මේ නිහඬබව බිඳින්න - තව මොනවහරි කියන්න

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු උණුසුම් විය යුතුව තිබුණු දේශපාලන අවකාශය අධි ශීතකරණයක ගිල්වූ කලක මෙන් ගල් ගැසී ඇත. එක්සත් ජාතික පක්ෂය සන්සුන් හා ස්ථිරසාර ලෙස සිය ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කර තිබේ. තවම නම් මහමැතිවරණය එක් අස්සයකු පමණක් දුවන රේස් එකක් වැනි ය. පසුව එකතු වන අස්සයන්ට අල්ලන්නට අමාරු පරතරයක් එජාපය විසින් නිර්මානය කරමින් තිබෙන බව පෙනේ.

මේ මොහොත ක්‍රිශාන්ත එරන්දකගේ ගීතයක කියැවෙන ‘මේ නිහඬබව බිඳින්න - තව මොනවහරි කියන්නවැනි අවස්ථාවක් වී තිබේ. ඒ නිහඬ මොහොත දිග්ගැසෙමින් තිබේ. මහමැතිවරණයේදී ශ්‍රීලනිපයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට කුමක් සිදු වේ ද යන්න මේ ලියන මොහොත වන විටත් කිසිවෙකුට හෝ පුරෝකථනය කිරීම දුෂ්කර වී තිබේ. ඇතැම් විට මෙම ලිපිය පළ වන විට වඩා පැහැදිලි තත්වයක් නිර්මානය වී තිබෙන්නට පුළුවන.

මෙහිදී වැදගත් ම සාධකය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු ශ්‍රීලනිපයේ මූලිකත්වයෙන් යුත් සන්ධානයක් පමණි. ඉතිහාසය පුරා ම සමගි පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, එජනිස වැනි සන්ධාන නිර්මානය වී තිබෙන අතර ඒවා ඉක්මණින් කල් ඉකුත් වී තිබේ. එජනිස ද එවැනි කල් ඉකුත් වෙමින් තිබෙන සන්ධානයක් බව පැහැදිලි ය. එය බිහි වූයේ 2004දී ශ්‍රීලනිපය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ඓතිහාසික සන්ධානය වෙනුවෙනි. ඉන් පසු මහින්ද රාජපක්ෂ විසින් තම පවුල් බලය ශක්තිමත් කර ගැනීම සඳහා දේශපාලකයන් බිලී බා ගැනීමේ කෙමන බවට පත් කර ගත්තේ එජනිසයි. දැන් ජවිපෙත්, මහින්ද රාජපක්ෂත් යන දෙදෙනා ම ශ්‍රීලනිපයේ ප්‍රබල නිල හවුල්කරුවෝ නොවෙති. එහෙයින් එජනිස ද දැන් එක්ස්පයර් වූ සන්ධානයකි.

එහෙත්, මහින්ද රාජපක්ෂට, සිය පවුලට සහ ඔහුගේ චෞර ඇමති මණ්ඩලයේ හිටපු සාමාජිකයන්ට පැවැතිම තහවුරු කර ගැනීම සඳහා එජනිසය ප්‍රාණනාලයක් වී තිබේ. මොවුන් අතරින් ඇතැමෙක් නිල වශයෙන් ශ්‍රීලනිපයේ සාමාජිකයන් ද වන බැවින් ඔවුන්ට ශ්‍රීලනිපයට ද දැඩි බලපෑමක් කිරීමේ හැකියාව තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට තේරී පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයකු ලෙස නො වන නිසා ඔහු පක්ෂ සභාපතිත්වයට පත් වීම නීත්‍යානුකූල නොවේ ය යන තර්කයක් දැන් මතු වෙමින් තිබේ. මෙම තර්කය පදනම් කරගෙන ශ්‍රීලනිපයට එරෙහිව මැතිවරණ වාරණයක් ලබා ගැනීමේ උත්සාහයක් ද මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රීලනිපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතට පත් වීම ජනවාරි 08දා ජයග්‍රහණය ඉදිරියට ගෙන යාමේදී වැදගත් සාධකයකි. ඒ අනුව, ශ්‍රීලනිපය දූෂිතයන්ගෙන් ගලවාගෙන යහපාලන ප්‍රතිපත්ති අනුකූලව ඉදිරියට ගෙන යාම සඳහා නායකත්වය දීමේ යුක්තියුක්ත වගකීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ නායකයා ලෙස පැවරී තිබේ. එහෙත්, එය අතිශය දුෂ්කර කර්තව්‍යයකි.

ශ්‍රීලනිපය මේ වන විට තේරුම් ගත නො හැකි දුෂ්කර බන්ධනයක් බවට පත් වී තිබේ. පහසුවෙන් ලිහා ගත නො හැකි අවුල්ජාලයක් බවට පත් වී තිබේ. එවැනි තත්වයක් හමුවේ පක්ෂයට නායකත්වය දීම යනු නායකත්ව පෞරුෂය පිරික්සන ලිට්මස් පරීක්ෂාවක් වැනි ය. මෙතරම් සංකීර්ණ අභියෝගයකට ශ්‍රීලනිප නායකත්වය ඉතිහාසයේදී මුහුණ දුන්නා නම් මුහුණ දෙන්නට ඇත්තේ 1959දී බණ්ඩාරනායක ඝාතනයෙන් පසුවයි.

බණ්ඩාරනායක මහතා 1956දී බලයට පත් වුණේ මහජන එක්සත් පෙරමුණෙ නම් සන්ධානයකිනි. පසුව එහි නිල හිමිකරුවා බවට පත් වුණේ පිලිප් ගුණවර්ධනයි. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු අගමැති පදවියට පත් වු විජයානන්ද දහනායක 1960 මාර්තු මැතිවරණ තරග කළේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නම් වූ අලුත් පක්ෂයකිනි. ඔහුට සිය ගාල්ල අසුනත් අහිමි විය. 1960 මහමැතිවරණයට ශ්‍රීලනිපය තරග කළේ සී.පී. ද සිල්වාගේ නායකත්වයෙනි. 1960 ජුලි මැතිවරණයට ශ්‍රීලනිපය තරග කළේ සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වයෙනි. එදා ද සමසමාජ පක්ෂය ශ්‍රීලනිපය සමග සන්ධානයකට එක් වී ඇමතිකම් ලබා ගැනීම සඳහා විවිධ උත්සාහ දැරුවේ ය.

අද තත්වය එදාට වඩා බෙහෙවින් සංකීර්ණ ය.

වත්මන් ශ්‍රීලනිප නායකයා වන මෛත්‍රීපාල සිරිසේන යනු පසුගිය ජනාධිපතිවරණයේදී එවකට නායකත්වයේ සිටි මහින්ද රාජපක්ෂට එරෙහිව තරග කළ පුද්ගලයෙකි. ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේදී කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන පැරදවීමටයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂ පිරිස් විකල්ප ශ්‍රීලනිපයක් නිර්මානය කරන්නට උත්සාහ කරද්දී පක්ෂය භේද නො කර, නායකත්වය මෛත්‍රීපාලට දී යන්නැයි පක්ෂ නිලධාරීහු ඔහුට බල කළ හ. වර්තමානයේ ශ්‍රීලනිපයේ ලේකම්, එජනිස ලේකම් හා විපක්ෂ නායක වන්නේ එසේ බලය රැක ගත් පිරිසකි. ඔවුන්ගේ පක්ෂපාතිත්වය බල හුළං හමන දිශාව අනුව තීරණය වන බවක් දක්නට ලැබේ. ජනාධිපතිවරයාට ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමේ හැකියාවක් නැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ හා තම පවුලේ පැවැත්ම රැක ගැනීම පිණිස දැඩි අරගලයක යෙදී සිටියි. ඔහුගේ මූලික උවමනාව වන්නේ තමන්ටත්, තම පවුලටත් දූෂණ චෝදනා මත දණ්ඩනයට ලක් වන්නට සිදු වීම වළක්වා ගැනීමයි. ඒ වෙනුවෙන් එක්කෝ ආණ්ඩුව සමග සම්මුතියකට යන්නට හෝ නැතිනම් යළි බලය ලබා ගන්නට හෝ ඔහුට සිදු වී තිබේ. ඔහු මුහුණ දෙන අවදානම වැනි ම වූ අවදානමකට මුහුණ දී සිටින තවත් පිරිසක් ඔහුගෙන් රැකවරණය පතති. එසේම, ඔහුගේ පාලන ක්‍රමය තුළ සමාජය පුරා පතුරුවා හරින ලද දූෂණයෙන් ඵල නෙළා ගත් සුවිසල් සමාජ තීරුවකට ඔහු දේශපාලනයෙන් විතැන් වීම දරා ගත නො හැකිව තිබේ. ඔවුහු ඔහු පසුපස යමින් ඔහු නැවත දේශපාලනය වෙත කැඳවා ගැනීමට උත්සාහ කරති. ඔහු ඉන්නේ ගෙදර ගියොත් අඹු නසී - මග හිටියොත් තෝ නසී වැනි තත්වයක ය.

මෙම සංදර්භය තුළ ශ්‍රීලනිපයේ හා එජනිසයේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ඉතා බලවත් ය. පක්ෂ නායකයා ලෙස ඔවුන්ට සවන් නො දී කටයුතු කිරීමේ හැකියාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නැත.
මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයේදී උපකාර කිරීමේ භයානක අභියෝගය භාර ගත් පිරිසක් ශ්‍රීලනිපයේ හා ඉන් පිටත සිටිති. මහින්ද රාජපක්ෂට හා ඔහුගේ දූෂිත අනුගාමිකයන්ට නාමයෝජනා දෙනවාට පවා ඔවුහු දැඩි ලෙස විරුද්ධ ය. මේ අතර ජනවාරි 08 විප්ලවයට සහයෝගය දුන් පුරවැසි බලවේග වෙනසේ අරමුණු ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කරති.

ජනමාධ්‍ය හැසිරෙන ආකාරය අර්බුදය තවදුරටත් උත්සන්න කරයි. විශේෂයෙන් ම, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වෙනුවෙන් තරග වැදී සිටින අන්තර්ජාල මාධ්‍ය හා සමාජ මාධ්‍ය හැසිරෙන ආකාරය හේතු කරගෙන තත්වය තීව්‍ර වී තිබේ. ජනමාධ්‍ය විසින් විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් ප්‍රබන්ධ කරනු ලබන ප්‍රවෘත්ති හේතුවෙන් ජනාධිපතිවරයා ජනවාරි 08 වෙනසේ අරමුණු පාවා දී තිබේ යන චිත්‍රය නිර්මානය වී තිබේ.

මේ අතර ජනාධිපතිවරයා මුහුණ දෙන ගැටලුව වන්නේ, තමන් විසින් ගනු ලබන පියවර හේතුවෙන් පක්ෂය හා සන්ධානය බිඳ දැමීමේ වගකීම තමන් වෙත පැටවේ ද යන්නයි. කඩාගෙන යාමේ පළමු පියවර තැබීම මහින්ද රාජපක්ෂ පාර්ශ්වය වෙත ම පැවරීමට ඔහු උත්සාහ කරයි.

දැන් දැඩි කොන්දේසි සහිතව මහින්ද රාජපක්ෂට නාමයෝජනා පිරිනමන්නටත්, ඔහුගේ දූෂිත ම අනුගාමිකයන් ඇතුළු තවත් පිරිසකට නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නටත් ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව වාර්තා වේ. ඔහු විසින් ඉදිරිපත් කර තිබෙන කොන්දේසි අනුව මහින්ද රාජපක්ෂට තරග කළ හැක්කේ ශ්‍රීලනිප නො වන, සාමාන්‍ය අපේක්ෂකයකු ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පමණි. අගමැති අපේක්ෂකත්වයක් තබා දිස්ත්‍රික් නායකත්වයක්වත් ඔහුට නො ලැබෙනු ඇත. එපමණක් නොව, ජයග්‍රහණය කළ ද, ඔහුට එරෙහිව අධිකරණය හමුවේ දූෂණ චෝදනා එල්ල වූ විට ඉල්ලා අස් වීමට ඔහු කැමති විය යුතු ය.

මේ පල නො කියා පලා බෙදීම හමුවේ මහින්ද රාජපක්ෂ සිය දූෂිත අනුගාමිකයන් සමග වෙන ම තරග කළ යුතුව තිබේ. ඔහු සමග කීදෙනෙකු සන්ධානයෙන් හා ශ්‍රීලනිපයෙන් කැඩී යනවා ද යන්න දැන ගැනීම රසවත් පුවතක් වනු ඇත.

අවසානයේදී රටේ යහපත වෙනුවෙන් සිදු විය යුතුව තිබෙන්නේ ශ්‍රීලනිපය දූෂිත රාජපක්ෂ ක්‍රමයෙන් ගැලවීමයි. ඒ වෙනුවෙන් ලොකු මිළක් ගෙවන්නට සිදු වනු ඇති බව නියත ය. එහෙත්, ශ්‍රීලනිපයට අනාගතයට ගැලපෙන නවීන සමාජ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයක් බවට පත් වන්නට නම් මේ මිළ ගෙවන්නට සිදු වනු ඇත. ඉදිරි මහමැතිවරණයේදී පරාජය වීම එසේ ගෙවන මිළෙන් කොටසක් වන මුත්, පක්ෂය පිරිසිදු කර ගැනීම අනාගත ප්‍රාග්ධනයකි.

රාජපක්ෂ අනුගාමිකයන් ශ්‍රීලනිපයේ වෙන් කර ගත හැකි නම් එය ඉතා වැදගත් ය. ඔවුන් තනි කර ගත් විට ඔවුන්ට තීරණාත්මක පරාජයක් අත් කර දීම සඳහා වැඩ කිරීම ප්‍රගතිශීලී සමාජ බලවේගවලට පහසු වේ. දැනටමත් ඔවුන් පරාජයට පත් වී හමාර ය. මහින්ද රාජපක්ෂ ඡන්දයට එන එක මේ මොහොත වන විටත් අවිනිශ්චිත ය. ඔහුගේ පන්සල් යාම්, මහින්ද සමග නැගිටීමේ රැළි පමණක් නොව ඩලස් අලහප්පෙරුමලා නිකාඩෝ රස පැනවලට සමාන කරන මාධ්‍ය සාකච්ඡා පවා අවලංගු කර තිබේ. අභයාරාම කල්ලිය පොහොය නැතුවත් සිල් ගත් බඳු ය. රාජපක්ෂ ක්‍රමය මේ වේගයෙන් ම අවසානය කරා ළඟා වේවා යි ප්‍රගතිශීලී බලවේග ප්‍රාර්ථනා කරති.

(පසුගිය බදාදා දින සත්හඬ පුවත්පත වෙනුවෙන් ලියන ලද්දකි. පළ වී ඇද්දැයි නො දනිමි. තත්වය තවමත් ලොකු වෙනසක් වී ඇතැයි නො සිතමි.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ශ්‍රීලනිපයට අනාගතයට ගැලපෙන නවීන සමාජ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයක් බවට පත් වන්නට නම් මේ මිළ ගෙවන්නට සිදු වනු ඇත. ඉදිරි මහමැතිවරණයේදී පරාජය වීම එසේ ගෙවන මිළෙන් කොටසක් වන මුත්, පක්ෂය පිරිසිදු කර ගැනීම අනාගත ප්‍රාග්ධනයකි. This has not been published. I have read it for the first time. Your sympathy towards MY3 is surprising. He has proven his weakness to govern a country. HIs IQ is not even enough to be a government AGA. Luck, opportunism, and humble servility to his leaders brought him this far. He is a coward. That's what MR has been capitalizing. He seemed stable and at least pretend to be stable with robbers and murders and his acolytes. We lived in a country which was corrupt and ill governed. You use the word 'freeze'. In fact, in this sense, this honest, lazy fool is deep freezer. He is not the man we need to run the country for another six years. You must say this too.

    ReplyDelete
  2. unp eka dinanawaa janadipathiwarane iwara wechcha gamanma chande thibba nam ehenam sandaneta mahindalata epath na namuth e rella den na, sandane udinma dinanawaa my3 ta hambechcha pawena chanda shaa micro group wala chanda newathath sandaneta, my3 mahinda baleta enawata aka methi unath sandane peradilaa unp ekka andu karanna kemathi kiyala hithanawa nam eka wihiluwak, me gena my3 ektharaa awasthawaka kiyalaa thibba janadipathiwaranaya samaga maha chande thibba nam unp ekata wasi wena nisaa thamai edalaa edalaa chandeta awe, ada thiyenne paksha kendriya deshapalanayak neme pudgala kendriya desha palanayak lankawe smaje anuwa e pudgalayange smaja wirodi kriyakara kam walangu wenne na deshapalaneta ekata mahinda wisinma heda gassapu akarekuth thiyenawa ithin eth samaga unp ekata bale labaa genima miriguwak

    ReplyDelete
  3. දෙදාස් ගණන් වල මුලභාගයේ දවසක හම්බන්තොට දිස්ත්‍රික් මායිමේ පිහිටි නගරයකදී සති අන්ත සන්ධ්‍යාවක අපි සෙට් වීමු.මීවිත සහ දඩමස් බයිට් සමග දේශපාලන කතා බහ මෙවැනි සාද වලට ලුණු ඇඹුල සැපයීය.නිමල් අයියා අපේ ගැන්සියේ අනිවාර්ය මෙම්බරයෙකි.අසූ ගණන්වල භීෂණ සමයේ රුහණු සරසවි සිසුවෙක් වූ ඔහු ශිෂ්‍ය දේශපාලනයේ යෙදීම නිසා ආණ්ඩුවේ හමුදාවේ ඉලක්කයක් වී පණ බේරා ගැනීමට එවක හම්බන්තොට විපක්ෂ මන්ත්‍රී කෙනෙකු වූ මහින්ද රාජපක්ෂගේ පිහිට පැතුවෙකි.මහින්ද මෙවැනි බොහෝ දෙනෙකුට තමුන්ගේ කාල්ටන් නිවසේ රැකවරණය දුන්නේය.හිලවු වශයෙන් ඒ බොහෝ දෙනෙකුට මහින්දගේ දේශපාලන වැඩ කටයුතු සමග සමීපව සම්බන්ද වන්නට සිදුවිය.ඒ නිසාම අප කථානායක නිමල් අයියාද මහින්දගේ හතර මායිම හොඳින් දැන උන්නේය.අයෙත් අපේ සන්ධ්‍යා සාදයට....ඒ ජනපතිනි චන්ද්‍රිකා මහින්දට පල නොකියා පලා බෙදන යුගයයි.අද වගේම එදාත් දකුණේ තැන තැන මහින්ද අගමැති කල යුතු යැයි කෑ ගසද්දී මහින්ද හොර ගල් අහුලමින් උන්නේය.නිමල් අයියෙ බොලාගෙ ලොක්කට මක්ක වෙයිද? එකෙක් කතාබහට මුල පිරුවේය.මෙච්චරයි මල්ලි අපේ ලොක්ක ෆේස් ටු ෆේස් ෆයිට් කරන් නෑනෙ. යටිං ගේම තමයි ලොක්කයි තියරිය..ඒ වගේ අංකූරෙක් මුළු පාර්ලිමේන්තුවේම නැතුව ඇති.බලං ඉඳහන් ලොක්ක කල් මර මර ගේමක් ගහයි.හැබැයි චන්ද්‍රිකා නෝන ලොක්කට අගමැති කම දුන්නොත් නෝන චකබ්ලාස්ට්! ඒ විතරක් නෙමෙයි බලේ ගත්තොත් මොන දහං ගැටයක් හරි දාල මැරෙනකං අතරින්නෙත් නෑ....පහුගිය ජනවාරි 8 නිමල් අයියා අවුරුදු දහ පාලොවකට කලින් කියූ දේ මතක් වී සිනා පහල විය.අනේ උඹයි උඹේ ලොක්කයි...දැන් නිමල් අයියා කොහේ ඉන්නවාදැයි මම නොදනිමි...ඒත් නිමල් අයියේ හිනා උනාට සමාවෙයන්.උඹ හරි බව උඹේ ලොක්කා නැවතත් ඔප්පු කරමින් සිටී

    ReplyDelete
    Replies
    1. 88-89 භීෂණයෙන් උපරිම පල නෙලාගත් කෙනා මහින්ද, තරුණයෝ වෙනුවෙන් පෙනී ඉදල කෙඩ්ට් එක ගන්න අතරම, අනාගතයේ තර්ජනයක් වෙන්න පුළුවන් අයට ගස්සවල දැම්ම. තමුන්ගෙම මමාටත් ගැස්සවල දැම්මලුනේ.

      Delete
  4. පැරා ඔයා ගැන පව්........... කියල හිතෙනවා. එදා ඔබ මෛත්‍රි ගැන කියූ බයිලා අද ඔහුගේ භාවිතාව විසින් නිශේධනය වී ඇත. අද ඔබ එජාපය ගැන ගහන බයිලා වලටද අනාගතයේ එයම වනු ඇත. කොහොම වුණත් ඔබට ලියන්නට දේ නම් නැති නොවනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අර මරාගේ බෙට්ට උනත් සුවඳයි කියන හම්බ මොට්ටයෝ වගේ ඉන්න එවුන් විතරයි හොඳ. හරි දේ හරි වැරදි දේ වැරදි කියන එක තමුසෙලාට තේරෙන්නේ නෑ. තමුසෙලා දන්නේ මරාගේ බෙට්ට රසවිදින්න විතරයි.

      Delete
  5. මේ නිහඬබව බිඳින්න - තව මොනවහරි කරන්න

    ReplyDelete
  6. හැම වමෙක්ම සමාජවාදයෙන් පටන් අරන් නතර වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙනි.

    ප.ලි

    දැන් ටික කාලෙක ඉදින් පැරා ලියන ඒවා කියවන්නේ කට තද කරන්, ෂොපින් බෑග්‍ එකක් එහෙම ළඟ තියා ගෙන. බැරි වෙලාවත් වමෙනේ ගියොත් ලැපත් ඉවරයි

    ReplyDelete
  7. meke HEDAMATA issarahin HUTHTHO kiyala dammanam maru

    ReplyDelete
  8. You never see Ranil, Arjuna and Ravi as most corrupted politicians in SL ? The largest theft in Sri Lanka history is the central bank plunder! You are very silent and it is clear that some plunderers are preferred by you!your friends steal country no problem! SATHOSA is already being privatized! Have you seen what has happened to Colombo city? No interest! This is hypocrricy! See your face in a mirror!

    ReplyDelete
  9. Mahinda paraajaya kala minissu wenas welaa netha.
    Prof Sarath Wijesuriya

    ReplyDelete
  10. ලංකාවට ප්‍රධාන දේසපාලන පක්ෂ තුනක් අවස්ය නැහැ.එක්සත් ජාතික පක්ෂයයි,ජනතා විමුක්ති පෙරමුනයි,තිබුනම හොඳටම ඇති.ඉදිරි චන්දෙදි,මේ තත්වයට ගොඩක් ගැලපෙන ප්‍රතිපලයක් ලැබෙයි.

    ReplyDelete
  11. If MR becomes an MP (he will), he will be elected as the leader of the SLFP & UPFA Parliamentarians, Then, it is a matter of the SLFP Central Committee deciding to appoint him as the President of S.L.F.P. MS can not challenge it, as he was not elected as President of S.L., as a candidate of S.L.F.P. / UPFA. Then, MR will be the leader of UPFA, by defualt. If the UPFA gets the second highest no. of Seats, he will be the Leader of the Opposition, too.(which may be unlikely if JVP & TULF joins together & put forward their candidate). Even if MR does not be the Leader of the Opposition, he will be the Leader of UPFA.

    If MS holds on to the post of President of SLFP / UPFA, he will be thrown - out of SLFP, with humiliation. SLFPERS too will rejoice saying, this is the sweet revenge for betraying their Party at the Presidential Election.

    People who voted for MS will say that, it is dittadamma vedaneeya karma for MS, for destroying the only hope the people, specially the Youth of the Nation, created by themselves, with many sacrifices.

    MS forgot that, what is popular is not always right & to stand for what is right at any cost, which people did. He failed to think as the President of the Country, for which he should never be excused.

    If MR used his absolute power for worst, people would have never gone against a man who used some of those absolute power for good of the Nation.

    If he is a matured politician & a leader, with some brains & back born to stand against MR & his Mafia, as soon as he was appointed as the President of SLFP, he should have asked the officials & Members of the Central Committee to resign. Then, he should have appointed Members who are favorable to him, specially for the Post Of Secretary. Then, dissolve the UPFA & form a new UPFA with a Secretary favorable to him. This would have given him the control of SLFP & UPFA. What a weak man to be the President of a Country. Now, he can preach all excuses, thinking the people are bloody fools, but the result is the biggest insult to humanity.

    How can this MS eradicate Drugs, which is an international Mafia, with such weakness, when MS could not even face the MR & Mafia, with the right strategy. It is just a propaganda to cover-up his defeat in the hands of MR & Mafia.

    The result will be creating RW Mafia & MS will be just a spectator, saying : Yes, Sir.

    We, the poor & average People of S.L., will be the sufferers for ever. The youth of this Country will never believe that, the Ballet could bring them change.

    What a betrayal !!!!!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා