ආණ්ඩුවට නායකත්ව වෙනසක් අවශ්‍ය නැද්ද?

රජයට සම්බන්ධ චම්පික රණවක, උදය ගම්මන්පිල හා තවත් බොහෝ පිරිස් පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයට නායකත්ව වෙනසක් අවශ්‍ය ය. ඔවුන්ට අනුව රනිල් දේශප්‍රේමී මදි ය. ධනේශ්වර වැඩි ය. බටහිර ගැති ය. පිරිමිකම මදි ය. අරක ය. මේක ය.

ඒ ගැන කතා කරන්නට අපට අවශ්‍යතාවක් නැත. මන්ද, අපට රනිල් ගැන ගැරන්ට් කරන්නට බැරි ය. කාටවත් කාවවත් ගැරන්ට් කරන්නට බැරි ය. 

එක්සත් ජාතික පක්ෂයට තිබෙන ගැටලුව වන්නේ රනිල් වෙනුවට පත් කර ගන්නට නායකයකු නැතිකමයි. ඔහුගේ ආසන්න ම තරගකරුවා වන සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ කෙනෙකු යයි බරපතල සැකයක් තිබේ. අනෙක් පැත්තෙන් ඔහු ජාතික නායකයකු නො වේ. හම්බන්තොට පැත්තේ ප්‍රාදේශීය නායකයකු ද යන්න අපි නො දනිමු.

කරු ජයසූරිය වැනි නායකයන් පාංකඩවලින් ද හදා ගන්නට පුළුවන. 

ඒ නිසා කවුරු කැමති වුණත් අකැමැති වුණත් එජාපයට මේ මොහොතේ රනිල් හැර නායකයකු නැත. රනිල්ට අභියෝග කරන්නට හැකියාව තිබුණු එජාප නායකයෝ දැන් මහින්දගේ සෙවණේ පූස් පැටව් ය. 

අනෙක් පැත්තෙන් පොදු අපේක්ෂක කතා ද නො කෙරෙන වෙදකම් ය. පොදු අපේක්ෂක ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටින චරිතය වන මාදුළුවාවේ සෝභිත හිමි ද ඉන්නේ පොදු අපේක්ෂකත්වයට ගව් ගණනක් දුරිනි. 

මේ සංදර්භය තුළ කවුරු කැමති වුණත් නැති වුණත්, දිනුවත් පැරදුණත්, රනිල් ඉදිරියට එන එක වළක්වන්නට බැරි ය. 

අපි දැන් අනෙක් පැත්ත බලමු. මේ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ශීඝ්‍රෙයන් පිරිහී තිබේ. මූලික හේතුව යුද්ධයෙන් පසුව ජනතාවට සාමයේ ප්‍රතිලාභ ලැබෙන පාලනයක් කරන්නට ඔහු අසමත් වීමයි. ඔහුගේ පවුල හා හෙංචයියන් විසින් ලංකාවේ සාරය උරා බී ඇති බවට මතයක් රටෙහි තිබේ. 

රට පුරා ම දූෂණය, අල්ලස ඉහවහා ගොස් ඇත. ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලේ ය. නිතියේ පාලනයක් නැත. මැතිවරණ වනාහි බලය ඇති අය මහජන මුදලින් කරන ක්‍රීඩාවකි. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පාවිච්චි කෙරෙන්නේ ඒකාධිපති පාලනයක් යුක්ති යුක්ත කර ගන්නට ය. 

මේ සියල්ල සිදු වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ පාලනය යටතේ ය. ඔහුට ජනාධිපතිවරණය දිනන්නට බැරි බව ආණ්ඩුවේ ජාතික හෙළ උරුමය හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වැනි බලවේග විසින් සාධක සහිතව පෙන්වා දී තිබේ. 

මෙවැනි සංදර්භයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය නායකත්ව වෙනසක් ගැන සලකා බැලිය යුතු නො වේ ද? 2005දී සිදු වූ වෙනස ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් 2014 දක්වා ම පවත්වාගෙන යන්නට ඉවහල් වුණා නේ ද?

ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගන්නට අභ්‍යන්තර ඡන්දයක් පවත්වන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි ද? 

මහින්ද රාජපක්ෂ නැතුවාට වෙන නායකයෝ නැද්ද? 

මෛත්‍රීපාල සිරිසේන 
නිමල් සිරිපාල ද සිල්වා
බැසිල් රාජපක්ෂ
ගෝඨාභය රාජපක්ෂ
චම්පික රණවක
විමල් වීරවංශ
දි.මු. ජයරත්න
රත්නසිරි වික්‍රමනායක
සරත් අමුණුගම
ජී.එල්. පීරිස්

ඔය ඉන්නෙ බඩු 

තියමුද ඡන්දයක්. බලන්නකෝ දකුණු පැත්තේ කොලම. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. "ඔහුගේ පවුල හා හෙංචයියන් විසින් ලංකාවේ සාරය උරා බී ඇති බවට මතයක් රටෙහි තිබේ."

    අදමයි මෙහෙම දෙයක් ඇහුවේ. කවුද පැරා ඔය වගේ බොරු කතා පතුරුවන්නේ? රාමනායක උන්නැහේද නැත්නම් සමරවිර ගොබිලද?

    ReplyDelete
  2. before being nominated as the prime minister candidate Mahinda was no body. he was just a regional politician who had made n impact as person who has fought at the street level, from what i know he was never part of the decision making kitchen cabinet of Chandrika, the powerful players such as Tara de mel were similar to Goda these days making news all the time.. as time goes by he became more and more powerful and the image started to get God like charisma. Now u see the ministors worshipping him like he is the freaking king. those days he was just a colleague, what im trying to say is that once the right moment comes and the opportunity opens up any puppet can turn in to a Mahinda, I rooted for him. had major arguments wit people and voted for him. and i dont regret it cz early 2000's the situation was different, we wanted the war to end. then since we dont have the war any more, we need to figure out what do we need now. from what i feel its the economic prosperity and we need to see is mahinda able to deliver..the answer to that quesitons is that he is an utter failure and is only good at wasting money. its true that he saved the country but does it mean that we need to pay homage to him for doing that and give him the oppertunity bring this country down to rubble, no we shouldnt a political decision needs to be based on the situation and the avaible choises . and i dont belive in being a memeber of a party for a life time.. example. i get thru O/L thanks to my O/L teacher does that mean that since Im grateful for that I need to go to the same teacher for A/L . no we dont do that if we can make such small deicisons based on person's capabilities why not an important decsion as this,.. and based on the avaible options at the moment, my chosie is Ranil

    ReplyDelete
  3. "රනිල්ට අභියෝග කරන්නට හැකියාව තිබුණු එජාප නායකයෝ දැන් මහින්දගේ සෙවණේ පූස් පැටව් " :D
    මහින්ද ගේ චක්ගෝලයෙක් වත් රනිල්ට මෙච්චර දරුණු පහරක් ගහල තියෙනවා දැකලා නෑ.......!!!!

    ReplyDelete
  4. යකෝ සිරාවටම ලංකාවේ දේශපාලනයට නායකයෝ නෑනේ ???

    ReplyDelete
  5. ඉහල පෙළ නායකත්වයේ කාන්තා නියෝජනයක් නෑ වගේ?

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකාට ආපහු එන්ඩ කියන්න වේයි.....

      Delete
  6. රත්නසිරි වික්‍රමනායක ?? .. Oh ! give me a break

    ReplyDelete
  7. Who will vote these idiots?

    ReplyDelete
  8. අනේ ඔන්න ඔහේ දි.මු. උන්නැහේටත් පොඩ්ඩක් දීලා බලමු. නිකම්ම වල පල්ලට යන්නේ නැතුව් තමන්ම වල කපාගන්නේ නැතැයි.

    ReplyDelete
  9. Duminda silva ?

    Mervin silva?

    Sajin vaas?

    ReplyDelete
  10. හරි එතකොට මේ ඡන්දයට ඉල්ලන්න මහින්ද රාජපක්ෂට අයිතියක් නැද්ද. පැරා මූලික මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කරලා. බැලුවම පැරාට වඩා මැකෝ හොඳා. මගේ මනාපය මහින්දට. ඒ නිසා ඒකත් එබුවානම්, පැරා සාධාරන චන්දයක් පැවත් වූවා වෙනවා. මනාප් අංක දුන්නොත්, 2 මනාපේ ඝෝඨාට.. 3 කාටවත් නොදී මං ළඟම තියා ගන්නවා..

    ReplyDelete
  11. මෙන්න පැරාටයි පැරාගේ ප්‍රොෆයිල් යාළුවන්ටයි සුභාරංචියක්! අන්තර්ජාලයේ හිංසා කළොත් වසර දෙකක් දක්වා හිරේ යවන්න නීති ගේනවලු. අපි තමයි දැන් හිරේ යන්නෙ පැරාට හිංසා කරලා.

    ReplyDelete
  12. පොදු පෙරමුනක් ලෙස විපක්ෂය එනවනම්,ජනතා විමුක්ති පෙරමුන කියන්නෙ අනිවාර්ය සාධකයක්.එතැනදි රනිල්ව කැපිල යනව.ඊලඟට එන්නෙ කව්ද කියන එක වැදගත් වෙන්නෙ නැහැ.වැදගත් වෙන්නෙ ක්‍රියාත්මක කරන්න බලාපොරොතු වන ප්‍රතිපත්ති විතරයි.මහින්ද පහලටම වැටිල ඉන්න මේ වෙලාවෙදි මිනිස්සුන්ව විකල්පයකට ගොනු කරගන්න එක හරිම සිම්පල් වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ප්‍රධාන සාධකේ සරත් පොන්සේකාගෙන් කන හරහා කෑවේ,,

      Delete
  13. නායකත්වයක් හොයන්නෙ පරදිනකොට. සන්දානයට දැනට එහෙම අව්ලක් නෑ.

    ReplyDelete
  14. අන්තවාදීන්ගේ බලපෑමට රටක් ලෙස ආපස්ස්ට අප ගමන් කර ඇති දුර හොදටම ප්‍රමාණවත්ය.රටේ පොදු පුරවැසියාගේ ගෞරවය අන්තවාදීන්ගේ හස්තයට ගොදුරු නොකිරීමේ වගකීම රටක නායකයා සතු වගකීමකි.
    http://surajkasun.wordpress.com/2014/10/19/%e0%b6%bb%e0%b7%99%e0%b6%a2%e0%b7%93%e0%b6%b8%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%94%e0%b6%b6/

    ReplyDelete
  15. //"ඔහුට ජනාධිපතිවරණය දිනන්නට බැරි බව ආණ්ඩුවේ ජාතික හෙළ උරුමය හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වැනි බලවේග විසින් සාධක සහිතව පෙන්වා දී තිබේ. "//

    කොහොමද පැරා එකඟ වෙන්නේ .. හෙලුරුමය යි ඔය බලවේගයි ඔක්කොම බැබලෙන්නේ රාජපක්ෂ එළියෙන් නේ

    ReplyDelete
  16. pradhana paksha deke nayakayo nthuwata,Mulu Asiyawatama sapayanna nayakayan lankawe innawa,Somawansa,Anura kumara,Wijitha herath,EElangata Kumara Gunarathnam,Ethulu Peratu Gamee Pakshaye Nayakao?Ranilata,Mahindata wediya Kochchara Super Da?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා