නෝනිසමේනියාවේ සිට හම්ප්ටි ඩම්ප්ටි දක්වා

මේ කවිය අපි ටික කලකට කලින් ලියූ එකක්. ඒත්, මේ වෙලාවට එය අදාළ නිසා නැවත පළ කරනවා. 

කවියේ මාතෘකාව නෝනිසමේනියාව

ඩොක්ටර් ක්‍රිස් නෝනිස් ඉස් ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ශ්‍රී ලංකන් එක්ස්පැට්‍රියේට් ස්ටාර් 
හී කැන් ස්පීක් ඉංග්ලිෂ් සෝ එලක්වන්ට්ලි ලයික් අ ඩයමන්ඩ් ඉන් ද ස්කයි.  

අයි ඩෝන්ට් නෝ මේ ලෝකෙ දෙයක් එයාගේ වෙදකම් ගැන  
බට් හී කැන් ස්පීක් ඉංග්ලිෂ් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ්

වෙන් හී ස්පීක්ස් ඉංග්ලිෂ් ලයික් ක්වීන්ස් එලකියුෂන් මාස්ටර් 
අපේ ඇඟේ මයිල් කෙළින් වෙනවා ය.  

ආෆ්ටර් දැට් වී ස්පීක් අබවුට් හව් හී ස්පීක්ස්  
අන්ටිල් වී ඉජකයුලේට්  හව් සොමි ඉට් ඉස්
නෝ ප්‍රොබ්ලම් දෝ වී ඩොන්ට් අන්ඩස්ටෑන්ඩ් මේ ලෝකෙ දෙයක්  

ඇක්චුවලි හිස් වර්ඩ්ස් ආ පට්ට හිස්  
ඒත්, හී ස්පීක්ස් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ් යූ නෝ 
හී කැන් ඊවන් බ්ලේම් ඉන් ඉංග්ලිෂ්

ඉංග්ලන්ඩ් ඉස් ප්‍රෝ එල්ටීටී බට් යූ ‍නෝ ඉංග්ලිෂ් ඉස් වෙරි පොෂ්  
දැට් කන්ට්‍රි ඉස් අයිඩියල් ටු මයිග්‍රේට් සම්හව්   
සේ යූ ආ ටෝචර්ඩ් බයි ශ්‍රී ලංකන් පොලිස්  
ලැබෙනවා නම් වීසා කොහොම වුණත් මක්කෙයි

ඉංග්ලන්ඩ් ඉස් ද හෙවන් වන් ඩේ වී පුනරුත්පත්ති ආෆ්ටර් දිස් ආත්මෙ  
ඉංග්ලිෂ් ඉස් ද ලැංවිජ් ද සුරංගනාවො ස්පීක්  
දැට්ස් වයි වී ලව් ඉංග්ලිෂ් සෝ මච් ඇන් හේට් ඉට් ටූ 
බිකස් වී කාන්ට් ස්පීක් දිස් ෆකිං ලැංවිජ් ලයික් සුද්දාස්

ඩොක්ටර් නෝනිස්ගේ ඉංගිරිසියෙන් කොර වී සිටි ඇතැම් ලාංකිකයෝ හිතුවේ නෝනිස්ට සිය කඩ්ඩෙන් ලෝකෙම කරකවලා අතාරින්න පුළුවන් වෙයි කියලායි. 

ඒත්, එහෙව් නෝනිස් පාටියකදී බීල වැඩි වෙලා හම්ප්ටි ඩම්ප්ටි වගේ පුටුවෙන් පෙරලිලා කුඩු සංසාර වෙලා ගිහින් සජින් වාසා මට ගැව්වා කියා අඬන්න පටන ගත්තා. 

දැන් ඕල් ද කිංස් මෙන් ඇන් ඕල් ද කිංස් හෝසස් කියනවා ඔයා බය නැතිව ලංකාවට එන්න මෙයා වාසා ගැව්වොත් අපි අතගාන්නං කියලා.

සජින් වාසට බයේ ලංකාවට එන්න බැරි බුවාලානේ අපි මහ කොමසාරිස්කං කොරන්න පත් කළේ. 

පහත හඬ පටයේ තිබෙන්නේ මේ නෝනිස් සිය රැජිනගේ කඩ්ඩෙන් ලංකාවේ ගමේ ගොඩෙන් විදේශ සේවයට ගිය ගැහැනියකට ඇදල අරින හැටියි. සිද්ධිය වෙන කවුරුද ගැහැනියකගේ පාස්පෝට් හුටපටයක් වගෙයි පේන්නේ. මහ කොමසාරිස්ලා ඉන්නේ පාස්පෝට් ගැන හොයන්න ද අප්පා?

සෝක් කඩු පොඩ්ඩ!



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. KOOOO හඬ පටය?

    ReplyDelete
  2. Para, I cannot find the audio clip. I'm reading your blog on my Android. Can I get it from the desktop version? Or you accidentally forget to attach or any sabotage by those Anos.????

    ReplyDelete
  3. Ko Macho handa pataya?

    ReplyDelete
  4. ලෙග් ඊට්න් බයි වෝටර්බරීස්...!

    ReplyDelete
  5. හඬපටියේ පොඩි හුටපටයක් වෙලා තිබිලා දැන් හැදුවා. ඕකේ?

    ReplyDelete
  6. //පහත හඬ පටයේ තිබෙන්නේ මේ නෝනිස් සිය රැජිනගේ කඩ්ඩෙන් ලංකාවේ ගමේ ගොඩෙන් විදේශ සේවයට ගිය ගැහැනියකට ඇදල අරින හැටියි. සිද්ධිය වෙන කවුරුද ගැහැනියකගේ පාස්පෝට් හුටපටයක් වගෙයි පේන්නේ. මහ කොමසාරිස්ලා ඉන්නේ පාස්පෝට් ගැන හොයන්න ද අප්පා?//

    සම්පූර්ණ විස්තරය නැතිව නිගමනයකට එන්න අපහසුයි. ඔහු කතා කරන ආකාරය වැරදියි නමුත් විදේශ සේවයට දේශපාලන පත්වීම් ලබා ගත් මෝඩයන්ගෙත් අඩුවක් නෑ.

    ReplyDelete
  7. මේ වගේ එවුන් උලේ තියලා මරන්න ඕනේ. ඇමරිකවේ වුනා නම් මූට අලාභ ගෙවන්න වෙනවා. ගැහැණියකට මෙහෙම සලකපු එකෙක් ලංකාවේ සිංහලයෙක් කියා කියන්නත් ලැජ්ජයි.

    මම ලංකාවේ ප්‍රවෘත්ති බලන්නේ කලාතුරකින්. නමුත් ආරංචි වුනා මූට තව දාමරිකයෙක් ගැහුවා කියලා. මුළු පාලනයම ගණන්කාරයන් අතට ගිහිං වගෙයි පෙනෙන්නේ. මොනවා උනත් ගෑණුන්ට ගහන එකා බයගුල්ලෙක්. මේක අහගෙන ඉන්නකොට පසුබිමෙන් මතු වෙනවා මූ කාටදෝ මාරාන්න්ත බයක් තියෙන නිසායි මේ අහිංසක ගෑණිට කඩා පැන්නේ කියලා. (මේ නෝනත් කොහෙන් හරි පන්දමකින් ආපු කෙල්ලෙක් වෙන්න ඇති.)

    මේක මම ලිව්වේ ahangama.com එකේ 'සිංහල <=> සිංහල' කියන එකේ ඉංග්‍රීසි වගේ ලේසියෙන් ටයිප් කරලායි.

    ReplyDelete
  8. මම පහුගිය දවස් වල මෙයා වෙනුවෙන් සෑහෙන්න කතා කළා.දැන් බලන කොට, මම වාස් ගැන දැනගෙන හිටියත් මෙයා ගැන දැනගෙන ඉඳල නෑ. පැරාට ස්තුතියි මේ නොහිතපු පැත්ත පෙන්න දුන්නට.

    සුද්දොන්ගේ කෝල් වලට උත්තර දෙන්න හරියට ඉංග්‍රීසි බැරි කෙනෙක්ව දාපු එක නෝනිස් ගෙම වැරැද්ද. ඉංග්‍රීසි අමාරුවෙන් කතාකරන අය, සුද්දොත් එක්ක කතාකරන කොට, හැම එකටම 'හා' කියල ගැලවෙන්න බලනවා. international dealing s තියෙන ඔෆිස් එකක් මැනේජ් කරපු ඕනෑම ලංකාවේ කෙනෙක් දන්න basic රූල් එකක් ඒක.

    අනිත් එක ලංකාවේම දෙන්න අතරත්, ඉංග්‍රීසියෙන් කතාකරන කොට language barrier එකක් තියෙන බව පේනවා. මෙයා විනාඩි 13 ක් මේ බනින්නේ වීසා එකක් දීපු පාස්පෝර්ට් එකක් ගෙනියන්න එන්න කිව්වා කියල හිතාගෙන උනත්, අන්තිමේදී මට නම් තේරුනේ, කාර් එක එන්නේ තවත් පාස්පෝර්ට් එකක් ගෙනත් දෙන්න කියලයි. උත්තර දෙන ගෑණි ට , ඉංග්‍රීසියෙන් බැරිනම්, සිංහලෙන් හරි පැහැදිලි කරලා දෙන්න කොන්දක් තියෙන්න එපාය?

    අහන්ගම මහත්තය කිව්ව වගේ, නෝනිස් මෙච්චර බය වෙලා හිටියේ කාටද දන්නේ නෑ. ජී එල් ට නම් වෙන්න බෑ.

    ReplyDelete
  9. පර්සි නිලන්තOctober 29, 2014 at 10:38 AM

    //ඒත්, එහෙව් නෝනිස් පාටියකදී බීල වැඩි වෙලා හම්ප්ටි ඩම්ප්ටි වගේ පුටුවෙන් පෙරලිලා කුඩු සංසාර වෙලා ගිහින් සජින් වාසා මට ගැව්වා කියා අඬන්න පටන ගත්තා. //
    දැන් පැරා විශ්වාස කරන්නෙත්, ආණ්ඩුවෙ සාක්කිකාරයෝ කියන විදියටම ක්‍රිස්-සජින් හුටපටේ සිද්ධ වුනා කියලද?
    දැන් හැමෝම “මාතලන් ස්ටයිල්“ එක අනුගමනය කරන්න පටන් අරන් වගේ.

    ReplyDelete
  10. කාර්යාලයකදි මොනම බැනුමක් වත් විනාඩියකට දෙකකට වඩා දිග විය යුතු නැහැ. මට පේන්නෙ මෙතැන කතාව මෙහෙමයි. මේ සහායිකාවත් වැඩ බැරි කතා කරන්න වත් දෙන්නෙ නැති කාගෙ හරි පන්දමකට ආපු බඩුවක්. නෝනිස්කාරයත් මේක දන්නවා වගේයි. ඒ එක්කම නෝනිස්කාරයාට මේකි එක්ක පරණ ඇරියස් එකෙකුත් තියෙනවා වගේ පේනවා. ඒකයි කතාව දික් වෙන්නේ. නෝනිස්කාරයාගේ අරමුණ මේකි එළවා ගන්න වෙන්නත් පුළුවන්. හැබයි මේක කියන්න ඕනැ, කොයිතරම් ඉංගිරිසි කියෙව්වත් නෝනිස්කාරයා මෙතැනදී හැසිරෙන්නේ නියම ශ්‍රී ලංකන් කෙනෙක් වාගේ. ඔය වගේ අවස්ථාවකදි සුද්දෙකුගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස්.

    ReplyDelete
    Replies
    1. උඹ නම් හරියට ඉංග්‍රීසි කථා කරන්නවත් පුළුවන් එකෙක්ද කියල සැකයි. මේ නෝනිසාට තියෙන්නෙ තනිකරම British accent එක. ලංකාවෙ එවුන්ට තියෙන්නෙ මහ බයිය accent එකක්. ඒක තේරෙන්න නම් ඉතින් වෙන රටක ජීවත් වෙලා, කාලයක් රට රටවල උන්ගෙ accent එක ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ. හැබැයි නෝනිසාගෙ accent එක කෙසේ වෙතත් ඌට මනුස්සකමක් නෑ. අර අහුල අහුල ඉංග්‍රීසි කතා කරන මනුස්සයට බණින කැත. ලංකාවෙ High commissions වල වැඩිපුරම ඉන්නෙ මේ වගේ අහුල අහුල ඉංග්‍රීසි කථා කරන එවුන් තමයි, මුන් සේරම පන්දමට ආව උන් වෙන්න ඇති...

      Delete
    2. @ Robert,
      බම්බුව තමයි..... නෝනිස් කාරයාගේ කිසිම බ්‍රිටිෂ් ඇක්සන්ට් එකක් නැහැ. ඌ නිකං බ්‍රිටිෂ් ඇක්සන්ට් එක අනුකරණය කරනවා විතරයි. ලංකාවෙන් ගිහිල්ලා එංගලන්තේ පැල පදියං වෙච්ච අයත් කරන්නේ ඕකම තමයි.

      Delete
    3. මචං රොබට්, ක්‍රිස් නෝනිස් තනිකරම British accent එකෙන් නම් කතා කරන්න්නේ, ඌ කට ඇරලා නියම සිංහල විදියටම "ධනපාල" කියලා උච්චාරණය කරන්නේ කොහොමද කියපං බලන්න.

      අනික, උඹ කාලයක් පිටරට ඉඳලා උන්ගේ accent ගැන අවබෝධයක් ඇති කර ගත්තා නම් සහ ඒ වගේම උඹ කියනවා නම් නෝනිස් කාරයා නියම British accent එකෙන් කතා කරනවා කියලා කියපං බලන්න ඌ කතා කරන්නේ එංගලන්තේ මොන ප්‍රදේශයේ accent එකෙන් ද කියලා.

      Delete
  11. මම මූ ඉංග්‍රීසි කතා කරනවා ඇහුවාමයි.

    මට කියන්න තියෙන්නේ මුගේ ඉංග්‍රීසි කොහෙත්ම 'පොෂ්' නැහැ කියලයි. මේ වගේ ඉංග්‍රීසි ලංකාවේ බොහෝ දෙනා කතා කරනවා. මු කතා කරන ඉංග්‍රීසියෙයි ඒවායෙයි වෙනසක් නැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා