ශ්‍රීලනිපයයි, එජනිසයි දෙකම ඡන්දයට නො එන්නට ඉඩ තිබේ

දේශපාලනයේදී පුද්ගල සාධක ඉතා වැදගත් ය. මන්ද, නායකයන්ට සංවිධාන, ඒවායේ ප්‍රතිපත්ති හා පොදුවේ සමාජය කෙරෙහි කළ හැකි බලපෑමේ තරම හා වැදගත්කම නිසා ය.

ලංකාවේ අපි රටට හා ජනතා අපේක්ෂාවන්ට ගැලපෙන නායකයන් නැති අර්බුදයකින් දිගු කලක සිට පීඩා විඳින්නෙමු. නිදහසින් පසු ලංකාවේ බිහි වූ නායකයන් අතරින් අන්තවාදී ම නායකයා වූයේ මහින්ද රාජපක්ෂයි.  ඔහු ජාතිවාදියෙක් හා යුදවාදියෙක් විය. එහෙයින් ජනප්‍රිය ද විය. එසේ ම ඔහු උග්‍ර ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් හා අන්ත දූෂිතයෙක් විය.

ඔහු විසින් ගොඩනගන ලද දේශපාලන ක්‍රමය තුළ දූෂණය, භීෂණය හා පසුගාමිත්වය සමාජයේ ගැඹුරට ම විහිදුවන ලදී. මේ ප්‍රතිගාමිත්වයෙන් පැවැත්ම තහවුරු කර ගත්, එයින් ඉසුරුමත් වූ විශාල සමාජ බලවේගයක් ඔහු විසින් සංවිධානය කරන ලදී. එම සමාජ බලවේගය අතර ඔහු තවමත් ජනප්‍රිය ය.

මහින්ද ක්‍රමයේ බලපෑම සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරී තිබේ. එයින් ‍පෝෂණය වූ ජන පදනම වෙනස් වන තාක් කල් මහින්ද ක්‍රමයට යම් ශක්තියක් ද තිබේ.

අපි පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද ක්‍රමය තීරණාත්මක ලෙස පරාජය කළෙමු. එපමණක් නො ව අපි විකල්ප ජන නායකයකු ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඔසවා තැබුවෙමු. අඩුපාඩු තිබුණත් ඔහු ජනතා අපේක්ෂාවන් සජීවී කළේ ය. 

මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙන්නට මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පළ කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම ජයන්ත නිවේදනය කිරීමත් සමග ම ජනවාරි 08 විප්ලවයට උර දුන් පිරිස් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බැණ වදින්නට පටන් ගෙන තිබේ. එහෙත්, අපි නැවතත් අවධාරණය කරන්නේ අප අසුබවාදී නො විය යුතු බව හා ඉක්මණ් නො විය යුතු බවයි.

මහින්ද රාජපක්ෂ වැනි විලි ලැජ්ජා නැති, වංක, දුෂ්ට, අධම දේශපාලනඥයකු සමග කටයුතු කිරීම පහසු කාර්යයක් නො වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වය මේ මොහොතේ සිය උපායමාර්ග සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව පෙනේ. ඔහුගේ පාර්ශ්වයේ ප්‍රබල බලවේගයක් වන ජාතික හෙළ උරුමය සිය පක්ෂයේ නම එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙස හා එහි සංකේතය දියමන්තිය ලෙස ‍වෙනස් කර ගැනීම ගැන අපගේ අවධානය යොමු විය යුතු ය.

අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ නමින් ද පක්ෂයක නම වෙනස් වී ඇති බව වාර්තා වේ. එහි සංකේතය මල් පොහොට්ටුවයි. එම පක්ෂය පිටුපස මහින්ද රාජපක්ෂ සිටින බව ඇතැමෙක් පවසති. 

අවසානයේදී මෙම මහමැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය යන දෙකට ම තරග කරන්නට බැරි වන අන්දමේ අර්බුදයක් දැන් නිර්මානය වෙමින් තිබේ. නිම යෝජනා සම්බන්ධයෙන් එකඟතාවකට එන්නට මෙම පක්ෂවල, සන්ධානවල නායකයන්ට බැරි වී තිබේ. මේ අතර, මෙම පක්ෂවලට එරෙහිව නීතිමය ක්‍රයාමාර්ග ගැනීමේ ඉඩක් ද දක්නට ලැබේ. පක්ෂ නායකයන් විසින් විකල්ප පක්ෂ හදාගෙන තිබෙන්නේ ඒ නිසා ය. 

අවසානයේදී සිදු විය යුතුව තිබෙන්නේ රාජපක්ෂ බලවේගය වෙන ම තරග කිරීමයි. එවිට ඔවුන් තීරණාත්මක ලෙස පරාජය කිරීමේ වගකීමට පුරවැසි බලවේගවලට මුහුණ දෙන්නට හැකියාව තිබේ. 

බලවේග වෙන් වෙන් වශයෙන් තරග කරන සංදර්භයක් තුළ පුරවැසි බලවේගවලට වැඩ කරන්නට සිදු වන්නේ කාව හෝ දිනවන්නට නොව, මේ ජාතිවාදී, දුෂ්ට බලවේගය පරදවන්නට ය. 

ශ්‍රීලනිපයට අනාගතයක් ඇත්තේ රාජපක්ෂ ක්‍රමයෙන් හා එහි නියාමක බලවේග වන ‍‍මේ සොර මුලෙන් ගැලවුණොත් පමණි. ඒ වෙනුවෙන් කැප කිරීම් කරන්නට සිදු වන එක වැළැක්විය නො හැකි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මහින්දයා ආයේ ඇවිත් පුකට පයින් ඇනලා ඇදෙන් බිමට දාන කම් සිහින දැක දැක හිටපන්!!!!!!!!

    ReplyDelete
  2. පැරා,

    මහින්ද කියන්නේ ජාතිවාදියෙක් නෙමෙයි නමුත් නොම්මර එකේ අවස්ථාවාදියෙක්.
    මෙම ක්‍රමය යටතේ මන්ත්‍රී කෙනෙකු වීමට ලක්ෂ 900 පමණ යොදවා
    වසර 6 තුල ලක්ෂ 65 පමණ හම්බ හිරිමට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කුමටද ?

    මහ ජනයා තේරුම් ගත යුත්තේ පුද්ගලිකව අපි එහෙම කැපකිරීමක් කරන්න සුදානම් ද ?
    කියල මම පැරා ගැන දන්නේ නෑ නමුත් මමනම් එවැනි කැපකිරීමකට සුදානම් නෑ

    ජනතාව දැනගතයුතුයි කොපමණ මුදලක් තම ජනතා නියෝජිතයන්ට ගෙවියයුතුද ?
    පෙරලා මොන වගේ සේවයක් බලාපොරොත්තු වියයුතුද? යන්න.

    ReplyDelete
  3. You who suffer from inferiority complex have come again with your stale article! Those who were against bloody LTTE are racist fir you! Prabhakaran who killed innocent people was not a racist! Ranil and Arjuna who plundered central bank are not plunderers for your idiot and selfish brain! Your left mind kneel down before the USA and UK! You suffer from several complexes, poor man! Go in front of a mirror and see the enslaved naked ugly man in you! When LTTE was killing innocent civilians it was good for you! You are bipolar character! You suffer unnecessarily!

    ReplyDelete
    Replies
    1. You better visit a psychiatrist and an English teacher too.

      Delete
    2. Mr. Anonymous (July 6, 2015 at 6:33 PM) ----

      If the USA and/or the UK were to announce tomorrow that Sri Lankan passport holders could their countries without any visa, you would be the first to pack your bags and leave Sri Lanka for good.

      If China were to make such an announcement, you would disregard it.

      It is the likes of you who suffer from many incurable complexes.

      Delete
    3. Mr. Anonymous (July 6, 2015 at 6:33 PM) ----

      If the USA and/or the UK were to announce tomorrow that Sri Lankan passport holders could enter their countries without any visa, you would be the first to pack your bags and leave Sri Lanka for good.

      If China were to make such an announcement, you would totally disregard it.

      It is the likes of you who suffer from many incurable complexes.

      Delete
  4. I don't see any mistake in his English other than writing 'Idiot' in place of 'Idiotic', and writing 'left' in place of ' leftist' and missing just one 'a' before bipolar, those are quite neglegible...??

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා