අයි.එස් ද? ලංකාව ද?

මෙම පුද්ගලයා වීරයෙකු ලෙස සැලකීමට තරුණ පරපුරට ඉඩ නො දිය යුතු ය  
ලාංකික මුස්ලිම් ජාතිකයෙකු ඉස්ලාමීය රාජ්‍යය නම් ත්‍රස්ත සංවිධානය සමග එක්ව සිරියාවේ සටන් කරද්දී ගුවන් ප්‍රහාරයකින් මිය ගිය සිද්ධියක් වාර්තා වීමත් සමග ම රට තුළ මහත් ආන්දෝලනයක් සිදු වී තිබේ. 

මෙම පුද්ගලයා ගලේවෙල පැත්තේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයකු ලෙස ද සේවය කළ, කරාටේ ගුරුවරයකු ද වූ, මහනුවර වැරැල්ලගම පැත්තෙන් පැවත එන්නකු බව වාර්තා විය. ඔහු පිළිබඳ සියලු තතු තවම වාර්තා වී නැත. 

මෙම සිද්ධිය හුදකලා සිදුවීමක් වුවත්, එයින් ජාතික සමගියට දැඩි හානියක් සිදු වී තිබේ. 

මෙම පුද්ගලයා සිරියාවට ගොස් සටන් පුහුණුව ලැබීමෙන් බලාපොරොත්තු වුණේ කුමක් ද යන්න පොලිසිය විමර්ශනය කළ යුතු ය. එසේ ම, ඉස්ලාමීය රාජ්‍යය නම් මෙම ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ තවත් අය ලංකාවේ සිටිත් ද යන්න ද විමර්ශනය කළ යුතු ය. ලංකාවට ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්නට උත්සාහයක් තිබේ නම් එය මුලිනුපුටා දැමිය යුතු ය. 

ලාංකික මුස්ලිම් ජනතාව යනු මේ රටේ සිංහල, දෙමළ වැසියන් සමග පරම්පරා බොහෝ ගණනක් තිස්සේ සහෝදරත්වයෙන් ජීවත් වූ ප්‍රජාවකි. ඒ සහෝදරත්වයේ යම් දුරස් වීමක් පසුගිය පාලන සමයේ සිදු වූ බව පැහැදිලි ය. දැන් එය පිළිසකර කර ගත හැකි ය. 

ජනවාරි 8 වෙනස යනු සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ දායකත්වයෙන් සිදු වූ ජාතිවාදයට එරෙහි ප්‍රජාතාන්ත්‍රික විප්ලවයකි. අපි දැන් ජාතික සමගියට දොර විවර කරගෙන ඇත්තෙමු. 

සිංහල, දෙමළ, මුස්ලිම් වාර්ගික අනන්‍යතාවන් අතික්‍රමණය කර ලාංකික අනන්‍යතාවක් ගොඩනගා ගන්නට අප සැම අත්වැල් බැඳ ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙය අන්තර්ජාතික ප්‍රශ්ණයක්!
    ඕස්ටේ‍ර්ලියාවේ සිට සිරියාවේ යුද්ධයට සම්බන්ධ වීමට ගිය පිරිස 150 ක් පමණ බව කියවෙනවා, කීප දෙනෙකුම මිය ගොස් දැනටමත්.

    ReplyDelete
    Replies
    1. ඔස්ට්‍රෙලියාවෙ මොකක් හරි වෙනවනම් ඒක ප්‍රශ්නයක් නෙවෙ. හම සුදු නොවන රටවල සිදු වන දේ පමණක් ප්‍රශ්න එහෙමද? ඔස්ට්‍රෙලියාව, එන්ගලන්තෙ ලන්කාවට වඩා මුස්ලිම් විරොධයක් තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ උබලට ඒ රටවල ජාතිවාදය පවා හරි පොශ්.

      Delete
    2. මා කියා ඇත්තේ මෙය අන්තර්ජාතික ප්‍රශ්නයක් බවයි!

      ජාතිවාදය, ගෝත්‍රවාදය මූලික මිනිස් චර්යාවක්, එය කිසිදා නැති වෙන එකක් නොවෙයි. ජාතිවාදයෙන් ඇතිවෙන අනිටු ප්‍රතිපල වලක්වා ගැනීමට සමාජයක් වශයෙන් අප කොයි ආකාරයෙන් කටයුතු කරනවාද, ආණ්ඩුවලින් කොයි ආකාරයේ ක්‍රම (නීති/වැටසටහන්) සම්පාදනය කර ක්‍රියාත්මක කරනවාද කියන එකයි වැදගත් කාරණය.

      Delete
    3. අයි එස් එකට යන විදේශිකයෝ ගොඩක් යන්නේ ගෑනු පෙරේත කමට. අයි එස් එකේ එවුන් පැහැරගෙන එන අහිංසක පොඩි ගෑනු දරුවෝ මේ එන විදේශික ත්‍රස්ත සටන්කාමීන්ට දෙනවා ඕනේ හැටියට ඕනේ දෙයක් කරගන්න. සිගරට් පැකට් එකටත් අයි එස් එක පොඩි කෙල්ලෝ හුවමාරු කරලා තියෙනවා. ගෑනු පෙරේත කමට ගියාට, පහනට එන සලබය වගේ එකෙන්ම මැරෙනවා මුන්. ෂුවර් එකටම මේ මරුන එකා යන්න ඇත්තෙත් ගෑනු පෙරේත කමට. මුන් වීරයෝ නෙවෙයි. ගෑනු පෙරේතයෝ. ගමේ වචනයෙන් කියනවා නම් "-ඹි සිඹා" ල.

      Delete
    4. පැහැදිලිවම මුස්ලිම් අන්තවාදයක් තියෙනව.. නැත්තෙ නෑ... හැබැයි ඒකට උත්තරේ සිංහල අන්තවාදය ප්‍රොමෝට් කරන එකය කියල හිතාගෙන ඉන්න මෝඩ හරක් එක්ක මොකුත් කරන්න බෑ...
      බටහිර රටවල (විශේසයෙන්ම එංගලන්තය, ප්‍රංශය ) මීට වඩා මුස්ලිම් අන්තවාදියො ඉන්නව, නමුත් ඒ රටවල් කරන්නේ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ගමන් ජාතීන් අතර සහෝදරත්වය වර්ධනය කරන්න වැඩ කරන එක...

      BNP වගේ අන්තවාදියො සුලු පිරිසක් ඉන්නව නමුත් ඔවුන් දිහා බහුතර සුදු ජනතාව පවා බලන්නෙ පිලිකුලෙන්..

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. අපි මේවා ගොඩාක් කලින් ලියන කොට පැරාලා මේවා පිලිගත්තෙ නෑ.. අද කියනවා හොයලා බලන්නලු....

    ReplyDelete
    Replies
    1. සෑම ජාතියක ම ආගමක ම අතළොස්සක් අන්තවාදීහු සිටිති. අපි කිසි කලෙක එය එම ජාතිය කෙරෙහි වෛරය ඇති කිරීම සඳහා භාවිතා කර නැත. අන්තවාදීන් ගැන පරීක්ෂණ පවත්වන්නට එපා යයි අපි කිසි කලෙක කියා නැත.

      අපි ඕවා කලින් කිව්වා යි කියන එක අපි ඕනෑ තරම් අසා පුරුදු මෝඩ චූන් එකකි.

      අපි නම් අනාගතය කියන්න දන්නේ නැත.

      Delete
    2. මාතලන් කියල තිබුනේ වහබි වාදය ගැනයි, මුහුණ වහන රෙද්ද ගැනයි. අයි එස් කියන්නේ වහබිවාදීන්ට පෙන්නන්න බැරි වෙනත් මතවාදයක්. වහබි වාදී ආගමික නායකයන් අයි එස් හෙලා දකින අතර සෞදි රජය ස්රිජුවම අයි එස් සමග යුද්ධ කරනවා. බලන් ගියාම වෙලා තියන්නේ මාතලන් කියපු දෙයට විරුද්ධ එක.

      Delete
    3. හපොයි ඔය මාතලන් නාකිය කියන ඒවා අහනවා නම් ඉතින් වෙන වැඩ නැතිවෙයි. එයට මහින්ද ඕනේ වෙනකොට අපි මහින්ද පස්සේ යන්න ඕනේ , එපා වෙනකොට රනිල් පස්සේ යන්න ඕනේ. ඔය මාතලන් නාකිය කිසි ප්‍රතිපත්තියක් නැති බ්ලොග් එකේ හිට් ටිකක් වැටුන නිසා එය තමයි දේශපාලන ඔස්තාර් කියල හිතාගෙන ඉන්න කෙනෙක්. ලුල නැති වල කනය පණ්ඩිතය කිව වගේ ටැබූ වගේ නියම දේශපාලන ඔස්තාර්ලා බ්ලොග් ලෝකේ හිටිය නම් ඔය මාතලන්, පැරා පණ්ඩිත කණයෝ එකෙක්වත් දේශපාලනේ කතා කරන්න එන්නේ නැහැ. මේ ටැබූ නැති පාඩුව.

      Delete
    4. පැහැදිලිවම මුස්ලිම් අන්තවාදයක් තියෙනව.. නැත්තෙ නෑ... හැබැයි ඒකට උත්තරේ සිංහල අන්තවාදය ප්‍රොමෝට් කරන එකය කියල හිතාගෙන ඉන්න මෝඩ හරක් එක්ක මොකුත් කරන්න බෑ...
      බටහිර රටවල (විශේසයෙන්ම එංගලන්තය, ප්‍රංශය ) මීට වඩා මුස්ලිම් අන්තවාදියො ඉන්නව, නමුත් ඒ රටවල් කරන්නේ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ගමන් ජාතීන් අතර සහෝදරත්වය වර්ධනය කරන්න වැඩ කරන එක...

      BNP වගේ අන්තවාදියො සුලු පිරිසක් ඉන්නව නමුත් ඔවුන් දිහා බහුතර සුදු ජනතාව පවා බලන්නෙ පිලිකුලෙන්..

      Delete
  4. ලන්කාවෙ මුස්ලිම් අන්තවාදයක් නෑ කිය කිය සින්හල සමාජයට පමණක් වයිරී ප්‍රහාර එල්ල කරපු එවුන් තමයි අන්තිමට ලන්කාවෙ ISIS සාමාජිකයා ගැන මුලින්ම ලියන්නෙ. ඒ අපිට ඇති ආදරෙකට නොව තමන්ගෙ ලැජ්ජාව වසා ගැනීමටය. බැරි වෙලාවත් ඔය මිනිහා සින්හල අන්තවාදියෙක් උනානම් පැරාලගෙ රචනා ස්ව්භාවයයි, දැන් රචනා ස්වභාවයයි බලපල්ලකො.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම මුස්ලිම් අන්තවාදයක් තියෙනව.. නැත්තෙ නෑ... හැබැයි ඒකට උත්තරේ සිංහල අන්තවාදය ප්‍රොමෝට් කරන එකය කියල හිතාගෙන ඉන්න මෝඩ හරක් එක්ක මොකුත් කරන්න බෑ...
      බටහිර රටවල (විශේසයෙන්ම එංගලන්තය, ප්‍රංශය ) මීට වඩා මුස්ලිම් අන්තවාදියො ඉන්නව, නමුත් ඒ රටවල් කරන්නේ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ගමන් ජාතීන් අතර සහෝදරත්වය වර්ධනය කරන්න වැඩ කරන එක...

      BNP වගේ අන්තවාදියො සුලු පිරිසක් ඉන්නව නමුත් ඔවුන් දිහා බහුතර සුදු ජනතාව පවා බලන්නෙ පිලිකුලෙන්..

      Delete
  5. උබලටත් ඉතින් ඇමරිකාවට විරුද්ධව ආයුද අතට ගත්තම තමයි ත්‍රස්තවාදියො වෙන්නෙ. ඔය මිනිහම ලන්කාවට විරුද්දව ආයුධ ගත්තනම් උබලට උන් විමුක්තිකාමියො, සින්හල ආධිපත්යට විරුද්දව නැගිටපු සටන්කාමියො. උබලට ගැලපෙනම වචනෙ තමයි යැන්කි සමාජවාදියො. උඩින් සමාජවාදෙ, යටින් ඇමරිකන් කොන්ත්‍රාත්.

    ReplyDelete
    Replies
    1. @ Anonymous July 21, 2015 at 10:39 PM ----
      ඇයි, උඹට ලැබුණේ චීන කොන්ත්‍රාත්තුවක් ද මෙහෙම ලියන්න?

      Delete
    2. අනෙ ලැජ්ජා නැති ඇමරිකන් ඉත්තො. චීනෙ ආධාර දෙන ත්‍රස්තවාදයක් ලොකෙ තියෙනවද? චීනෙ ලන්කාවෙ දෙශ්පාලනෙට ඇගිලි ගැහුවෙ කවදද? මුලු ලොකෙම අපිට ආයුධ නොදී හිටපු අවස්තාවෙ ඒ සදහා ඉදිරිපත් උනෙ චීනෙ නෙවෙද? තොපිට ඒ උදව්වට වඩා ඇමරිකාව ලොකු උනෙ තියෙන ගොන් කම නිසා නෙද?

      Delete
    3. AnonymousJuly 21, 2015 at 11:39 PM
      උබ චීනේ ගැන දැකල තියෙන්නේ නයි ටී එන් එකේ කියන ඒවා විතරයි නේද ? දවස්ක්හරි චීනෙට ගිහින් තියෙනවා නම් ජීවිතේට ඔය කතාව කියන්නේ නැහැ!!

      Delete
    4. @ Anonymous July 21, 2015 at 11:39 PM ---

      උඹ කියන්නේ ඇමරිකන් ඉත්තෙක් වීම ලැජ්ජාවට කාරණයක්, නමුත් චීන ඉත්තෙක් වීම ගෞරවයට කාරණයක්..... මරු!

      චීනය අප්‍රිකානු මහාද්වීපයේ ඛනිජ තෙල් තිබෙන ඕනෑම රටක ඒ තෙල් නිධි චීනයට ඕනෑ ආකාරයට සූරාකෑමට ඕනෑම අවි ගත් කණ්ඩායමකට මුදලින් සහ අවිවලින් ආධාර කරනවා. දකුණු සුඩානය ඊට හොඳ උදාහරණයක්. ලෙබනයේ හිස්බුල්ලා නමැති ත්‍රස්තයන්ට අවි සපයන්නේ චීනය විසින් ඉරානය හරහා.

      චීනය අපිට යුද්ධයේදී උදවු කළේ නැහැ, අපිට ඉහළ මිළ ගණන්වලට ආයුධ වික්කා මිසක්. ඒ ආයුධ ගත්තේ ණය වෙලා. ඒ ණය ගෙවන්න තියෙනවා තව බොහෝ කාලයක් යනකම්. අපිට නොමිළේ උදව් කළේ ඇමරිකාව. මහ මුහුදේ කොටින්ගේ පාවෙන අවි ගබඩාවල පිහිටීම අපේ නාවික හමුදාවට ලබා දුන්නේ ඇමරිකාව. ඒ පාවෙන අවි ගබඩා විනාශ කරපු නිසා අන්තිමේදී කොටින්ට ආයුධ නැතිව ගියා යුද්ධ කරන්න. මුළු ලෝකෙම අපිට ආයුධ දුන්නේ නෑ කියන එක පට්ට පල් බොරුවක්. මල්ටි බැරල් රොකට් ලෝන්චර් අපිට දුන්නේ NATO රටක් වන චෙක් ජනරජය. පකිස්ථානයෙන් සහ ඉන්දියාවෙනුත් ආයුධ ලැබුණා (ඉන්දියාවෙන් ලැබුණේ non-lethal weapons).

      චීනය දැන් සති තුන හතරකට පෙර ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර බරපතල විදියට ලංකාවට ඇඟිලි ගසා තියෙනවා.

      මෙ කාරණා කිසිම දෙයක් නොදන්න, විමල් වීරවංශ සංඝ පීතෘවරයාගෙන් බණ අහන උඹ තමයි නියම ගොනා.

      Delete
    5. ඇමරිකන් ගැති රටක් වන ඊශ්‍රාලයෙන් තමයි අපිට ක්ෆීර් ගුවන්යානා දුන්නේ. ලංකාව චීනයෙන් මිළ දී ගත්තේ කාලතුවක්කු සහ කුඩා අවි. ඒවායින් විතරක් යුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා ද?

      Delete
  6. ලංකාවේ එකෙක් අයිසිස් එකට ගිය එක ඔච්චර ලොකු ප්‍රශ්නයක් කර ගන්න දෙයක් නෙවෙයි. මේ පුද්ගලයා ත්‍රස්තවාදය සඳහා සිරියාවට ගියපු එකෙන් පෙන්නේ ලංකාවේ ත්‍රස්තවාදයට ඉඩක් නොතිබුණු එකයි. අයිසිස් යන උදවිය එහෙ යන්නේ පුහුණුව ලබන්න නෙවේ, එතන සටන් කරලා එතනම මැරෙන්න. බයවෙලා දඟලන්න දෙයක් වෙලා නෑ.

    ReplyDelete
  7. පැහැදිලිවම මුස්ලිම් අන්තවාදයක් තියෙනව.. නැත්තෙ නෑ... හැබැයි ඒකට උත්තරේ සිංහල අන්තවාදය ප්‍රොමෝට් කරන එකය කියල හිතාගෙන ඉන්න මෝඩ හරක් එක්ක මොකුත් කරන්න බෑ...
    බටහිර රටවල (විශේසයෙන්ම එංගලන්තය, ප්‍රංශය ) මීට වඩා මුස්ලිම් අන්තවාදියො ඉන්නව, නමුත් ඒ රටවල් කරන්නේ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ගමන් ජාතීන් අතර සහෝදරත්වය වර්ධනය කරන්න වැඩ කරන එක...

    BNP වගේ අන්තවාදියො සුලු පිරිසක් ඉන්නව නමුත් ඔවුන් දිහා බහුතර සුදු ජනතාව පවා බලන්නෙ පිලිකුලෙන්..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා