මහින්දට දී අපතේ යවා ගන්නා ඡන්ද ජවිපෙට දී සැබෑ විපක්ෂයක් ගොඩනගන්නට ජනතාව දිරිගැන්විය යුතු ය.

ඉදිරි මහ මැතිවරණයේදී සමාජවාදී හෝ ප්‍රගතිශීලී හෝ ප්‍රජාතාන්ත්‍රික හෝ පුරවැසි බලවේගවල මූලික වගකීම වන්නේ මහින්ද රාජපක්ෂ ඔහුගේ මජර ක්‍රමයත් සමගම පරාජය කිරීමයි. එය අතිශය තීරණාත්මක පරාජයක් බවට පත් කළ යුතු ය.

පසුගිය කාලයේ සොරකම් කළ සල්ලි වීසි කර ඡන්ද කෙරුවාවට එන මහින්ද, ජොන්ස්ටන්, රත්තරං, මහින්දානන්ද, විමල්, වෙල්ගම, ඩලස්, බන්දුල ඇතුළු නඩය ම පාර්ලිමේන්තුවෙන් පන්නා දැමිය යුතු වුණත්, මනාප ක්‍රමය යටතේ මොවුන්ගෙන් කොටසක් තේරී පත් වන එක වළක්වන්නට බැරි ය.

මේ සොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අනාගත ආණ්ඩුව විසින් ප්‍රමුඛතාව දිය යුතුව තිබේ. 

එක්සත් ජාතික පක්ෂය මෙම මහමැතිවරණයේදී ඉදිරියෙන් සිටින බව පැහැදිලි ය. එහෙත්, එහි අපේක්ෂක ලැයිස්තුවල ද සිටින බොහෝ දෙනෙක් මහින්ද ක්‍රමය තුළ දේශපාලනය උගත්, ඒ අනුව හැදුණු වැඩුණු පිරිසකි. ඒගොල්ලන් නැවැත්වූ තැන සිට කාගෙන, කාගෙන යන්නට බලාගෙන සිටින බඩගිනිකාරයෝ රැසක් ද පත් වෙන්නට අපේක්ෂාවෙන් සිටිති. තෝරා බේරා ගැනීම ජනතාව සතු ය. 

මිනීමරුවන්ගෙන්, සොරුන්ගෙන්, වංචාකරුවන්ගෙන්, මැරවරයන්ගෙන් පිරි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුව මෙම මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිගාමී ම ලැයිස්තුවයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ රැළියකදී අහිංසක ක්‍රියාකාරිකයකු මරා දැමූ බවට චෝදනා එල්ල වූ රත්නපුරේ චොකා මල්ලිට ද මෛත්‍රීපාලගෙන් නාම යෝජනා ලැබීම දෛවයේ සරදමකි. 

මැතිවරණයට ඉදිරිපත් වී ජයගන්නට බැරි හිටපු මන්ත්‍රීන් වන ඒ එච් එම් ෆවුසි, ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, සරත් අමුණුගම, තිස්ස අත්තනායක, ඩිලාන් පෙරේරා, ජේ ශ්‍රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්‍රභා ගනේෂන්, ෆයිසර් මුස්තාපා, රජීව් විජේසිංහ සහ පියසිරි විජේනායක යන හිටපු මන්ත්‍රීන්ට අමතරව සෙසු පිරිස අතර ද නොම්මර එකේ ගේම්කාරයෝ හා තක්කඩි රැසක් සිටිති.

එහි විශේෂ ම ලක්ෂණය වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ එක කාන්තාවකවත් නැතිකමයි.

ජාතික ලැයිස්තුවේ කාන්තා නියෝජනය අතින් ප්‍රධාන පක්ෂ තුන අතරින් අංශු මාත්‍රයක් හෝ ඉදිරියෙන් සිටින්නේ ජවිපෙයි. ඔවුන් ජාතික ලැයිස්තුවට කාන්තාවන් තිදෙනෙක් ඉදිරිපත් කර තිබේ. එජාපය ඉදිරිපත් කර තිබෙන්නේ දෙදෙනෙක් ය. මේ පිරිමි පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන් ම කාන්තාවක් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමේ බරපතල වගකීමක් ජවිපෙට තිබේ. ජවිපෙ මෙම අභියෝගය භාර ගන්නට සූදානම් ද?

ජවිපෙ ජාතික ලැයිස්තුවේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ පක්ෂ අනුගාමිකයන් නො වන වෘත්තීයවේදීන් පිරිසක් ජවිපෙ විසින් සිය ජාතික ලැයිස්තුවට ඉදිරිපත් කර තිබීමයි. ජවිපෙට මෑත සිට තදට වැළඳී තිබෙන උපාධි පිස්සුව සමග ගැලපෙන සේ ආචාර්ය, මහාචාර්යවරුන්ට ජාතික ලැයිස්තුවේ වැඩි අවස්ථාවක් දී තිබෙන අතර මේ ආචාර්ය, මහාචාර්යවරු පසුගිය කාලයේ ලියූ පොතපත, ශාස්ත්‍රීය ලේඛන ගැන හා කළ පර්යේෂණ ගැනත් අපට දැනගන්නට සලස්වනවා නම් හොඳ ය.

ජවිපෙට අවම වශයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක්වත් ලැබෙනු ඇතැයි අපි අනුමාන කරමු. එබැවින් ජවිපෙ අනිවාර්යයෙන් ම හිටපු විගණකාධිපති මායාදුන්නේ වැනි විද්වතකු පාර්ලිමේන්තුවට පත් කර ආදර්ශයක් දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ය. එය ජවිපෙ දේශපාලනයේ කැපී පෙනෙන වෙනසකි.

ඉදිරි මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය අන්ත පරාජයක් ලබන බව නියත ය. එහෙයින්, ජවිපෙ පාර්ලිමේන්තු ශක්තිය වැඩි කරන්නට ජනතාව පියවර ගත යුතු ය. බහුතරය අහංකාර පුද්ගලයන් වුණත්, හොඳ විපක්ෂයකට සුදුසු වෘත්තික මට්ටමේ දේශපාලනඥයන් සුළු පිරිසක් ජවිපෙ විසින් දිස්ත්‍රික් මට්ටමින් ඉදිරිපත් කර තිබේ. ජවිපෙ මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ඔවුන්ගේ කේඩරය අතර කැපී පෙනෙන සමාජ නායකයන් නැති වීමයි. 

තමන්ගේ කඩේ බඩු ෂුවර් කතාව නම් ඒ තරම් විශ්වාස කළ යුතු නැත. සහෝදරියන් හෙවත් භාර්යාවන් ලවා ඇඳුම් මස්සවා එයින් යැපෙන බව කියන, සහෝදරියගේ වැටුපෙන් ගෙදර වැඩ කරන බව කියන, තාත්තලාගේ පැන්ෂන් එකෙන් ජීවත් වන බව කියන කට්ටිය ගැන ඒ තරම් ෂුවර් කළ යුතු නැත.

දෙයියනේ කියලා ඊළඟ පාර්ලිමේන්තුවේදී හෝ ජවිපෙන් පත් වන මන්ත්‍රීන් මහජනතාව දෙන වැටුපෙන් කා, බී, මහජන සේවයට කැප වුණ, පුලන්නන් නොවන පිරිසක් වේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

පාර්ලිමේන්තු යන්නට තිබුණු ආසාව මැඩගෙන නාකි වූ සෝමවංශ අමරසිංහට ජාතික ලැයිස්තුවෙන්වත් පිනට යමක් ලැබී නැති එක ද අහෝ දුකකි (ඉරකි. තිතකි).

කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට දී අපතේ යවා ගන්නා ඡන්දය ජවිපෙට දී සැබෑ විපක්ෂයක් ගොඩනගන්නට ජනතාව දිරිගැන්විය යුතු ය. පසුගිය ඡන්ද කීපයකදී අපි ජවිපෙට ඡන්දය දෙන බව කියමින් කඩේ ගියෙමු. එහෙත්, මේ සැරේ නම් අපි එසේ කළොත් කරන්නේ දරුණු විවේචනයක් සමග ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වැනි පක්ෂ අඩු තරමේ එකට එක්ව තරග කරන්නට හෝ උත්සාහ කළා නම් ඔවුන්ට ද ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් හෝ ලබා ගන්නට උත්සාහ කරන්නට තිබිණි. එහෙත් මමංකාරය සියලු දේශපාලන දෘෂ්ටිවාදයන්ට හා උපායමාර්ගවලට ඉදිරියෙන් තබන මේ පක්ෂවලට අනුකම්පා කිරීම හැර වෙනත් දෙයක් කරන්නට ජනතාවට හැකියාවක් නැත. 

අප මහින්ද ක්‍රමය පෙට්ටියට දමා ඇණ ගැසූ පසු ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධිය වූ ලංකාවේ ධනවාදයේ අර්බුදය කුණු වී, ජනතාවට කන්නට, බොන්නට නැති වී, ජනතාව පාරට බැස සමාජවාදී විප්ලවය කර ඔවුන්ගේ ම පක්ෂයට විතරක් බලය පවරා දෙන රතු ම රතු සමාජවාදය උදා වේවා යි චිත්ත ප්‍රීතියෙන් යුතුව සමාදන් විය යුතු. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Para, when we look at the past election result -2015, still im feeling MR is ahead in south areas. look closer the results. Now north is voting to their tamil parties hence if we consider the trend in here difficult to figureout the UNP sucess, kindly comment

    ReplyDelete
    Replies
    1. I am based on ground studies. I live in an area where UPFA was powerful but I have noticed situation drastically change. On the other hand, Mahinda gained that result by way of using the public property and media to the maximum. Now. they don't have it. UPFA will retain its block vote but most of the floating votes will go with the current.

      Delete
    2. AnonymousJuly 14, 2015 at 7:00 AM,

      This time UNP & UPFA will get quite equal number of seats since UNP is using government media for their campaign, much younger & fresh candidates & much more funds & courage than previous elections; most probably UPFA will get slightly above number of seats. I guess UNP 95, UPFA 100, TNA 18, JVP 5, MC 3, Others 4 and that is my prediction.

      Delete
  2. A useful guideline that Sri Lankan voters must follow. I love this article. Most people like JVP but they are unwilling to abide by them. JVP doesn't offer personal favors. Average men are not independent they need material favors. Though not a leftist, Ranil loves the masses in a different way. He is also a man who looks developments measures through a wider angle. However, he hadn't guts, bravery and energy to penetrate Rajapaksa mechanism. It's JVPers who started the destruction and finished. It's JVP who spearheaded the January 8 movement and protected it till the last moment. High officials feared an onslaught by JVP on January 8 and backed down. Otherwise they would fore sure resort onto cruel ways. MY3 had been hiding in a coconut plantation. I don't know where Champika and Ven. Rathane were? JVP deserves to be the opposition leadership till they prove that they are also matter in governance.

    ReplyDelete
    Replies
    1. Baseless ideas. You don't know the ground situation in SL politics. JVP spearhead Jan 08 movement? ROFL :D

      01. JVP said "we cannot sure the goods in My3 shop" since they wanted to destroy My3 in the near future for their selfish plans. Actual war is done by brave civilians/ volunteers who really needed a better country & better governance. Civil activists also pioneered & helped them.

      02. You don't know who JVP are. They are much more dangerous than MR regime once they get a substantial amount of power.

      03. Champika & Ven. Rathana/ Sobhitha etc. did much more significant battle against MR regime on right time. Ven. Sobhitha is fighting for a long time with death threats & got nothing from this new Gvt. His movement is much more towards people & fairness for all. JHU also supported & fight on right time. Now they joined with UNP getting a huge risk for their vote base.

      04. Fist read the history of JVP & learn who they are & study what they do & their future plans before commenting immaturely.

      Delete
    2. //ජවිපෙ වැනි කල්ට් පක්ෂ මුල් තැන දෙන්නේ පුද්ගලයා දරණ දර්ශනයට, ඇත්තෙන්ම පක්ෂ මධ්‍යයට පෙන්වන දාර්ශනික යටහත් භාවයට [මම මේවා කල්ට් කියා දිගටම කියන්නේ තරමක් දුරට ඔබ මේ සටහනේ කියන තර්කයෙන් - මේ ගැන කිපුණු ජවිපෙ සහෝදර වරු කීප පාරක් කොක්ක දා ගත්තා. නැවතත් කියන්නේ හැසිරීම කල්ට්, හැබැයි එපමණකින් මම එය පහත් කොට සලකලා නැහැ]

      ඉතින් කාලය ගෙවෙන කොට මිනිස්සු මෝරන කොට දිගටම ජවිපෙ ඒ මිනිසුන්ගෙන් දුරස් මිසක් ලං වෙන්නේ නැහැ. ඒ අඩුව පුරවන්න ශිෂ්‍ය සන්විධාන හරහා අවභාවිතා කෙරෙන ලාංකීය විවි පද්ධතිය දෙන තල්ලුව නොවෙන්න ජවිපෙ මෙලහට තවත් එක ත්‍රී වීලර් පක්ෂයක්.

      හැබැයි මට හිතෙනවා ඔබට මිස්වෙනවා කියල ජවිපෙ "ගැමිකම". ජවිපෙ මූලිකම අරගලය ස්ථානගත වන්නේ නාගරික බටහිර පොෂ් මතවාද වලට එරෙහි ගැමිකම එක්ක බවයි මගේ මතය. නාගරික බටහිර පොෂ් සංකේත එක්ක ජවිපෙ තරහයි.//

      උපුටා ගත්තේ සුජීව කොකාවල මහතාගේ සටහනකින්.

      Delete
    3. ජවිපෙ කියන්නෙ කලින් කලට වෙස් මාරු කරමින් කෙටි මගකින් පාර්ලිමේන්තුවට යන්න හදන කල්ලියක් පමණයි .. මම 1971 ඉඳන් 90 දක්වා ඔවුන් සමග සිටි කෙනෙක්. එදා සිට අද දක්වා ඔවුන් තම පිළිවෙත් වෙනස් කල ආකාරය බලන්න. 1971 එක්දිනක ප්‍රහාරයකින් රට ඇල්ලීම 1988 වෙනකොට ඉන්දිය විරෝධය මගින් රට ඇල්ලීමට පෙරලෙනවා. ඊලඟට පාර්ලිමේන්තුවට රිංගන්න ඔක්කොම වෙනස් කරනවා. ඒ කරන හැම වෙනසක්ම සාධාරණිකරණය කරන්නෙ ෆ්ලැට් නියායෙන්. ආපහු ගොඩනැගෙන සෝමවංශ පෙරමුණ චන්ද්‍රිකාට ජැක් ගහනවා ඇමතිකං අරං. මෙව්ව එයාලම පරණ වම කරනකොට පතුරු ගහපු දේ. ඊ ලඟට ඒක පාවිච්චි කරලා මහින්දට ආවඩනවා. මහින්ද ගෙනෙන්න වේදිකා නගිනවා. මහින්ද චින්තන හදන්නෙ ජවිපෙ. ඊලඟට යුද්ධෙ විකුණන් කනවා. මහින්ද ජවිපෙ තුනට කඩනවා. එතකොට මහින්ද හතුරා වෙලා ජනරාල් වීරයා කරගන්නෙ ස්‍තෝත්‍ර ගයමින් යුද්දෙ විකුණන් කන්න. පැරදුනාම ජෙනරාල්ව අතාරින්නෙ ගැරඬියෙක් හැව අරිනවා වගේ.. ඊ ලඟට යහපාලන කල්ලියට එකතු නොවෙන්නෙ යුඇන්පීයට විරුද්ධ වෙන්න ඕනෙ නිසා. හැබැයි හිරිකිතයක් නැතුව 2009 යුඇන්පී එක්ක එක වේදිකාවෙ ඉන්නවා. මෙයාලගෙන් හැලෙන අය එක්කො හොරු වෙනවා නැත්නම් අන්ත දක්ෂිනාංශකයො වෙනවා. කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් පක්ෂෙ කවදාවත් තිබ්බෙ නෑ. සෝමවංශ කියන එකේ ඇත්තක් තියෙනවා. යූ ඇන්පී ඒකෙන් අයින් කලාම. අද අපේ රටේ කාටත් පැහැදිලිව පෙනෙන දන්න යකා යූ ඇන්පී විතරයි අනික් ඔක්කොම රෑට මිගෙල් දවල්ට දනියෙල්..

      Delete
  3. සන්ධානයට හෝ යූඇන්පී සන්ධානයට අකමැති සියලු දෙනා ජාතික යුතුකමක් වගකීමක් ලෙස සලකා ජේවීපී එකට ඡන්දය දියයුතුයි. ඔවුන් විපක්ෂය බවට පත් කරන්න. ඉන්පසු ඔබට පෙනෙයි රටෙත් මහජනතාවගේත් යහපත වෙනුවෙන් ඔවුන් ආණ්ඩුව පාලනය කරන හැටි.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩු පාලනය කෙසේ වෙතත් ආණ්ඩු පෙරලන්න නම් ඔවුන් එදත් සූරයෝ, අදත් සූරයෝ. රටක ආර්ථිකය බිඳ දමන්න හරිම සූරයෝ.

      Delete
    2. මහින්දව දිරව ගන්න බැරි වාමාංශිකයිනි, මෙවර ජෙප්පන්ට දෙන්න (ඒත් මුන්ට යූඑන්පී කාරයන්ටත් වඩා ජෙප්පෝ අරහංනේ), මොනව කරන්නද කටු ගාලාවත් දාන්න.

      Delete
    3. ඇණයා Nut ManJuly 14, 2015 at 9:19 AM,

      Well said. JVP has only one ability; criticism & false propaganda are their weapon & they'd love to destabilize the country. They believes that a huge disaster could change the attitudes of people & they could get people's support in such a worst situation. However they are so pessimistic based on their attitudes.

      Delete
    4. අනුර නිතරම කියන්නේ ජවිපෙ ආණ්ඩු බලය ගන්න හදපු පක්ෂයක් කියල. ජවිපෙට අවුරුදු 5ක් දීල බලන්න කියනවා. එත් අමාත්‍යංශයක අමාත්‍ය වරයෙකුගේ වගකීම පිළිබඳව සුළු හෝ අත්දැකීමක් ඇත්තේ දැනට ජවිපෙ සිටින අනුර සුනිල් සමන්ත සහ වසන්ත වැනි කීප දෙනෙකුට පමණයි. අපි දන්නා දෙයක් නම් අශිෂ්ටව ගුණාත්මක හෝ සදාචාරත්මකව ඉතා පිළිකුල් සහගත ලෙස වෘත්තීයේ යෙදෙන වෛද්‍ය වෘත්තිකයන්, හෙදියන්, වින්නබුවන් සහ සෞක්‍ය කම්කරුවන් පවා පුහුණු කාලයකට යටත් විය යුතුයි. මුදලට ලොල් නීතීඥයන් පවා දීර්ග පුහුණුවක් ලබයි. තාක්ෂණික ශ්‍රමිකයන් වන පෙදරේරුවන් යාන්ත්‍රික කාර්මිකයන්, වඩු කාර්මිකයන්, ටී මේකර් වරුන්, සන්නාලියන් පවා පළපුරුදු ඇති අයෙකුගෙන් පුහුණුවක් ලබයි. රාජ්‍ය නායකත්වයක් තබා අමාත්‍යංශයක් වත් හැසිරවීමේ ලැබුණු කෙටි කාලීන අවස්ථාවවත් තම මන්ත්‍රී වරුනට ලබානොදුන් ජවිපෙ ආණ්ඩු බලයක් ඉල්ලා සිටීම විහිළුවක් බව අනුර පවා දන්නා බව මම සිතමි. ජවිපෙට වැරදීමකින් හෝ ආණ්ඩු බලයක් ලැබුනහොත් ඒ සදහා දීර්ග කාලීනව පුහුණු කරනු ලැබූ කල්පිතයේ නොවෙන ලෝකයේ සැබෑ පරිපාලනමය රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් ඇති 5 දෙනෙක් වත් ජවිපෙට සිටීද ? ජවිපෙ දැක්ම වෙනස් විය යුතුය. උප්කලිපිත ලෝකයක කරන දේශපාලනයට සීමා නොවී සැබෑ ලෝකයේ සැබෑ රජයක කොටස් කරුවන් වෙමින් රාජ්‍ය තන්ත්‍රය හැසිරවීමේහි ලා අත්දැකීම් ලබාගනිමින් මහජන විශ්වාසය තහවුරු කරනතුරු ජවිපෙට බලයක් නොලැබේ. එතෙක් ජනතාව ජවිපෙට දෙන්නේ විවේචනය කිරීමට අවශ්‍ය වන පුටු ගණන පමණකි.

      Delete
  4. ජවිපෙට බහුතර බලයක් (ප්‍රජාතන්ත්‍රවාදීව නොව) ඇතව තිබුි විශ්ව විද්‍යාලතුල ඔවුන් ගෙනගිය අන් මතය නොඉවසනා සහ එම මතය යටපත්කිරීමට ප්‍රචන්ඩකාරීත්වය පාචිච්චිකල ආකාරය අත්විඳි අයෙක් ලෙස ජවිපෙට මාගේ ජන්දය කිසිදා නොලැබේ.

    ReplyDelete
    Replies
    1. Perfect example has been given. JVP is definitely not a democratic party. They really never believe democracy & it could be revealed from some of their public speeches. They only speak about democracy since people loves democracy & they just want floating votes. Their true face differs. JVP talking about democracy matches with the quote "Virginity is lack of opportunity".

      Delete
  5. JVPers are indeed good critics; but history show they lack constructive abilities, rather hateful minds of many make them a destructive force, I mean they would make false propaganda on issues where radical changes required, similar to what they did in education policies and water management. They don't have a village base at all but in huge public sector.
    So JVP representation in parliament will help making constitutional changes, and controlling corruptions anticipated when UNP in majority but they will negate much needed economic reforms.

    ReplyDelete
    Replies
    1. True. Most of the people know who they are though they think beyond what they really deserves. They have proven their true colours in 2004 when they get 39 seats. People only give them enough power to criticize.

      Delete
  6. Mayadunne was the head of F&G real estate Trust for few years. He misused its funds to pay for his mothers hospital expenses. He did nothing to solve the issues and after so many years went home subsequent to enjoying a handsome salary for a long time after retirement. What is so goo about this guy ?

    ReplyDelete
    Replies
    1. This is the sad truth about almost all government auditors in Sri lanka. They are good critics filled with jealousy since they get very low salaries as opposed to the other parallel fields. Auditor suits with JVP only. They cannot implement any progressive or useful work, no innovative thinking but simply criticizing/ disrupting all who working hard.

      Delete
  7. ඇත්තෙන්ම දැන් සිදුවිය යුත්තේ දැනට වෙන්නාක් මෙන් ජනාධිපතිමෛත්‍රිපාල සිරිසේන, මැතිවරණ ක්‍රියාවලියෙන් ඉවත්වීම නොව, දූෂණයට එරෙහි ශ්‍රී.ල.නි.පක්ෂයේ/සන්ධානයේ අපේක්ෂකයින්ගේ මැතිවරණ වේදිකාවල පෙනීසිටිමින් දූෂණයට විරුද්ධ සිය ස්ථාවරය ඡන්දදායකයින්හට ප්‍රදර්ශනය කොට ඔවුන් බලවත් කිරීමය. එය කිසිවිටෙක පක්ෂය භේද භින්න කිරීමක් ලෙස අර්ථකථනය නොකළයුතුය. ඔහු විරුද්ධ ශ්‍රී.ල.නි.ප.යට නොව, සමාජ පිළිලයක්වූ, දූෂිත මහින්ද රාජපක්ෂ ක්‍රමවේදයට බව තේරුම් ගැනීමට හැකි විචාර බුද්ධියක් සැබෑ ශ්‍රී.ල.නි.පාක්ෂිකයා තුල තිබිය යුතුය.

    ReplyDelete
  8. UPFA UNP JVP TNA MC EPDP Other
    Colombo 19 8 10 1
    Gampaha 18 9 8 1
    Kaluthara 10 6 4
    Kandy 12 5 7
    Mathale 5 3 2
    Nuwaraeliya 8 3 5
    Galle 10 6 4
    Mathara 8 5 3
    Hambanthota 7 4 3
    Jaffna 7 0 1 4 1 1
    Vanni 6 0 2 3 1
    Batticalor 5 0 2 3
    Ampara 7 1 4 2
    Trincomalee 4 1 2 1
    Kurunegala 15 9 6
    Putthalan 8 3 5
    Anuradhapura 9 6 3
    Polonnaruwa 5 4 1
    Badulla 8 3 5
    Monaragala 5 3 2
    Rathnapura 11 7 4
    Keggale 9 5 4

    196 91 85 2 14 2 1 1
    29 12 11 2 3 1 ****
    225 103 96 4 17 2 1 2

    ***** SF or FSP

    UPFA 103
    UNP 96
    TNA 17
    JVP 4
    MC 2
    Other 3

    ReplyDelete
    Replies
    1. කවුද මේක කිව්වෙ? නාථ දෙයියො ද?

      Delete
    2. නිවරදි සංගණනයන් අනුව ලැබීමට නියමිත ආසන සංඛ්‍යාව පහත පරිදි වේ
      එජාපය 104
      එජනිස 97
      දෙජස 15
      ජවිපෙ 5
      මුකො 2
      EPDP 1
      ස්වාධීන 1
      ජවිපෙට ලබාගත හැකි උපරිම ආසන සංඛ්‍යාව 5 යි

      Delete
    3. ඔව් මේ පහල ඇනොගේ නිගමනයට ඉතා ආසන්න ප්‍රතිඵලයක් තමා ලැබෙන්නේ.

      Delete
    4. UNP & UPFA will get quite equal number of seats; most probably UPFA will get slightly above number of seats. I guess UNP 95, UPFA 100, TNA 18, JVP 5, MC 3, Others 4

      Delete
  9. හුදු බණ්ඩාJuly 14, 2015 at 2:24 PM

    දන්නෙ නැති නිසා අහන්නේ - මොනවද බන්දුල කරපු හොරකම් ?

    ReplyDelete
    Replies
    1. ඇයි එස්බියෝ උඹේ යාලුවා හින්දද බන්දුලයා සුද්ද කරන්න යන්නේ? අධ්‍යාපන ප්‍රකාශන වලින් ගහපුවා, කොරියාවෙන් ලැබුණු පියානෝ වලින් ගහපුවා අමතකද?

      Delete
    2. මහින්දෝදය විද්‍යාගාර කොන්ත්‍රාත් සම්පූර්ණයෙන් ම විනිවිදභාවයෙන් තොරයි. එහි නාමපුවරුව සවි කරන්න විතරක් රු. ලක්ෂයයි. ඒත්, ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ ඒ සමාගම ම ඒ වැඩේ රු. විස්පන්දාස් පන්සීයට කළා.

      Delete
    3. බොරු කියන්න එපා පැරකුම්. තඹ වන් මිශ්‍ර ලෝහ තහඩුවක කොටන නාම පුවරුවට බේසික් කොස්ට් එක රු. 75,000 - 80,000 ක් යනවා. සාමන්‍යයෙන් රේට් එක ලක්ෂය තමයි. හැබැයි ඉස්සර කාලෙ වගේ සිමෙන්ති රෙන්ඩර් එකක කොටන පුවරුවකට නම් අඩුවට කරතහැකි. අකිල විරාජ් මහතා කුරුණෑගල කරපු ප්‍රොජෙක්ට්ස් වල ඵලකයෙ රේට් එකත් ලක්ෂයකට තමයි කලේ.

      Delete
  10. UNP UPFA JVP TNA Other
    කොළඹ 11 7 1 0 0
    ගම්පහ 9 8 1 0 0
    මාතලේ 8 4 0 0 0
    කැගල්ල 5 3 0 0 0
    පුත්තලම 5 3 0 0 0
    බදුල්ල 5 3 0 0 0
    කැගල්ල 5 4 0 0 0
    කලුතර 4 5 1 0 0
    ගාල්ල 4 6 0 0 0
    මාතර 3 5 0 0 0
    හම්බන්තොට 3 4 0 0 0
    මොණරාගල 2 3 0 0 0
    රත්නපුර 4 7 0 0 0
    කුරුණෑගල 6 8 1 0 0
    අනුරාධපුරය 4 5 0 0 0
    පොලොන්නරුව 1 4 0 0 0
    මාතලේ 2 3 0 0 0
    යාපනය 1 0 0 4 2
    වන්නි 2 0 0 3 1
    මඩකලපුව 1 1 0 2 1
    ත්රි කුණාමලය 1 1 0 2 0
    දිගාමඩුල්ල 4 1 0 2 0
    90 85 4 13 4
    12 12 2 2 1
    102 97 6 15 5

    ReplyDelete
  11. මහින්ද පරාජය කිරීම මගින් බලාපොරොත්තු වන්නේ මොනවාදැයි පැහැදිලි නැත. නැවත මහින්ද ජය ලැබුවද ජනාධිපති තනතුරේදි තරම් බලයක් නොලැබෙන බව විශ්වාසය
    රනිල් මහින්දටත් වඩා ඒකාධිපතියෙකි රනිල්ට බලය ලබාදීම මහින්දට දෙනවාට වඩා භයානකය
    ඊලග පාර්ලිමේන්තුවේ කිසිදු පාර්ශවයකට බහුතර බලයක් නොලැබියනු ඇත.

    ReplyDelete
    Replies
    1. /*රනිල් මහින්දටත් වඩා ඒකාධිපතියෙකි */
      ඒ ඉස්සරය. දැන් රනිල් එහෙම නැත. හරි හොඳය. දමිළ ඩයස්පෝරාවත් හොඳය. ප්‍රභාකරන් මලේ අපරාදේය, හිටියානම් චෝයිය. චම්පිකත් දැන් හරි හොඳය ජාතිවාදී නැත. බදුර්දීනුත් පට්ටය. නරක රාජපක්ෂලයි, ගෝලයොයි විතරය. උන් කවදාවත් හොඳ වෙන්නේ නැත. ඒක නිසා උන් පැරැදවිය යුතුය,

      Delete
    2. මහින්ද කියන පුද්ගලයා නෙමෙයි පරද්දන්නෙ එයා පහුගිය කාලෙ ඇති කරපූ මජර ක්‍රමයයි ඉවරකරන්නයි ඕන.පහුගිය දවස්වල ආයූධ පෙන්නන්න ගිහින් කවුරුවත් මැරුන කියල එහෙම නිව්ස් වලට කිව්වද ?

      Delete
    3. සහතික ඇත්ත. මේ මජර ක්‍රමය නැති කරන්න ඉස්සර වගේ...ආයුධ පෙන්නන්න යන කටිටියට සාමදාන විනිසුරුකමක් දීලා, ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ

      Delete
    4. Ano 4:22 & Asanga,

      Agree with both of you. Ranil has shown it within that 180 days. He is the worst probable leader with such a small power in the parliament. His true colours could be seen once he got a substantial amount of power in the parliament.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා