Posts

Showing posts with the label හොං කොං

හොං කොං කුඩ විප්ලවය

Image
ජොෂුවා 17 හැවිරිදි ජොෂුවා වොං යනු හොං කොං දේශයේ විද්‍යාල සිසුවෙකි. උපැස් පළඳින මේ හීන්දෑරි කොලු ගැටයා පසුගිය සතියේ කැපී පෙනුණේ හොං කොංහි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයේ නායකයකු ලෙසයි. සැප්තැම්බර් 26දා හොං කොං පොලිසිය ඔහු අත් අඩංගුවට ගත්තේ ය. ඒ හොං කොං පුරවර මධ්‍යයේ ආණ්ඩු මූලස්ථානය අසල වීදි අත්පත් කර ගත් සිසු අරගලයකට නායකත්වය දීම සම්බන්ධයෙනි. ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග ම උද්ඝෝෂකයන්ට පුළුල් සමාජ අනුකම්පාවක් හිමි වූ අතර ඉක්මණින් ම ඔහු නිදහස් කිරීමට සිදු විය. ජොෂුවා දැන් නැවතත් වීදියේ ය. බහුතරයක් සිසුන් වන දස දහස් සංඛ්‍යාත ජනකායක් හොං කොංහි නගර මධ්‍යයේ වීදි කීපයක් අත්පත් කරගෙන එහි වාඩිලාගෙන සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. ඔවුන් ඉල්ලන්නේ පූර්ණ ඡන්ද බලය හා හොං කොං ප්‍රධාන විධායක ලියුං චුං-යිංගේ ගේ ඉල්ලා අස් වීමයි.  හොං කොං ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පහසු එකක් නො වේ. දස දහස් සංඛ්‍යාත ජනයාට වීදි අත්පත් කරගෙන සති ගණන් ජීවත් වන්නට බැරි තරමට හොං කොං පුරවරයේ ජීවිතය කාර්ය බහුල ය. ජොෂුවා අත්අඩංගුවට ගැනීමත්, උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග රජය උද්ඝෝෂණය මර්දනය කරනු ඇතැයි අන...