දයා රාජපක්ෂගේ ජීවිත පින්සල නිසල වෙයි
ඉරිදා ලංකාදීපයේ කියවීමට ඇති වැදගත් දේ අතළොස්ස අතරින් මගේ අවධානය අනිවාර්යයෙන් ම දිනා ගන්නා දෙයක් වන්නේ දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවයි.
දයා රාජපක්ෂ යනු අති දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. චිත්‍ර කතා ශිල්පීන් වැඩි වැඩියෙන් ස්වාභාවික ස්වරූපී චිත්‍ර ඇඳීමට යොමු වෙද්දී දයා රාජපක්ෂ සිය චිත්‍ර ශෛලිය අඛණ්ඩව පවත්වාගෙන ගියේ ය. එම චිත්‍රවල තිබුණේ මතුපිට ලස්සනක් නො වේ. ගැඹුරු සුන්දරත්වයකි. වේගවත් රේඛා හා අවිධිමත් හැඩතල ඔස්සේ ඔහු ප්‍රබල ප්‍රකාශනයක යෙදුණේ ය.
මා දන්නා තරමින් එක් නවකතාවක්වත් ලියා නැතිමුත් දයා රාජපක්ෂ යනු ලංකාවේ අති විශිෂ්ට කතාකරුවෙකි. ඔහුගේ කතා තරමක් භාවාතිශ ය. ඒවායේ සිටි ඇතැම් වීරයෝ හා දුෂ්ටයෝ පැතලි චරිත වූ හ. එහෙත්, ඒ චරිත ගොඩනැගීම් අතිශය විචිත්‍ර ය. සක්විති සුවයේ බකට් හැරී, පියහසරේ එලියස් වැනි අය අමරණීය චරිත ය.
ඔහුගේ කතා බොහෝ විට නරක පරදවා හොඳ දිනන, අවසානයේදී කාට, කාටත් සත්‍යාවබෝධය ලැබෙන, වීර චරිතවලින් යුත් කතා ය.
ඔහුගේ පරිකල්පිත ලෝකය අපූරු එකක් විය. හුලවාලි, රක්තා, ආදරණීය කොමා වැනි කතා මට මතක ඇති එවැනි කතා කීපයක් පමණි. ඒ ඔස්සේ ඔහු අමුතු ම ලෝක නිර්මානය කළේ ය.
කාන්තාව දෙස ඔහු බැලූ දෘෂ්ටිය ප්‍රගතිශීලී එකකි. ලංකාදීපයේ මෑත දශකයක කාලයක් තුළ පළ වූ, නම් මතක නැති ඔහුගේ චිත්‍රකතාවල දරුවන්, සැමියන් වෙනුවෙන් දුක් විඳින, බැල මෙහෙ කරන, සිරුර විකුණන, පීඩිත කාන්තාවන් රැසක් ඔහුගේ විෂය පථයට හසු වූ හ.
මේ දිනවල ඔහු ඉරිදා ලංකාදීපයට අඳිමින් සිටින කතාවට විෂය වන්නේ වැඩිහිටි ජීවිතයේ හුදකලාව හා අසරණකමයි. එවන් අසරණකමක් දැනෙන්නට පෙර, වැඩ කරමින් සිටියදී ම ඔහු අවසන් ගමන් ගියේ ය.
ඒ කතාවට කලින් අඳින ලද චිත්‍රකතාවේ සිටි මහළු චිත්‍රපට තිර කතා රචකයා තුළින් ද ඔහු වැඩිහිටි කලාකරුවන්ගේ ජීවිතය ගැන කතා කළේ ය.
ඔහුගේ චිත්‍රකතා රැසක් චිත්‍රපට බවට පත් විය. එසේ වන්නට ඇත්තේ ඔහු ගොඩනැගූ රූප භාෂාවේ ප්‍රබලකම නිසා වන්නට ඇත.
පුවත්පත් චිත්‍ර කතා කලාවේ සීමා හේතුවෙන් ඔහුගේ නිර්මාණශීලිත්වය මොට වූ බව මගේ අදහසයි. චිත්‍ර කතා පත්තරවලට අඳිනවා මිසක් ඇස්ටෙරික්ස් හෝ ටිංටිං සේ පොත් වශයෙන් පළ කරන ක්‍රමයක් ලංකාවේ නැති වීම එයට හේතුවක් විය. මේ සීමා හේතුවෙන් චිත්‍රකතා කලාව උසස් කලාවක් ලෙස ගොඩනැගුණේ නැත.
එහෙත්, විවිධ සමාජ ස්ථර ස්පර්ශ කරමින් චිත්‍ර කතා නිර්මානය කළ ඔහු සැබෑ ජනතා කලාකරුවෙකි.
මේ අසම්පූර්ණ සටහනට දයා රාජපක්ෂ පිළිබඳ ඔබගේ මතකයන් එක් කරමින් පෝෂණය කර ඒ අසහාය කලාකරුවාට අපේ ආචාරය පුදමු!
දයා රාජපක්ෂ සමග කළ සම්මුඛ සාකච්ඡාවක් මෙතැනින් කියවන්න.
ඔහුගේ චිත්‍රකතාවක් මෙතැනින් කියවිය හැකි ය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ඔහුට නිවන් සුව පතමු................
ReplyDeleteA Rajapakse who maintained dignity in life.
ReplyDeleteDaya Rajapaksha mahathata niwan suwa pathami. (Ranjan)

ReplyDeleteමෙවැනි අග්‍රගණ්‍ය කලාකරුවන් බිහිවන්නේ පරම්පරා ගණනකට එක්කෙනයි. අප පාසල් යන අවධියේ සිට ඔහුගේ නිර්මාණ තුළින් ලද රසය මෙන්ම දැනුමද අපමණයි.
ReplyDeleteඔහුට නිර්වාණ සම්පත්තිය අත්වේවා!