ථාවක් නිසා ය. මෙය විශේෂයෙන් ම සිංහල සාහිත්‍යයේදී ප්‍රශ්නයකි. යමෙකු තවෙකෙකුට 'කැරි බල්ලා' කියා බැන්නා යයි ලියන්නට බැරිකම සිංහල සාහිත්‍යයේ ගැටලුවකි. ශුක්‍රානු සුනඛයා යයි ලියුවාට ඉහත අදහස එන්නේ නැත.

      ..................

      'අපේ මතයට විරුද්ධ මතයක් සහිත කිසිදු කමෙන්ටුවක් කිසි දිනෙක ඉවත් කර නැහැ. එහෙම තිබෙනවා නම් හැකි නම් පෙන්නන්න.'

      දැන් පැරා මෙතන කොමෙන්ට් මොඩරේට් කරද්දී අපි කොහොමද දන්නේ ඔබ පළකරන්නේ කවර ආකාරයේ කොමෙන්ට්ටුද කියා. ඔබට පුළුවන් නේ ඔබගේ අදහස් වලට සමපාත නොවන කොමෙන්ටු පල නොකර ඉන්න.

      Delete
    11. @AnonymousOctober 19, 2014 at 5:03 PM
      අනේ යකෝ අනුන්ගේ බ්ලොග් එකක එකක ඇනෝ කොමෙන්ට් කොටලා ඒවා කොටපු සැනින් පබ්ලිෂ් වෙන්නෑ කියල නහයෙන් අඩනවට වඩා හොඳ නැද්ද වත්ත පල්ලෙහා පොලව කොටලා මංඤෙක්ක දඬු ටිකක් ඉන්දන එක. කල් යනකොට අලවත් බහිනේ. නොදකින් බන් !!

      Delete
  4. Anonymous October 19, 2014 at 5:03 PM කමෙන්ටුව වහාම කපා දමන්න. එහි අසභ්‍ය වචන ඇත.
    කුනුහරප සහ අසභ්‍ය වචන සමග සරල වචන වෙන් කර හඳුනාගැනීමට ඒ බූරු ඇනෝ අසමත් වී ඇත.
    චූ යනු කුඩා දරුවන් පවා භාවිතා කරන වචනයකි. එහෙත් අනාගතයේදී දිනමිණ පත්තරේ පළ කළ යුතුයැයි ඒ බූරු වහන්සේ යෝජනා කරන අනිත් වචන එසේ කුඩා දරුවන් භාවිතා කරන වචන ද?
    කමෙන්ට් දැමීමේ අයිතිය තිබිය යුත්තේ මොලේ තියන අයට පමණකි. අනිත් අයට ලියන්නම අවශ්‍ය නම් අඟුරු කෑල්ලක් ගෙන ගොස් වැසිකිළියේ පිටිපස්ස පැත්තේ බිත්තියක ලිවිය හැකිය. ඒවා කියවන්නට අවශ්‍ය අයටත් එහි ගොස් ඒවා කියවිය හැකිය.

    ReplyDelete
  5. අහංගම මහත්මයාගේ කතාව තරමක් අවුල් ය. ඉංග්‍රිසි හෝඩිය සහ එහි අතීතය ගැන ඔහුගේ අදහස නිවැරදි විය හැකිය. මා ඒ ගැන නොදනිමි. එහෙත්, සිංහළෙන් ලිවීමට තවත් අකුරු වර්ග සෑදීමේ අවශ්‍යතාවක් දැනට නැත. යුනිකෝඩ් අකුරු නිසා පරිගණක වලදී ඉතා සාර්ථකව සිංහළ අකුරු ලිවීමට හැකිය. අයන්නේ සිට ඟ ඳ ඬ ඹ අං, අඃ දක්වා (ඦ යන්න ද ඇතුළුව) සියළු අකුරු සාර්ථකව ලිවීමට හැකියාව ලබාදුන් කොළඹ විශ්ව විද්‍යාලයීය තොරතුරු තාක‍්ෂණ අධ්‍යයනාංශයට කෘතඥතාව දැක්විය යුතුය.

    යුනිකෝඩ් භාවිතයේ ගැටළුවක් නැත. විජේසේකර යතුරු පුවරුව යනු ඉතා වේගයෙන් යතුරුලියනය කළ හැකි ආකාරයට නිර්මාණය කර තිබෙන්නකි.(http://www.siyabas.lk/sinhala_how_to_install.html බලන්න)

    අහංගම මහතාගේ සිහල හෝඩිය අඩවියේ ඇති කතන්දර ප්‍රයෝජනවත් නමුදු සමහර කාරණා වැරදිය. සරළම උදාහරණය නම් ‘පාලි හෝඩිය‘ කියා දෙයක් ලෝකයේ නොපැවැතීමය. පාලි භාෂාව ලියන ලද්දේ එය භාවිතා කරන අයගේ භාෂාවකිනි. සංස්කෘත හෝඩිය දේවනාගරී අකුරු භාවිතයෙන් ලියන ලද අතර අදටත් හින්දි භාෂාව ලිවීමට එම අකුරු පාවිච්චි කරනු ලැබේ. එමෙන්ම, බෙංගාලි, නේපාලි ආදී ආසන්න භාෂා ලියන්නේ ද ඊට ආසන්න හැඩ සහිත අකුරු භාවිතා කරමිනි.
    තවද, ඉහත කී සිහළ හෝඩිය අඩවියේ මූර්ධජ අකුරක් ලෙස ළ යන්න වෙනම හඳුන්වා තිබුනත් මූර්ධජ වූ ණ යන්න ගැන සඳහනක් නැත.

    අපේ අකුරු අපට ගැලපෙන හැටියට සෑදී ඇත. ෆ යනු ඝර්ම කළාපීය රටකට අවශ්‍ය අකුරක් නොවේ. දකුණු ඉන්දියාවේ ද එය නැත. එය ඇත්තේ සීතල හිමාලයට ආසන්න වූ හින්දි, උර්දු භාෂෘ වලත්, රුසියානු සහ යුරෝපීය භාෂා වලත් ය. තවද, හින්දි ෆයන්න f ශබ්දයට වඩා ph ශබ්දයට ආසන්න වේ.

    තවදුරටත් ලිවීමට වේලාව නැත. සමාවෙන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා