ප්‍රජාතන්ත්‍රවාදය සඳහා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු ම ද?

ලංකාවේ සියලු අයාදෝසවලට හේතුව විධායක ජනාධිපති ක්‍රමය නිසා වහා එය වෙනස් කර පාර්ලිමේන්තුවට බලය පවරන ක්‍රමයක් ඇති කළ යුතු යයි අදහසක් ප්‍රවර්ධනය වෙමින් තිබේ.

ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවට එරෙහිව තර්කයක් නැත. එහෙත්, තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විප්ලවීය ලෙස වෙනස් කර අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා මූලිකව ම කළ යුතුව තිබෙන්නේ ජනතාව ඒ වෙනුවෙන් පෙළගැස්වීමයි. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවදියෙන් සිටිය යුතු ය. එහෙත්, ලංකාවේ බහුතරයක් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එතරම් දුරට දැනුවත් ද යන්න ගැටලුවකි. ලංකා ඉතිහාසයේ මෑත වකවානුව ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වූ මැර බලය, දූෂණය හා මැතිවරණ වංචා ඉහවහා ගිය සමයකි. ලංකාවේ පාලකයන් මෙන් ම ප්‍රධාන විරුද්ධ පක්ෂය ද කරන්නේ ජනතාව දැනුවත් කර, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඡන්ද දිනන්නට උත්සාහ කිරීම නො වේ. ඔවුන් කරන්නේ ඡන්දය උපයෝගී කර ගැනීමයි. ආණ්ඩු පක්ෂය නම් මෙය ඉතා විවෘතව ම කරයි. ඒ විවිධ අල්ලස් ඔස්සේ ඡන්ද මිළ දී ගැනීමෙනි.

මෙවන් සංදර්භයක් තුළ ඇත්තෙන් ම, ලංකාවේ තිබෙන ලොකු ම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය ද?

ධනේශ්වර පාලනයන් තිබෙන ලෝකයේ රටවල් රැසක විධායක ජනාධිපති ක්‍රමය යම් යම් වෙනස්කම් සහිතව ක්‍රියාත්මක වේ. එහෙත්, ඒ රටවල් හැම එකක ම විධායක ජනාධිපති ක්‍රමය නිසා ප්‍රජාතන්ත්‍රවාදය හීන වී ගොස් නැත. නිදසුනක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය ගන්න. විධායක ජනාධිපති ක්‍රමය නිසා එරට තුළ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් දුර්වල වෙමින් තිබෙන්නේ නැත.

ලංකාවේ ගැටලුව තිබෙන්නේ විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට වඩා මහජනතාව තුළ ය. ලංකාවේ ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති අවබෝධය දිය වී යමින් තිබේ. මෙය දිය කර දමමින් තිබේ යයි කියන්නට ද පුළුවන. එහෙත්, එය තනිකර ම ජනාධිපතිවරයාගේ වරදකැයි සැලකිය නො හැකි ය. රටේ බුද්ධිමතුන්ගෙන් බහුතරයක් උන්නතිකාමී, පාරිභෝජනවාදී අවශ්‍යතා මත දූෂිත පාලකයන්ට ඇම්බැට්ටකම් කරන සංදර්භයක් තුළ ජනතාවට සත්‍යාවබෝධය ලැබේ යයි අපේක්ෂා කළ හැකි ද?

ජනතාව ශක්තිමත් වන්නේ නම්, විධායක ජනාධිපති ක්‍රමය තුළ ම ජනාධිපතිවරයා පාලනය කළ හැකි නියාමනයන් සකස් කර ගත හැකි ය.

ලංකාවේ නම්, පක්ෂ මාරු කිරීම සම්බන්ධ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන රාමුවක ජනාධිපතිවරයාට මෙතරම් බලයක් ගොඩනගා ගත නො හැකි ය. ජනාධිපති බලය ඉදිරියේ නගුට දෙපරැන්දේ ගසා ගත් දූෂිත, නිවට කැණහිලුන් වෙනුවට සැබෑ මහජන නියෝජිතයන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවක් පත් වේ නම් ව්‍යවස්ථාදායකය ශක්තිමත් කර ගැනීම සඳහා පියවර ගන්නට බැරිකමක් නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (3) වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය සඳහා පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩි ම විශ්වාසය ඇති මන්ත්‍රීවරයා ය. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා විධිවිධාන තවමත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ තිබේ. 

එසේම, ජනාධිපතිට හිමි නීතිමය මුක්තිය ඉවත් කිරීම, දෙවරකට වඩා පත් විය නො හැකි බවට වූ නීතිය නැවත ගෙන ඒම, සිව් වසරකට පසුව ජනාධිපතිවරණයකට යන්නේ නම්, එයින් පසු වහා දිව්රුම් දිය යුතු බවට නීති සම්පාදනය, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සඳහා වූ 17වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට පුළුවන. 

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම සංශෝධනය කළ යුතු යයි කියන අය බලය බෙදීම ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන්නේ නැත. ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ වැනි ජාතිවාදී පක්ෂවලට අවශ්‍ය වී තිබෙන්නේ පළාත් සභා පිහිටුවන්නට ඉවහල් වූ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම අහෝසි කරන්නට ය. එවිට ජාතික ප්‍රශ්නයට බලය බෙදා ගැනීම ඔස්සේ විසඳුම් සෙවීමේ ක්‍රියාවලියට සිදු වන්නේ කුමක් ද?

13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි වටපිටාවක් නිර්මානය කිරීම ද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හේතු වෙයි. ඒ සඳහා ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කළ යුතු ය. 

සමානුපාතික නියෝජනය හා මන්ත්‍රී ආසන ක්‍රමයේ සම්මිශ්‍රණයකින් යුත් මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් ඉතා හොඳ යෝජනා සාකච්ඡා වී තිබේ. ඒවා අන්තර්ගත වන සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට පුළුවන. ඒ ඔස්සේ වත්මන් මනාප ඡන්ද ක්‍රමයේ දුර්ගුණ දුරලන්නට   පුළුවන. ඒ සඳහා අවශ්‍ය නම් මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි කරන්නට පුළුවන. 

දූෂණ අවම කරන්නට අවශ්‍ය පියවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම ගත හැකි ය. පළාත් සභාවල ඇමති මණ්ඩලය පළාත් සභා පනතින් ම සීමා කර තිබේ. මධ්‍යම ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කිරීමේ විධිවිධාන ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් ගත හැකි ය. තවත් මෙවැනි ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් සාකච්ඡා වී තිබේ.

අප ඉදිරිපත් කරන මූලික තර්කය මෙයයි. විප්ලවීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා මහජන පෙළගැස්මක් ඇති කළ යුතු ය. ඒ සඳහා මහජනයා අතර ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් ඇති කළ යුතු ය. පවතින ඒකාධිපතිවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පරිසරය තුළ එය සිදු වන්නේ නැත. 

එබැවින් විප්ලවීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා ද ප්‍රජාතන්ත්‍රවාදී නැත. ඒවා කිසියම් කණ්ඩායමක අධිපතිවාදී මැදිහත්වීම් ය. 1972 හා 1978 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අපට ලැබුණේ එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලෙසයි. 

අප විසින් කළ යුතුව තිබෙන්නේ පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පටන් ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ගත හැකි ක්‍රියාමාර්ග පළමුව ගත යුතු ය. ජනතාව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සමග සක්‍රියව සහභාගි වන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන සමාජ කතිකාවතක් පවතින සංදර්භයක අපට මෙතැනින් ඉදිරියට යාම ගැන සිතිය හැකි ය. 

එහෙම නොමැතිව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පෙරළි හා විප්ලව පිළිබඳ ඉදිරිපත් වන අදහස් හුදු පුද්ගල හිතලු හා ජනතාව රැවටීමේ උපායමාර්ග පමණක් බව කිව යුතු ය. 

සරළව කිවහොත්, ආණ්ඩු ක්‍රම සංශෝධනය කරන්නට යෝජනා කරන අය මෙතනින් පටන් ගන්නට කැමති ද යන්න පැහැදිලි කළ යුතු ය.
  • ජනාධිපති සතු නීතිමය මුක්තිය අහෝසි කිරීම
  • දෙවරකට වඩා පත් විය නො හැකි නීතිය යළි ගෙන ඒම

  • මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම
  • සමානුපාතික නියෝජනයෙන් පත් වන මන්ත්‍රීන් පක්ෂ මාරු කිරීම නතර කිරීම සඳහා පියවර ගැනීම
  • 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කළ හැකි විශ්වාසනීය වටපිටාවක් නිර්මානය කිරීම
  • 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම
  • ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම ඇමති මණ්ඩලය සීමා කිරීම
  • දූෂණයට එරෙහි දැඩි පියවර ගැනීම

විප්ලව නැති වුණාට කමක් නැති ය. වෙලාවේ හැටියට එක් ධුර කාලයක් තුළදී  මේ ටික කරනවා නම් වුණත් ඇති ය.

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ වගේ පෝස්ට් දැක්කාම ලොරි ඩ්‍රයිවර්ට බඩ යනවලු... ඒකනෙ ලොරිය විකුනලා රට පනින්න හදන්නෙ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  2. මා හිතනවා ලොකුම අභියෝගය තමයි දේශපාලන බලය ලබාගැනීම. ඒ කියන්නේ මැතිවරණයකින් මේ රජය පරාජයට පත්කිරීම. ඒ සඳහා විශාල සාමූහික ප්‍රයත්නයක් කරන්න සිදුවෙනවා. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස සියලුම විරුද්ධ පක්ෂ රජයේ උගුල් වලට හසුවී තිබෙනවා.

    ReplyDelete
  3. මේන් පැරා 2011 මම ලියපු හෑල්ලක උපුටා ගැන්මක්...


    මේ පවත්නා වූ මජර, පාදඩ, බහුභූත, කාළකන්නි, රටටම විනයක් වූ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව (මාගේ නිර්වචන නොවේ.) වෙනස් කොට මේ පාරෙන් එන ලෙස රනිල්ටත්, සජිත්ටත්, ජේ වී පී යටත් අවශ්‍යතාවයක් තිබේ නම් කල හැකි එකම පුද්ගලයා ලෙස මා සලකන මහින්ද මහත්තයාටත් මාගේ මේ යෝජනා ඉදිරිපත් කරමි. මෙය මාගේ යෝජනාවක්ම පමණක් නොව ශ්‍රී ළංකා මාතාවට ආදරය කරනා හැමගේම ප්‍රාර්ථනාවක්ම වන්නේය..



    මූලීක අවශ්‍යතාවය

    අධිකරණය, විදේශ සේවය, සිවිල් සේවය, මැතිවරණ කොමිසම, පොලීසිය, හා අල්ලස් හා දූෂණ කොමිසම නිදහස් ස්වධීන ආයතන විය යුතුය. (මේවා විනිවිද බාවයෙන් ක්‍රියාත්මක විය යුතු අතර, විවේචනයට හා විරුද්ධව අධිකරණය වෙත යා හැකි විය යුතුය.... )
    පළාත් සභා වහාම අහෝසි කළ යුතුය.(තනිකර සුදු අලියෙකි.) **
    මාධ්‍ය නිදහස (තොරතුරු දැන ගැනීමේ අයිතිය.) තහවුරු කළ යුතුය. (අමන දේශපාලකයන් මෙන්ම අමන මාධ්‍යවේදීන්ද සිටිනා බැවින්. ස්වාධීන මාධ්‍ය අධිකරණයක් හඳුන්වා දිය යුතුය.)

    ඡන්ද ක්‍රමය

    සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු අතර ආසන ක්‍රමය වෙත නැවත පැමිණිය යුතුය. (කාළකන්නියන් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම හා බලු පොරය වහාම නවතිනු ඇත.)
    ජානාධිපති ධූරය හා ආණ්ඩූ කාළය වසර හතරකට සීමා කළ යුතුය.(සැලැස්මක් හා උනන්දුවක් ඇතොත් මේ කාළයද වැඩි බව මගේ හැඟීමයි.)
    ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය හා පලාත් පාළන ඡන්දය එකම දිනක පැවැත්විය යුතුය (විනාශකාරී වියදම මෙයින් වලක්වා ගත හැක.).
    පාර්ලීමේන්තුවට තේරී පත්වූ පසු පක්ෂය මාරූ කළ නොහැකි අතර, අවශ්‍යනම් ඉල්ලා අස්වී අතුරු මැතිවරණයකින් නැවත පත්විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මියගිය විටද නැවත එම ආසනය සඳහා මැතිවරණයක් පැවැත්විය යුතුය.
    ජන ඝනත්වය අනුව මැතිවරණ කොඨ්ඨාශ නැවත නීර්ණය කොට උපරීම මන්ත්‍රිවරුන් ප්‍රමාණය 200 දක්වා අඩු කළ යුතුය.

    ජනාධිපති

    විධායක ජනාධිපති දූරය අධිකරණයට යටත් විය යුතුය.(ජනාධීපති විවේචනය කිරීමට හා ඔහුට විරුද්ධව උසාවිය වෙත යාමට ඉඩ තැබිය යුතුය.)
    අග්‍රාමාත්‍ය දූරය අහෝසි කළයුතු අතර ඒ සඳහා උප ජනාධිපතිවරයකු පත් කළ යුතුය
    ජනාධිපති උපදේශකවරුන් පත් කිරීම වහාම අහෝසි කළ යුතු අතර, අවශ්‍යනම් අධීක්ෂණ ලේඛම් වරුන් ලෙස අමාත්‍යාංශ 25 ට විෂය පිළිබඳ ප්‍රවීණයන් පත්කළ හැකි විය යුතුය.
    පාර්ලීමේන්තුව සතියකට දින 4ක් රැස්විය යුතු අතර, ජනාධ්පති අනිවාර්යයෙන් දින දෙකක් පාර්ලිමේන්තුවට පැම්ණිය යුතුය. (ඉතිරි දින හතර අමාත්‍යාංශ අධීක්ෂනයට හා අනෙකුත් රැස්වීම් සඳහා යොදාගත හැක).
    ජනාධිපතිවරයා ආරක්ෂක ඇමති ධූරය පමණක් දැරිය යුතුය.

    පාර්ලිමේන්තුව

    මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය වහාම අහෝසි කළ යුතුය. (මෙමගින් හිඟන්නන් පාර්ලීමේන්තුවට පැමිණීම වහාම නවතිනු ඇත. ජනතාවට අවංකව සේවය කළ යුතු අය පමණක් ඡන්දයට ඉදිරිපත් වනු ඇත.වසර 20ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සඳහා පමණක් විශ්‍රාම වැටුපක් ගෙවිය යුතුය. )
    මන්ත්‍රිවරුන්ගේ වාහන බලපත් ක්‍රමය වහාම අහෝසී කල යුතුය. (තමන්ටම කියා වාහනයක් නොමැතිනම් පොදු සේවා මගින් තම පහසුකම් සපයා ගත හැක.)
    පාර්ලීමේන්තු කාළය උදැසන 8.30 සිට සවස 6.00 දක්වා පැවැත්විය යුතුය. .(සෑම සතියකටම දින 4ක් පාර්ලිමේන්තුව රැස්විය යුතු අතර, ජනාධිපති දින 2 ක්ද, අමාත්‍යවරුන් දින 3 ක්ද අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය.)
    නිසි වෙලාවට හා පාර්ලිමේන්තුවට නොපැමිනෙන මන්ත්‍රිවරුන්ගේ වැටුප් අඩු කළ යුතුය. (මළ ගෙවල් වල යාම් හා මගුල් ගෙවල් වල යාම් මින් නැවැත්විය හැක.)
    දිනපතා පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්‍රීවරුනට විශේෂ දීමනාවක් ලබා දිය යුතුය.
    පාර්ලීමේන්තුව සජීවීව ගුවන් විදුලියෙන් හා රූපවාහිනී මාර්ගයෙන් විසුරුවා හැරිය යුතුය.
    ආරක්ෂාවක් අවශ්‍යම යැයි උසාවියක් මගින් තීරණය කරන ඕනෑම මන්ත්‍රිවරයකුට එක ආරක්ෂකයකු පමණක් සැපයිය යුතුය. (පෞද්ගලික හේතු මත නොවේ.)

    ReplyDelete
    Replies
    1. අමාත්‍ය මණ්ඩළය

      අමාත්‍ය මණ්ඩළය 25 දක්වා අඩු කළ යුතුය. (සියළුම අමාත්‍යවරුන්ට නියමිත ඉලක්ක සැපයිය යුතු අතර නියමිත කාළය තුල එම ඉලක්ක සපුරා නොමැතිනම් වහාම අමාත්‍ය දූරයෙන් නෙරපිය යුතුය. සෑම මසකම තම ප්‍රගති වාර්ථා අය වැය සමඟ ජනාධිපති වෙත යොමු කළ යුතුය.)
      ඇමතිවරුන්ටද මන්ත්‍රිවරුන්ට ලැබෙන වේතනයම් ලැබිය යුතු අතර. වහාම පවතින වැටුප අඩු කළ යුතුය.
      රාජකාරී කටයුතු සඳහා රියදුරකු සහිත අමාත්‍යාශයේ වායනයක් ලබා ගත හැකි අතර එම වාහානය තම පෞද්ගලික ගමන් බිමන් සඳහා යොදාගැනීම සපුරා තහනම් වේ.
      ඇමතිවරුන් සඳහා පෞද්ගලික කාර්ය මණ්ඩළ පත් කිරීම වහාම අහෝසි කළ යුතුය.(සියළුම සේවකයින් රාජ්‍ය සේවයෙන් ලබා ගත යුතුය.)

      පලාත් පාළන ආයතන

      පළාත් පාළන නියෝජිතයින්ට වැටුප් ගෙවීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය.
      සතියට දින 5 ක් එක වරුවක් අනිවාර්යයෙන් රැස්විය යුතුය.
      සෑම මසකම අය වැය සභාවට ඉදිරිපත් කළ යුතුය.

      මා සිතනා ආකාරයට මේ පොරොන්දු ටික දැන් සිටම ජනතාව වෙත ගෙන යන්නේ නම් සජිත්ට වරදින්නට විදියක් නොමැත....එමෙන්ම එම ගමන සඳහා, 94 සිට රට කන හාල්පාරුවන් එකෙකු හෝ.. බල පෙරේත කමට පක්ෂය ආණ්ඩුවට එකතුවූ මළ පෙරේතයන් එකකු හෝ එකතු කර නොගත් යුතුය.. (මන්ද මුන් එහෙම ප්ලෑන් එකක් ගෙනියන බවට කට කතා තිබෙනා බැවිනි...)

      ප: ලි:

      මේ සඳහා ඔබේ යෝජනා හා සංස්කරණයන් මා වෙත ලබා දිය හැක....

      ** .මෙය දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට කිසීසේතම අදාල නොවන විසදුමකි. මෙය අප වෙත බලෙන් පැටවූ ඉන්දියාවට ගැලපුනද, කුඩා රටක් වන අපට කිසිසේත්ම ඔරොත්තු නොදෙන පාළන ක්‍රමයකි. දෙමළ ජනාතාවටම සුවිශේෂි වූ ප්‍රශ්නයක් නොමැති අතර ඇත්තේ දුප්පත් බව හා කාළකන්නි යැපීම් මානසිකත්වයක් පිළිබඳ ප්‍රශ්නයක් බව මාතල්න්ගේ හැඟීමයි. කළ යුත්තේ එම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැන්මය

      Delete
    2. අධ්‍යාපනය:
      පාසැල්වල පලමු ශ්‍රේණියට ලමුන් ඇතුලත් කිරීමේදීද විශාල වශයෙන් අක්‍රමිකතා හා දූෂ්ණ සිදුවන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලුම පාසැල්වල පලමු ශ්‍රේණිය අවලංගු කර දෙවෙනි ශ්‍රේණියේ සිට සිසුන්ගෙ පාසැල් ආරම්භ විය යුතු බවට යෝජනා කරමි.

      Delete
    3. කලගුණ සැලකීම අල්ලස් දීමක් ලෙස සැලකිය යුතුය

      Delete
    4. පලයන් මාතලනො යන්න...අපිට මේ විදිය හොදටම හොදයි

      Delete
  4. රටක ආණ්ඩුව තීරණය වෙන්නෙ ඒ රටේ මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම, අධ්‍යාපනය, සමාජය කෙරෙහි ඇති සැලකිල්ල, මේරූ භාවය, සංස්කෘතිය වගේ සාධක මත මිසක්කා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නෙවෙයි. ලෝකයේ හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තියෙන රටවල් වලට ඒවා ලැබී තියෙන්නේ ඒවා නිර්මාණය කෙරුණු අවදියේ නායකයින්ගේ දූර්දර්ශී භාවය නිසා. (උදා: ඇමෙරිකාව, ඉන්දියාව)

    හැබැයි ඉතින් ව්‍යවස්ථාව හොඳ වුණාය කියලා රටේ ඉන්න එවුන් පොල් බූරුවෝ නම් වැඩක් නැහැ. උදාහරණයක් හැටියට ඔච්චර හොඳ ව්‍යවස්ථාවක් තියෙන ඉන්දියාව ගූ ගොඩක්. ඉන්දියාවේ විධායක බලයක් නැති ඇමැතිවරු අපේ ජනාධිපති වගේ සිය දාස් ගුණයෙන් හොරා කනවා. මානව හිමිකම් බිඳිනවා. ලෝකයේ කෙයා ටේකර් ආණ්ඩුවක් යටතේ මැතිවරණ පවත්වන එකම රට බංග්ලාදේශය. හැබැයි ඒ හන්දා බංග්ලාදේශයේ මැතිවරණ මාර සාධාරණ වෙලා නැහැ. අනෙක් අතට චාටර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇතුව වුණත් දියුණු වෙච්චි රටවල් ඕනෑ තරම් තියෙනවා. (උදා ප්‍රංශය, කොරියාව, චීනය)

    හැත්තෑ ගණන් මතක අය ඉන්නවා නම් දන්නවා ඇති සිරිමා ඒ කාලෙ කොච්චර පිස්සු කෙළියාද කියලා. ඒ පිස්සු කෙළියේ විධායක ජනාධිපතිකම ඇතුව නෙවෙයි. ආචාර්ය එන්. එම්. පෙරේරා එළවනවාට ආණ්ඩුවේම අති බහුතරය විරුද්ධ වෙද්දි තමන්ගෙ තනි මතයට ඒක කරනවා. ජන වරමක් නැතුව පාර්ලිමේන්තුවේ කාලය වසර දෙකකින් දීර්ඝ කර ගන්නවා. 1971 කැරැල්ල මර්ධනය කරන්න 20,000 ක් කොල්ලො කෙල්ලෝ මරනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ උද්ඝෝෂණ වලට වෙඩි තියනවා. මේ කරන්නෙ විධායක බලය ඇතුවද?

    මේ තියෙන ව්‍යවස්ථාවෙ මට පෙනෙන හැටියට තියෙන්නෙ එකම වරදයි. ඒ බලයේ ඉන්නා ජනාධිපති කෙනෙකුට එසේ ඉඳගෙනම තරග කරන්න තියෙන හැකියාව. එහි ලොකු අමතර වාසියක් තියෙනවා. ඒ නිසා එහෙම කෙනෙක් ඉවත් කරන්නම බැහැ. ඉවත් වෙනවා නම් ඒ මැරිලාම තමයි. පිස්සු හැදුනත් ඉවත් කර ගන්න බැහැ. අන්න ඒ වරද ඉවත් කර ගන්නවා නම් හා ධුර කාලය දෙවරකට සීමා කරන්නේ නම් ඕකෙ කියන තරම් ලොකු වරදක් නැහැ.

    ReplyDelete
    Replies
    1. "ඉන්දියාවේ විධායක බලයක් නැති ඇමැතිවරු අපේ ජනාධිපති වගේ සිය දාස් ගුණයෙන් හොරා කනවා"
      ...
      යකෝ මේ අපේ ජනාධිපති තුමාව හෑල්ලු කරන්න එපා...

      Delete
    2. සහතික ඇත්ත මචන්. ජනාධිපති තුමාව හෑල්ලු කරන්න එපා...

      Delete
  5. ඇමරිකාවේ සහ යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදයට දිගු ඉතිහාසයක් තිබුනත් අපට එවැනි අත්දැකීම් නැහැ.අපේ රටට ජනාධිපති ක්‍රමය හරි යන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවොත් අපේ රටට මොන මළ ඉලව්වක් වත් හරියන්නෙ නැහැ. ලෝකෙ හොඳම ක්‍රමයත් මෙහේ ෆේල් වෙනවා.

      Delete
  6. ව්ධායක ජනාධිපති ධුරයකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ‍රැකෙන්නෙ ඒ ධුරයට පත්වෙන පුද්ගලයා මතයි. මහින්ද රාජපක්ෂ වගේ කෙනෙකුගෙන් වෙන්නෙ ප්‍රජාත්‍රන්තවාදය උඩ මළපහ කරල, මිනිහගෙ නෑදෑ හත්මුතු පරම්පරාවටත් කියල මළපහ කරවන එක තමයි.

    ReplyDelete
  7. අජිත් පැරකුම් මහතාණෙනි,

    ඔබතුමා ප්‍රශ්න ලෙස දකින් මෙවන් දෑ සමාජයේ 95% ක් වැනි බහුතරයකට ප්‍රශ්න නොවන බව ජන්ද ප්‍රතිපල වලින් පෙනේ.

    ReplyDelete
    Replies
    1. ඡන්ද ප්‍රතිඵල වලින් පමණක් නොවෙ මේකෙ වැටෙන කමෙන්ට් වලින්ද පෙනේ. :-)

      Delete
  8. Does anybody have a problem with reading sinhala in chrome or just me ?
    Please help.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මානසික වහල් බව සිය විනෝදයේ මූලික සාධකය කරගත් සහ ගතානුගතිකත්වයේ ඔතෑනි කම විසින් ශක්‍යතාවන් අවම කර දැමූ මිනිසුන් රැසක් වෙසෙන ලංකාව බඳු රට වලට ඔය කොයි ක්‍රමයෙනුත් ලැබෙන ප්‍රතිඵල වල වැඩි වෙනසක් නැහැ. සිදු විය යුතු ප්‍රධානතම කරුණ නම් ආකල්ප වර්ධනය උදෙසා දීර්ඝකාලීනව අප අපවම දැනුම්වත් කර ගැනීමේ උපායමාර්ගයන් සොයා ගැනීමයි. ඒ අතර මෙවන් පැලැස්තර සෙවීමත් නොවිය යුත්තක්ම නොවෙයි. නමුත් අවාසනාව නම් පැලැස්තර යනු පැලැස්තර බව ඒවා යොදාගෙන යන විට ලාංකීය අපට අමතක වීමයි.
    කණගාටුවෙන් වුවත් මුලින්ම පිළිගෙන සිටිය යුතු කරුණ වන්නේ සමස්ථ සමාජයක් ලෙස ලෝකයට සාපේක්ෂව සැලකූ විට අපි ඉතාමත් අඩු සාමාර්ථ්‍යතාව [Capacity] කින් යුතු පිරිසක් බවයි. විවෘත දෑසකින් රටේ දේශපාලකයින් සහ වෘත්තිකයින් දෙස බැලූ විටම එය යමෙකුට පෙනී යනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දූෂණ මැඬලීමේ උපකරණයක් කරන්නට යෝජනා කරන්නට සිදුවීමම රටේ අව-සාමාර්ථ්‍යතාව සළකුණු කරන්නක් නොවේද ?
    2500 ක වංසය කබල්ගාමින් බොරු උද්ධච්ච කමින් ස්වයං සොමියක් ලබමින් කෙටි මං වලින් සල්ලි හොයන්නට දත කන ආකල්ප වඩා සාධනීය තැනකට ගෙන ඒම දිගු කාලීන වැඩකි. නමුත් එය ඉටු කරගත හොත් විධායක පාලකයෙක් උන්නත් නැතත් අවම වශයෙන් මේ ධනවාදය තුළ survive වන්නට වත් මෙරටේ මිනිස්සුන්ට පුලුවන් වනු ඇත. නැතහොත් අබ සරණම පමණි .

    ReplyDelete
  11. මට තියනවා 40ශ්‍රී ලොරියක්.... ලබන අවුරුද්ද දිහාවට විකුනලා දාන්ඩ කියල බැළුවෙ....

    ReplyDelete
    Replies
    1. ග්‍රීස් ගාමිණී කොහොමද ඉතිං ?

      Delete
  12. My opinion is most of these problems and dictatorships can be solved by implementing the following.

    End of all parliamentary debates, voting should be taken by a secret ballot. So there will be a value for all arguments, some times even the person who propose the new legislation will vote against it after listening to people like Anura Disanayake. even any ruling party with 5/6 power will not bring disastrous proposals to the house, with the fear that their MPs will vote against it. All unllowful acts can be curtailed by the oposition by proposing something against the act of the government, and they can take the real heart consious of the MPs even in the ruling party. Some times Big boss will be left with 2 or 3 votes from his son and brother.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා