මහින්ද රාජපක්ෂ ගෝලයන්ට අජිත් පැරකුම්ගේ නමින් බොරු ප්‍රකාශ පළ කරන්නට සිදුවීම

අජිත් පැරකුම් නමින් පළ කර තිබෙන මහින්ද රාජපක්ෂට පක්ෂපාතී පහත උපුටා දක්වන ලියවිල්ල මවිසින් කරන ලද එකක් නොවේ.

මම කුඩා කාලයේ සිට පුරුදු වූ ආකාරයට මා මගේ නම ලියන්නේ Ajith Perakum ලෙසයි. මහින්ද රාජපක්ෂගේ අන්තර්ජාල ප්‍රචාරණ ව්‍යාපෘතියේ සාමාජිකයකු වන මෙම පුද්ගලයා Ajith Parakum ලෙස භාවිතා කරමින් බ්ලොග්වල කමෙන්ට් කිරීමට පටන් ගෙන තිබේ. එම පුද්ගලයා විසින් භාවිතා කර තිබෙන්නේ ජානක වංසපුර නම් බ්ලොගයක ඊයේ ලියන ලද සටහනකි. වංශපුර දේවගේ ජානක නම් පුද්ගලයකු විසින් නිර්මානය කර තිබෙන, කිසිවකු විසින් ෆලෝ කරනු නො ලබන එම බ්ලොගයේ වෙහෙස මහන්සි වී ලියන දේ පාඨකයන් ලවා කියවා ගන්නට අපගේ බ්ලොගය පාවිච්චි කර ඇති බව පෙනේ. තමන්ගේ නමින් දැමුවොත් නො කියවන නිසා ද කොහෙ ද ඒකත් පළ කර තිබෙන්නේ මගේ නමිනි. 

හද්දා පිටිසර ගමක ජීවත් වන, වෘත්තීය මාධ්‍යකරුවකු නො වන, හුදෙක් ම පුරවැසි මාධ්‍යකරණය ප්‍රධාන කර්තව්‍යය කර ගත් බ්ලොග්කරුවකු වන මගේ නම අනුකරණය කිරීමට මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සේවකයන්ට සිදු වීම පිළිබඳ එක අතකින් මම සතුටු වෙමි. මන්ද, මා විසින් කරනු ලබන කාර්යය නො වටිනා දෙයකැයි කියා කියන අයට එය එසේ නො වන බව තේරුම් ගැනීමට මෙම සිද්ධිය ඉවහල් වන බැවිනි.

අනෙක් පැත්තෙන් මහින්ද වැටී තිබෙන තත්වය ගැන එයින් ම ඔබට සිතා ගත හැකි වනු ඇත. වඩාත් ම වැදගත් දෙය එයයි. 

මෙන්න ඒ මහින්ද ගෝලයා වෙහෙස මහන්සි වී මා ලෙස පෙනී සිටිමින් ලියා මගේ ම බ්ලොගයේ පළ කර ගත් ලියුම. (පව් අනේ!) කරුණාකර මින් පසු මෙවැනි ගොන් වැඩ නො කරන්න. 

ඔබ වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරන්න

ඒ කාලෙ ඔය මායිම් ගම් කියල හඳුන්වපු සිංහල ගම්මානවලට කොටි ත්‍රස්තවාදීන් පැනල දරු පැටව් කැතිගාපු වාරයක් වාරයක් ගානෙ ඔබටත් කොටින්ව මරාගෙන මැරෙන්න හිතෙන්න ඇති. ඔබට පමණක් නොවේ හිතක් පපුවක් තියෙන මේ රටේ හැමෝටම එහෙම හිතුනා. නමුත් අපි හැමෝටම එහෙම කැක්කුමක් තිබිලත් අවුරුදු තිහක් තිස්සේ අපිට කොටි පරද්දන්න නොහැකිවුනේ ඇයි? ඒ මොකවත් නිසා නෙවෙයි අපි කාටවත් තනි පුද්ගලයින් හැටියට ක්‍රියා කරල රටේ නිදහස රැක ගන්න බැරි නිසයි. රටේ නිදහස රැක ගත හැක්කේ රාජ්‍ය බලයටයි. රාජ්‍ය බලය මෙහෙයවන්න සුදුසු රාජ්‍ය නායකයෙක් සිටිය යුතුයි. රටක නිදහස රැකෙන්නෙ රාජ්‍ය නායකයා ක්‍රියාකරන ආකාරයටයි.

එකේ අනිත් පැත්තත් එහෙමයි. රටේ මිනිස්සු නිදහස පිළිබඳව මොන ආකල්ප දැරුවත් රාජ්‍ය නායකයෙකුට අවශ්‍යනම් රටේ නිදහස පාවල දෙන්නත් පුළුවන්.

මෙවර ඡන්දයේදී මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ඡන්දය දෙන්න හිතාගෙන සිටින බොහෝ දෙනෙකුට රට ගැන කැක්කුමක් තියෙන බව සැකයක් නැහැ. ඔවුන් බහුතරයක් රට බෙදනවට විරුද්ධයි. ඔවුන් ඡන්දය දීමට බලාපොරොත්තුවෙන මන්ත්‍රී අපේක්‍ෂකයින් බහුතරයකුත් එහෙමයි. නමුත් ඊලඟට මේ රටේ රාජ්‍ය බලය ලබා ගන්න නායකයා රටේ නිදහස පාවා දෙන ආකාරයට ක්‍රියා කලහොත් ඔබටවත් මටවත් අපි කිසි කෙනෙකුටවත් රාජ්‍ය බලයට විරුද්ධව ගිහින් තනි තනියෙන් රටේ නිදහස රැක ගන්න ලැබෙන්නේ නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕනෙ.

අද කොටි ත්‍රස්තවාදය නැතිවුනත් දෙමළ ජාතිවාදී සංවිධාන මේ රට බෙදන උත්සාහය නවත්වල නැහැ. දෙමළ ජාතික සංධානය 13 වෙනි සංශෝධනයෙන් ඔවුන්ගේ අභිලාශ ඉටුවෙන්නේ නැති බව දැන් ප්‍රසිද්ධියේම කියනව. ඔවුන්ට ඉංදියාවේත් එංගලන්තයේත් ඇමරිකාවේත් ආශිර්වාදය ලැබෙනව. මේ හැම බලපෑමටත් වඩා වැඩියෙන් භයානක ලෙස රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග රාජිත සේනාරත්න මංගල සමරවීර වැනි නායකයින් සුළු පිරිසක් දෙමළ ජාතියට ස්වයං නිර්ණීය අයිතියක් තිබිය යුතුය යන මතයේ සිටිනව. ඒ බව ජනතාවට වසන් කරමින් තිරයේ පිටුපස සිටන් ඔවුන් ක්‍රියාත්මක වෙනව. මේ පිරිස අතීතයේත් වර්තමානයේත් ක්‍රියාකරන අකාරයෙන් ඒ බව ඔප්පු වෙනව.

රනිල් වික්‍රමසිංහ භාරයේ අද උතුරේ හමුදා ශක්තිය අවම කෙරෙමින් පවතිනව. උතුරේ කොටි සැමරෙන කොට දකුණේ රණ විරු සැමරුම නැවත්තුව. කොටි ත්‍රස්තවාදීන් නිදහස් කෙරෙන කොට මෙහෙ රණ විරුවන්ට මරණ දණ්ඩනය නියම කරනව. මේවට බටහිර රටවල් වල ආශිර්වාදය ලැබෙනව. රණ විරුවන්ට විරුද්ධව යුධ අපාරාධ චෝදනා ගෙන ඒම දැනට නවත්තල තියෙන්නේ එහෙම කලොත් මේ දේශද්‍රෝහීන්ට මැතිවරණයෙන් අවාසි වෙයි කියල හිතලයි. බටහිර රටවල් කාටද මේ උදව් කරන්නෙ? මොනවටද උදව් කරන්නෙ? වර්තමානයේ පමණක් නොවෙයි රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අතීතයේත් ක්‍රියාකලේ මෙහෙමයි. ප්‍රභාකරන් “මහත්තයා” යුද්ධයෙන් පරාජය කරන්න බැහැ කියල ඔවුන් මතයක් ගොඩනැඟුව. රට වෙනුවෙන් ජීවිත දානය කරපු රණ විරුවන්ට අපහාස කලා. ඒ ඔක්කොමත් කරල දෙමළ ජාතිවාදීන් සමඟ රට පාවා දෙන්න ගිවිසුම් ගැහුවෙත් මේ පිරිසමයි.

මේ රටේ නිදහස ආරක්‍ෂා කරන්නේ යැයි ජනතාවට සහතිකයක් දීමට සුදුසු කමක් ඇති එකම එක නායකයා මහින්ද රාජපක්‍ෂයි. රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අඩු තරමින් ජනතාවට එවැනි සහතිකයක් දීමට ඉදිරිපත්වෙන්නේවත් නැත. ඔවුන් පිළිබඳව එවැනි සහතිකයක් ඔබට දිය හැකිද?

යම් හෙයකින් රාජ්‍ය බලය රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ් පිරිස අතට පත්වුවහොත් අලියාට ඡන්දය දෙන බහුතරයකගේ හැඟීම් වලට විරුද්ධව යමින් රට බෙදීම සඳහා මොවුන් කටයුතු කරනවා නිසැකයි. රට බෙදුනොත් ඒක ආපස්සට හරවන්න බැරි වරදක් වෙනව. රටේ අනිත් ප්‍රශ්ණ අපට මැදිහත් වෙලා විසඳගන්න පුළුවන් නමුත් රට බෙදුවොත් අපි කිසි කෙනෙකුටවත් තනි තනියෙන් ඊට විරුද්ධව ගිහින් රටේ නිදහස රැක ගන්න බැරි වෙනව. අපිට අවුරුදු තිහක් තිස්සේ කොටි පරද්දන්න බැරි වුනෙත් ඒක තනි පුදගලයින් වශයෙන් කරන්න බැරි නිසයි. රටේ නිදහස වෙනුවෙන් අපට තනි තනියෙන් කටයුතු කරන්න ලැබෙන එකම අවස්ථාව මේ මැතිවරණයයි. ඔබත් ඔබේ ඡන්දය රටේ නිදහස වෙනුවෙන් කැප කරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කුපාඩි මරා උගේ බංකොලොත් බව පෙන්නන හොඳම උදාහරණයක් මේ සිද්ධිය. මරා දන්නවා දැන් ඌට කෙලවෙලා ඉවරයි කියලා. ඒ හින්දා ගියපාර වගේ මූ දන්න සෙල්ලම් ඔක්කොම දානවා දිනයි කියලා හිතාගෙන.

    ReplyDelete
  2. සතුටු වෙන්න පැරා! පැරාගෙ නම පාවිච්චි කරනව කියන්නෙ පැරාත් ජාතික මට්ටමේ පොරක් කරල කියන එකනෙ. :-)
    (දැං නං ඒ පෝස්ටුවෙ නම නෑ වගේ.....)

    ReplyDelete
  3. කොමෙන්ට් එක ඔබේ නමින් දාපු කෙනා ඔය කියන කෙනාම බව දන්නේ කොහොමද? සාක්ෂි මොනවාද?

    ඇත්තටම ඔය කියන කෙනා නම්, එයා දෙන ජාතික චින්තන ටෝක් එක්ක ගැලපෙන්නේ නැත. ලැජ්ජයි.

    ReplyDelete
  4. පළාත් සභා හෝ ඊට ඉදිරියට යන බලය බෙදීමක් තුලින් පහල පාන්තික ජනතාවට අහිමි වන්නේ මොනවාද?

    දැනට ක්‍රියාත්මක පළාත් සභා මගින් සිදුකල හැකි දෙයක් නොමැත. ඒවා සැබවින්ම සුදු අලිය. එම ආයතනවල පලදායිතාවය වර්ධනය කිරිමට එවා සදහා අවශ්‍ය බලතල ලබා දීමක් සිදුකල යුතුව ඇත.
    සිතියමකින් එක්කොට ඇති භුමියක් තබා ගැනීම හෝ ව්‍යවස්ථාවේ එ්කීය වචනය ඇතුලත් කිරීම මගින් පහල පාන්තික ජනතාවට කිසිවක් හමුවන්නේ නැත.

    දිගින් දිගටම ජාතින් අතර වර්ගවාදය ඇවිලම තුලින් පහල පාන්තික ජනතාවට අහිමිවිමට බොහෝ දේ ඇත.සිංහල. දෙමළ සහ ඉස්ලාම් වර්ගවාදය පතුරවන පුද්ගලයන් විසින් භුමියක අයිතිය වෙනුවෙන් අවසානයේ අහිමි කරනුයේ ජිවත් වීමට නිවසක්, තමන්ගේම ඉඩමක් නොමැති පහල පාන්තික මිනිසුන්ගේ ජිවිත, දේපල සහ ශරිර අවයවයි. එබැවින් පාලකයන් සතුව ඇති බලය බෙදා ගන්නා ආකාරය පිලිබදව දේශපාලන හෝ ආර්ථික බලය අහිමි අප කලබල විය යුතු නැත. එහෙත් එම බලතල ආරක්ෂාකර ගැනීම ගැනීම හෝ බෙදා ගැනීම වෙනුවෙන් පිඩිත පන්තිය ජාතින් , වර්ග . කුල අනුව බෙදිමට විරුද්ධ විය යුතුය.


    පාලකයන්ගේ දේශපාලන බල අවශ්‍යතාවයන් වෙනුවෙන් තමන්ට ලැබෙන කුලිය හෝ ආශ්වාදය වෙනුවෙන් තම ජීවිත . දේපල හා ශරිර අංග නැතැකර ගැනිමට නියමිත සිංහල දෙමළ ඉස්ලාම් පිඩිතයන්ට තමාගේ පන්තිය පිලිබද සවිඥාණය ලබා දෙමින් ඔවුන් අතර සමගිය වර්ධනය කිරිමටත් ඹවුන් ජාති, කුල අනුව බෙදියාම වලක්වමින් ඔවුන් අතර සහෝදරත්වය වර්ධනය කිරීමට කටයුතු කල යුතුව ඇත.

    පසුගිය දශක කිහිපයේ වාමාංශිකයන් අසමත්වයේ ඉහත සමාජ යාථර්තයට මුහුණ දීමටයි

    ReplyDelete
  5. dont give undue publicity to that imposter and his rubbish in your blog Pera

    ReplyDelete
  6. This is useless post. That guy named Janaka Wansapura seems either a dull joker or blind supporter of MR. I cannot believe that neither he has any direct link with MR nor official blogger of MR campaign. This just rubbish published by some unpopular idiot. Even this post might be a "copy" & "Paste" from another blog.

    Moreover, I see another cheap trick made by Ajith Perakum to sling some mud in to MR/ UPFA campaign. Sometimes this so called website is a product by yourself isn't it? Feel so sad about you Mr. Ajith Perakum. Shame on you.

    ReplyDelete
  7. මේ පොළෝ ඉතිහාසයේ කිසි ම කෙනෙකුට අත් විඳින්නට නොලැබුණු පරාජයක් මහින්ද රාජපක්ෂට මෙදා මහමැතිවරණයේ දී උරුම යි!

    ReplyDelete
  8. ඒක කළේ වංශපුර දේවගේ ජානක නම් වෙන්න බෑ. මොනවා ලියුවත් පොර ප්‍රතිපත්තියක් ඇති මිනිහෙක් ලෙසයි මා නම් දකින්නේ.

    එදා 2009 විජයග්‍රහණයෙන් පසු ලංකාවට නොපැමිණි වංශපුර දේවගේ ජානක අන්න දැන් ඇවිත් ලංකාවේ නැවත පදිංචියට. දැන් කට්ට කකා ඉන්නවා ය කියා ලියා තිබුණා!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා