ආසියානු ක්‍රීඩා උළෙලට කොරියා ගොස් ගල් වීම, මචං හා මඩපාත අක්කා
ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන්නට කොරියාවට ගිය ක්‍රීඩකයන් හා නිලධාරීන් 80කගෙන් සමන්විත කණ්ඩායමේ සිටි හොකී හා බීච් වොලිබෝල් ක්‍රීඩකයන් දෙදෙනෙක් රැකියා සොයා පළා ගොස් හෙවත් කොරියාවේ ගල් වී ඇති බව වාර්තා වේ.
ලංකාවේ කණ්ඩායම ආපසු පැමිණියේ එක් රන් පදක්කමක් හා එක් ලෝකඩ පදක්කමක් පමණක් රැගෙන ය. ඒවා ද පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් විසින් දිනා ගන්නා ලද ඒවා ය.මලල ක්‍රීඩා හෝ වෙනත් දැඩි තරගකාරිත්වයක් ඇති ක්‍රීඩා සඳහා ලංකාව කිසිදු පදක්කමක් දිනා ගන්නට අසමත් විය.
ක්‍රීඩාව රටක සමාජ සංවර්ධනයේ කැඩපතක් ලෙස සැලකිය හැකි ය. අප්‍රිකානු හා බටහිර ඉන්දීය රටවල මෙන් නොව ආසියානු කලාපයේදී එය එසේ ම වේ.
මේ වන විට ලංකාවේ ක්‍රීඩාව පත් වී ඇති තත්වය සමස්ත සමාජ පරිහාණියේ කැඩපතකි. මීට කලකට පෙර ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ආසියානු ක්‍රීඩා උළෙලවලදී ප්‍රදර්ශනය විය. දැන් ඉන්නා ඇතැම් ක්‍රීඩකයන් පවා උත්සාහ කරන්නේ තහනම් උත්තේජකවලින් ඉක්මණින් තැනකට එන්නට ය. ඇවිත් සල්ලි හොයන්නට ය. ආණ්ඩුවෙන් ගෙවල් තෑගි ලබන්නට ය. මුළු රට ම ගිල ගත් පාරිභෝජනවාදී කෑදරකම ක්‍රීඩාව ද ගිල දමා හමාර ය.
එහෙව් රටක ක්‍රීඩා කර ගොඩ යන්නට බැරි බව දන්නා ක්‍රීඩකයෝ දෙදෙනෙක් මෙසේ ගල් වී තිබේ. මේ එසේ ක්‍රීඩකයන් ගල් වූ පළමු අවස්ථාව නො වේ. කොරියාවේ රැකියා කරන තරුණයන් වැඩ කරන්නේ පහසු තත්වයන් තුළ නො වේ. ඔවුන් කරන්නේ අතිශය දුෂ්කර රැකියා ය. එහෙත්, ඒ වෙනුවෙන් ඔවුන්ට හොඳ වැටුප් ලැබේ. ඒ වැටුප් ලංකාවේ ගෙවන වැටුප්වලට සාපේක්ෂව ඉතා ඉහළ ය.
අනෙක් පැත්තෙන් පාලකයන් විසින් කොමිස් ගැසීම සඳහා ගන්නා සංවර්ධන ණය ගෙවීම සඳහා වැඩිම දායකත්වය සපයන්නේ මිලියන එකහමාරකට අධික වන විදේශගත ශ්‍රී ලාංකික කම්කරුවෝ ය. මේ වසර මුල අඩ තුළදී ඔවුන් ඩොලර් බිලියන හතරක් පමණ සිය රට එවා තිබේ.
1999 වසරේ ශරත් ඍතුවේදී මම යුනෙස්කෝ ආයතනයේ ලේඛක වැඩමුළුවක් සඳහා ජපානයට ගියෙමි. අප ගිය හැටියේ අප අතට හෝටල් හා කෑම බිල ගෙවීමට ජපන්නු කාරුණික වූ හ. එතකොට අතේ සල්ලි ද තිබිණි. සල්ලි තිබුණාට ඒ මුදලින් හෝටලයෙන් කන්නට බැරි ය. පිටින් කෑවත් එහෙම ම ය. මා සිටි හෝටලයේ ම නැවතී සිටි ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරියෙක් සිය කිලෝ විස්සේම ගෙනැවිත් තිබුණේ මැගී නූඩ්ල්ස් ය. ඔහු ඉස්තිරික්කයක් ද ගෙනැවිත් තිබිණි. ඒ රෙදි මදින්නට හා රොටි පුච්චන්නට ය. විදෙස් චාරිකා ගැන නො දැන සිටි අපට එවැනි මොළයක් තිබුණේ නැත.
ඒ නිසා ආසියා පැසිපික් කලාපයේ රටවල් 26කින් පැමිණි සිටි අප වැඩි දෙනෙක් එකිනෙකා සමග නිහඬ අවබෝධයකින් යුතුව කළේ වැඩමුළුව අතරතුර දෙන දවල් දහයේ තේ මේසයෙන් උදේ, දවල් වේල් දෙකට ම සප්පායම් වීමයි. සවස තේ වේල ගත් විට රෑට ලයිට් ඩයට් එකකින් ෂේප් විය හැකි විය. ජපන්නුත් මේ සිංදුව දැනගෙන සද්ද නැතිව අපට බඩ කට පුරා කන්නට දුන් හ.
ඉතින් දිවා ආහාර වේලාවට අපි වැඩි දෙනෙක් කළේ තෝකියෝ යුනෙස්කෝ කාර්යාලය අවට වීදි දෙපස කඩවල වීදුරු කවුළුවලින් ෂොපිං යාමයි.
දිනක් මෙසේ වින්ඩෝ ෂොපිං කරමින් සිටි පැපුවා නිව්ගිනි ගැහැනියකට ලංකාවේ කාන්තාවක් හමු වී විස්තර කතා කරන විට යුනෙස්කෝ වැඩමුළුවෙහි ලංකාවෙන් පැමිණි අයෙකු ද සිටින බව දැන ගන්නට ලැබිණි. පැපුවන් ගැහැනිය මට මේ විස්තරය කියා මොහොතක් යන්නටත් පෙර පාපැදියෙන් කන්ද නැගගෙන, කලිසම් - කමිස ඇඳි වයස 40ක පමණ ලාංකික ගැහැනියක් යුනෙස්කෝ කාර්යාලය වෙත පැමිණියා ය. දුර තියාම කළු සිංහලයා හඳුනා ගත් ඇය මගේ අතේ ඇය ගෙනා ටොෆි පාර්සලය තබන ගමන් ඇසුවේ මා පැමිණියේ ආපසු යන්නට ද කියා ය.
මා තීරණයක නැති බව ඇසූ විට ඇය මට බැණ වැදුණා ය.
“ඔයා එහෙ මොනවද කරන්නෙ?"
“ගුරු වෘත්තිය."
“අයියෝ ඔය රස්සාව කරලා ඔයා කවදා ගොඩ යන්න ද? පිස්සු කෙළින්න එපා. ඔයා දන්නවද කොල්ලෝ කොච්චර අමාරුවෙන් ද නැව් අස්සෙ හැංගිලා එහෙම මෙහේ එන්නේ කියලා. ඔයාලා ලේසියෙන් ඇවිල්ලා කොන්ෆරන්ස්වලට ඉඳලා ආපහු යනවා. කැත වැඩ නම් කරන්න එපා."
ඇය මා කැටුව දුරකතන කුටියක් වෙත ගොස් ඇගේම වියදමින් ඇමතුම් කීපයක් ගත්තා ය.
“මේ ලංකාවේ කොල්ලෙක් ඇවිත් ඉන්නවා. ඌට රස්සාවක් හොයා දෙන්න බැරි ද? රස්සාවක් හොයා ගන්නකල් ඉන්න තැනක් හොයා දෙන්න බැරි ද?"
ඇය කෙසේ හෝ රැකියාවක් ඇති තැනක දුරකථන අංකයක් සොයාගෙන ජපන් දන්නා කෙනෙකුට කියා එතැන අමතන්නැයි මට කීවා ය.
“එතන රස්සාවක් තියෙනවා. සොරි. මට ඉන්න තැනක් හොයා දෙන්න විධියක් නැහැ. රස්සාවක් කරලා කීයක් හරි අතට ගන්නකල් ෂිංජුකු ගිහින් පාලම යට කාඩ්බෝඩ් එකක් දාගෙන ඉන්න පුළුවන්. හීතල තමයි. ඒත්, ඔය වගේ කොල්ලෝ තවත් එතන ඉන්නවා."
ඇය පිටත්ව ගියේ මා ආපසු නො යන බවට දිවුරුම් කරවාගෙන ය.
මා දන්නේ ඇය පිළියන්දල, මඩපාත පැත්තේ ගැහැනියක් බව පමණි. ඊට පෙර හෝ පසු මට කිසි කලෙක ඇය හමු වූයේ නැත. මෙවැනි කාන්තාවන් සැබෑ වීරවරියන් නො වේ ද?
එහෙත්, මම ඇය මට දුන් දුරකථන අංක ගුලි කර විසි කර දමා මාසයකට පසු ආපසු ආවෙමි. නොකා නොබී ඉතිරි කර ගත් මුදලින් ගත් නිකොන් වෘත්තීය කැමරාව දැන් යල් පැන ගොසිනි.
ඇය කී කරුණ ඇත්ත ය. මම තවමත් ගුරු වෘත්තිය කරමි. එහෙත් ආර්ථික වශයෙන් නම් ගොඩ ගොස් නැත. එදා ගල් වුණා නම් වසර පහක් පමණ එහි සිට ප්‍රාග්ධනයක් අතැතිව ලංකාවට පැමිණ දැන් අවුරුදු දහයකි.
එක් දිනක් රෑ මම ෆෙයාමන්ට් හෝටලයෙන් දුරකතන ඇමතුමක් ගෙන මගේ බිරිඳගෙන් මා නවතින්නදැයි ඇසීමි.
“ජීවිතේ කියන්නේ සල්ලි විතරක් නෙමෙයි. ඔයා ආපහු එන්න. අපි තියෙන විධියට ජීවත් වෙමු," යි කීවේ මගේ බිරිඳ ය. මම මඩපාත අක්කාට වඩා ඇයට ගරු කරමි. එහෙත් මඩපාත අක්කා වීරවරියකි. නියම දේශ හිතෛෂී කාන්තාවකි.
'මචං' චිත්‍රපටය ගොඩනැඟී ඇත්තේ වීසා ලබා ගැනීම සඳහා ජාතික අත් පන්දු කණ්ඩායමක් ව්‍යාජව නිර්මානය කිරීම, ඔවුන් ජර්මනියට ගොස් මුහුණ දුන් අත්දැකීම් හා පළා යාම යන සිද්ධි පසුබිම් කරගෙනයි.
මචං කතාව ගොඩනගනු ලබන්නේ 2006 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන ය.
දැන් ලංකාව දකුණු ආසියාතික ක්‍රීඩාවලදී ඇත්තට ම අත් පන්දු ක්‍රීඩා කරයි.
එහෙත් 2006 වන විට ලංකාවේ අත් පන්දු ක්‍රීඩාවක් හෝ එවැනි ක්‍රීඩා සංගමයක් තිබුණේ නැත. යුරෝපයට යන්නට සිහින මැවූ තරුණ පිරිසක් ව්‍යාජ අත්පන්දු සංගමයක් හා කණ්ඩායමක් සකසාගෙන ඒ ඔස්සේ ජර්මනිය ද රවටා ගුවනින් ජර්මන් ගොස් ගල් වූ හ.
මචං චිත්‍රපටය මෙම සිද්ධිය ප්‍රබන්ධාත්මකව ප්‍රතිනිර්මානය කරයි.
පහත සඳහන් සබඳතා පුරුක් ඔස්සේ ගොස් ඔබට එම සත්‍ය සිද්ධියට අදාළ තරග දර්ශන හා වෙනත් සිදුවීම් දැක ගත හැකි ය. ඒවා මචංටත් වඩා රසවත් යයි අපට සිතේ. ජීවිතය කොහොමත් සිනමාවට වඩා යථාර්ථවාදී ය.
1 කොටස
2 කොටස
3 කොටස
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

MAAMA EKA - GODAAK KAALEKATA PASSE..
ReplyDeleteඅනේ කෙල්ලේ, ඔයාට මාව එක වුණාට මට නම් ඔයාව එක නෙවෙයිනේ...!
Deleteඑක් වතාවක් මම යුනෙස්කෝ ආයතනයේ ප්‍රබන්ධ නො වන සාහිත්‍යය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වුණා. නතර වුණේ ෆෙයාමන්ට් හෝටලේ. කාමර පුංචියි. බාත්රූම් එකත් පුංචියි. ඒකෙත් සෝදා ගැනීම පිණිස වතුර නැහැ. ලෝකෙ අනෙක් එවුන් කරන විධියට මට බැරි මොක ද කියලා ඉතින් මාත් ඒ පවිත්‍රා කඩදාසි පාවිච්චි කළා.
Deleteඒ වුණාට බුදු අම්මෝ සම්මන්ත්‍රණේට ගියාට පස්සේ මට ඇට්ටිම්බෙන් ඉන්නවා කියලමයි හිතුණේ. ඇට්ටිම්බෙන් ඉන්නවා කියලා ගමේ ගොඩේ ඉස්සර කිව්වේ කොල්ලෝ කක්ක දාලා, නො සෝදා හෙළුවැල්ලෙන් සෙල්ලං කරනවාට. යුනෙස්කෝ කාර්යාලයේ වැසිකිලිත් ඒ වගේ ම තමයි. එදා ඉඳන් මමත් ඔය බටහිර පන්නය අතෑරලා බාත්රූම් එකේ තිබුණු පුංචි කෝප්පයකට සිය වතාවක් විතර සින්ක් එකෙන් වතුර පුරෝ පුරෝ වැඩේ කර ගත්තා.
UMBA PARAA NEMEI NEDA.. KAWUDA BAN UMBA EKA KIWWE? MAAMA EKA MAAMA EKA ATTIMBO
DeleteSORRY E REPLY EKA 5.36 ANOTA
Deleteදෙයියනේ පැරා ජපානෙදි පැන්නනං ......... ඩබ්ලියු තුන අද නෑ. සහෝදරවරුනි.
ReplyDeleteසමහරවිට.... ජපානෙදි පැන්නනං,
මිස්ටර් ජයසිංහ, “සුන්දර ජපන්“ නමින් මතුගම ගරාජ් එකක් දමා , ටෙලිවිෂන් එකේ රෙපයාර් ඇඩ්වයිසර්කෙනෙක්.
මොකද්ද පැරා මේ කොර ගත්තේ? පැරා එදා පැන්නනම් අද කොමෙන්ට් දාන්නේ පැරා@ජැපෑන් කියලනේ !
ReplyDeleteබොරුවට @ජැපෑන් කියල නෙමේ .. ඇත්තටම
Deleteමචං ෆිල්ම් එක ෂූට් කරන්න ජර්මනියට ගියවෙලාවෙ කෲ එකේ හිටපු දෙතුන් දෙනෙකුත් ගල් උනාලු.
ReplyDelete“ජීවිතේ කියන්නේ සල්ලි විතරක් නෙමෙයි. ඔයා ආපහු එන්න. අපි තියෙන විධියට ජීවත් වෙමු,"
ReplyDeleteපැරා ඉටිකිරිස් ජපන් ගටිස්සියෙක් සමග පවුල් කයි කියා බියෙන් ගැසූ ඕන මෝඩයෙක්ට තේරෙන ගෑනු ගැටයකි. ලංකාවේ කැත ගැහැනුන් කොහොමත් තම ස්වාමියා පිට ජීවත් වෙනවාට කැමති නැත
බලාගෙන ගියාම පැරාත් ගෑනිට බයයිනේ.
Deleteපැරා පිටරට යන අනිත් උන්ට බනින්නේ ගෑනි යන්න දුන්නේ නැති හින්දද?
එදා පැන්නනම් අද ජපන් කාර් එකක් පදිනවා නේද? එහෙනම් අනිත් හොඳ වාහන පදින උන්ට ඉරිසියා කරන්නේ නැතුව ඉන්න තිබුනා නේද?
පැරා, ඇයි මේ මෙච්චර ආශ්චර්යමත් රටක් තියෙද්දි මිනිස්සු වෙන රටවල් වලට ගිහිල්ලා දුක් විඳින්නේ? මෙහේ හොඳ මදිද? දැන් ඔය වෙන රටවල් වලට ගිහිල්ලා හම්බ වෙන දේවල් මෙහේදි හම්බ වෙන්නේ නැද්ද?
ReplyDeleteදැන් ඔබට රුපියල් ලක්ෂයක් හිමිවන දවසේ ප්‍රශ්නය:
ReplyDeleteමේ දවස් වල රට පනින්නට ෆුල් ට්‍රයි එකක් දෙන සිංහල බ්ලොග්කරුවාගේ නම කුමක්ද?
ලොරි ඩ්‍රයිවර් නේද..... ලොරිය විකුනලද?
Deleteග්‍රීස් ගාමිණීත් ගේම අතාරින්නෙම නෑ
Deleteකුජීත පදිරිසිංහ/ පොලුකාරයා/ග්‍රීස් ගාමිණි ඉස්සර ඔය ලොරි අයිතිකාරයා එක්ක දිවෙන් දිව ගාගෙන හිටියෙ. දැන් මොකක්හරි එකකට ඔරොප්පු වෙලා "මාරෙට" ඇටෑක් වගේ. ඉතින් ලොරි ගැනයි, ලොරි අයිතිකාරයා ගැනයි, ලොරිය ගන්න යනවයි කියන ලෝන්-දික එක්කයි මූ පුළුවන් හැම වෙලේම ගේම ඉල්ලනවා.
Deleteග්‍රීස් ගාමිණී ලොරි ඩ්‍රයිවර් ගෙනුත් ණයක් අරගෙන තිබුණා. ඒක ආපහු ගන්න සෑහෙන අමාරුවක් වුණා කියලයි කියන්නෙ. කොහොම හරි ලොරි ඩ්‍රයිවරුත් අත අරින්නෙ නැතිව ඒක සම්පූර්ණයෙන්ම ගත්තාලු. හැබැයි ලොරි ඩ්‍රයිවර් මනුස්සයෙක් නිසා කාටවත් ඔය කතා කිව්වෙ නෑ. බ්ලොග් එකේ කවියක් විතරක් ලියලා අත ඇරලා දැම්මා. ඉන්දික අමාරුවෙ වැටුණෙත් ලොරි ඩ්‍රයිවර් මේ කතාව කාටවත්ම නොකී නිසා. ඔන්න ඔය කේස් තමා දෙන්නා අතර අවුලට මුල. හැබැයි ඔබා මාමා මැරෙන දවස් වල නම් දෙන්නා ගජයෝ. කොටින්ම ඔබා මාමාගේ මරණය නිවේදනය කළෙත් දෙන්නාගේම අත්සනින් යුතුව ජොයින්ට් එනවුන්ස්මන්ට් එකක් විදිහට. ඔය ණය ගනුදෙනු ඔබාමාමා කනස්සල්ලෙන් මැරෙන්නත් හේතුවක්ලු.
Deleteඔය සම්බන්ධ විස්තර කතාවෙන බ්ලොග් එකක් තියෙනවද? ලකෆ්රාන්ස් වත් අප්ඩේට් වෙලා නෑ
Deleteලකෆ්‍රාන්ස් ඕවා දන්නෙ නෑ. ඌ ඔය ඉන්ටර්නෙට් සර්ච් කරලා පින්තූරයක් දෙකක් හොයාගෙන සද්දෙ දානවා විතරයි. අර ලොරිය හබරණ ගෙනිච්ච කතාව එළියට ආවෙ එහෙම. දැන් කාලෙක ඉඳන් සද්දයක් නෑ නේද? පවුල් වුණු නිසා වැඩ ඇති ගෙදර.
Deleteලකේගල නඟින්න ගිහින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වැටිලා මැරුණේ කඹයෙන් බහිද්දි ග්‍රීස් ගාමිණී කිසිම ආරක්ෂක උපකරණයක් ලබා දී නොතිබුණු නිසා. තුන් දෙනෙක් කඹ වලින් බහින කොට එක්කෙනෙක් අත ඇරිලා වැටිලා. ඒකෙ ෂොක් එකට අනෙක් දෙන්නත් ඉබේම අත ඇරිලා වැටිලා. හැබැයි වාසනාවට මැරුණේ එක්කෙනයි. අනෙක් දෙන්නාටම බරපතළ තුවාලයි. මේ වගේ අපරාධ කරන එකෙකුට තව ණය නොදී ඉන්න එක මොන කජ්ජක්ද බං?
DeleteThis comment has been removed by a blog administrator.
Deleteමම නං උන්නෙ එහේ - කොරියාවේ
ReplyDeleteමම දැන් ඉන්නෙ මෙහේ - කොරියාවේ
ඉන්න කියලා ගෙයක් හදන
කාල ඇදල ඉන්න හිතන
මම නං උන්නෙ එහේ - කොරියාවේ
මම දැන් ඉන්නෙ මෙහේ - කොරියාවේ
යාඵවො එක්ක කාලෙ ගෙව්වා
තැන තැන ගිහින් සින්දු කිව්වා
හිත ගිය තැන මාළිග මැව්වා
මට දැන් මතක නෑනෙ එව්වා
අරුන්දතීට ලියුම් ලිව්වා
එරන්දතීට මාල හෙව්වා
අරගෙන සාරි ගවුම් යැව්වා
මට දැන් මතක නෑනෙ එව්වා
කවුරුත් මං ගැන ඇති හෙව්වා
ගෙදරට සල්ලි ඕන කිව්වා
නංගිත් හීනෙන් මට රැව්වා
මට දැන් මතක නෑනෙ එව්වා
පැරා ආපු එක හොඳයි.. එහෙනම් අද ජපානේ තියෙන්නේ මාක්ස්වාදී ආන්ඩුවක්...
ReplyDeleteපිස්සුද මචෝ... එහෙනං ජපන්නු මෙලහකට සමාජවාදය ජීවන විලාසිතාවක් විදියට අනුගමනය කරයි.
Deleteපැරා ආපහු ලංකාවට ඇවිත් හොඳ ජපන් වාහනයක් එහෙම අරගෙන බිස්නස් එකක් පටන්ගෙන, අඩුම තරමින් ලොකු ටියුෂන් කඩයක්වත් දාගන පට්ට පරිභෝජනවාදී ජීවිතයක් ගෙවාගන ධනවාදී ජීවන විලාසිතාවක් විදියට අනුගමනය කරමින් නයි ඇර ඇර ඉඳියි.
//ඔයාලා ලේසියෙන් ඇවිල්ලා කොන්ෆරන්ස්වලට ඉඳලා ආපහු යනවා. කැත වැඩ නම් කරන්න එපා."//
ReplyDeleteමෙතන ඇය කැත වැඩ යනුවෙන් අදහස් කලේ කුමක්ද?
උඹ බබා. මම කියන්නෙම නෑ.
Delete-පැරා
ඉන්දික රේස් කළේ වැලිඩ් පොයින්ට් එකක්. දැන් ඔය ෆේස් බුක් එකෙත් ඉන්නෙ සිංහලබෞද්ධයො නිකම් හරි මුස්ලිම් මිනිහත් මිනිහෙක් කිව්වම "අඩෝ සිංහල බෞද්ධ වෙලත් කැ* වැඩ කරන්න එපා ඩෝ" කියන. උන්ට අනුව උන් වගේ පටු විදිහට නොහිතන එක කැ* (කැත) වැඩක්.
Deleteඔය ඇවිල්ලා ඉන්නෙ ඔප්පු කරන්න. ටැන්කිව් ටැන්කිව්.
DeleteEh me ara mathugama kathawa mokakda kiyala kiyahanko mokek hari
ReplyDeleteමතුගම මිස්ටර් පැරකුම් ගෙ හොම් ටවුන් එක.
Deleteජපානයට දුවන්න ගිහින් ඔය විදියටම ගල් උනා..... පොලිසියේ රන්ජිත් සුභසිංහ අයියා...... දැන් නම් විසා හදා ගෙනලු.....
ReplyDelete1980 "ලංකා සවාරිය" බයිසිකල් ශූරයාත් ක්‍රීඩා ඉසව්වකට ජපානයට ගිහින් ගල් වුණා.
ReplyDeleteදැන් ඇවිත් නේද ඉන්නේ.
Deleteඌ ඉන්නව මෙහේ, ඌට ටිකක් විතර වයස අඩු පුතෙකුත් ඉන්න හුටන්ගුවක් බැඳගෙන.
Deleteඔය කන්ස්ට්‍රක්ෂන් සයිට් වල වැඩ කර කර හැම දාම හවසට බිබී ඉන්නෙ
මම බොන්නෙ මගේ සල්ලි වලින්. මම බැඳගත්ත ගෑනි එක්ක බුදියන්නෙ මම. මගේ බීමයි ගෑනිගෙ දේවලුයි තොට මොකටද?
Deleteබොනී
මේ යන විදිහට ගාසා, සිරියා ගිහිල්ලා හරි ගල් වෙන්න ඕන කියලා හිතුනත් උන්ට දොස් කියන්න බැහැ.
ReplyDeleteISIS
Deleteඅවදානම් දරාගෙන ,තමන්ගෙ ක්‍රිඩා ඉසව්ව විනාශ කරගෙන,තම හිතවතුන්ගෙන් වෙන්වෙලා, පිටරටවල් වල ක්‍රිඩකයෝ ගල් වෙන්නෙ ඇයි?
ReplyDeleteමේ රටේ ක්‍රිඩාව යනුම ක්‍රිඩා පරිපලන කලකන්නි රොත්තකගෙ ඉල්ලමක් මිස, එයින් ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගෙ අනාගතය යහපත් නොකරයි. තමන් අතින් කාල බීලා, ණය වෙලා වියදම් කරගෙන මෙඩල් ඇරන් එනකොට එයර්පොර්ට් එකේදි මල්මාල දාලා කැමරාවලට විරිත්තන පකයෝ තමයි ක්‍රිඩාව පලනය කරන්නෙ.
සමහර ඉවන්ට්ස් වලට පගාවට,ලිංගික අල්ලස්,දේශපාලන බලපැම් ආදියෙන් අදක්ෂයන් ඇතුලු කරයි. දක්ෂයන් පලිගැනිම් වලටද ලක්වී නවතිනකොට , එහෙයියන් ටුවර් කරයි.
රටෙ ක්‍රිඩා මධ්‍යවේදීන් ගැනද කියලා වැඩක් නැත. උන් ඊට හපන්.
ඉතින් ලංකාවට ක්‍රිඩාවෙන් ජයග්‍රහන ලබාගත හැකිද ?අපේ උන් පිට රටවල ගල් වෙන එක සාධාරන නැද්ද?
Japan giyata, para Batahira Danawadee Ratawal walata gihin samaja waadayata Drohiyek wenna epa.
ReplyDelete1980 Byicile shuraya Bonifas Perera.
ReplyDeleteඌ ඉන්නව මෙහේ, ඌට ටිකක් විතර වයස අඩු පුතෙකුත් ඉන්න හුටන්ගුවක් බැඳගෙන.
Deleteඔය කන්ස්ට්‍රක්ෂන් සයිට් වල වැඩ කර කර හැම දාම හවසට බිබී ඉන්නෙ
මම බොන්නෙ මගේ සල්ලි වලින්. මම බැඳගත්ත ගෑනි එක්ක බුදියන්නෙ මම. මගේ බීමයි ගෑනිගෙ දේවලුයි තොට මොකටද?
Deleteබොනී
Parath dan helapa style, ravi style copy karala wage blog eka naggala ganna, booma hondaayi, booma hondayi
ReplyDeleteI saw only one comment that is worth to consider, all other comments are rubbish
ReplyDeleteIncluding this...
Deleteමේ වැඩේ ප්ලෑන් කළෙත් ගුරුවරයෙක් තමයි.මට මතක හැටියට තවත් ශාරිරික අභ්‍යාස ගුරුවරු හිටියා.අදාළ ගුරුවරයා අද කොහේ ඉන්නවද දන්නෙ නැහැ.නමුත් ඔහු ගියාට පසුව වරක් හෝ දෙවරක් මට කතා කරලනම් තිබුණා.ඔහු අතිශයින් දක්ෂයෙක්.ඒ දක්ෂකමට සරිලන තරම් දෙයක් කරන්න ඔහුට මේ පොළවෙ වටපිටාව හැදුණෙ නැහැ.උදාහරණයකට ගුරුවරයෙක්ට වැඩ කළත් නොකළත් එකම පඩියනෙ ලැබෙන්නෙ.ඔහුගේ නිර්මාණශිලී හෝ වෙනත් හැකියාවක් හරහා වෙන සේවය කිසිදු ඇගයීමකට ලක් වන්නේ නැහැ.ඔහුගේ හැකියාවට අනුව වැඩ කරන්න පහසුකමක් සළසා දෙන්නෙත් නැහැ.මේකයි ඇත්ත.
ReplyDeleteමේ පැන ගිය ක්‍රීඩකයන් දෙදෙනාගෙන් වසන්ත රත්නපාල කියන්නෙ ලංකාවෙ වෙරළ වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් විෂිශ්ඨ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක්.ලංකාවෙ ඉන්න ප්‍රවීනම වෙරළ වොලිබෝල් ක්‍රීඩකයන් යුගලයෙන් එක් අයෙක්.ඔහුට ජීවත් වෙන්න අවශ්‍යය වටපිටාව මේ රට තුළ ක්‍රීඩාවෙන් නොලැබෙන නිසයි ඔහු පැනල යන්නෙ.එතකොට පැනල ගියා එකා ද්‍රෝහිය කියනවට වැඩිය කොරියාවෙ කුලී වැඩකින් මේ රටේ ජාතික මට්ටමේ සුපිරි ක්‍රීඩකයෙක් වෙලා ලබන්න බැරි දෙයක් ලබා ගන්න පුළුවන් කියන හැගීම නිර්මාණය කරන මේ රටේ ක්‍රීඩාවේ බලධාරීන් රටට වටිනා පුද්ගලයන් රැක බලා ගන්න වැඩ පිළිවෙලක් නැති කමෙන් ද්‍රෝහියෝ වෙන්නෙ නැද්ද?
කොරියාවේ කුලීකාරයටත් වඩා අපේ රටේ ජාතික මට්ටමේ ක්‍රීඩකයා තබන ක්‍රීඩා සංස්කෘතියට ජය වේවා!
Ethakota para thama mathugamada inne
ReplyDeletemona iskoleda dane nadda mata kiyanawada plz