Posts

Showing posts with the label ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

මෛත්‍රීපාල ශ්‍රීලනිපය මකලා හදයි ද?

Image
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට ඇති වී තිබෙන අර්බුදය විසින් නිරූපණය කරන ප්‍රබල කාරණාවක් තිබේ. අද ලංකාවේ තිබෙන කිසිදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංවිධාන නැති රටක දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය භාවිතාවක් බවට පත් වන්නේ නැත. ශ්‍රීලනිපය මෙන්ම එක්සත් ජාතික පක්ෂය ද ව්‍යවස්ථානුකූලව ම නායකයාට ඒකාධිපති බලතල හිමි වන පරිදි නිර්මානය කරන ලද පක්ෂයි. ඒවායේ මෑත ඉතිහාසය තුළ දෙවන පෙළ නායකයන් බිහි වී නැත. එක් නායකයකුගෙන් තවත් නායකයකු අතට බලය මාරු වන්නේ ප්‍රචණ්ඩ පසුබිමක් තුළයි. මේ වන විට ශ්‍රීලනිපය තුළ සිදු වෙමින් තිබෙන්නේ ද එයයි. මෙම පක්ෂවලට විකල්ප ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ස්ටාලින්වාදී වාමාංශික පක්ෂ දැඩි ලෙස දේශපාලන මණ්ඩලයේ ආධිපත්‍යයට යට වී තිබේ.  දේශපාලනයට පිවිසෙන්නට කැමති තරුණයකුට ඉදිරියට යා හැකි මාවතක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලංකාවේ නැත. එජාප හා ශ්‍රීලනිප තුළ නම් කළ යුතු වන්නේ ප්‍රාදේශීය දේශපාලන බලධාරීයාගේ අන්තේවාසිකයකු වීමයි. පළාත් පාලන ආයතනයකට හෝ තරග කිරීමේ අවස්ථාව ලබා ගත හැක්කේ එමග...

හෙටට ගැලපෙන පක්ෂයක් ගොඩනැගීමේ මාවතට රුවන් දොරටු ඇරගන්නට ශ්‍රීලනිපය සමත් වෙයි ද?

Image
1950 දශකයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වන්නේ ජාතිකවාදී මධ්‍යම පංතික පක්ෂයක් ලෙසයි. 1956දී ශ්‍රීලනිපය පළමු වරට බලයට පත් වන්නේ ගැඹුරු සමාජ ප්‍රතිසංස්කරණ යෝජනා කරමිනි. ඉංග්‍රීසියට තිබුණු ඉහළ තත්වය හා සිංහල, දෙමළ භාෂාවන්ට තිබුණු සම තත්වය පිටුදකිමින් සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ශ්‍රීලනිපය විසින් ගන්නා ලද ඉතා වැදගත් පියවරකි. එදා කොල්වින් ආර්. ද සිල්වා මෙම පියවරෙහි ආදීනව හැඳින්වූයේ ‘භාෂා දෙකක් - එක රටක්; එක භාෂාවක් - රටවල් දෙකක් ’ ලෙසයි. අවසානයේදී තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්නට යෙදුණෙ ද ශ්‍රීලනිපය නියෝජනය කළ ජනාධිපතිවරයකු වූ මහින්ද රාජපක්ෂ මහතාටයි. ශ්‍රී ලංකාවේ පළමු වරට බලය බෙදා ගැනීමේ යෝජනාවලියක් ගෙන ඒමේ ගෞරවය ද ශ්‍රීලනිපයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාට හිමි වන බව ද අපි අමතක නො කළ යුතු ය. 1957දී ඔහු විසින් යෝජනා කරන ලද රට සභා වර්තමානයේ ක්‍රියාත්මක පළාත් සභා වැනි බලතල සහිත ව්‍යූහයකි. නිදහසින් පසු ලංකාවේ පළමු පුළුල් පරිමාණයේ වාර්ගික කලබල ඇති වන්නේ 1958දී බණ්ඩාරනායක ආණ්ඩුව සමයේ ය. ලංකාවේ දේශපාලනික ඝාතනයට ලක් වූ පළමු රාජ්‍ය නා...

මහින්දගේ අනුග්‍රහයෙන් ශ්‍රීලනිපය ජය මාවතේ

Image
ශ්‍රීලනිපයේ ඛණ්ඩනය සිදු වන ආකාරය ඉතා ප්‍රගතිශීලී ය.  මෙම ඛණ්ඩනය හේතුවෙන් ශ්‍රීලනිපයට නැවතත් සිය මුල් කරා යමින් නවීන ජාතිකවාදී මධ්‍යස්ථ පක්ෂයක් ලෙස ඉදිරියට යන්නට අවස්ථාව ලැබේ.  මහින්ද රාජපක්ෂ පක්ෂය හරහා අඳිමින් සිටින බෙදුම් රේඛාව ඉතා වැදගත් ය. එම රේඛාව විසින් ශ්‍රීලනිප පාක්ෂිකයන්ට තීරණාත්මක තේරීමක් සඳහා අවස්ථාව ලබා දී තිබේ.  ‍මේ වන විට මහින්ද පසුපසින් පෙළ ගැසෙමින් සිටින්නේ ශ්‍රීලනිපයේ සිටින දූෂිත ම පිරිසයි. ඔවුන්ගෙන් බහුතරය වයෝවෘද්ධ පුද්ග‍ලයෝ ය. බලයෙන් තෙ‍ාර පැවැත්මක් ගැන සිතා ගත නො හැකි මෙම පිරිස් කුමන හෝ ආකාරයකින් නැවත බලය ඩැහැ ගැනීම පිණිස සියලු අගතීන් අමතක කර මහින්ද රාජපක්ෂට කඩේ යමින් සිටිති.  පසුගිය දිනවල ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් නෙරපා හරින ලද බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන වැනි දූෂිත පුද්ගලයන් වෙනුවට පත් කර ගන්නා ලද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වැනි තරුණ නායක නායිකාවන් විසින් ශ්‍රිලනිපයේ අනාගතය නිරූපණය කරනු ලැබේ.  පහත පළ වන්නේ ශ්‍රීලනිපය සම්බන්ධයෙන් අප විසින් පසුගිය ජනවාරි මාසයේ පළ කරන ලද ලිපියකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මේ රටේ දේශපාලන ස...

ශ්‍රීලනිපයේ ඉදිරි ගමන හමුවේ එජාපයට කුමක් වේ ද?

Image
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කර ගනිමින්, පාලනය තීරණාත්මක ලෙස සියතට ගනිමින් සිටින බව පක්ෂයේ සිදු කර තිබෙන වෙනස්කම්වලින් පෙනේ.  හිටපු ජනාධිපතිවරුන්ට අමතරව දි.මු. ජයරත්න, රත්නසිරි වික්‍රමනායක හා අලෙවි මව්ලානා වැනි පක්ෂයේ පැරැන්නන් උපදේශක තනතුරුවලට පත් කර තිබේ. එස්. බී. නාවින්න (භාණ්ඩාගාරික), නිමල් සිරිපාල ද සිල්වා (ජ්‍යේෂ්ඨ උප සභාපති), ජෝන් සෙනෙවිරත්න (ජ්‍යේෂ්ඨ උප සභාපති), එස්.බී. දිසානායක (උප සභාපති), එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන (උප සභාපති), පියසේන ගමගේ (උප සභාපති) වැනි ජ්‍යේෂ්ඨයන් හා රාජිත සේනාරත්න (උප සභාපති) වැනි මෛත්‍රීපාල සිරිසේන හිතවතුන් ප්‍රධාන තනතුරුවලට පත් කර තිබේ. මහින්දගේ සහෝදර බැසිල් රාජපක්ෂගේ (ජාතික සංවිධායක) හා පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නට වහසි බස් දෙඩූ ඩලස් අලහප්පෙරුමගේ (භාණ්ඩාගාරික) තනතුරු අහිමි කර තිබේ. කරුණා අම්මාන්ගේ උප සභාපති තනතුර ද අහිමි කර තිබේ. කෙසේ වෙතත්, ශ්‍රීලනිපය සුළුතර ජාතීන්ගේ නියෝජිතයන්ට තනතුරු ලබා දිය යුතුව තිබේ. යෝධ පිම්මක් පැනීමට ශ්‍රීලනිපයට අවස්ථාවක් ලැබී තිබෙන බව අප...

ශ්‍රීලනිපයට යෝධ ඉදිරි පිම්මකට අවස්ථාවක්

Image
මහින්ද නැවතත් ක්‍ර්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව ද, ඔහු අගමැති අපේක්ෂකයා ලෙස ඡන්දයට ඉදිරිපත් කිරීම සඳහා උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර පෙරමුණ උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වේ.  මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය ලබා ගැනීම දුෂ්කර ය. එය ඉදිරියට ගෙන එන උදය ගම්මන්පිල විසින් ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන උපායමාර්ගය ඔහු සිය පක්ෂයට දමාගෙන තිබෙන පිවිතුරු හෙළ උරුමය  නම් වදන්වලට ද අපහාසයකි. උදය කියන්නේ නැවත ඇමතිකම් අවශ්‍ය වී තිබෙන හිටපු ඇමතීන්ට ඇමතිකම් ලබා ගැනීමට නම් මහින්ද රාජපක්ෂ වැනි ඡන්ද දිනිය හැකි නායකයකු යට‍තේ තරග කර මහ මැතිවරණය දිනිය යුතු බවයි. ඒ අනුව මහින්ද ගෙන එන්නේ කලින් සිටි ඇමති පෙරේතයන්ට යළි තැන හදා දෙන්නට ය.  මහින්දව ස්ථානගත කිරීමට මීට වඩා ප්‍රතිගාමිත්වයෙන් අඩු තැනක් සොයා ගැනීමට උදය ගම්මන්පිලට නො හැකි වීමෙන් ඔහුගේ තත්වය ද හෙළිදරව් වේ. චම්පිකලාගේ, රතනලාගේ සෙවණේ සිටි උදය ගම්මන්පිලට වඩා මහින්ද‍ගේ අගු පිලේ ලගින උදය ගම්මන්පිල දුර්වල ය.  අනෙක් පැත්තෙන්, අද වන විට සිටින්නේ 2015 ජනවාරි 08දාට පෙර සිටි ප්‍ර...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය

Image
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මේ රටේ දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන බලවේගයකි. කිසිවකුට එය මගහැර යා නො හැකි ය. එය හුදෙක් ම ධනේශ්වර දේශපාලන පක්ෂයක් ලෙස ලඝු කළ නො හැකි ය. එය ප්‍රධාන වශයෙන් ම ගැමි මධ්‍යම පංතික පදනමක් සහිත පක්ෂයක් ලෙස සැලකිය හැකි ය. නායකත්වය ද බොහෝ විට සමන්විත වන්නේ ගැමි මධ්‍යම පංතියෙන් ධනේශ්වර පංතියට සංක්‍රමණය වූ හා එසේ වන්නට අපේක්ෂා කරන ස්ථරයකිනි. මෙම ස්ථරය දේශපාලන බලය පමණක් නොව ආර්ථික ශක්තිය ගොඩනගා ගන්නේ ද ශ්‍රිලනිපය භාවිතා කරමිනි. ශ්‍රිලනිපය අද මුහුණ දී සිටින ගැටලු බොහොමයක මූලය ඇත්තේ එතැනයි. 2004න් පසු වකවානුවේදී රාජ්‍ය බලය සහිත ශ්‍රිලනිප නායකත්වය පත් වුණේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ගැමි, ප්‍රභූ පැළැන්තියක් අතටයි. ඔවුහු රාජ්‍ය බලය, යුද්ධය, මර්දනය හා සංවර්ධනය පාවිච්චි කරමින් සීමාන්තික ලෙස  ධනය එක්රැස් කරන්නට පටන් ගැනීමත් සමගම බරපතල ගැටලු රැසකට රටට මුහුණ දෙන්නට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස එම පැළැන්තියේ ම සාමාජිකයකු වන මෛත්‍රිපාල සිරිසේන කැඩී වෙන් වී පැමිණ 2015 ජනාධිපතිවරණයට නායකත්වය දී මහින්ද රාජපක්ෂ පරාජය කළේ ය. ඒ සඳහා ඔහුට අවශ්‍ය පදනම සකස් කර දුන්නේ ප්‍රධාන වශයෙන්...

ආණ්ඩුවට නායකත්ව වෙනසක් අවශ්‍ය නැද්ද?

Image
රජයට සම්බන්ධ චම්පික රණවක, උදය ගම්මන්පිල හා තවත් බොහෝ පිරිස් පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයට නායකත්ව වෙනසක් අවශ්‍ය ය. ඔවුන්ට අනුව රනිල් දේශප්‍රේමී මදි ය. ධනේශ්වර වැඩි ය. බටහිර ගැති ය. පිරිමිකම මදි ය. අරක ය. මේක ය. ඒ ගැන කතා කරන්නට අපට අවශ්‍යතාවක් නැත. මන්ද, අපට රනිල් ගැන ගැරන්ට් කරන්නට බැරි ය. කාටවත් කාවවත් ගැරන්ට් කරන්නට බැරි ය.  එක්සත් ජාතික පක්ෂයට තිබෙන ගැටලුව වන්නේ රනිල් වෙනුවට පත් කර ගන්නට නායකයකු නැතිකමයි. ඔහුගේ ආසන්න ම තරගකරුවා වන සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ කෙනෙකු යයි බරපතල සැකයක් තිබේ. අනෙක් පැත්තෙන් ඔහු ජාතික නායකයකු නො වේ. හම්බන්තොට පැත්තේ ප්‍රාදේශීය නායකයකු ද යන්න අපි නො දනිමු. කරු ජයසූරිය වැනි නායකයන් පාංකඩවලින් ද හදා ගන්නට පුළුවන.  ඒ නිසා කවුරු කැමති වුණත් අකැමැති වුණත් එජාපයට මේ මොහොතේ රනිල් හැර නායකයකු නැත. රනිල්ට අභියෝග කරන්නට හැකියාව තිබුණු එජාප නායකයෝ දැන් මහින්දගේ සෙවණේ පූස් පැටව් ය.  අනෙක් පැත්තෙන් පොදු අපේක්ෂක කතා ද නො කෙරෙන වෙදකම් ය. පොදු අපේක්ෂක ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටින චරිතය වන මාදුළුවාවේ සෝභිත හිමි ද ඉන්නේ පොදු අපේක්ෂකත්වයට ගව් ගණනක් දු...

ශ්‍රී ලංකා නිදහස් විමුක්ති කොටි

Image
කොටි සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක හා නැගෙනහිර අඥාපති කරුණා අම්මානුත්, ප්‍රභාකරන්ගෙන් පසු නායකත්වයට පත් කරන ලද කේ.පී.ත්, කාන්තා දේශපාලන අංශයේ නායිකා තමිලිනීත්, මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටරුත් මේ වන විට පුනරුත්ථාපනය වෙලා ආණ්ඩුවේ දේශපාලනයට එක් වෙලා.  කොටි සංවිධානය එක් කාලයක පුරසාරම් කියුවා තමන්ගේ මරාගෙන මැරෙන කළු කොටි බලකාය පිළිබඳව. ඔවුන් කොපමණ කලක් සතුරු ප්‍රදේශයේ සාමාන්‍ය ජීවිත ගත කළත්, ශපථ කරගෙන තිබෙන ‍ආකාරයට තමන්ට නියමිත මෙහෙයුම අවස්ථාවේදී තැනට වාර්තා කරන බව තමයි කියවුණේ. කේ.පී. හැර මේ අනෙකුත් සියලු දෙනාමත් සයනයිඩ් කරල බෙල්ලේ එල්ලගෙන සිටි අය. ඒත්, සංවිධානයේ සෙසු අය මැරී වැටෙද්දී මේ අය සයනයිඩ් කරල බිම දමා ආණ්ඩුවට යටත් වුණා. තමිලිනී වැනි අය පුනරුත්ථාපනය සඳහා අවස්ථාව ලබන්නේ, ඒ වකවානුවේදී, ඒ ආකාරයෙන් ම අත්අඩංගුවට ගත්තා යයි කියන වේලුපිල්ලේ බාලකුමාර්, බේබි සුබ්‍රමනියම් වැනි කොටි දේශපාලන නායකයන් අතුරුදහන් වෙද්දී.  මොවුන් ආණ්ඩුවේ යුද හා දේශපාලන මෙහෙයුම්වලට සම්බන්ධ වන්නේ ඔවුන්ගේ අණ මත කොටි සංවිධානයේ යුද මෙහෙයුම්වල නිරත වුණ තවත් විශාල සාමාජික පිරිසක් සිරබත් කද්දීයි.  ...

කෙරවළපිටියෙන් කෙළවර නො වන චම්පික - ශ්‍රීලනිප ගැටුම

Image
(2011 මාර්තු 29,   W3Lanka )  ආණ්ඩුව ඇතුළේ ජාතික හෙළ උරුමයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර මහා සංග්‍රාමයක් ඇවිළී තිබේ. මේ ගින්න ඇවිළෙන්නේ තෙල් හා විදුලිය උපයෝගී  කරගෙනයි. තේරෙන භාෂාවෙන් කියනවා නම් ඛනිජ තෙල් කර්මාන්ත ඇමති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‍ප්‍රධාන ලේකම් හා ජ්‍යේෂ්ඨ ශ්‍රිලනිප නායක සුසිල් ප්‍රේම ජයන්තත් ජාතික හෙළ උරුමයේ සැබෑ නායක පාඨලී චම්පික රණවකත් අතරයි. මෙම ගැටුමට හේතුව චම්පික රණවක කැබිනට් සාමූහික වගකීම අමතක කර, තමන් වැඩකාරයා බව තනියෙන් පෙන්නමින් සෙස්සන් කපාගෙන යන්නට උත්සාහ කිරීමයි. ඔහුට අවශ්‍ය වී ඇත්තේ තමන් වනාහි පාඩු ලැබූ ආයතන ලාභ ලබන තත්වයට පත් කරන විශ්වකර්මයකු බව පෙන්වමින් අනාගත රාජ්‍ය නායකත්වය සඳහා සිය යෝග්‍යතාව ප්‍රදර්ශනය කිරීමයි. මෙය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ම දැවැන්ත මාධ්‍ය සංදර්ශනයකිනි. තම අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල පාඩු වෙනත් අමාත්‍යංශ යටතේ ඇති ආයතන වෙත පවරා ලාභ පෙන්වීම චම්පිකගේ විශ්වකර්ම න්‍යායයි. අප මෙම ගැටුමේ මුල් අවධිය  සුසිල් ප්‍රේම ජයන්ත අතට දරුවා දී කන්‍යාවක් සේ පෙනී සිටින චම්පික රණවක   නම් ලිපියෙන් විස්තර කළෙමු. දැන් ...

18ට හයියෙන් හා හෙමින් අත් එසවීම | Body language of voting at Sri Lanka Freedom Party general asembly

Image
( 2010 සැප්තැම්බර් 03,  W3Lanka )  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 59වන සමුළුවේදී ඩේලි මිරර් පුවත්පත ගත් මෙම ඡායාරූපයේ මේ අත් එසවෙන්නේ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ය. අගමැති දි.මු. ජයරත්න අත් දෙකම ඔසවාගෙන ය. හිටපු අගමැති රත්නසිරි හා කතානායක චමල් රාජපක්ෂ තවම අත් ඔසවා නැත.  හයියෙන් අත් ඔසවන දි.මු.ගේ ශරීර භාෂාවේ ඇත්තේ බයාදු පක්ෂපාතිත්වයකි. ඩලස් අලහප්පෙරුම ද හයියෙන් අත ඔසවාගෙන සිටින තවත් අයෙකි. You may also like to read our English blog   Lanka Polity

නායකයාගේ දේශපාන දිවියට සතළිස් වසකි. ශ්‍රී ලංකාකාරයෙනි, එන්න, අපි නටමු! ගී ගයමු! උඩ පනිමු! රනිල්ට හූ කියමු!

Image
(2010 ජුනි 07,  W3Lanka )  එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ජනප්‍රිය මාතෘකාවකි.  එජාපයට ආණ්ඩුවක් පිහිටුවන්නට බැරි නායකයා වෙනත් අයට අවස්ථාව ලබා නොදෙන නිසා බව ද, සිය හිතවතුන්ගෙන් සමන්විත කල්ලියක් හරහා පක්ෂය මෙහෙයවන බව ද, නායකත්වය ඡන්දයෙන් තෝරන්නේ නම් සජිත් ප්‍රේමදාස නායකයා වන බව ද, එහෙත්, එසේ වන්නට රනිල් ඉඩ නොදෙන බව ද, වැරදිලාවත් සජිත් ප්‍රේමදාස දිනුවොත් අප්පට සිරි වන්නට එජාපය නැගලා එන බව ද හෙට ආණ්ඩුව පෙරළා එජාප ආණ්ඩුවක් පිහිටුවා තමන්ටත් රට කන්නට අවස්ථාව ලබා ගත හැකි බව ද යූඑන්පීකාරයෝ සාකච්ඡා කරති.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කවුරුත් කතා නො කරති. ඒ එහි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන නිසා ද? නැත. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට කට අරින්නටවත් පුළුවන් තරමේ ප්‍රජාතන්ත්‍රවාදයක් එහි නැති නිසා ය.  ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන පක්ෂයේ නායකයෙකු කතා කළොත්, කතා කරන්නාගේ දූෂණ වංචා පිළිබඳ ලිපිගොනු මිටියක් පසුදා පත්තරවලට ලැබෙනු ඇත. තමන් රජුන් තනන්නෙකැයි සිතා සිටි මංගල සමරවීරට වූ දෙය ශ්‍රී ලංකාකාරයන...

ප්‍රජාතන්ත්‍රවාදයේ සුළං එජාපය හරහා හමයි; හෙට ශ්‍රීලනිප හා ජවිපෙ | Whirlwinds of democracy blowing across Sri Lanka's political parties

Image
(2010 මැයි 07 -  W3Lanka )  ලාංකීය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී රික්තය විසින් ඇති කර තිබෙන සුළි සුළඟ දැන් එක්සත් ජාතික පක්ෂය හරහා ද හමා යමින් තිබේ. පක්ෂයේ විප්ලවීය වෙනසක් ඇතිකළ හැකි ලෙස තනතුරු ඇතිකර ඒවාට ඡන්දයෙන් පුද්ගලයින් තෝරා ගැනීමට හැකි වන පරිදි ව්‍යවස්ථා වෙනසක් ඇති කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කොට ඇත. ඒ පිළිබඳව සොයාබැලීමට ජෝශෆ් මයිකල් පෙරේරා, කබීර් හෂීම්, ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, විජේදාස රාජපක්ෂ, නීතිඥ රෝලන්ඩ් පෙරේරා යන අයගෙන් යුක්ත විශේෂ කමිටුවක්ද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඊයේ පත්කර ඇති අතර එම කමිටුවේ වාර්තාව සතියක් තුළ ලබාගැනීමටද එකඟවී තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බදාදා පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තමාට ලබා දීමට ගිය පක්ෂයේ උප නායකකම ප්‍රතික්ෂේප කොට ඇති සජිත් ප්‍රේමදාස එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවත් ඒකාධිපති ගමනකට සැරසෙන බවත් ප්‍රකාශ කොට ඇත. පක්ෂයේ ප්‍රධාන තනතුරු එක් පුද්ගලයකුගේ අවශ්‍යතාව මත ලබා දීම සම්පූර්ණ අසාධාරණ බව පවසා ඇති සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය පක්ෂය හැර යන විට...