දේශපාලකයන් යට යන විට නිලධාරිවාදය උඩ එයි

නිලංග සමරසිංහ  
මෑත කාලයේදී රාජ්‍ය සේවයට දේශපාලන ඇඟිලිගැසීම් අවම වූ යුගය වන්නේ මෑත මාස කීපයයි. මධ්‍යම ආණ්ඩුවෙන් වෙනවාට වඩා තවමත් ඇඟිලි ගැසීම් වැඩි පළාත් සභාවලිනි. නිදසුනක් ලෙස මෙවරත් පාසල්වලට දරුවන් ඇතුළු කිරීමේදී පළාත් සභාවල බලය ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලකයෝ එම කටයුතුවලට ඇඟිලි ගැසූ හ. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලකයන් අත පෙවූ නැති තැනක් රාජ්‍ය සේවයේ නැත. අන්තිමේදී රාජ්‍ය නිලධාරීහු දේශපාලකයන්ගේ අණ ක්‍රියාත්මක කරන බැලයෝ පිරිසක් බවට පත් වූ හ. 

එහෙත්, ඒ පීඩනය මඳක් අඩු වූ කල සිදු වී තිබෙන්නේ කුමක් ද? 

දැන් දේශපාලක පීඩනය වෙනුවට නිලධාරිවාදයක් හිස ඔසවමින් තිබෙන බව දක්නට ලැබේ. 

අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට මුහුණ දෙන්නට සිදු වූ තර්ජනවලදී රජයේ නිලධාරීන් කටයුතු කළ ආකාරය මේ සඳහා කදිම නිදසුනකි. 

වෛද්‍යවරයකු ලෙස රාගම රෝහලේ සේවයේ යෙදී සිටි නිලංග නව රජය යටතේ මෙම තනතුරට පත් වූයේ ය. වෛද්‍යවරයකු ලෙස ලැබිය හැකි පෞද්ගලික ආදායම් කැප කර මෙවැනි තනතුරක් ඉල්ලා ගන්නට තමන්ට හේතු වුණේ මත්ද්‍රව්‍යවලට එරෙහිව සටන් කිරීමට තමන්ට ඇති උවමනාව බව ඔහු පවසයි. එහි කිසිදු වරදක් නැත. 

අනෙක් පැත්තෙන් ඔහු අත තබා තිබෙන්නේ ඉතා අනතුරුදායක කාර්යයකටයි. මත්පැන් හා මත්ද්‍රව්‍ය හා සම්බන්ධ දේශපාලකයන්ගේ ලැයිස්තුවක් සකසා ඇති බව ඔහු පසුගියදා ප්‍රසිද්ධ කළේ ය. එය ඉතා වැදගත් අධ්‍යයනයකි. 

ඉන් පසු නිලංගට යම් තර්ජනාත්මක සිද්ධි කීපයකට මුහුණ දෙන්නට සිදු වූ අතර, ඔහු රජයෙන් ආරක්ෂාව ඉල්ලා සිටියේ ය. එවැනි තනතුරක් හොබවන අයෙකුට ආරක්ෂාව ලබා දීම මහ ලොකු ප්‍රශ්නයක් විය යුතු නැත. එහෙත්, එය සිදු වූයේ අනතුරක් සිදු වන්නට ප්‍රමාණවත් කාලයක් පසු වී ය. 

හේතුව නිලධාරීවාදයයි. 


මේ පිළිබඳව මව්බිම පුවත්පත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් කේ.බී. තෙන්නකෝන්ගෙන් විමසූ විට ඔහු දෙන පිළිතුරු බලන්න.

• ලේකම්තුමනි, ඇයි මේ අන්තරායකර පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ ජීවිතයට තර්ජන ඇතිවී තියෙන්නේ?

මේ සභාපතිකමට පත්කරන්න හිටියේ මහාචාර්යවරයෙක්. මේ පුද්ගලයා දේශපාලන කඩේ ගිහින් මේ තනතුරට දාගත්තා. (පත් කිරීම සම්බන්ධ ගැටලු තිබේ නම් මේ නිලධාරියා ඒ සම්බන්ධයෙන් අදාල අංශවලට පැමිණිලි කරනවා විනා ජනමාධ්‍යවලට මෙවැනි ප්‍රකාශ කිරිමට ඔහුට අයිතියක් නැත. රජය විවේචනය කරන මෙම ප්‍රකාශයට එරෙහිව ඔහුට විනය පියවර ගත යුතු ය. - සංස්කාරක)

• මත්ද්‍රව්‍යවලට සම්බන්ධ දේශපාලනඥයන්ගේ ලැයිස්තුව එළිදක්වපු දා සිටයි මේ සභාපතිවරයාට මරණ තර්ජන ඇවිත් තියෙන්නේ. ඒ නිසා එයාට ආරක්ෂාව දෙන එක සාධාරණයි නේද?

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන හෙළිදරව් කරන්න පුවත්පත් සාකච්ඡා එයාට තියන්න බැහැ මගේ අවසරයක් නැතිව. එයාගෙ රාජකාරිය තමයි අන්තරායකර ඔෟෂධ පාලක මණ්ඩලය යටතේ තියෙන රාජකාරිය. අන්තරායකර ඔෟෂධ අත්අඩංගුවට ගන්න ඕනෑ මත්ද්‍රව්‍ය සැකකරුවන් ගැන මත්ද්‍රව්‍ය කාර්යාංශයට දැනුම් දෙන්න ඕනෑ. ආරක්ෂාව දීමට ක්‍රමවේදයක් තියෙනවා. එක් අයකුට ආරක්ෂාව දෙනවා නම් බුද්ධි අංශ තොරතුරු සොයලා තමයි ආරක්ෂාව දෙන්නේ. එක් වතාවකදී එයාගෙ ඉල්ලීම ගැන බුද්ධි අංශ කීවේ තර්ජනයක් දැනට නැහැ කියලයි. මම දෙවැනි වතාවටත් බුද්ධි අංශවලට දන්වා තියෙනවා ඒ ගැන සොයා බලන්න. ආරක්ෂක කොමිටිය තමයි ඒ ගැන තීරණය කරන්නේ.

• සභාපතිවරයාට පොලිස් ආරක්ෂාවක් නොදීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජයග්‍රහණයක් නෙවෙයිද?

ඒ සභාපතිවරයාට මුලින්ම මගෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය දත්ත රැස් කිරීමට අවශ්‍යයි කියලා තිබුණ. මම ඒකත් දුන්නා.

• මේ ප්‍රශ්න නොවිසඳෙන තැනට යන බවයි අපට පෙනෙන්නෙ?

මේ ළඟදි එයා මට ලියුමක් එවා තිබුණා එයාට ජීවිත අනතුරක් වුණොත් ඒ වගකීම මම භාරගත යුතුයි කියලා. ඒ විතරක් නෙවෙයි එහි පිටපත් තානාපති කාර්යාලවලටත් යවා තිබුණා. ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන අය ගැන කතා කරන්නවත් මම කැමැති නැහැ. පසුගිය සඳුදා ඔය ප්‍රශ්නය ගැන ජනාධිපති කාර්යාලයෙන් සහ තවත් පිටස්තර නිලධාරීන් අටදෙනෙක් ඔය ප්‍රශ්නය කතා කළා. ඔයා තමයි මුලින් කතා කළේ. මා ළඟ වැඩ කරන අයෙක් හැටියට අනුන්ට කියලා කියවන්නෙ නැතිව තමන්ගේ ප්‍රශ්නය මා ළඟ අඬලා හරි එයාට කියන්න තිබුණා. ආරක්ෂාව දෙන ක්‍රමවේදයක් තියෙනවා.

හේතුව නිලධාරීවාදයයි. ගම්පහ දිසා ලේකම් සුනිල් ජයලත් දෙන පිළිතුරු බලන්න. 

• අන්තරායකාරී ඔෟෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා ගිනි අවියක් ඉල්ලා ඔබට ඇයැදුම්පතක් එවා තිබෙනවා. ඒ ගැන කිසියම් පියවරක් ගෙන තිබේද?

ඒක පෞද්ගලික අයැදුම්පතක්. ඒ ගැන විමසන්න මාධ්‍යයට අයිතියක් නැහැ.

• අන්තරායකාරී ඔෟෂධ පාලන මණ්ඩලයේ සභාපතිවරයාට කුඩු ජාවාරම්කරුවන්ගෙන් සහ එයට සම්බන්ධ දේශපාළුවන්ගෙන් ජීවිත තර්ජන එල්ල වී තිබෙනවා. ඒ ගැන විමසූවිට එය තරහා ගන්න දෙයක් නෙවෙයි. රටට ජාතියට සේවය කරන රජයේ නිලධාරියකු රැකගැනීම ආරක්ෂා කිරීම මාධ්‍යයේ වගකීමක්. මාධ්‍යයට ඒ ගැන අහන්න අයිතියක් නැහැ කියලා ඔබ දුන් පිළිතුර මා තරයේ ප්‍රතික්ෂේප කරනවා.

මට තරහා ගන්න දෙයක් නැහැ. අපගෙන් ගිනි අවි ඉල්ලා විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගෙන් අයැදුම්පත් ලැබෙනවා. විවිධ අයගෙන් මහෙස්ත්‍රාත්වරුන්ගෙන්, දේශපාලනඥයන්ගෙන් අපි ඒ සඳහා නිර්දේශ කරන කොට සියුම් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඉල්ලන අන්දමට ගිනිඅවි සමාජගත කරන්න අපි සූදානම් නැහැ. ඔය පුද්ගලයා පසුගියදා මට දිසාපති සමුළුවකදී හමුවුණා. එතැනදිවත් කිසිදෙයක් කීවේ නැහැ. ඉල්ලුම්පත එවා තිබුණෙත් නිලධාරියකු අතෙයි. අනුන් අත එවන අයැදුම්පත්වලට අස්සන් කරන්න මම සූදානම් නැහැ.

• රටට විපත්තිකර කුඩු, එතනෝල් ජාවාරම ගැන හෙළිදරව් කළ රජයේ නිලධාරියකුට එල්ලවන ජීවිත අවදානම ගැන කතා කරන්න ඒ ගැන සොයන්න මාධ්‍යයට අයිතියක් තියෙනවා.
ඇත්තටම අයිතියක් නැහැ. ඒ නිලධාරියා මා සමඟ කතා නොකර ඔයා ඒ ගැන කතා කරන්නේ ඇයි. එයාගෙ නෝනා ඉන්නවා එයාගෙ දරුවෝ ඉන්නවා. මාධ්‍යවේදීන්ට තොරතුරු දෙන්න ඕනෑ. නමුත් මේක පෞද්ගලික අයැදුම්පතක්. ඒ නිලධාරියා තවමත් මා සමඟ දුරකතනයෙන් කතාකර නැහැ. එහෙම තොරතුරු දෙනවා නම් බුද්ධි අංශවලින් තොරතුරු දෙනවා.

මෙම නිලධාරීන් විසින් කළ යුතුව තිබුණේ තම සහෝදර නිලධාරියාට ආරක්ෂාව සැපයීමයි. ඒ වෙනුවට මෙහි දක්නට ලැබෙන්නේ වෘත්තීය ඊර්ෂ්‍යාව, කුහකකම හා ඉහවහා ගිය නිලධාරිවාදයයි. 

මේ නිලධාරීන් වනාහි පසුගිය කාලයේ දේශපාලනයෙන් රාජ්‍ය සේවයට ආ ගෝඨාභය රාජපක්ෂලාගේ සිට පළාත් පාලන මන්ත්‍රී දක්වා හෙංචයියන් ඉදිරියේ වලිගය දෙපරැන්දේ ගසාගෙන දත් මදින්නට හා කන්නට පමණක් කට ඇරිය පිරිසක් බව නො දන්නේ කවුරු ද? 

දැන් බුරන්නට විලිස්සන්නේ ඒ කාලේ හක්කේ හංගාගෙන හිටි දත් ය. 

නිලධාරිවාදයට හිස ඔසවන්නට දුන්නොත් දේශපාලකයන් නැවතත් බලවත් වනවා ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඇත්ත. දේශපාලකයින් බලය අතට ගැනීමට සමාවට කාරණයක් ලෙස මුලසිටම යොදාගත්තේ නිලධාරිවාදය. දේශපාලකයින්ට වගේම නිලධාරීන්ටත් බලය ලැබෙන්නේ මහජනතාවගෙන් කියන එක අමතක කරන්න ඒ දෙගොල්ලන්ටම හේතු තිබුණත් මහජනතාවත් ඒක අමතක කර නිකම් බලාගෙන සිටීම තුළයි මේක වුණේ.

    ReplyDelete
    Replies
    1. එළැඹෙන මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුට අගමැති වීමේ හැකියාවක් නැතැයි ප්‍රවීණ ජෝතිර්වේදී නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා කියයි.

      පසුගිය ජනපතිවරණයේ දී හිටපු ජනපති පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවත් කී ජෝතිර්වේදීන් අතර ඔහු ද කෙනකි.

      2010 ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා පරාජය වන බව කී පී ඩී පෙරේරා මහතා ඉන් අනතුරුව නඩු විභාගය පැවති සමයේ ඔහුට හිරේ විලංගුවේ වැටීමට සිදු වන බවත්, ඉන් පසු ඔහුව නිදහස් කිරීමට සති කිහිපයකට පෙර ඔහු සිරකළ අය විසින්ම නිදහස් කරන බවත් කීවේය.

      පසුගිය පෙබරවාරියේදී ෆොන්සේකා මහතාට නැතිවූ සියලු වරප්‍රසාද 2015 අප්‍රේල් වන විට ලැබෙන බව ද පීඩී පෙරේරා මහතා කීවේය. පසුගිය මාර්තු මාසයේ අග ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් ධුරයට උසස් කැරුණු අතර ඔහුට හිමිවූ විශ්‍රාව වැටුප ඇතුළු සියලු වරප්‍රසාද හිමි විය.

      මෙවර මහ මැතිවරණය ගැන පුවත්පතක සාකච්ඡාවකට එක් වූ පෙරේරා මහතා කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ මහ මැතිවරණයේ දී නියත වශයෙන්ම පරාජය වන බවයි.

      එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ ආණ්ඩු කරන බවත්, මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වීමේ කිසිදු හැකියාවක් නැති බවත් ඔහු කීවේය.

      මහ මැතිවරණයේ සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රභලයකු ඇතුළු ප්‍රභලයන් කිහිප දෙනකු පරාජය වන බවත් ඔහු කීවේය.

      ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ බලය තරමක් වැඩි වනු ඇති බව ද පෙරේරා මහතා අනාවැකි පළ කරයි. මීට අමතරව උතුරු පළාත නියත වශයෙන්ම ද්‍රවිඩ සංධානය ජය ලබන බවත් නැගෙනහිර මුස්ලිම් පක්ශවල බලය ඉහල යන බවද ඒ මහතා ජ්‍යෝතිශ ශාස්ත්‍රානුකූලව පෙන්වා දුන්නේය.

      Delete
  2. Thennakoonuth kudu karayanta bokkenma support wageyi!

    ReplyDelete
  3. Thennakoonuth kudu karayanta bokkenma support wageyi!

    ReplyDelete
  4. ලංකාවේ පෞද්ගලික අංශයේ ද වෘත්තීය ඊර්ෂ්‍යාව ඉතා ඉහළ මට්ටමකින් පවතී. ඇතැම් නම ගිය ආයතනවල මෙය පිළිකාවක් තරම් දරුණු ය. වෘත්තීය ඊර්ෂ්‍යාවට බඳුන් වන බොහෝ දෙනෙක් තම ආයතනයෙන් හොඳ වැටුප් හා අනෙකුත් වරප්‍රසාද ලැබුණත් ඉඩකඩක් ලැබුණු විගස පිටරට (අප්‍රිකානු රටකට වුවද) රැකියාවකට යෑමට උත්සාහ දරති.

    ReplyDelete
  5. නිලධාරින් ට බලය ලැබීම දේශපාලකයන්ට බලය ලැබීමට වඩා යහපත්. එෙහත් නිලධාරීන් බලය දැරීම ට සුදුසු අය විය යුතු ය. ඉහළ ම තනතුරු ඉතා ම දුර්වල ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරින්ට පමණක් තවමත් බොහෝ දුරට සීමා වීම මීට හේතුව යි. නිලංග වෛද්‍යවරයෙකු නිසයි මේ නොසැලකිල්ල. සේවා වලට පක්ෂ ජාති ආගම් කුල වලට නොබෙදුනු බුද්ධිමත් නිලධාරීන් අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. නිලධාරින් ට බලය ලැබීම දේශපාලකයන්ට බලය ලැබීමට වඩා අයහපත්.
      සේවා වලට පක්ෂ ජාති ආගම් කුල වලට බෙදා ඇත්තේ පාලනයේ පහසුව සදහාය
      මොහු විසින් සදහන් කරන නම් මොනවද? කාටද කියල තියෙන්නෙ. කොහෙද ප්‍රසිද්ධ කරල තියෙන්නෙ


      Delete
    2. There should be a balance between politicians & civil servants. Politicians are sensitive for people's emotions & thus vulnerable for popular decisions. Officials are bound by law, rules & regulations & thus they take responsible decisions. Anyway we need more intelligent & innovative statesmen who can work hard by balancing both.

      Delete
  6. We all have to think about those two kinds of officers. It should be done without wearing any kind of glasses. As a government servent I honestly appreciated Nilanga's commitment to the Service. Further, in any organisation there is are procedures and hierarchical order to follow up . Go with the rules and regulations of your organisation is your discipline and maturity whether you are a doctor, SLAS Officer or any other person. All government servents should be able to realized this nature of existence.

    ReplyDelete
    Replies
    1. The secretaries to ministries are also politicians more than officials. They are still selected and appointed by politicians and not by independent commissions.

      Delete
  7. මේකට හේතුව පහුගිය දශක ගනනාව තිසේම හැම ආන්ඩුවක්ම රාජ්‍ය සේවයේ රැකියා දුන්නේ තමතමන්ගේ හෙංචයියන්ට වීම....
    හැකියාව නොව දේශපාලුවෙකුට කල කැඹිරිල්ල හේතුවෙන් රස්සාව ගත් මෝඩයින් බොහෝවිට රැකියාවේ රැකෙන්නෙක් දේශපාලඥයෙකුට පක්කලි කම් කිරීමෙන්, ඒවගේම තමුන්ගේ පුහු මාන්නය ලෝකෙට පෙන්වන්න උවමනා ආශාවකුත් මේ අයට තියෙනවා....

    අඩුම තරමේ ඉන්දියාවේ රාජ්‍ය සේවයට (Indian administrative Service ) පුද්ගලයින් පත්කරගන්නා ක්‍රමය (තරග විභාග, සම්මුඛ පරීක්ශන මෙය සාපේක්ෂව ලංකාවට වඩා විනිවිද පෙනෙන ක්‍රමවේදයි ) දිහා බලල වත් ලංකාවේ රාජ්‍යසේවයට පුද්ගලයින් බදවා ගත උතුයි

    ReplyDelete
  8. ලංකාවේ හැම ක්‍ෙ‍ෂ්ත්‍රයකම වෘත්තිය කුහකකම උපරිමයෙන් තියෙනවා. මේකට රාජ්‍ය, පෞද්ගලික කියල ලොකු වෙනසක් නැහැ.

    විශේෂයෙන්ම වෘත්තිය ඡායාරූපකරණය, ගොඩනැගිලි සැලසුම් (Architecture), පෞද්ගලික වෛද්‍ය වෘත්තිය, වගේ පෞද්ගලික පැතිවලත් මේක උපරිමයෙන් තියෙනවා. රාජ්‍ය සේවයේනම් කතා කරලා වැඩක් නැහැ. එකට ඉදලා තාලා බීලා එක සිගරට් එක බෙදාගෙන ගහන උන් අනිකට උසස්විමක් ලැබෙන්න යනවනම් බලන්න පුළුවන්..

    ReplyDelete
  9. රාජ්‍ය සේවය යම් මට්ටමකට නිශ්ක්‍රීය වෙලා තිබ්බ සමාජයක එක පාරටම මාධ්‍ය හරහා කරන සංදර්ශනයන් මිනිස්සු අගය කරන්න පටන් ගත්තත් දීර්ඝ කාලීනව ඉන් වෙන හානි වැඩියි.

    දොස්තර නිලංග කරන කාර්‍ය භාරය මාධ්‍ය හමුවේ කරන්න ඕනි එකක්ද නැත්නම් නීතිය හමුවේ කරන්න ඕනි එකක්ද කියලා පාට කණ්නාඩි නොදා හිතලා බැලුවානම් මම හිතන්නේ උත්තරය ලැබෙනවා.

    ලැයිස්තුව මගේ ලඟ තියෙන්නේ මම එලියට දානවා කිය කිය නොඉඳ ඇයි ඒක නීතිය හමුවට නොයවන්නේ? එහෙනම් ඔය තර්ජන කිසිවක් නැහැනේ. මමත්වයෙන් රාජ්‍ය සේවය කරන්න ගියහම තමයි ඔය ගැටුම්. ලැයිස්තුවක් තියෙන බව කිවුවට​ ඔය ලැයිස්තුවෙන් මේ දක්වා මොකුත් උණේ නැහැනේ.

    ReplyDelete
  10. You say during yahapalana time political influence didn't happen? Then those thugs who attacked Jaela pradesheeya Sabah members were immediately released? What is it? John Amaratungas official van was in a Nidanharana place and police arrested them including son in law of John, they were immediately released? What is it? Your are a unbelievably biased, guy! You can't see the truth! We don't want your gibberish! Do you know, Ranil uses helicopter even to go to Jaela? Ravi abuses his capacity as minister! All these are yahapalana acts! You must be a very selfish individual to write lies as truth! Did you see cyanide capsules were arrested in Chennai? All those for yahapalana activities?

    ReplyDelete
  11. මේ අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයට තියෙන්නේ උපදේශක තත්වයක් ද නැතිනම් ඉන් එහාට ගිය බලතල (සුරා බදු දෙපාර්තමේන්තුව හෝ මහජන සෙෘඛ්‍ය වගේ) තියෙනවාද? ඒ අනුව අපට හිතා ගත හැකිවේවි මේ සභාපති, අනෙක් ලේකම්ලා වැනි අය අතර ඇති මේ ප්‍රශ්ණයට තවත් හේතුවක්!

    ReplyDelete
  12. අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා තම සීමාව ඉක්මවා ගොස් එජපයේ ප්‍රධාන කාර්යාලය වන සිරිකොතේ සිට මාධ්‍ය සාකච්ජා පත්වමින් සිදුකරනුයේ කුමක්ද
    ඔහු විසින් හෙලිකරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලේඛනය කුමක්ද?
    එහි තියෙන නම් මොනවද?
    එය මහජනතාවගේ දැන ගැනීමට නිකුත් නොකරන්නේ ඇයි?
    පොලිසිය , බුද්ධී අංශ , රටේ ඉහල මට්ටමේ නිලධාරීන් දේශපාලකයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන දන්නේ මේ නිලධාරිය ලේඛනය හැදුවට පස්සෙද?

    අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපතිට අනතුරක් කරල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මොනවද හම්බ වෙන්නෙ
    ඇත්තටම ගත්තොත් අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති ලග තියෙන තොරතුරු රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ඉදල ජනාධිපති දක්වා හැමොම දන්නව. හැමොම දන්නේ නැහැ වගේ වෙන දෙයක් කරගෙන ඉන්නව

    ඇයි අන්තරායකර ඖෂධ ( මත් ද්‍රව්‍ය) වලට වෙළද පොළතුල ලොකු ඉල්ලුමක් තියෙන්නෙ, මෙම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙල ඉන්න බහුතරයක් මොන වගේ පිරිස්ද, මෙම ව්‍යාපාරයන් මගින් වැඩි ලාභයක් ලබා ගන්නෙ කවුරුන්ද, මෙම වෙළදපොළ අවසන් කිරීම හෝ ව්‍යාපාරයන් දැඩිව මර්ධනය කරමින් අවසන් කිරීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයී?

    අන්තරායකර ඖෂධ අනෙක් භාණ්ඩ වගේම වෙළදපොළතුල යම් ජන කණ්ඩායමක් අත්පත්කරගෙන තියෙනව. ඒ කාණ්ඩයතුල ඉන්න බහුතරය අඩු ආදායම් ලාභින් සහ කය වෙහෙසවා කටයුතු කරන පුද්ගලයන් උදාහරණ විදිහට ගත්තොත් නාට්ටාමිල, මේසන් බාස්ල, අත් උදවු කරුවන්, කුණු එකතු කරන්නන් ආදී සේවා කාණ්ඩයන්, ඒ වගේම රැකියා විරහිත සහ සමාජය තුල යම් අසහනයකට හෝ පීඩනයකට ලක්වු තරැණයන්, සංවාරක ව්‍යාපාරයට සම්බන්ධ සංචාරකයන්ගෙන් මුදල් උපයාගනු ලබන සංචාරක මගපෙන්වන්නන් සහ සංචාරකයන්ගේ ලිංගික කටයුතු සදහා සේවා සපයන්නන් සහ ඉහත සමාජ කාණ්යන් ඇසුරු කරන ඔවුන්ගේ මිතුරන්

    ඒ වගේම දෙවනි කණ්ඩායමක් ඉන්නව පාසැල්වල උසස් පෙල සිසුන් සහ උසස් පෙල/ සාමනය පෙල අවසන් කර වෘත්තීයකට යෑම අතර කාලය ගත කරන ශිෂයන් මොවුන් අත්දැකිම් ලබා ගැනීම සදහා යම් යම් ක්‍රියාවන් සදහා යොමු වන්නන් තුන්වන කාණ්ඩය තමයි ඉහල මධ්‍යම පාන්තිකයන්ගේ ළමයි, වැඩිපුර අතේ මුදල් ගැවසෙන නයිට් කලබ් යන කාණ්ඩය ඉහත දෙවන කාණ්ඩයෙන් තමයි පළමු කාණ්ඩයට පුද්ගලයන් අලුතින් එකතු වෙන්නෙ

    මේ ව්‍යාපාරය සමග සෘජුවම සම්බන්ධ අනෙක් ව්‍යාපාරය තමයි පාතාලය. වෙළදාම කරගෙන යෑම සදහා පාතාල ව්‍යාපාරය සහ එක් එක් ප්‍රදේශතුල බලය සහිත කණ්ඩායම්වල එකගතාවය අවශ්‍යයි ඒ වගේම ඉහත සමාජ කණ්ඩායම් තුලින් තමයි පාතාලයට අවශ්‍ය ශ්‍රම සම්පත ලබා දෙන්නේ

    අන්තරායකර ඖෂධ මගින් ඉහත කාණ්ඩවල තිබෙන අසහනයන් අාමන්ත්‍රණය කරනව. එමගින් ඔවුන්ට සහ එම පවුල් ඒකකවලට මුහුණදීමට සිදුවෙන ගැටලු තව තවත් වැඩි වෙනව වගේම ඔවුන්ගෙ පවුල් වලට පුලුවන් වෙනව තමන්ට තියෙන ගැටලුව මොකක්ද කියල දැන ගන්න. එතකොට හිතෙනව මේ මිනිහ කුඩු ගහන නිසා තමයි අපේ ජිවිතේ කාලකන්නිවුනේ වගේ දෙයක්. සෑබැ ගැටලුව මොකක්ද කියල හදුනාගන්න තියෙන ඉඩ අන්තරායකර ඖෂධ මගින් වෙනත් ප්‍රශ්නයක් ගෙනැල්ල වහල දානව

    මේ ගැටලුව සමාජ ක්‍රමය පවත්වාගෙන යාමට ගැටලුවක් වෙන තරමට ආපු ගමන් පොලිසිය. සිවිල් ආයතන හා සංවිධාන වගේ සමාජ ක්‍රමය ආරක්ෂා කරන ආයතන එකතුවෙලා සමාජ ක්‍රමය පවත්වාගෙන යාමට ගැටලුවක් නොවෙන තරමට මර්ධනය කරනව. උදාහරණයක් විදිහට තමන්ගෙ සල්ලිවලින් කුඩු ගහනකම් කාටවත් කරදරයක් නැති නිසා කවුරුවත් මුකුත් කරන්නෙ නැහැ. හොරකම් කරන මට්ටමට ආවහම සතියකට 2ට හිරේ දාල හරි දඩක් ගහනව වගේ දෙයක් කරනව.

    මේක තුලින් අර්බුදයට යන්නේ පිඩීත පන්තික ජනතාව ඒක පාලකයන්ට හෝ ඔවුනගේ කටු ලෙව කන පුද්ගලයන්ට ලොකු ගැටලුවක් නෙමෙයි. මේ ගැටලු පිලිබදව පිඩීත පන්තිකයන් දැනුවත් කරමින් ඔවුට පන්ති හැගීම ලබා දීම තමයි කරන්න ඕනේ

    නැතුව හැමෝම දන්න අන්තරායකර ඖෂධ ව්‍යාපාරය කරන පුද්ගලයන්ගෙ නම් ලකුණු කිරීම හෝ එම ආයතනවල ඉන්න නිලධාරීන්ගෙ ආරක්ෂාව පිලිබද කතා කරීම නෙමෙයි


    ReplyDelete
    Replies
    1. ඇත්ත කියපන්. උබ ගැහුවා නේද මහියගේ ජීප් එකේ තිබුන ගංජා ? පේර කොලයක් කාපන්, ඔය ගතිය අඩු වේවි. ඊට පස්සේ ඇවිත් නිවිහැනහිල්ලේ කොමෙන්ට් එකක් දාපන් සිහියෙන්.

      Delete
    2. AnonymousJuly 27, 2015 at 12:22 PM

      Nicely explained in Sinhala. I have nothing more to comment anymore. This Dr. Nilanga is honest person. But he's not matured enough to address the matter to solve the hot issues. He hasn't done anything useful. He has been used by the politicians to make a show off in media to get public attention. He must try to get the drug addicts to rehabilitate as much as possible & suggest the government to save the youngsters by closing the paths for new personnel to get addicted. Anyway I salute him for his motivation but he need more maturity & courage.

      Delete
  13. Majority of our civil servants are no better than fresh graduates employed for mere 15,000 odd rupees. Even the case is true of most journalists and editors of our newspapers. They do anything for political favors. That's why?

    ReplyDelete
  14. Agreed. How can the country create good civil servants? Journalists? Can we get a guidance from armed forces? After all they won the war!

    ReplyDelete
  15. //මේ නිලධාරීන් වනාහි පසුගිය කාලයේ දේශපාලනයෙන් රාජ්‍ය සේවයට ආ ගෝඨාභය රාජපක්ෂලාගේ සිට පළාත් පාලන මන්ත්‍රී දක්වා හෙංචයියන් ඉදිරියේ වලිගය දෙපරැන්දේ ගසාගෙන දත් මදින්නට හා කන්නට පමණක් කට ඇරිය පිරිසක් බව නො දන්නේ කවුරු ද?

    දැන් බුරන්නට විලිස්සන්නේ ඒ කාලේ හක්කේ හංගාගෙන හිටි දත් ය.//

    අම්මපා. පැරෝ..මේක ගැන නම් මම 100% ක් එකගයි!!!

    ReplyDelete
  16. මේ මනුස්සයා එහෙම් පිටින්ම බොරුවක්, පුස්සක් කරන්නේ, මෙයා මුල්වෙලා එකම එක කුඩු මුදලාලියෙක් ඇල්ලුවොත් ඒක ලෝක පුදුමයක්.
    හොස්පිට්ල් එකේ ඉන්න තාක් කලේ බොරුව, දැන් ඒක එහෙම නැත්නම් ඒක පුදුමයක්ම තමයි.
    අනික අධිකරනයකින් ඔප්පු නොවී මිනිස්සුන්ට චෝදනා කරන්න ලෑස්ති වෙන එකෙන්ම පේනවා ඉස්සර වගේ තාමත් කටින් බල්ටි ගහන බව.
    මේ යකා එහෙම් පිටින්ම P ඩයල් එකක්, කිසිම පලවත් දෙයක් නොකර මාධ්‍ය වලින් පොර වෙලා පැරා වගේ සිඟිත්තන් ඉදිරියේ පොර වෙන මනුස්සයෙක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා