ඩලස් අලහප්පෙරුම ජාතිවාදියා මේ සැරසෙන්නේ කුමට ද?

මේ වන විට මහ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර අතිශය සාමකාමීව සිදු වෙමින් තිබේ. බොහෝ දෙනා මේ වන විටත් තමන් ඡන්දය දෙන පක්ෂ තීරණය කර හමාර ය. ගැටලුවකට තිබෙන්නේ මනාප අංක පිළිබඳ දැනුවත් කිරීම පමණි. ඒ වෙනුවෙන් තවත් සති තුනක් පමණ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඇදගෙන යාම තේරුමක් නැති වැඩක් වී තිබේ. එය ආර්ථිකයට බරකි. ජනතාවට කරදරයකි. ඉදිරි මැතිවරණවලදී මේ ගැන සිතිය යුතු ය. ජනමාධ්‍ය අද තරම් දියුණු නැති යුගයක මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් ලබා දුන් තරම් දිගු කාලයක් දැනුත් ලබා දිය යුතු ද?

මේ වන විට උණුසුම් මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මරණයයි. මේ හා සම්බන්ධ පරීක්ෂණ නැවත ආරම්භ කර දිගු කාලයක් වන අතර එය සිදු වන්නේ ඉතා සෙමිනි. මහින්ද රාජපක්ෂගේ දෙවන පුතා වන යෝෂිත රාජපක්ෂ සමග සම්බන්ධයක් තිබුණු බව කියන හසාරා අබේනායක හා සම්බන්ධ සිද්ධියක් මත වසීම් තජුඩීන් ඝාතනය කරන ලදැයි යෝෂිත රාජපක්ෂ සැකයට භාජනය වී තිබේ. 

වසීම් තජුඩීන් මිය ගොස් තිබෙන්නේ පෙන්වා තිබුණු ආකාරයට හදිසි අනතුරකින් නො වන බව ද එය මිනීමැරුමක් බව ද, ඝාතනයට පෙර ඔහුට වධ දී තිබෙන බව ද රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වේ. 

මෙම සිද්ධිය මතු වීම මහින්ද රාජපක්ෂ යුගය ගැන සිහිපත් කිරීමට ඉවහල් වේ. මහින්ද රාජපක්ෂ බලයේ සිටියා නම් මෙහෙම ඡන්ද කෙරුවාවක් තිබේදැයි සිතා ගැනීමෙන් පවා ජනතාව තමන් භුක්ති විඳින නිදහස ගැන අවබෝධ කර ගනු ඇත. 

මැතිවරණයේදී තමන්ට අවාසි බව දැනෙන විට මහින්දවාදීන්ට ඉතිරි වන්නේ සුපුරුදු ජාතිවාදය පමණි. මෙවර ඒ ජාතිවාදී බෝම්බය පත්තු කර තිබෙන්නේ විමල් වීරවංශවත් නො වේ. ඩලස් අලහප්පෙරුම ය. 

දෙමළ සන්ධානය සිය දේශපාලන හා මැතිවරණ ක්‍රියාවලියේදී එක්‌සත් ජාතික පක්‍ෂයත් සමග අභ්‍යන්තර කතිකාවක්‌ මගින් එකඟතාවකින් කටයුතු කරන බවත් එම එකඟතාව වහාම රටට හෙළිදරව් කළ යුතු බවත් ඩලස් අලහප්පෙරුම ඊයේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ ය. 

මේ වනාහි 2005දී මහින්දගේ ජයග්‍රහණයට ඉවහල් කර ගත් අසාධාරණ අලි කොටි ගිවිසුම් කතාව නැවත වතාවක් කරළියට ගෙන එන්නට දරන නින්දිත උත්සාහයකි. අලි කොටි කතාවේ නිර්මාපකයන් වූ මහින්ද රාජපක්ෂලා ඡන්දය දිනා ගැනීම වෙනුවෙන් මැතිවරණ වර්ජන ව්‍යාපාරයක් හරහා දක්වන ලද සහයෝගයට හිලව් ලෙස රාඩා සංවිධානය හරහා කොටින්ට කප්පම් ගෙවූ හැටි දැන් හෙළිදරව් වී හමාර ය. 

උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කරවීම, එම ප්‍රදේශ ස්‌වයං පාලනයට යටත් කිරීම, ජිනීවා වාර්තාව ක්‍රියාත්මක කරවීමට ජාත්‍යන්තරව ක්‍රියාත්මක වීම, උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට ජාත්‍යන්තරය මැදිහත් කර ගැනීම, ත්‍රස්‌තවාදීන් ලෙස සිරගත කර ඇති සියලු සිරකරුවන් නිදහස්‌ කිරීම එම එකඟතාවේ ඇතුළත් බව ඩලස් අලහප්පෙරුම පවසයි. 

දෙමළ ජාතික සන්ධානය එකම රටක් තුළ ෆෙඩරල් ස්වරූපී බලය බෙදීමක් ඉල්ලා සිටියි. එසේම, උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කරන ලෙස ද ඉල්ලා සිටියි. ඒවා දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ සටන් පාඨ මෙන් ම දේශපාලන අරමුණු ද වේ. එසේම, ඒවා අලුත් ඉල්ලීම් ද නො වේ. දෙමළ ජනතාව අතර එක් කලෙක බලවත් වූයේ වෙන ම රාජ්‍ය ඉල්ලීම බව අපි අමතක නො කළ යුතු ය. මහින්ද රාජපක්ෂ බලයේ සිටියදී පවා දෙමළ දේශපාලන වැඩසටහන විසින් ඉලක්ක කර ගනු ලැබුවේ ජාත්‍යන්තර මැදිහත්වීමකින් පැවැත්වෙන ජනමතවිචාරණයක් ඔස්සේ වෙන ම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කර ගැනීමයි.

මේ ජාතිවාදී ඉල්ලීම් පරාජය කළ හැක්කේ ඒ හා සමාන තවත් ජාතිවාදයක් දකුණේ ඇවිලවීමෙන් නො වේ. දෙමළ ජනතාවගේ මධ්‍යස්ථ දේශපාලන ව්‍යාපාරය වන දෙමළ ජාතික සන්ධානය සමග දේශපාලනිකව ගැටීමෙන් හා එක්ව වැඩ කිරීමෙන් තත්වයන් වෙනස් කර ගත හැකි ය. ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් සොයා ගත යුතු ය. 

දෙමළ ජාතික සන්ධානය මුහුණ දී සිටින ප්‍රශ්නය වන්නේ පළාත් සභාව ඔස්සේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට බැරි වීමයි. පසුගිය සමයේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට සිංහල ජාතිවාදී නායකයන්ට ද බැරි විය. ඒ විසඳුම් සොයා ගත හැක්කේ ජාතිවාදී පදනමින් නොව, ජාතික සමගිය හා නිර්බාධිත, රටට ගැලපෙන සංවර්ධන මාදිලියක් ඔස්සේ ය. 

ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව ජාතිවාදයට එරෙහිව නැගී සිටිය යුතු ය. 

මිනිසුන්ගේ පහත් ම රුචිකත්වයන් අවුස්සා ඡන්දය දිනා ගන්නට හදන ඩලස් අලහප්පෙරුම වැනි ජාතිවාදී දේශපාලන නරුමයන් ඡන්දයෙන් පරදවා, ඔවුන් විසින් සොයා ගන්නා ලද පාරාදීසය වන ඇමරිකාවට ම ආපසු යැවීමට මේ ඡන්දයේදී අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* ඩලස් අලහප්පෙරුම වැනි ජාතිවාදී දේශපාලන නරුමයන් ඡන්දයෙන් පරදවා, ඔවුන් විසින් සොයා ගන්නා ලද පාරාදීසය වන ඇමරිකාවට ම ආපසු යැවීමට ... */

    ඩලස් අලහප්පෙරුම කියන්නේ රතු ඉන්දියානුවන් හෝ අඩු වශයෙන් ක්‍රිස්ටෝෆර් කෙලොම්බස්, ඇමරිගෝ වෙස්පුචී වැන්නෙකුගෙන් හෝ පැවත එන අයෙකු ද?

    ReplyDelete
    Replies
    1. ඒ කොයි හැටි වෙතත්, ඇඟ දිහා බැලුවම ඩාවින්ගෙ පරිණාමවාදය නම් ඔප්පු වෙනවා.

      Delete
    2. හරියට ම හරි! වඳුරෝ පැවත එන්නේ ඩලස් අලහප්පෙරුමගෙන් බව නිසැකව ම ඔප්පු වෙනවා!!

      Delete
  2. Great idea! Election preparation time is too long. Voters have already decided their choice. However, as you correctly identified, a sudden surge of racists may change the minds of immature voters. Names like Dallas, Vasu, Sakkiliwansa, Dinesh, Gemmbanpila create unpleasant feeling in this stage.

    ReplyDelete
  3. සිංහල ජාතිවාදය හැටියට ඔබ දකින කාරනාව මෙතන ගැටළුවක්.ඒ ගැන තව පැහැදිලි කිරීම් අවශ්‍යයි දෙමළ හා මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් වල ක්‍රියාවන් එක්ක සංසන්දනාත්මකව. උදාහරන වශයෙන් උතුරට දෙමළ ජනයාට හැර වෙනත් ජනවර්ග වලට කිසිදු අයිතිවාසිකමක් කිව නොහැකියි කියන දෙමළ සන්ධානය කොටි ඇතුලු බෙදුම්වාදී අන්තවාදීන්ගේ මතවාද සමග හා නැගෙනහිර මුස්ලිම් ජනයා බහුතරයක් සිටින ප්‍රදේශ අලලා මුස්ලිම් පරිපාලන ඒකකයක් ඔවුන්ට වෙනම ඉල්ලීම වගේ කාරනා සමග. මේව වසන්කරගෙන ජාතිවාදය ගැන කතා කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. දෙමල මුස්ලිම් අන්තවාදයක් තියෙනවා.. නැත්තෙ නෑ.. නමුත් ඒකට උත්තරය දකුනේ සිංහල අන්තවාදය ඇවිලීම නෙමේ කියලයි ලිපියෙන් කිය්න්නේ.. දෙමල සංධානය උතුරේ සිංහලයින්ට සමාන අයිතිවාසිකම් දෙන්න එපා කියලා කිසිම තැනක කියා නෑ.. රටේ පහුගිය දශක ගනන පුරා වැඩියෙන්ම මර්ධනයෙන් පීඩා වින්ද ජනතාවක් වන උතුරේ දෙමල ජනතාවගේ අයිතිවාසිකම් ඉල්ලා සිටීම සාධාරනයි...
      මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්ක වලට රටේ සිංහල දෙමල 80% පමන විරුද්ධයි.. ඒක කවදාවත් ලැබෙන්නෑ

      Delete
    2. උතුරේ දෙමළ සන්ධානය සිංහලයන්ට උතුරේ අයිතියක් තියෙනව කියල පිළිගන්නවනම් උතුරේ සිංහලයන් ජීවත් වෙනවට විරුද්ධ ඇයි? එහෙම සිංහලයන්ට සමාන අයිතිවාසිකම් දෙන්න ඒ අය කැමතිනම් ඒ පලාත් වල පාලනය ගෙනියන්න පොලිස් බලතල ඉඩම් බලතල ඇතුළු බලය බෙදීමක් දෙමළ ජන වාර්ගික පදනම මත ඉල්ලන්නේ ඇයි? මොකක්ද ඒ අවශ්‍යතාවය? එහෙම බලය බෙදල විසඳන්න යන ප්‍රශ්නේ මොකක්ද? උතුරට බලය බෙදුව කියල රටේ අනෙක් පලාත්වල ඉන්න දෙමළ ජනයාට යහපතක් වෙනවද? රටේ උතුර හා නැගෙනහිර නැතුව අනෙක් ප්‍රදේශ වල දෙමළ ජනයා ඉන්න විදිහට සිංහල මිනිස්සු එක්ක සමාදානයෙන් බලය බෙදීම් නැතිව උතුරේ දෙමළ ජනයාට ඉන්න තියෙන අමාරුව මොකක්ද? මොකක්ද්ද ඒ අයට තියෙන අමුතු ප්‍රශ්නේ? පසුගිය දශක ගනනාව පුරා දෙමළ ජනයා වැඩිපුර මර්ධනයට අසාධාරනයට ලක් උනා කියන්නේ මොන පදනමෙන්ද? 88/89 කාලයේ රාජ්‍ය බලය යොදල බටලන්ද වගේ වදකාගාර පවත්වාගෙන යමින් මර්ධනයකළේ උතුරේ දෙමළ ජනයාද? යුද්ධ කාලෙත් අපේ ආණ්ඩු උතුරට අත්‍යවශ්‍ය බඩු යැවුවා කොටින් අතට ඒව පත්වෙන බව දැන දැනත්, මතක නැද්ද? දශක ගනනාවක් තිස්සේ කොටි ත්‍රස්ත ප්‍රහාර නිසා උතුර නැගෙනහිර ආසන්න සිංහල ගම්මාන වල වැසියන් පීඩා වින්දේ නැද්ද? දශක ගනනාවක් තිස්සේ කොටි බෝම්බ ප්‍රහාර වලට රටේ අනෙක් පදේශ වල අහින්ශක වැසියන් ගොදුරු උනේ නැද්ද? ඔබ කියන සිංහල ජාතිවාදය මොකක්ද කියලා තවම පැහැදිලි උත්තරයක් නෑ. ඔය සිංහල ජාතිවාදය මොන වගේ එකක්ද ඒකට පදනම් වෙන්නේ මොකක්ද කියන එක පැහැදිලි වෙන්න ඕනේ. ඒ වගේම ඒ සිංහල ජාතිවාදය නිසා සිංහල නොවන්නන් මර්ධනයට ලක් වෙන්නේ කොහොමද කියල කියන්නත් ඕනේ.

      Delete
    3. උතුරෙ දෙමලුන්ගෙ අක්කර දාස් ගානන්ක් හමුදාව අල්ලගෙන ඉන්නව.. ඒව නිදහස් කරල දිය යුතුයි...
      සිංහලජාතිවාදෙ ඔලුවෙ අහගෙන දෙමල සංධානෙට විතරක් ඇගිල්ල දික්කරන්න එකා... ඇයි යුද්දෙ අන්තිම කාලෙ දෙමලු 40000 විතර ෂෙල් වෙඩි වලින් මැරුනෙ නැත්ද?
      හමුදාවට භාරවෙලා අරගෙන ගියපු සියගානක් තාම අතුරුදහන් ඇයි?
      සුදුවෑඅන්වලින් උස්සපු 100 කිට්ටු දෙමල ජනතාවට මොකදවුනේ..
      මහින්ද දකුනේ වපුර්පු සිංහල ජාතිවාදය නෙමේද?
      තොත්ත බබ්බු වගේ "සිංහල ජාතිවාදය මොකක්ද" කියල අහම මරාවාදී ගොන්නුන්ට දෙන්න තියෙන උත්තරේ වහල් හිමියත් එක්කම ඉන්න කියන එක තමා...

      Delete
    4. //? රටේ උතුර හා නැගෙනහිර නැතුව අනෙක් ප්‍රදේශ වල දෙමළ ජනයා ඉන්න විදිහට සිංහල මිනිස්සු එක්ක සමාදානයෙන් බලය බෙදීම් නැතිව උතුරේ දෙමළ ජනයාට ඉන්න තියෙන අමාරුව මොකක්ද? මොකක්ද්ද ඒ අයට තියෙන අමුතු ප්‍රශ්නේ?//

      ත්‍රස්ථවාදීන් බෝම්බ පිපිරෙව්ව කියල දකුනේ ආන්ඩු කරපු යුධ අපරාධ (ඉසිප්‍රියා, බාලචන්ද්‍රන් ) නීතියට පිටින් කල ඝාතන සාධාරනීකරනය වෙන්නෙ නෑ...
      ඒවා කරපු අය ගෝටාභයගෙ ඉදන් ත්‍රිකුනාමලය පාසැල් සිසුන් 5 මරපු එස්ටීෆ් භතයින් වෙනකම්ම තාම නිදැල්ලේ..

      උතුරේ සිවිල් වැසියන්ගේ හැම කටයුත්තකටම් හමුදා බුද්ධි අංශ වලින් බාධා කරන බව දන්නෙම නැත්ද?

      උඩින් ඇනෝ කියල තියෙනව වගේ හමුදාව උතුරේ ඉඩම් අක්කර ගාඅක් බලෙන් අල්ලාගෙන ඉන්නව...

      මේවා තමා දකුනට නැති උතුරට ඇති ප්‍රශ්න...

      //. ඔය සිංහල ජාතිවාදය මොන වගේ එකක්ද//
      සිංහල ජාතිවාදය මොකක්ද කියා දැනගන්නනම් නලින් ද සිල්වලාගෙ, ගුනදාස අමරසේකරලගෙ ඉදන් චම්පික, වීරවනසලා පෙනීසිටින මතවාද හොයල බලන්න...

      //. ඒ වගේම ඒ සිංහල ජාතිවාදය නිසා සිංහල නොවන්නන් මර්ධනයට ලක් වෙන්නේ කොහොමද //

      83 කලුජූලිය, 2014 බේරුවල අලුත්ගම ගිනිතැබීම් කලේ ඉන්දියාවෙන් ආපු මිනිස්සු වෙන්නැති...

      Delete
  4. දෙමළ ජාතික සංධානය ගැන කියනවා නම් අපි කල්පනා කල යුතුයි එයාලට මුදල් ලැබෙන්නේ කොහොමද කියලා. එයාලා ගම්මන්පිල වගේ රුපියල් 100 ගානේ එකතු කරන්නෙත් නැත්නම්, වතුපිටි ඉඩකඩම් විකුනලා දේශපාලනය කරන්නෙත් නැත්නම්, ජවිපෙ වගේ කැට හොල්ලන්නෙත් නැත්නම් මෙයාල කොහොමද චන්දෙ කරන්නේ.
    2005 චන්ද වර්ජනය ගැන පැහැදිල් කිරීම් කිහිපයක්ම දෙන්න පුලුවන්, මේ එයින් එකක්.
    ඊලාම් වාදීන්ට අවශ්‍යවුනේ අවසානයේ චෙල්වනායගම් වගේ පොෂ් දෙමළෙක්ගේ නායකත්වය යටතේ පාලනය වන ඊලමක් හදන්න. ඒසඳහා අවසාන අදියර ලෙස ප්‍රභාකරන් විශ්‍රාම ගැන්වීම හෝ නාමමත්‍රික ගරු නායක තනතුරක් ලබාදීම හෝ සමහරවිට ඔහු මරාදැමීම වුවත් කිරීමට ඉඩ තිබෙනවා.
    ප්‍රභාකරන්ට මෙය තේරිලා තමන්ට විලියම් ගොපල්ලා වගේ වෙන්න සිදුවෙන නිසා මහින්ද දිනවීමට කටයුතුකලා විය හැකියි.

    ReplyDelete
  5. You, guy! Everyone against LTTE is racist! Prabhakaran, Hakeem and others are not racist! You suffer from extreme inferiority complex! When Cameran says "we English constructed the culture of our country." For you guys he is not racist! If a Sinhalese says this you guys are prompt to brand him or her as racist! Sheer inferiority complex!

    ReplyDelete
  6. ඩලස්ට තියන ලොකුම ප්‍රශ්නේ උගේ බඩ. ඌ කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල සරම කඩලා දාලා කියනවා අම්මේ දැකපු කල් කියලා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා