මත්පැන් බොන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට විරෝධය!

මත්පැන්වලින් අය කරන බදු තවත් ඉහළ නංවා තිබේ. 

මත්පැන්වලින් අය කරන බද්ද දඬුවම් ස්වරූපී එකකි. 

මත්පැන් බොන්නන්ට ආණ්ඩුව දඬුවම් කරයි. 

අධික ලෙස මත්පැන් බී රෝහල්ගත වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහජන මුදල් වැය වන නිසා මත්පැන්වලින් යම් ප්‍රමාණයක බද්දක් අය කිරීම සාධාරණ ය. එහෙත් දැන් සිදු වන්නේ එය නො වේ.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ම බාර් දමාගෙන මත්පැන් විකිණීමේ ජාවාරමේ යෙදෙන ගමන්, සුරා බදු ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගෙන සිටිමින්, බොරු මතට තිතකට මුවා වී ජනතාවගේ සාක්කුව සූරා ගැනීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී තිබේ. 

මත්පැන් බද්ද වැඩි කළ විට කිසිවෙක් කටක් අරින්නේ නැත. ජනමාධ්‍ය, සිවිල් සමාජය මෙන්ම මත්පැන් බොන්නන් ද ඇතුළුව හැමෝම හැසිරෙන්නේ කිසිවක් සිදු නො වූ ගානට ය. ඒ ඇයි?

තමන් උපයන මුදලින්, කිසිවකුට කරදරයක් නො වන පරිදි මත්පැන් ටිකක් බී සතුටු වන්නට යමෙක් කැමති නම් එහි වරද කුමක් ද? එය මේ අන්දමින් බදු පනවා දඬුවම් කරන්නට තරම් වරදක් ද?

මත්පැන් බොන මිනිසුන්ට මානව හිමිකම් නැද්ද? 

බදු වැඩි කළා කියා මිනිසුන් බොන එක අඩු වී නැත. අඩු වී තිබේ නම් මේ රටේ බාර් එකක් හෝ වැසී යා යුතු ය.

මත්පැන් මිළ වැඩි කිරීමෙන් සිදු වන්නේ ජීවන වියදම තවත් ඉහළ යාමයි. එය ආණ්ඩුවේ ජීවන වියදම් දර්ශකයේ ගණනය වන්නේ නැත. සාමාන්‍ය පිරිමින්ගේ සාමාන්‍ය බීමක් වන මත්පැන් සඳහා යන වියදම ඇතුළත් කර නැති ජීවන වියදම් දර්ශකය ප්‍රෝඩාවකි. 

මත්පැන් මිළ වැඩි කළ විට පවුල්වල බිරියන් සතුටු වන්නේ යයි සමාජයේ අදහසක් ඇත. එහෙත්, ඒ උතුම් භාර්යාවන් කී දෙනෙකුගේ සැමියන් මත්පැන් මිළ වැඩි කළ දා සිට බොන එක නවත්වනවා ද?

සීල් අරක්කු බිවු එකා කසිප්පු බී ඉක්මණින් මැරෙන එක නම් වැඩි වේ. 

මෙය ඉතා නරක වැඩකි. ගෙදර මිනිහාගෙන් අරගෙන ගෑනිට දෙනවා වගේ වැඩකි. 

අරක්කු බොන මිනිස්සු ආණ්ඩුවට ඡන්දය දෙන විට මේ ගැන කල්පනා කළ යුතු ය. 

බොන ජනතාව ඡන්දය නො දී සිටියොත් ආණ්ඩුවට වැලේ වැල් නැති වනු ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. බොන ජනතාව චන්දය නොදී සිටියොත් මහින්දට මහින්දගේ චන්දයත් නැත!

    ReplyDelete
  2. හප්පේ...... පැරා මෙච්චර මලෙන් ලියාපු පොස්ට් එකක් කාලෙකින් දැක්කේ. චියස් ..එහෙනම් ඈ ....!!

    (සිරාවට පැරා තාම හිනාව නවත්තගන්න බෑ.)

    ReplyDelete
  3. පැරා මේ හදන්නෙ මාතලන්, කකා, මාරයා, රාජ්, ආතල් ඇනෝ, හැලපෙ, කෙන්ජි, ඉන්දික, අභීත, විචාරක ඔක්කෝම එක පෙරමුණකට ගන්න. කාන්තා පක්ෂය විතරයි අඩු වෙන්නෙ.

    ReplyDelete
  4. අඩු කරන්නත් බෑ නේ පැරා.. එතකොට ලොක්කට කෙල හලන ගෑණු එකෙක්වත් ලොක්කට ඡන්දෙ දෙන්නේ නෑ.. බීලා ඡන්දේ දෙන උන් දෙන්නේ නොමිලේ බීලා නේ..

    ReplyDelete
  5. පැරා , හැම එකටම සාම්ප්‍රදායික විරෝධය දාන්නේ නැතුව , හොඳ දේට හොඳයි , නරක දේට නරකයි කියන්න බලන්න. කුහක නොවී.

    මහින්දය මිනිස්සුන්ව මරන් කෑවත් , තොප්පිගල මහ විසාල කැලයක් කිව්ව අයත් , අලිමංකඩ වෙනුවට පාමංකඩ ගිය අයත් තාම විපක්සේට වෙලා දත නියෝ නියෝ ඉන්නේ මිනිස්සු ඒ කුහක කම ඔක්කොටම වැඩිය පිළිකුල් කරන නිසානේ.

    ඔහොම යනකං .. මහින්දය මරෙනකන් ජනපති.!

    ReplyDelete
    Replies
    1. @මහසොහොන් පිල්ලිය
      +++++++++++++++++++++++++++++++

      Delete
    2. /කුහක නොවී. /

      උඹට පිස්සුද ගොනෝ.

      පැරාට කුහක වෙන්න එපා කියන එක හරියට

      1. ජේසුස් වහන්සේට ප්‍රේම කරන්න එපා කියනවා වගේ
      2. බුදු හාමුදුරුවන්ට මෛත්‍රී කරන්න එපා කියනවා වගේ
      3. තම්බින්ට කොන කපන්න එපා කියනවා වගේ
      4. මාලකට වැලි දා ගන්න එපා කියනවා වගේ
      5. බැසිල්ට හම්බ කරන්න එපා කියනවා වගේ
      6. දුමින්දට බඩු ගහන්න එපා කියනවා වගේ

      නොකර ඉන්න බැරි දෙයක්

      Delete
    3. පැරා ඊළඟට පොස්ට් එක දාන්න ගෑස් මිල අඩු කල එකට විරුද්දව.

      Delete
    4. ම.ක.සි. කමෙන්ට් කොට කොට ඉන්නේ නැතුව ගිහින් ළමයෙක් හදපන්. මම නම් එකෙක් හදන්න ට්‍රයි කරලා මහන්සි අරින ගමන් බ්ලොග් බලන්නේ. මේක බලල ඉවරවෙලා ඊගාව ගෑණි එක්ක ට්‍රයි කරනවා.

      -මොහොමඩ්

      Delete
    5. පැරා කුහකය. ඇත්ත. හැබැයි පැරා බුදු හාමුදුරුවන්, ජේසුස් වහන්සේ හා මහම්මත්තුමා තරම් කුහක නැත.

      Delete
  6. //තමන් උපයන මුදලින්, කිසිවකුට කරදරයක් නො වන පරිදි මත්පැන් ටිකක් බී සතුටු වන්නට යමෙක් කැමති නම් එහි වරද කුමක් ද? එය මේ අන්දමින් බදු පනවා දඬුවම් කරන්නට තරම් වරදක් ද?//

    නැත. හශිස් , හෙරොයින් ආදියද ඒ ආකාරයෙන්ම ලබාගැනීමට පහසුකම් සැලසිය යුතුය.කුඩු ටිකක් ගසා සතුටු වන්නට යමෙක් කැමති නම් එහි වරද කුමක් ද?

    //මත්පැන් බොන මිනිසුන්ට මානව හිමිකම් නැද්ද? //
    වාහන ලයිසමත් ඉතා ගණන් ය. වාහන එලොන උන්ට මානව හිමිකම් නැද්ද ?

    //සීල් අරක්කු බිවු එකා කසිප්පු බී ඉක්මණින් මැරෙන එක නම් වැඩි වේ.//
    Their life , Their choice

    ReplyDelete
    Replies
    1. මිල වැඩිවුනා කියා බීම නවත්තන බවට සාක්ෂි තියෙනවද? ඒකෙන් වෙන්නෙ බොන මිනිහගෙ පවුල කබලෙන් ලිපට වැටෙන එක.

      Delete
    2. පවුලට කියහන් බොන්නැති මිනිහෙක් බැඳ ගන්න කියල.
      අහවල් එක නගින්නෙත් නැති එකේ ගෑනිට ඒක තමයි හොඳම ඔප්ෂන් එක... අරක්කු ගඳ ගගහ ඇඹරෙන සිහිවිකල් මෝඩයෙක්ගේ ඇඟට යටවෙලා හිස් බැල්මෙන් සිලිම දිහා බලං ජිවිතේ ගෙවනවාට වඩා :P

      Delete
  7. මත්පැන්,ගනිකාවන් වැනි දේවල් පහසුවෙන්,ලබාගන්න පුලුවන් වුනා කියල රටක් පිරිහෙන්නෙ නැහැ.මොකද, අපි ජීවත් වෙන රටේ සමාජයට ඒ දේවල් වලින් දැනෙන තරමෙ දෙයක් වෙලා නැහැ.නමුත් ලංකාව වාගෙ රටකට ඒව බරපතල ප්‍රස්න.මොකද අපිට තියෙන්නෙ අංග විකල සංස්කෘතියක් නෙ.

    ReplyDelete
  8. මම මත් පැන් පානය නොකරන්නෙක් වුවද මගේ යාළුවන්ගෙන් සෑහෙන ප්‍රමානයක් බොති. මේ මිල වැඩි කිරීම් ගැන දැනුම් දීමත් සම්ඟ අපේ එවුන් බාර් හිස් වෙනකන් බීම ගත්තෝය. බාර් වල සුමානෙක ආදායම එක දවසෙන් හම්බුනා මන් හිතන්නෙ. අනිත් එවුන්ට ඇණයක් නොවී බොනවානම් මොකා කොහොම බිව්වත් කමක් නැත. මේ රටේ හැම රෙද්දටම බදු ගහනවාය. ඒකත් ඉවසන්න පුලුවන් ගානක් නොවේය. ආදායමටත් බදු ගහලා මේ වගේ හැම දේටම බදු ගැහුවාම වෙන්නෙ කන්න නොව ලෙව කන්නය. හැම එකටම බදු පිට බදුගහලා පවත්වගෙන යන්නට නම් අපිට රජයක් ඕන නැත. ඒකට නම් ඔය බදු නිලධාරීන් ටිකදෙනා හිටියාම හොඳටම ඇතිය.

    ReplyDelete
  9. මත්පැන් මිල අයවැයට කලින් වැඩිඋන පළමු අවස්ථාව මේකද. පහුගිය අවුරුදු තිහ ඇතුලත හැම අවුරුද්දෙම, හැම අයවැයකින්ම මේ දෙය කරා.අපි අවස්ථාවාදීන් නොවිය යුතුය් නේද?එහෙමනම් අපිට චන්දය දෙන්න වෙන්නේ නැහැ නේද.

    ReplyDelete
  10. Aththenma math pan mila wadi kireema duppath minisunta athi eka winodansayak
    ahimi kireemayi! Mama nam math pan bonnek neweyi. Eth minisunta athi ema ayithiyata garu karanawa.
    karanawa.Siyaluma mathpan panaya karannan me gana anduwata

    ReplyDelete
  11. මත්පැන් මිල වැඩි කිරීමේ සිද්ධියේ ඇති අනෙක් පැත්ත නම්, වෙනදා බොන ප්‍රමාණයම බොන්නට දැන් වැඩි මුදලක් යන නිසා බොන අයට ඒ වියදම සොයා ගන්නට වෙනත් වියදම් කපන්නට සිදු වීමයි.

    මුලින්ම කෝක් සෝඩා කැපේ.
    ඊලඟට රටකජු, කඩල ටික කැපේ.
    ඊලඟට රෑට කැම කැපේ.

    අවුරුදු පහකට කලින් මා ලියූ අරක්කු ඕනා - කෝක් වානා කතන්දරයේ කියවුනේ එවැනි කතාවකි.
    http://kathandara.blogspot.com/2009/08/blog-post_14.html

    එතැන ඇති ෆොටෝ එකේ පොලිස්කාරයින් පිරිසක් කරන විනාශය බලන්න!

    ReplyDelete
    Replies
    1. uba awrudu 5kata kalin idalama modaya neda??

      Delete
    2. ඔව් අර ඔහේ නැපී අඳින කාලේ ගැන තම්‍යි ඒ කියන්නේ.

      Delete
    3. //////මුලින්ම කෝක් සෝඩා කැපේ.
      ඊලඟට රටකජු, කඩල ටික කැපේ.
      ඊලඟට රෑට කැම කැපේ.///////

      කතාව ඇත්ත කකා....ඔය කැපෙන ලිස්ට් එකේ අන්තිමේම තමයි සිගරට් තියෙන්නේ.

      Delete
    4. මුලින්ම කැපෙන්නේ ගෙදරට දිපු ගානෙන් කොටසක්

      Delete
  12. අපිට නම් හොඳට සල්ලි තියෙනවා බොන්න. මට 40 ශ්‍රී ලොරියක් ගත්ත කියපු උන් මරුටියක් පැද පැද ගල් අරක්කු බොන්න සල්ලි නැතුව අඬනවා!!!

    පරණ උනත් හොඳ වාහනයක් අරගෙන ජොනී වෝකර් බ්ලැක් ලේබල් වලටවත් අප්ග්‍රේඩ් වෙන්න බලපල්ලා.

    ReplyDelete
  13. පැරා, මාතලන් හා රාජ් ගේ කමෙන්ට් කැපීමේ ව්‍යාපාරය හෙළා දකිමු.

    ReplyDelete
  14. මත් පැන් ප්‍රජාත්‍රන්ත වාදය වගෙයි.

    ReplyDelete
  15. පැරා බොන්නේ ගල් අරක්කුද පොල් අරක්කුද නැත්නම් පරණ අරක්කුද?

    පැරා බොනවට හාමිනේ කැමතිද?

    පැරාගේ ළමයි බොනවට පැරා කැමතිද? කැමති නම් පටන් ගන්න ඕන වයස කීයෙන්ද?

    ReplyDelete
  16. මත්පැන් බදු අඩු කරනු! ආතල් ගන්න ඉඩ දෙනු!

    Jayesinghe Restaurant ඇන්ඩ් Pub ඇන්ඩ් Bar ඇන්ඩ් Spa ඇන්ඩ් Brothel ඇන්ඩ් Rooms
    මතුගම

    ReplyDelete
  17. පැරකුම් මහත්මය සමාජවාදී life style එකත් එක්ක ප්‍රවර්ධනය කරණමින්, මත්පැන් වෙනුවෙන් කරනා මේ අඩහැරය පැහැදිලි කරන්න පුලුවන්ද ? පරස්පර විරෝධීයි නේද

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පැරාගේ අනන්‍යතාවය.

      ප්‍රතිපත්තියක් නැතිකම, කුහකකම, ඉරිසියාව

      Delete
  18. මමත් එහෙම තමයි කීයයි කිව්වත් බට්ටිව ගන්නවා ගන්නවාමයි.

    ReplyDelete
    Replies
    1. බට්ටි JAYAESINGHE BROTHAL එකේ lead performer විදියට වැඩ!!!

      තොට හුළං තමයි.

      Delete
    2. ඕයි... අර පෙරටුගාමියට කියල බට්ටිට වෙබ් එකක් හදාදෙනවා..ඔන්ලයින් බුක් කරන්න ...

      Delete
    3. එතකං මේකෙන් පුළුවන්.

      ajithperakum@gmail.com

      Delete
  19. තව තවත් එතනෝල් කන්ටේනර් පිටින් එයි...එතකොට ගාන අඩුවෙන් හරි දීලා ගේම රන් කරන්න පුළුවන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා