හොං කොං කුඩ විප්ලවය

ජොෂුවා
17 හැවිරිදි ජොෂුවා වොං යනු හොං කොං දේශයේ විද්‍යාල සිසුවෙකි. උපැස් පළඳින මේ හීන්දෑරි කොලු ගැටයා පසුගිය සතියේ කැපී පෙනුණේ හොං කොංහි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයේ නායකයකු ලෙසයි. සැප්තැම්බර් 26දා හොං කොං පොලිසිය ඔහු අත් අඩංගුවට ගත්තේ ය. ඒ හොං කොං පුරවර මධ්‍යයේ ආණ්ඩු මූලස්ථානය අසල වීදි අත්පත් කර ගත් සිසු අරගලයකට නායකත්වය දීම සම්බන්ධයෙනි. ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග ම උද්ඝෝෂකයන්ට පුළුල් සමාජ අනුකම්පාවක් හිමි වූ අතර ඉක්මණින් ම ඔහු නිදහස් කිරීමට සිදු විය. ජොෂුවා දැන් නැවතත් වීදියේ ය.

බහුතරයක් සිසුන් වන දස දහස් සංඛ්‍යාත ජනකායක් හොං කොංහි නගර මධ්‍යයේ වීදි කීපයක් අත්පත් කරගෙන එහි වාඩිලාගෙන සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. ඔවුන් ඉල්ලන්නේ පූර්ණ ඡන්ද බලය හා හොං කොං ප්‍රධාන විධායක ලියුං චුං-යිංගේ ගේ ඉල්ලා අස් වීමයි. 

හොං කොං ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පහසු එකක් නො වේ. දස දහස් සංඛ්‍යාත ජනයාට වීදි අත්පත් කරගෙන සති ගණන් ජීවත් වන්නට බැරි තරමට හොං කොං පුරවරයේ ජීවිතය කාර්ය බහුල ය. ජොෂුවා අත්අඩංගුවට ගැනීමත්, උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග රජය උද්ඝෝෂණය මර්දනය කරනු ඇතැයි අනුමාන මතු විය. ඒ සමග ම උද්ඝෝෂණයට එක් වූවන්ගේ සංඛ්‍යාව ද වැඩි විය. උද්ඝෝෂකයන් කැරැලි මර්දන පොලිසියට ප්‍රතිචාර දැක්වූයේ දෑත් ඔසවා සාමකාමී අන්දමටයි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා හොං කොං සිසු අරගලය විසින් 1989 ටියනාන්මන් චතුරස්‍රයේ සිදු වූ සිසු සංහාරය සිහිපත් කරන ලදී. 

එහෙත් ඔක්තෝබර් මුල සතියේදී හොං කොං බලධාරීන් උද්ඝෝෂකයන් සම්බන්ධයෙන් ඉවසනසුළු ප්‍රතිපත්තියකින් කටයුතු කරනු දක්නට ලැබිණි. මර්දනය උද්ඝෝෂණයට උත්ප්‍රේරකයක් වූ මුත්, කල් ගත වන නිහැඬියාව සමග උද්ඝෝෂකයන්ගේ දරා ගැනීමේ ශක්තිය දිය වී යමින් තිබේ. විද්‍යාලවලින් පිට වී, රැකියාවලින් නිවාඩු ගෙන වීදියට බට තරුණ ජනයාට දැන් ආපසු සිය කටයුතුවලට යන්නට සිදු වී තිබේ. හොං කොං බලධාරීන් හා උද්ඝෝෂකයන් අතර සාකච්ඡාවක් ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතයි. 

උද්ඝෝෂණය මෙතැනින් අවසන් නො වන බව ශිෂ්‍ය නායකයෝ පවසති. තමන් මෙම උද්ඝෝෂණය කරන්නේ තිස් වසරකට පසුව තමන්ගේ දරුවන් මෙවැනි උද්ඝෝෂණයක් කරන එක වළක්වා ගැනීමට බව ජොෂුවා පවසයි. අවංකව සාකච්ඡාවලට එක් වන්නැයි චීන රජයට බල කරන්නැයි ජොෂුවා ජාත්‍යන්තර ප්‍රජාවෙන් අයැද සිටියේ ය.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ හොං කොං උද්ඝෝෂණය අවසානයේදී කිසිවක් දිනා නො ගත් බවට ඇතැමෙක් තර්ක කරති. එයට හේතු කීපයක් දැක්විය හැකි ය. හොං කොං පාලනය උද්ඝෝෂණය කෙරෙහි දැක්වූ ඉවසිලිවන්තභාවය නිසා උද්ඝෝෂණය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උත්ප්‍රේරක ලැබුණේ නැත.
නගර මධ්‍යයේ වීදි උද්ඝෝෂකයන් විසින් අත්පත් කර ගැනීම නිසා දෛනික ජීවිතයට ඇති වන කරදරය හමුවේ උද්ඝෝෂණයට පුළුල් මහජන සහයෝගයක් දිනා ගැනීමට බැරි විය. 

හොං කොං උද්ඝෝෂණයේ තවත් ප්‍රධාන ලක්ෂණයක් වූයේ එය මධ්‍යගත හෝ කැපී පෙනෙන නායකත්වයකින් සමන්විත නො වීමයි.  ජොෂුවා වැනි කැපී පෙනෙන සිසු නායකයන් පවා පැවසුවේ තමන්ට උද්ඝෝෂකයන් පාලනය කිරීමේ පූර්ණ හැකියාවක් නැති බවයි. මෙම අසංවිධිත ස්වභාවය තුළ තිබුණු නරක තත්වය වන්නේ උද්ඝෝෂකයන් අතර තමන් ඉදිරියට කරන්නට යන්නේ කුමක් ද යන්න පිළිබඳ නිසි අවබෝධයක් නො තිබීමයි. එහෙත් මෙම උද්ඝෝෂකයන් අතර තිබුණු විනය බොහෝ මාධ්‍යවල ප්‍රශංසාවට ලක් විය. ඔවුහු සාමකාමී ලෙස නීතියට අවනත නො වී සිය උද්ඝෝෂණය ගෙන ගිය හ. අව්වෙන්, වැස්සෙන්, රෝග පීඩාදියෙන් ආරක්ෂා වීම පිණිස එකිනෙකාට උපකාර කර ගත්හ. උද්ඝෝෂණ වීදි පිරිසිදුව පවත්වාගෙන ගිය හ. තමන් භාවිතා කළ දේ ප්‍රතිචක්‍රීයකරණය කළ හ. 

මෙම උද්ඝෝෂකයන් අතර බහුතරය වුණේ ළාබාල තරුණ තරුණියෝ ය. ඔවුහු ඉතා සතුටින් කතන්දර කියමින්, ගී ගයමින්, එකට එක්ව කමින්, බොමින්, බැනර් අඳිිමින් හා තවත් දේ කරමින්, වීදි අත්පත් කරගෙන කාලය ගෙවන අන්දම දක්නට ලැබිණි. මෙම උද්ඝෝෂණය විසින් අලුත් පරපුරක් දේශපාලනීකරණයට ලක් කර තිබේ. උද්ඝෝෂණය අවසන් වුවත් මේ අත්දැකීම ඔවුන්ගේ මතකයේ රැව් පිළිරැව් දෙනු ඇත. 

සංවර්ධිත ජීවිතයකට, නව තාක්ෂණයට, පරිගණකයට, අන්තර්ජාලයට, සමාජ වෙබ් අඩවිවලට ඇබ්බැහි වූ පරපුරක් මෙසේ දේශපාලනික උද්ඝෝෂණයට එක් කර ගැනීම මුළු ලෝකයට ම නව අත්දැකීමක් ලබා දී තිබේ. 

හොං කොං යනු බ්‍රිතාන්‍යය විසින් වසර 9ක කාලයක් සඳහා චීනයෙන් බද්දට ගෙන තිබුණු භූමියකි. චිනයේ සමාජවාදී විප්ලව සිදු වෙද්දී හොං කොං දූපත ඒවායින් මුළුමනින් ම හුදකලා වෙමින් ධනවාදයේ ආසියාතික මූලස්ථානයක් ලෙස වර්ධනය වෙමින් තිබිණි. ලොව ප්‍රධාන මුල්‍ය මධ්‍යස්ථානයක් වූ කාර්ය බහුල හොං කොං පුරවරය බ්‍රිතාන්‍යයන් විසින් ගොඩනැගුවේ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙසයි. දේශපාලනය එහි ජීවිතයේ වැදගත් අංශයක් වූයේ නැත. 

1997 වන විට අනූනම අවුරුදු බද්ද අවසන් වූ නිසා හොං කොං චීනයට පවරා දෙන්නට සිදු විය. බොහෝ අසුබවාදී පෙරනිමිති තිබුණත්, චීනයේ සිදු වෙමින් තිබුණු ධනේශ්වර ආර්ථික සංවර්ධනය හේතුවෙන් හොං කොං ජීවිතය සමග පා නගන්නට චීන බලධාරීන්ට හැකියාව ලැබිණි. මුළු චීනයමත්, යොමු කරමින් තිබුණේ දේශපාලනය නො ව ව්‍යාපාරකරණය දෙසට ය. 

එහෙත්, චීනයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී උරුමයක් ඇති හොං කොංහි ජනතාව හුදු ආර්ථික කටයුතුවලින් පමණක් ජීවිතය පුරවාගෙන දේශපාලනයෙන් ඈත්ව ජීවත් වන්නට සූදානම් තත්වයක් පෙන්නුම් නො කරන බව හොං කොංහි වත්මන් උද්ඝෝෂණය පෙන්වා දෙයි. ඔවුන් ඉල්ලා සිටින්නේ තම ජීවිත ගැන, රට ගැන, එහි අනාගතය ගැන තීරණ ගැනීමේ ක්‍රියාවලියට ප්‍රජාතාන්ත්‍රිකව සහභාගි වීමේ අයිතියයි.

හොං කොං වනාහි වර්ග කිලෝමීටර් 1104ක භූමි භාගයක් තුළ ලක්ෂ 70ක් ජනයා ජීවත් වන චීනයේ ස්වයං පාලන ප්‍රදේශයකි. කා්ය බහුල වරායක්, ගුවන් තොට හා අහස උසට විහිදෙන ගොඩනැගිලිවලින් පිරි හොං කොං ලොව ප්‍රාග්ධන මධ්‍යස්ථානයක් බව සැබෑවකි. එහෙත්, එමගින් හොං කොං වැසියන් සුඛිත මුදිත වී නැත. හොං කොං ජනයාට තිබෙන ප්‍රධාන ගැටලු වන්නේ ආර්ථික විෂමතායි. ලොව පුරා ධන කුවේරයන් කරක් ගසන හොං කොං දේශයේ ඉන්නට හිටින්නට තැනක් සොයා ගැනීම හොං කොංහි උපන් දිළිඳු ජනයාට බරපතල ගැටලුවක් වී තිබේ. ධන කුවේරයන්ට ඉඩ දී ඔවුන් තම උපන් බිම හැර යා යුතු ද? නැතිනම් තමන්ගේ හිමිකම් වෙනුවෙන් සටන් කළ යුතු ද?

මේ අතරතුර, 1949 විප්ලවයේ සංවත්සරය සැමරූ චීනය සිය මාධ්‍යවලින් හොං කොං උද්ඝෝෂණය සඟවා තබන්නට දැඩි උත්සාහයක් ගත්තේ ය. හොං කොං උද්ඝෝෂණය පිළිබඳ චීනයේ CCTV  රූපවාහිනියේ ප්‍රධාන ආවරණය වුණේ එමගින් ඇති කර තිබෙන මාර්ග තදබදය ඇතුළු වෙනත් කරදරයි. ෆෙස්බුක්, ට්විටර් වැනි බටහිර සමාජ ජාල තහනම් කර තිබෙන චීනය හොං කොං උද්ඝෝෂණය දියත් වීමත් සමග ඡායාරූප බෙදා හදා ගත හැකි තවත් සමාජ ජාල අඩවියක් වන ඉන්ස්ටග්‍රෑම් ද තහනම් කළේ ය. ට්විටර් සමාජ ජාලය හා සමාන චීන සමාජ ජාලය වන වෙල්බෝහි "Occupy Central", "Hong Kong students", "Umbrella Revolution" වැනි යෙදුම් සෙවුම් කළ අයට ලැබුණේ වැරදි පිළිබඳ පණිවුඩයි. චීනය කියන්නේ හොං කොං කුඩ විප්ලවය බටහිර කුමන්ත්‍රණයක් බවයි. එහෙත්, මාධ්‍ය ඔස්සේ වසන් කළ පමණින් ඇත්ත යටපත් කළ හැකි ද?

-ජනරළ 2014 - 10 - 12

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය මගුල් විප්ලව වැඩක් නෑ... රට අල්ලන්න ඕන නම් 40 ශ්‍රී ලොරියක් ගන්න...

    ReplyDelete
    Replies
    1. කොටියම කාපිය

      Delete
    2. ඔය ලොරි කේස් එක ගැන තැන තැන පොඩ්ඩ පොඩ්ඩ කියන්නේ නැතුව සම්පූර්ණ විස්තරයක් කොහේ හරි ලියපන්කො ග්‍රීස් ගාමිනියෝ.

      Delete
    3. බොලා ලොරියේ කොටිත් ඉන්නවද?

      Delete
    4. අඩෝ ලොරියා අන්න තොට විචාරකයා දීලා ගූ යන්න. ගිහින් බලපන් උගේ සයිට් එකේ.

      40 ශ්‍රී ලොරියක් තියනවා මරු භාන්ඩෙ…. ලෑල්ලට පෑගුවහැකි…. ගන්නවද… අයිතිකාරයා රට යන්න හදන නිසා විකුනන්න දාලා තියෙන්නෙ….
      මම ඉතින් මෙලෝ හසරක් නොදන්නා රට බූරුවා, ගොන් බජ්ජා, අබබ්බයා, නිසා මේකම කිය කියා ඇවිදිනවා. හැම සයිට් එකකම. අනේ පුලුවන්නම් මගේ පුකට පයින් එකක් ගහලා එලවන්නකෝ.

      Delete
  2. //17 හැවිරිදි ජොෂුවා වොං යනු හොං කොං දේශයේ විද්‍යාල සිසුවෙකි.//

    පුදුම හිතුන මේක දැක්කම. ඒත් විකියෙ කියන්නෙ මේ විවෘත විශ්ව විද්‍යාල සිසුවෙක් කියලයි. කොහොම උනත් මේ වයස ලංකාවෙනම් බාලාපරාධ පරිවාස යුගය නේද තාම?

    ReplyDelete
    Replies
    1. මුගෙන් බ්ලොග් එකටම ගිහිල්ලා ප්‍රශ්නයක් ඇහුවා... මීක් නෑ.... අනුන්ගෙ බ්ලොග් වල නම් මඩ ගහ ගහ ඇවිදිනවා..

      Delete
  3. හොං කොං දේශයේ වැසියන්ගේ විනය, සුද්දාගෙන් ලද විනයයි.. අනේ සුද්දා හොං කොං දෙනකන්වත් මෙහේ උන්නා නම්...

    ReplyDelete
    Replies
    1. අපිලනම් හැමතිෂ්ෂේම විනය තකලා තමා ඔක්කොම කරනවා. බලාන්ඩකෝ අප්පා ගෙදර එවිත්. දෙනටම අතර දෙනෙක් ඉන්නවා. අනිත් යෙක්කෙනා තාම බඩේ.

      Delete
    2. සුද්දා ඔච්චර හොඳනම් ඉතින් පලයන්කෝ එංගලන්තෙට.

      Delete
    3. එහෙමනම් බුදු හාමුදුරුවො හොඳයි කියන උඹලා පලයල්ලකො ඉන්දියාවට හරි නේපාලෙට හරි.

      Delete
    4. මහා කළු සිංහලයාOctober 9, 2014 at 5:04 PM
      අනේ උඹලගෙ මහ ලොකුවට වන්සෙ විතරයි, මොනවද කියහන්කො සිංහල අපේම කියල තියෙන දේවල් ටිකක්, තොපි යුද්ධ කරෙත් සුද්දන්ගෙ ආයුධ අරගෙනනෙ නැතුව ඉතින් දුනු ඊතල වලින් විද්දයැ, තොපෙ පංපෝරි විතරයි.

      Delete
  4. Para,
    I like your your opinion over this. I do not know why this is not practiced in the parliament if everyone wishes the good to their country.
    My opinion is most of these problems related to dictatorship can be solved by implementing the following.

    End of all parliamentary debates, voting should be taken by a secret ballot. So there will be a value for all arguments, and to all speaches. Some times even the MP who proposed the new legislation will vote against it after listening to the speeches of people like Anura Disanayake / Eran or Harsha. A ruling party even with 5/6 majority will be careful not to bring any disastrous proposals to the house, with the fear that their own MPs will vote against it. (as it is a secret ballot) All unlawful acts and thuggery can be curtailed by the opposition by proposing certen action against it, and they can take the real heart conscious of the MPs even in the ruling party. Definitely many MPs who are not supportive of this family acts, will vote against their thuggery and some times Big boss will be left with 2 or 3 votes from his son and brother.

    ReplyDelete
    Replies
    1. wake up buddy! you were day dreaming!

      This is Sri Lanka. Miracle of Asia.

      Delete
    2. It would be much easier, than abolishing the executive presidency/ changing the constitution/ removing the powers of executive presidency and perhaps easier than challenging MR's 3rd term contesting. If this is proposed to the house; who would not like to give his heartiest opinion secretly?

      Delete
    3. Hey, Ano.... wede honday. Tota sinhalen liyanna barida

      Delete
    4. Sorry; I don't have Sinhala font.

      Delete
    5. Try this

      http://www.google.com/intl/si/inputtools/try/

      Delete
  5. ජොෂුවා කියන්නේ,ලංකා ඉතිහාසයේ මද්දුම බංඩාර වගේ දරුවෙක්. Tiananmen square විරෝධතාවලින් ලබාගත් අත්දැකීම් නිසා ජොෂුවාගෙ අයියලා පස්ස ගහද්දී ,ජොෂුවා ඉබේම ඉදිරියට තල්ලුවිය.
    ගේම් එක හැන්ඩ්ල් කරපු අය ජොෂුවා අප් කලා.
    ජොෂුවා කියන්නෙ ගොදුරක් . එච්චරයි.

    ලංකාවෙත් ජොෂුවලා වීමට දත් මැදගෙන ඉන්න අය මේ ගැන මොනවද කියන්නේ ?

    තවත් කාරනා කීහිපයක්..

    * Hong Kong අරගලය යනු ,එහි තරුනතරුණීයන්ට looooong weekend එකක්,
    කම්කරුවන්ට එදිනෙදා පැවැත්ම අර්බුදයකට යැමක්, චීනේට කෙලවන්න බලාගෙන ඉන්න අයට ස්වයංවින්දනයක් හා “සංවිධිත ප්‍රබල විරෝධතා“ ඇතිවිම දියකර හැරීමක්.

    * විදුලිය, දුරකථන සම්බන්ධතා හා ජලය දින 05 ක් විසන්ධි කලහොත් මෙම පිරිසිදුව පවත්වාගෙන ගිය අරගලයට කුමක් සිදුවේද ?

    * කරන්න දෙයක් නෑ පැරා, සීන් එකෙන් චීනය දිනුම්. Smart Handling !

    ReplyDelete
  6. ජොෂුවා කියන්නේ සමාජවාදයේ හතුරෙක්. ප්‍රතිගාමී බලවේග වල ඉත්තෙක්. කියා පැරාට හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ජාතික බලවේගවල හතුරෙක්.
      බටහිර ඉත්තෙක්.
      ඩොලර් කාක්කෙක්.
      චීන බෞද්ධ විරෝදී කුමන්ත්‍රණකරුවෙක්............ඵහෙම හිතෙන්නෙ නෑද්ද ඔයාට???

      Delete
    2. /ජොෂුවා කියන්නේ සමාජවාදයේ හතුරෙක්. ප්‍රතිගාමී බලවේග වල ඉත්තෙක්. කියා පැරාට හිතෙන්නේ නැද්ද? /

      නානසාර වගේද?

      Delete
    3. ජොෂුවා කියන්නේ පොඩි... පොඩි.... පාර්ටි ගෙවල්වල දාල එපා වෙලා පාර්ටිය මහා පරිමානෙන් දාන්න පාරට ආපු ආතල් කොල්ලෙක්. ඔතන වැඩේ වෙනස් උනේ BBC උන්ටිකයි CNN උන්ටිකයි කැමරා උස්සන් ඇවිල්ල මුන් ටියනාන්මන් පාර්ට් 2 කරන්න යනවා කියල ලෝකෙට කිවුවට පස්සේ. කට්ටිය චේන්ජ් එකට ගත්තු ෆන් කොන්ට්‍රෝල් නැතුව ගියේ එතකොට. මන් හිතන්නේ ඇත්ත සිද්දිය ඔක්කොටම වඩා දන්නේ චීනා. පාටිය ඉවර වෙලා ගෙදර යනකන් සද්දේ වහල හිටියේ එකයි.

      Delete
    4. ඔව්.... ඊට පස්සේ තමයි චීන (?) භාෂාවෙන් තිබුන බැනර් කටවුට් ඉංග්‍රීසියට පෙරලුනේ!

      Delete
  7. Me udgoshanaya karana sisun, ge vinaya, gena lokayama dekka,MEKA Dekkama Ape Anthar Vishwa vidyala Shishya Bala Mandalaya,karana udgoshana monatharam Prachandada?Deshapalanamaya Awasthawadeeda?kiyala hithenawa.Ewitharak nowei,Hong Kong Vishwa vidyala wala Deshapalana Thel bedana Nawaka Wadakayan nethilu.

    ReplyDelete
    Replies
    1. ටයිම් කීපර්October 9, 2014 at 9:59 PM

      පිරිසිදුව,පිලිවෙලකට විප්ලව කිරිමේ දිනචර්යාව.
      ----------------------------------------------------------
      06.00 අවදි විම
      07.00 උදෑසන ආහාරය
      08.00 විප්ලවය ආරම්භකිරීම
      10.00 තේ
      10.30 විප්ලවය ආරම්භකිරීම
      12.30 දිවා ආහාරය
      13.30 විප්ලවය ආරම්භකිරීම
      15.30 තේ
      16.00 විප්ලවය ආරම්භකිරීම
      17.00 එදිනට විප්ලවය අවසානයි
      19.00 ගිනිමැලය දැල්වීම
      21.00 රාත්‍රි ආහාරය
      22.00 ෆේස්බුක් අප්ඩේටින්
      23.00 නින්දට යාම

      එතකොට..

      ප්‍රතිවිප්ලවකරුවනුත්..
      23.00 ෆේස්බුක් අප්ඩේට් කර නින්දට යයි.

      ෂෝයී නේ... ආස හිතෙනවා නේහ්. .

      Delete
    2. නියම රිප්ලයි එක ඇනෝ!!

      Delete
    3. ටයිම් කීපර්October 9, 2014 at 10:46 PM

      ස්තුතියි අරූ

      Delete
    4. Ha..........Ha...........patta rly eka.
      pirisidu piliwela wiplawa !

      Delete
  8. චීනය කියන්නේ හොං කොං කුඩ විප්ලවය බටහිර කුමන්ත්‍රණයක් බවයි. - මොන මගුල උනත් මේක නම් ඇත්ත

    ReplyDelete
  9. මොනවා උනත් මමනම් බට්ටි හොයාගෙන යනවා. මට බට්ටි නැතුව බෑ. කොට මොඩල්. ළඟ පිකප්.

    ReplyDelete
    Replies
    1. ඇහුන් නැ.

      Delete
    2. අපි නම් සනීපෙන් ඉන්නවා.මොකෝ නිකන් අවුල් වගේද ?

      Delete
  10. ///////////චීනය කියන්නේ හොං කොං කුඩ විප්ලවය බටහිර කුමන්ත්‍රණයක් බවයි. එහෙත්, මාධ්‍ය ඔස්සේ වසන් කළ පමණින් ඇත්ත යටපත් කළ හැකි ද?../////////////////////////

    කවදා හෝ ලංකාවෙත් කුඩ හෝ පඩ විප්ලවයක් වුනොත් එදාටත් චීනේ කියන්නේ ඔය ටිකමයි. අපි චීන්නු වෙමින් පවතින්නෙමු.

    ReplyDelete
    Replies
    1. ජෙප්පො නං දැනටම චින්නු වෙලා, බලන්නකො ලංක ටෘත්. චින්නුත් ට්‍රයි එක ඇමරිකාවට පනින්න, ඒත් පොකැට් මනී ටිකකට මුන් කරන ආවැඩිල්ලට චීන්නුයි මහින්දලයි ඔක්කොම දත් නැති තැනින් හිනාවෙනව ඇති.

      Delete
    2. //////////විචාරකයන් පවසන්නේ චීනයේ අරමුණ වී ඇත්තේ ලෝකය පුරා ආර්ථික ආධිපත්‍ය පතුරමින් ධනේෂ්වර රටවල් දුර්වල කර දැමීම බවයි. එනම් "ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තබා කැපීමේ" න්‍යාය අනුව සමාජවාදය පැතිරවීමට කටයුතු කිරීම බවය./////////

      කියෙව්වා....ඒ ලිපියේ අන්තිම ඡේදයවන ඉහත උපුටා දැක්වීම කියවන කොට හිකෙන් පුනා ගියා.

      Delete
    3. ලංකාවේ කුඩ හෝ පඩ විප්ලව කරන්නේ මොකා රජ කරවන්නද ?
      උනුත් එකයි
      මුනුත් එකයි
      අපිත් එකයි
      මොන ආන්ඩු ආවත්
      අලි බබයි හොරු 225 යි‍.
      මොන මගුලකටද බං අපි විප්ලව කරන්නේ.
      තියෙන දෙයක් කාලා ,පැරාගේ තුනෙන් අපි වෙහෙස නිවා ගමු.

      Delete
    4. //ජෙප්පො නං දැනටම චින්නු වෙලා, බලන්නකො ලංක ටෘත්. චින්නුත් ට්‍රයි එක ඇමරිකාවට පනින්න, ඒත් පොකැට් මනී ටිකකට මුන් කරන ආවැඩිල්ලට චීන්නුයි මහින්දලයි ඔක්කොම දත් නැති තැනින් හිනාවෙනව ඇති.//

      මක්කටෙයි බන් ලoකා තෘත් බලන්නේ.
      බලපන්කො නයිටීඵන්!!!!!!!!!!!!!!!!!!!!!.

      ඵකෙ පෑය බාගෙන් පෑය කාලක් පෙන්නන්නෙ චින්නුන්වනෙ.

      දේසීය පුවත්-
      චීන අහවල් නියෝජිතයෝ ලකාවට පෑමිනෙයි....
      අහව්ල් නියෝජිත පිරිස අතිගරුජනාදිපතිතුමා හමුවෙයි.....
      ඵතුමාගේ සoවර්දන වෑඩපිලිවෙල අහවල් පිරිසේ ප්‍රසoසාවට ලක්වෙයි.....
      චීන ව්‍යාපෘතියකට මුල්ගල තෑබෙයි.....
      ලoකාවට චීනයෙන් තවත් ණයක්.........

      විදෙස් පුවත්-
      චීනය තවත් රොකට්ටුවක්ල සාර්තකව අබ්‍යවකාසගතකරයි........

      ක්‍රීඩා පුවත්-
      චීනය අහවල් ක්‍රීඩා උලේලේ රන් පදක්කම් 150ක් දිනා මුල් තෑනට.......

      කාලගුණ පුවේත්-
      චීනයට මහා වෑසි....චීනයට ගවතුර...........

      මොකටෙයි බන් ජේවීපී ඵකට බනින්නේ?????
      බනින්න ඔනේ ආණ්ඩුවේ නයිටීඵන් ඵකටනේ.

      අනික චීන්නු කොහෙද බන් දෑන් ඈමරිකාවට පනින්නේ.
      ඈමරිකාවනේ කොම්පෑනි ඔක්කොම අකුලගෙන චීනේට පනින්නේ.

      අනික ඈමරිකාව පට්ට ණයයි චීනෙට.

      Delete
  11. \\හොං කොං වනාහි වර්ග කිලෝමීටර් 1104ක භූමි භාගයක් තුළ ලක්ෂ 70ක් ජනයා ජීවත් වන චීනයේ ස්වයං පාලන ප්‍රදේශයකි.\\
    හොංකොං වල මිනිස්සු වැඩිහරිය උස ගොඩනැගිලි වල ඉන්න නිසා ඉඩකඩ පිරිමැහිල තියෙන්නේ. ඔය මිනිස්සු සේරම එකම වෙලාවේ බිමට බැස්සොත්නම් රටේ ඉඩක් නැතිවෙනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා