Posts

Showing posts with the label එක්සත් සමාජවාදී පක්ෂය

මහින්දට දී අපතේ යවා ගන්නා ඡන්ද ජවිපෙට දී සැබෑ විපක්ෂයක් ගොඩනගන්නට ජනතාව දිරිගැන්විය යුතු ය.

Image
ඉදිරි මහ මැතිවරණයේදී සමාජවාදී හෝ ප්‍රගතිශීලී හෝ ප්‍රජාතාන්ත්‍රික හෝ පුරවැසි බලවේගවල මූලික වගකීම වන්නේ මහින්ද රාජපක්ෂ ඔහුගේ මජර ක්‍රමයත් සමගම පරාජය කිරීමයි. එය අතිශය තීරණාත්මක පරාජයක් බවට පත් කළ යුතු ය. පසුගිය කාලයේ සොරකම් කළ සල්ලි වීසි කර ඡන්ද කෙරුවාවට එන මහින්ද, ජොන්ස්ටන්, රත්තරං, මහින්දානන්ද, විමල්, වෙල්ගම, ඩලස්, බන්දුල ඇතුළු නඩය ම පාර්ලිමේන්තුවෙන් පන්නා දැමිය යුතු වුණත්, මනාප ක්‍රමය යටතේ මොවුන්ගෙන් කොටසක් තේරී පත් වන එක වළක්වන්නට බැරි ය. මේ සොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අනාගත ආණ්ඩුව විසින් ප්‍රමුඛතාව දිය යුතුව තිබේ.  එක්සත් ජාතික පක්ෂය මෙම මහමැතිවරණයේදී ඉදිරියෙන් සිටින බව පැහැදිලි ය. එහෙත්, එහි අපේක්ෂක ලැයිස්තුවල ද සිටින බොහෝ දෙනෙක් මහින්ද ක්‍රමය තුළ දේශපාලනය උගත්, ඒ අනුව හැදුණු වැඩුණු පිරිසකි. ඒගොල්ලන් නැවැත්වූ තැන සිට කාගෙන, කාගෙන යන්නට බලාගෙන සිටින බඩගිනිකාරයෝ රැසක් ද පත් වෙන්නට අපේක්ෂාවෙන් සිටිති. තෝරා බේරා ගැනීම ජනතාව සතු ය.  මිනීමරුවන්ගෙන්, සොරුන්ගෙන්, වංචාකරුවන්ගෙන්, මැරවරයන්ගෙන් පිරි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුව මෙම මැතිවරණයට ඉදි...