හෙටට ගැලපෙන පක්ෂයක් ගොඩනැගීමේ මාවතට රුවන් දොරටු ඇරගන්නට ශ්‍රීලනිපය සමත් වෙයි ද?

1950 දශකයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වන්නේ ජාතිකවාදී මධ්‍යම පංතික පක්ෂයක් ලෙසයි. 1956දී ශ්‍රීලනිපය පළමු වරට බලයට පත් වන්නේ ගැඹුරු සමාජ ප්‍රතිසංස්කරණ යෝජනා කරමිනි. ඉංග්‍රීසියට තිබුණු ඉහළ තත්වය හා සිංහල, දෙමළ භාෂාවන්ට තිබුණු සම තත්වය පිටුදකිමින් සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ශ්‍රීලනිපය විසින් ගන්නා ලද ඉතා වැදගත් පියවරකි.

එදා කොල්වින් ආර්. ද සිල්වා මෙම පියවරෙහි ආදීනව හැඳින්වූයේ ‘භාෂා දෙකක් - එක රටක්; එක භාෂාවක් - රටවල් දෙකක්ලෙසයි. අවසානයේදී තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්නට යෙදුණෙ ද ශ්‍රීලනිපය නියෝජනය කළ ජනාධිපතිවරයකු වූ මහින්ද රාජපක්ෂ මහතාටයි.

ශ්‍රී ලංකාවේ පළමු වරට බලය බෙදා ගැනීමේ යෝජනාවලියක් ගෙන ඒමේ ගෞරවය ද ශ්‍රීලනිපයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාට හිමි වන බව ද අපි අමතක නො කළ යුතු ය. 1957දී ඔහු විසින් යෝජනා කරන ලද රට සභා වර්තමානයේ ක්‍රියාත්මක පළාත් සභා වැනි බලතල සහිත ව්‍යූහයකි.

නිදහසින් පසු ලංකාවේ පළමු පුළුල් පරිමාණයේ වාර්ගික කලබල ඇති වන්නේ 1958දී බණ්ඩාරනායක ආණ්ඩුව සමයේ ය. ලංකාවේ දේශපාලනික ඝාතනයට ලක් වූ පළමු රාජ්‍ය නායකයා ශ්‍රීලනිප නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ය.

ලංකාවට පමණක් නොව ලෝකයට ම පළමු අගමැතිවරිය හඳුන්වා දුන්නේ ශ්‍රීලනිපයයි. තෙවරක් අගමැති ධුරය හෙබවූ මෙම කාන්තාව කීර්තිමත් දේශපාලනඥවරියක ලෙස ලොව පතළ වූවා ය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ධනවාදී, සමාජවාදී හා සුබසාධනවාදී ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ නියමුවා වූයේ ද ශ්‍රීලනිපයයි. ජනසතුකරණය ඔස්සේ රාජ්‍ය ව්‍යවසාය පද්ධතියක් ගොඩනගන ලද අතර සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන කාලය තුළ රාජ්‍ය අංශයට ආර්ථිකයේ ප්‍රමුඛස්ථානය ලබා දෙන ලදී. 1977 සිට සිදු වූ පෞද්ගලීකරණයෙන් පසු 1994 සිට මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ද නැවත වටයකින් රාජ්‍ය ව්‍යවසාය පුළුල් කරන ලදී. පෞද්ගලීකරණය කරන ලද ගෑස්, ගුවන් සේවා වැනි ව්‍යාපාර රැසක් රජයට පවරා ගන්නා ලදී. රජය සමාගමක් ලෙස ක්‍රියාත්මක වනු දක්නට ලැබිණි.

බණ්ඩාරනායක මහතා ශ්‍රීලනිපයේ පදනම ලෙස ප්‍රවර්ධනය කරනු ලැබුවේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයයි. සම්ප්‍රදායිකව කොම්ප්‍රදෝරු ධනපති පංතියේ ආධිපත්‍යයට නතු පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය වෙනුවට සාර්ථක විකල්පයක් ලෙස මධ්‍යම පංතිය පෙරටු කොටගත් ශ්‍රීලනිපය නැගී සිටියේ ය. සිය ආණ්ඩු පාලන සමයන් තුළදී කෙතරම් සමීපව ධනපති පංතිය සමග කටයුතු කළත්, ශ්‍රීලනිපය සිය මධ්‍යම පංතික පදනම වෙත තිබුණු අවධානය නැති කර ගත්තේ නැත.

ශ්‍රීලනිපය හැමවිට ම වාමාංශික පක්ෂ සමග පහසුවෙන් සන්ධානගත වූයේ ය. වාමාංශික පක්ෂවලට ශ්‍රීලනිපය සමග සන්ධානගත වීම පහසු වන්නට ඇත්තේ එහි කේන්ද්‍රීය පංතිය මධ්‍යම පංතිය වූ නිසා විය හැකි ය. 1989 – 1994 වකවානුවේදී ශ්‍රීලනිපය ආරක්ෂා කරමින් ජයග්‍රහණය කරා මෙහෙයවූ නියමුවෝ කවුරු ද? එම වකවානුවේදී ක්‍රියාත්මක වූ අයෝමය පෞරුෂයන් වූ ඉන්ද්‍රපාල අබේවීර, අ.ම. කරුණාරත්න, අමරසිරි දොඩංගොඩ, රිචඩ් පතිරණ, මහින්ද රාජපක්ෂ වැනි අය මධ්‍යම පංතික වෘත්තිකයෝ ය. ඔවුහු ධනවතුන් නො වුණත් දක්ෂයෝ වූ හ.

එහෙත්, නව සහස්‍රකයේ පළමු දශකය දෙස බලන විට පැහැදිලිව දැකිය හැකි ලක්ෂණයක් වන්නේ ශ්‍රීලනිපය සිය සම්ප්‍රදායික පංති පදනමින් ඉවත් වෙමින් තිබෙන බවයි. සම්ප්‍රදායිකව මධ්‍යම පංතිය වෙත තිබුණු අවධානය වෙනුවට අලුත් සමාජ තීරයක් වෙත ශ්‍රීලනිපය ඇදී යන ආකාරය දකින්නට ලැබිණි.

අද වන විට ශ්‍රීලනිපයේ පදනම කුමක් ද යන්න විග්‍රහ කර ගැනීම වැදගත් ය. පසුගිය සමය වන විට ශ්‍රීලනිපයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයක් පවා තරග කිරීමට බොහෝ විට අවස්ථාව ලැබුණේ එක්කෝ ධනවතකුට ය. නැතිනම් චණ්ඩියකුට ය. ශ්‍රීලනිපයේ මහජන නියෝජිතයන් ලෙස පසුගිය සමයේ ඉදිරියට පැමිණි බොහෝ දෙනෙක් විවිධ ක්‍රමෝපායන්ගෙන් මහජන මුදල් යටිමඩි ගසා ගත් අයයි. නැතිනම් වෙනත් අයථා මාර්ගවලින් ධනය උපයා ගත් අයයි.

පසුගිය සමයේ ශ්‍රීලනිප නායකයන්ගේ අනුග්‍රහයෙන් රටේ ගොඩනගන ලද දේශපාලන ක්‍රමය තුළ සිදු වුණේ අපේක්ෂකයන් තම ඉපැයුම් මැතිවරණවලදී ආයෝජනය කර ඡන්දෙන් දිනූ දා සිට, තමන් ආයෝජනය කළ මුදල මෙන් කිහිප ගුණයක් ලාභ ලැබීමට ක්‍රම සකසා ගැනීමයි. අද වන විට මහජන නියෝජිතයා යනු රජය සමග කොන්ත්‍රාත් සහ වෙනත් විවිධ ජාවාරම් කරන කූට ව්‍යාපාරිකයෙක් බවට පත් වී තිබේ.

දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයන්ට, වෘත්තිකයන්ට, කලාකරුවන්ට හෝ සමාජ සේවකයන්ට මහජන නියෝජිතයන් ලෙස තේරී පත් වීමට අවස්ථාවක් ශ්‍රීලනිපය හරහා සොයා ගැනීම අද වන විට අතිශය දුෂ්කර තත්වයට පත් වී තිබේ. කාන්තාවන්ට ලැබෙන අවස්ථා අවම වී තිබේ. අපේක්ෂකත්වයක් ලැබුණත් තේරී පත් වීම සිහිනයක් වන තරමට මුදල් හා මැර බලය ශක්තිමත් වී තිබේ. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය තුළ ශ්‍රීලනිපය එක්තරා දුරකට එක්සත් ජාතික පක්ෂයේ ම නිවුන් සොහොයුරකු බවට පත් විය. වෙනසකට තිබුණේ නිෂ්පාදන හා වෙළඳ ධනපති පංතිය වෙනුවට ශ්‍රීලනිපය තුළ ශක්තිමත් වූයේ රජයේ සමාගම්වල දේශපාලන පත්වීම් ලද විධායක නිලධාරීන්, දේශපාලන අනුග්‍රහය ලබන කොන්ත්‍රාත්කරුවන් හා සැපයුම්කරුවන් වැනි අයයි. ශ්‍රීලනිපය සිය පැරණි පංති පදනම් අහිමි කර ගත්තේ ය. 1956දී බණ්ඩාරනායක මහතා විසින් හඳුනා ගන්නා ලද සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය හා පසුකාලීනව වර්ධනය වූ සෙසු මධ්‍යම පංතික බලවේගවලට පවා ශ්‍රීලනිපයේ දොරටු විවර වූයේ නැත.

අවසාන ප්‍රතිඵලය ලෙස 2015 ජනවාරි 08දා මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ක්‍රමයත් සමග ම පරාජය කිරීමට පෙරමුණ ගත්තේ මෙම මධ්‍යම පංතික බලවේගයයි. 1950 ආසන්නයේදී පිහිටුවන ලද ගොවි ජනපදයක පදිංචි වූ සේවා මුක්ත භටයකුගේ පුතකු වූ, සිංහල බසින් උගෙන රාජ්‍ය පරිපාලන සේවයේ පහළ ම තනතුරක් වූ ග්‍රාමසේවක ධුරයේ සිට ඉදිරියට ආ නියම ශ්‍රීලනිප සුජාත පුත්‍රයකු ජනාධිපති පදවියට ඔසවා තබන ලදී.

ශ්‍රීලනිප ලේකම් ධුරයෙන් ඉවත් වී විපක්ෂ පොදු අපේක්ෂකයා බවට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ලෙස ලැබුණු ජනවරම ඉතා පැහැදිලිව ම රාජපක්ෂ ක්‍රමයට එරෙහි ජනවරමකි. රාජපක්ෂ ක්‍රමයට එරෙහි ඔහුගේ අරගලය අනිවාර්යයෙන් ම ශ්‍රීලනිපය තුළට ද විහිදිය යුතුව තිබිණි. ඔහු ශ්‍රීලනිප නායකත්වය භාර ගැනීම සිදු වන්නේ එම සංදර්භය තුළයි. එය අභාග්‍යවත් තත්වයක් ලෙස විග්‍රහ කරනවාට වඩා, සිදු විය යුතුව තිබුණු දෙයක් ලෙස තේරුම් ගැනීම වැදගත් ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතට පත් වන්නේ ඔහුට සතුරු, ඔහු පරාජය කිරීමට ක්‍රියා කළ, ඔහුගේ නායකත්වය පිළි ගැනීමට සූදානම් නැති, මහින්ද රාජපක්ෂ ක්‍රමය තුළ හැදුණු, වැඩුණු, නව තත්වයන් දරා ගත නො හැකි පිරිසක් වීම ඇත්තෙන් ම තියුණු අභියෝගයක් විය. මේ අතර පරාජිත මහින්ද රාජපක්ෂ මහතා ද තම ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා සටනට පිවිසුණේ ය. ඔහුගේ අනුගාමිකයෝ ඔහු ඒ මග වෙත තල්ලු කළ හ. 

අවසානයේදී ශ්‍රීලනිපය රාජපක්ෂ ක්‍රමයේ හා යහපාලනයේ බොක්සිං වළල්ලක් වී තිබේ.
ගැටුම යනු නරක තත්වයක් නො වේ. එය සංවර්ධනයේ ගාමක බලවේගයයි. සමාජය ඉදිරියට යන්නේ ගැටුම් හරහා ය. අවශ්‍ය වන්නේ ගැටුම් අවසන් කර ගැනීම නො වේ. ගැටුම් යහපත් අන්දමින් කළමනාකරණය කර ගැනීමයි.

ශ්‍රීලනිපයේ ගැටුම තමන්ට වාසිදායක සම්මුතියකින් අවසන් කර ගැනීමට රාජපක්ෂ අනුගාමිකයන්ට දැඩි උවමනාවක් තිබේ. ඒ වනාහි මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා ගැනීම හා අවසානයේදී ඔහුගේ නායකත්වයෙන් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමයි. එහෙත්, මෙහි තිබෙන පරස්පරය වන්නේ ජනවාරි 08දා ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතාට දුන් ජනවරමේ අරමුණ රාජපක්ෂ ක්‍රමය පරාජය කිරීම වීමයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් අතර සම්මුතියක් ඇති වීමේ ඉඩකඩ අවම බව ඉතා පැහැදිලි ය. එවැනි සම්මුතියක් ඔස්සේ ශ්‍රීලනිපයට ඉදිරියට යන්නට බැරි බව ද ඉතා පැහැදිලි ය. ශ්‍රීලනිපය අභිමුව ඉතා වටිනා අවස්ථාවක් උදා වී තිබේ. ඒ වනාහි හෙට දවසට ගැලපෙන නවීන පක්ෂයක් බවට පරිවර්තනය වීමේ අවස්ථාවයි. ශ්‍රීලනිපයේ ඛණ්ඩනය පැහැදිලිව ම ප්‍රතික්ෂේපිත රාජපක්ෂ ක්‍රමය හා නවීන අපේක්ෂා අතර ඛණ්ඩනයකි. එය වේදනාකාරී ඛණ්ඩනයක් වුව ද, යහපත් ප්‍රතිඵල උදා කරන්නකි. දූෂිත, ප්‍රතිගාමී, ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගය ශ්‍රීලනිපයෙන් පලවා හැර පක්ෂය සුද්ද කිරීමේ ශක්තිය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට ශ්‍රීලනිප පාක්ෂිකයා සමත් වුවහොත්, පැරණි පිරිසිදු මධ්‍යම පංතික පදනම් මත යළි ස්ථාපිත වී හෙටට ගැලපෙන නවීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ගොඩනැගීමේ ස්වර්ණමය අවස්ථාවක් ශ්‍රීලනිපය ඉදිරියේ තිබේ.

එය සිය ප්‍රබල ම ප්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්ෂයට පවා ලැබී නොමැති, සෙසු පක්ෂවලටත් අත්පත් කර ගත නො හැකි අභිමානවත් තත්වයක් බව ශ්‍රීලනිප පාක්ෂිකයා අවබෝධ කර ගත යුතු ය.

- අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ 2015 - 07 - 05 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මගෙන් කුණුහරුප අහගන්න එපා පැරෝ

    ReplyDelete
  2. හොරි කසපිය ගිනි පිඹපිය පැරෝ

    ReplyDelete
    Replies
    1. දොස්තර මහත්තයට හොරි නෙවෙයි ඒඩ්ස් හැදෙන්නේ සැප්තැම්බර් 18 වෙනිදට

      Delete
    2. දොස්තර මාහත්තයා????
      බොලේ මේ සාරස ද ගූරස ද මොකාද කිය කියා මේ හැටි මහින්දයටම කඩේ යන මේ හාදයා ඩොකෙක් නමි ඉන්තේරුවෙන්ම මෑන් අර පා(වා)දෙනිය කියන හාදයා වෙන්න ඕනෑ...

      හයියෝ සල්ලි.... ඔව් ඉතින් කුණු එකතු වෙන්නෙත් කුණුගොඩකටමනෙ

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. [ඉංග්‍රීසියට තිබුණු ඉහළ තත්වය හා සිංහල, දෙමළ භාෂාවන්ට තිබුණු සම තත්වය පිටුදකිමින් සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ශ්‍රීලනිපය විසින් ගන්නා ලද ඉතා වැදගත් පියවරකි]

    වැදගත් පියවරක්? පැරාට පිස්සුද? ඉන්ග්‍රීසි අධ්‍යාපනය නැතිකොට සිංහල/ දෙමල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න යෑම තමා බන්ඩා කරපු අමනම වැඩේ....
    මෙයින් ලංකවේ ඉන්ග්‍රීසි නොදත් පන්තියක් බිහිවුනා...
    එකපැත්තකින් ජනවාර්ගික ප්‍රශ්නයටත් පාර කැපුනා....

    ReplyDelete
    Replies
    1. වැදගත් හැම දෙයක් ම හොඳ නැත. එහෙත් එය ඉතිහාසයේ වැදගත් සංසිද්ධියක් බව ප්‍රතික්ෂේප කළ නො හැකි ය.

      Delete
    2. අපේ සමහරු හිතන්නේ 1959 ට පෙර මුළු රටම ඉංගිරිසියෙන් ඉගෙන ගත්තාය කියලයි.

      මං දන්නා තරමින් ගමේ ළමයෙකුට ඉංගිරිසි ඉගෙන ගන්නට ලැබුණේ මධ්‍යම විද්‍යාලයකට (Central Collage) යන්න ලැබුණොත් විතරයි. වර්නක්‍යුලර් අධ්‍යාපන ක්‍රමය පැවතියේ සිංහලෙන් සහ දෙමළෙන්.

      Delete
    3. මුලින්ම සිංහල මාධ්‍ය අධ්‍යාපනය ගැන අදහස ඉදිරිපත්කලේ www.කන්නංගර.unp මතක තබා ගන්න.
      ලංකාවේ සිදුවූ ලොකුම වරද සිංහලෙන් අධ්‍යාපනය ලබා දීම නොව එය නිසි පරිදි ආත්ම විශ්වාසයකින් යුතුව නොකිරීමයි. උදාහරණයක් ලෙස සිංහල බසට වැඩිම සේවයක් කලේ ලංකාණ්ඩුව නොව සෝවියට් ආණ්ඩුව යැයි කිවහැකියි. මෙයට දේශපාලනඥයන්ටත් වඩා නිලධාරීන් සහ විද්වතුන් කියන අය වගකිවයුතුයි. බාශා ප්‍රතිපත්තිය ගැන කියනවානම් කරන්න තිබුනේ දෙමල ඉංග්‍රීසි මැලේ වැදි වැනි බාශා කිහිපයක් රාජ්‍ය බාශා කර සිංහල සම්බන්ධීකරන භාෂාව (දෙවියන් වහන්සේගේ බාෂාව) කිරීමයි.

      Delete
    4. විද්‍යා හා වානිජ විෂයන් සිංහලෙන් උගන්වන්නට යෑම මෝඩකමක්...
      සෙන්ට්‍රල් කොලීජියකට හෝ ගොස් ඉන්ග්‍රීසියෙන් උසස්පෙල ඉගෙන ගන්නා දරුවෙකුට ලෝකය විවර වෙනවා වැඩියි.. අනික් අතට 59 භාෂා ප්‍රතිපත්තිය නොගෙනාවනම් අද ලංකාව සිංගප්පූරුවේ මට්ටමට ඉන්ග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් ඇති රටක් වෙලා...

      Delete
  5. කාලෙකට පස්සේ ස රස එක්ක එකඟයි, හේනේ කුරහං වැපුරුවාමත් සිද්ධවෙන දේවල්.

    පැරාට වාසු රෝගය වැළදී ඇත, ශ්‍රීලනිපය සුදු කළ නොහැක, දක්ෂයන් අහම්බෙන් ශ්‍රිලනිපයට ගෑවුනත් ඔවුන්ට නවතින්න වෙන්නේ එජාපයේයි. විපත කියන්නේ කාට හරි අයෙත් ජේවීපි එකත් එක්ක ආණ්බුවක් හදන්න වෙන එකයි.

    එජාපය ව්‍යවසායකයන්ගේ පක්ෂයයි. ව්‍යවසායකයනුට වැඩියෙන් අවශ්‍ය වුනාම වැඩියෙන් හම්බකර ගත හැකියි, ඒත් සමාජ සේවය සඳහා දේශපාලනය කරන වා යයි කියන්නන්ට වැඩියෙන් කන්න ඕනෑ නම් කන්න වෙන්නේ අපිව තමයි.

    ReplyDelete
  6. ශ්‍රී.ල.නි.ප.යේ මෙම නව පුබුදුව ඇතිවීමට නම්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගෝස්තු මහ මැතිවරණයේදී පැහැදිළි ලෙසම මහින්ද ඇතුළු දූෂිතයින්හට නාමයෝජනා ලබානොදී, පියවරක් පිටුපසට ගැනුමට හෝ සූදානම්ව, ශ්‍රී. ල. නි.ප.ය යටතේ දූෂණ චෝදනා නොමැති ජනහිතකාමී අපේක්ෂකයින්හා ඉදිරියට යා යුතුය. ක්ෂණික ශ්‍රී.ල.නි.ප. රජයක් ගැන ප්‍රමාණයට වඩා බලාපොරොත්තු තබා ගතයුතු නැත.

    ReplyDelete
  7. Siluminata liyana anthima lipi khipayen ekak.... MR awama, oya siluminata liyanawa boru

    ReplyDelete
  8. පැරදිලා නිකම් හිටපු මහින්දයා කොන්ට්‍රෝල් කොරගන්න බැරුවුනාට, දිනුවට පස්සේ මහින්දයා අන්දන්න හිතාගෙන ඉන්න අය ඔහේ වගේ දැක්කම තනි නෙතගට කදුලක් නැගෙනවා අප්පා. තමුසෙලා මයිත්‍රී ගේ මහින්ද අන්දන ගේම් ගැන සිහින දකින අතරේ අන්න නාවින්න යු එන් පී එකට ගිහින්..ඇතුලේ ඉන්න එවුන්ට වෙන්න යන එක තේරෙන නිසා. මහින්දයා ආයේ ඇවිත් පුකට පයින් ඇනලා ඇදෙන් බිමට දාන කම් සිහින දැක දැක හිටපන්.

    ReplyDelete
  9. මොකක්ද පැරා මේ කරන විකාර වැඩේ. ශ්‍රී.ල.නි.ප. හදන්නද දැන් අවශ්‍යතාව වෙලා තියෙන්නෙ? මේ රටේ තියන ප්‍රශ්න එකක්වත් හරි විදිහට විසඳන්න ඔය ශ්‍රී.ල.නි.ප.ට හෝ එ.ජා.ප.ට පුළුවන්ද? මං අහන්නෙ ජ.වි.පෙ.ටවත් එතනින් හැලිච්ච එවුන්ටවත් පුළුවන්ද?
    මේකද අපි දැන් කරන්න ඕනැ කරන වැඩේ?

    ReplyDelete
    Replies
    1. මේ රටේ ප්‍රශ්න විසදන්න දේශපාලන පක්ශ අගහරු ලෝකෙන් ගේන්න බෑනෙ.. කරන්න තියෙන්නෙ දැන් තියෙන ඒවගෙ අඩුපාඩු පෙන්වල දීල ඒවා පුලුවන්තරම් හරි මාර්ගයට ගන්න හදන එක තමා...
      ඒනයින් පැරා කරන මේ වැඩේ හරි...
      එහෙම තියෙන ප්‍රශ්න ඔක්කොම විසදන්න පුලුවන් නැතිව පරම පූජනීය පක්ෂයක් එනකම් බලාසිටීම අර එලුවගෙ මොකක්ද එක වැටෙනකම් හිටිය වගෙ තමා...

      Delete
  10. බණ්ඩාරනායක කොන්දක් නැතුව තමන්ට බලයට එන්න පාර කපපු සිංහල ජාතිවාදින්ට ඕන විදිහට සිංහල රාජ්‍ය භාෂාව කරපු එක තමයි දෙමල ඊලාම් අරගලය පටන්ගන්න පලමු වෙඩිමුරය. ඒ කරපු තකතීරු වැඩේ නැත්නම් අද යුධයක් නැහැ. අනිත් එක සිරිමාවෝ රට පාලනය කලේ ඔළුව උදුම්මගත්ත වලව් මානය තියාගෙන. වලව්වෙන් පිට මිනිස්සු දැක්කේ යටත් වැසියෝ විදිහට. ඒයා හොඳයි කියන්න පැරාට පිස්සුද?

    ReplyDelete
  11. මේ සේරටම මුල ලංකාවේ කවදාවත් මිනිස්සු පිළිම ලෙස වන්දනා කිරීම ඇරුනම හරිහමන් සිස්ටම් එකක් හදා නොගැනීම.ජනවාරි 8 උනෙත් මහින්ද පිළිමෙ තිබුණු තැනින් මය්ත්‍රී පිළිමෙ තැබීම පමණකි.සිස්ටම් එක සේම් සේම්ය !එකාතකට දැන් මාස 6ක් තිස්සේ තිබුණු අන්දපයිප්පු දේශපාලනේට වඩා මෙහෙම උනු එක හොඳය.ශ්‍රීලංකා කාරයෝ විපක්ෂයේත් ආණ්ඩුවේත් සිටි කැබිනෙට්ටුවේ එකෙක් ඉර කියද්දී අනෙකා හඳ කියූ ඒ යුගය අහවරව නැවතත් ජනවාරි 8 කට පැමිණ ඇත.අපි කොයි යාද ? බඩු හොඳටම ෂුවර්ය. වන්දනාවට පිළිම ටිකක් හැරුණු කොට මේ මජර සිස්ටම් එක මේ විදිහටම ගඳ ගසනු ඇත

    ReplyDelete
  12. යහපාලන ආණ්ඩුවේ හැකියාව/නොහැකියාව මත හිටපු එකා ගේන්න හිතන අය වෙනුවෙනුයි මේක කියන්නේ. යහපාලන ආණ්ඩුව බලේ ඉල්ලුවේ දින සීයේ වැඩ පිළිවෙල කරන්න විතරයි. මහින්දයා ශ්‍රිලනිප සභාපති කම කට්ට කමට දුන්නම මෛත්‍රී 62 ලක්ශෙ අමතක කරල ඒකෙ එල්ලුනා. 19 සංශෝධනය දියාරු කරපු නිසා විගණන පනත, තොරතුරු පණතට ඒ දේ නොවෙන්න මහ මැතිවරණෙන් පස්සේ ගේන්න තීරණය උනා. මුදල් පණත පාර්ලිමේතුවේ පාරාජය කරපු නිසා මුදල් යෝජනා අනුමත වෙලා නැහැ. එහෙම තියෙද්දී මෛත්‍රී රාජිත සහ රතන චම්පික යන අයගේ කීමට 20 සන්ශෝධනයක් කරනකං කියලා ඇද්දා. මේ ඔක්කොටම රනිල් පලි නැහැ? ගොඩනැගිලි හදන සංවර්ධනෙන් රටේ තියෙන අධ්‍යාපන, රැකියා , මානව හිමිකම් වාර්ථා සහ ආර්ථික සම්භාධක එන්න පුළුවන් වැනි ප්‍රශ්ණ විසදන්න බැහැ.

    නූගතුන් සිතන්නේ රට බෙදීමේ මීලඟ ප්‍රයත්නය සිදුවනු ඇත්තේ උතුරෙන් කියාය. දකුණු සුඩානය සහ කොසොවෝ වැනි රටවල් කැඩුනාක් මෙන් මීලඟ ප්‍රයත්නය සිදුවනුයේ එක්සත් ජාතීන්, ආරක්ශක මණ්ඩලය, බටහිර රටවල් සහ ඇමෙරිකාව හරහාය. යුද්ධය අවසාන වන විටම යුධ අපරාධ චෝදනා රැල්ල පටන් ගත්තේ එම න්‍යාය පත්‍රයටය. රටේ හිටපු මෝඩ පාලකයා උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර මානව හිමිකම් වාර්ථාවක් පිලියෙළ වන තැනට ක්‍රියා කළේය. අද පවතින තත්වයෙන් රට බෙදීම වලක්වා ගත හැක්කේ බටහිර රටවල් පිළිගන්නා රනිල් වැනි නායකයෙකුට මිස ලෝක දේශපාලනය නොදත් ගමේ චන්ඩියෙකුට නොවේ. ආර්ථික සම්භාධක සහ එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් ජනමත විචාරණ හා රට බෙදීම් වලින් ලංකාව වැනසී යාමට ඇති ඉඩ අහුරමු.

    ReplyDelete
    Replies
    1. රනිල් දැන් දෙසරයක්ම නෑවා නේද....? ආයේ නෑවොත් නිව්මෝනියා හැදෙන්න පුළුවන්..

      Delete
  13. රන්දොරටු කොහොම වුනත් පොල් රැවුලා අන්දවන්න හිතාගෙන හිටපු උබල හොද හැටි ඇරගත්තා නේද ? මහින්දය අවොත් නම් පුතෝ උබලව අරින්නේ ධර්මචක්කරේ.

    ReplyDelete
  14. Api hama mohethama ape deyata mul thana denna one. English kiyanne suddo apita balen dunnu de. Api shakthimanth ratak, eath suddo dunnu dewal nisa ape hoyaganim , ape dewal nathiwela yanawa

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා