මහින්ද සමග යළි නැගිටීමේ වයිරසය හා ශ්‍රීලනිපයේ රෝග නිවාරණය

ජනවාරි 08 දින හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ පාලන ක්‍රමය පැරදවීමේ ජනාධිපතිවරණ සටන අඩු තීව්‍රතාවකින් යුත් ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් ලෙස විග්‍රහ කෙරිණි. එය එසේ සිදු වන්නට මහින්ද රාජපක්ෂගේ පැත්තෙන් ගන්නා ලද යම් පියවර ද හේතු වූ බව පැවසිය යුතු ය. බොහෝ දෙනෙක් අනුමාන කළ පරිදි කුමන්ත්‍රණයක් මගින් බලය රැක ගැනීමට මහින්ද දැඩි පියවර ගත්තේ නැත. ඔහු එවැනි ක්‍රමන්ත්‍රණයකට උත්සාහ කළමුත්, එයට අවශ්‍ය සහයෝගය ගොනු කර ගැනීමට බැරි විය.

පරාජය ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් අන්දමන්ද කළේ ය. පරාජයකදී කුමක් කරන්නේ ද යන්න ගැන ඔවුන්ගේ කිසිදු සැලැස්මක් නො තිබිණි. එයින් අදහස් වන්නේ ඔවුන් කටයුතු කර තිබෙන්නේ අතිශය අදේශපාලනික, විඥානවාදී ස්වරූපයකින් බවයි. ඔහු පමණක් නොව, ඔහුගේ අනුගාමිකයන් හා ඔහුට දූෂණයට උපකාර කළ ලලිත් වීරතුංග, නිහාල් ජයතිලක වැනි ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පවා එවැනි පරාජයක් ගැන සිහිනෙන්වත් සිතූ බවක් නො පෙනේ.

මහින්දගේ ක්ෂණික කඩාවැටීම ඔහුට එරෙහි බලවේග පවා බලාපොරොත්තු වූ තත්වයක් නො වේ. මෛත්‍රීපාල පාර්ශ්වය ජනවාරි 12දා ශ්‍රීලනිපයේ බලය අල්ලා ගැනීමට සැලසුම් කළ උපායමාර්ගය අත්හැර දැමූයේ ඒ නිසා ය. මෛත්‍රීපාල පාර්ශ්වය සැලසුම් කළේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ බලය අල්ලාගෙන නීතිමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ බලය තහවුරු කර ගන්නටයි. එහෙත්, මහින්ද පක්ෂ සභාපතිත්වය මෛත්‍රීට පවරන්නට එකඟ වීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී මුල් සැලැස්ම අත්හැර තමන්ට විශ්වාසය තැබිය නො හැකි අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම වැනි අවස්ථාවාදීන් කැලතක් පෙරමුණේ තබාගෙන ශ්‍රීලනිපය භාර ගන්නට මෛත්‍රීපාල සිරිසේනට සිදු විය.

මැදමුලනට පළා ගිය මහින්ද “අරූ මරලා හරි බලය ගත්තෙ නැත්තෙ ඇයි සර්?" කියා අසන වහලුන් මිදුලේ පිරෙනු දැක උෂාර් වී ජනෙල් පඩිය උඩට නැග්ග නැගිල්ල අවසන් වුණේ ජුලි 17දා අනුරාධපුරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල නොවන අගමැති අපේක්ෂකයා ලෙස වේදිකා නැගලා ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වයට පත් කර ගන්නා ලද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වනාහි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ ආදිය එකතු වී සිය ඡන්දයෙන් පත් කර ගන්නා ලද නායකයෙකි. ඔහුට ශ්‍රීලනිපයෙන් ලැබුණේ සුළු සහයෝගයකි. එසේම, නායකත්වයට පත් වීමෙන් පසුව ද ඔහු පක්ෂය තුළ බහුතර සහයෝගය ලැබුණු අයෙක් වූයේ නැත.

ශ්‍රීලනිපය තුළ තත්වය වෙනස් කිරීම සඳහා ඇත්තෙන් ම බලපැවේ දිනේෂ්, විමල්, වාසුදේව, උදය ගම්මන්පිල වැනි බාහිර සාධක කිහිපයකි. දිනේෂ් ගුණවර්ධනට හා වාසුදේව නානායක්කාරට පහසුවෙන් මෛත්‍රී සමග සන්ධානගත වීමට හැකියාව තිබුණත්, එය වැළැක්වුණේ ඉරිසියාව වැනි පුද්ගලබද්ධ කාරණා නිසා බව පෙනේ. විමල් හා උදය ගම්මන්පිලට නම් මහින්දව ගෙන එන්නට සිදු වුණේ යන එන මං නැති වූ නිසා ය.

මේ අතර, මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූ පරිදි දූෂණ විමර්ශන ආරම්භ විය. ඒ සමග ම සිය පැවැත්මට තර්ජන එල්ල වන බව අවබෝධ කරගත් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ අනුගාමිකයෝ නව ජවයකින් මහින්ද සමග නැගිටීමේ ව්‍යායාමයට සම්බන්ධ වූ හ. බිම් මට්ටම දක්වා ම දූෂණය මත පදනම් වූ ශ්‍රීලනිප සාමාජිකත්වය අතර මහින්ද සමග යළි නැගිටීමේ වයිරසය වේගයෙන් පැතිරුණු අතර මෛත්‍රී විසින් සුව කරන්නට උත්සාහ කරන ලද රෝගී තත්වය උත්සන්න විය. ඔහුට නතු වෙමින් සිටි අනුර, නිමල්, සුසිල් වැනි අය මෙන් ම ඩිලාන් පෙරේරා වැනි අය ද ඔහුගෙන් ඇත් වූ හ. එයට හේතුව අන් කිසිවක් නො ව ඊළඟ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වීමේ ගැටලුවයි.

මෛත්‍රීපාල අවසානයේදී ශ්‍රීලනිපයේ සිරකරුවකු බවට පත් කිරීමට මහින්ද සමත් විය. මහින්දට අගමැති අපේක්ෂකත්වය නො ලැබුණමුත්, ඔහු නිල නො වන ආකාරයෙන් එය අත්පත් කර ගන්නට සමත් විය. ඔහුටත්, ඔහුගේ අනුගාමිකයන්ටත් දූෂණ චෝදනා ගැන තැකීමකින් තොරව නාමයෝජනා ලැබිණි. මෙම තත්වය හමුවේ පක්ෂය තුළ මෛත්‍රීපාලගේ පාලනය මුළුමනින් ම ගිලිහී යන ස්වභාවයක් දක්නට ලැබිණි. මෛත්‍රීපාල ඔහු බලයට ගෙන ආ බලවේග අතර අතිශය දැඩි ලෙස විවේචනයට ලක් වන්නට පටන් ගත්තේ ය.

පසුගිය ජුලි 13 දින ප්‍රකාශයක් කරන බව ඔහු පැවසුවේ ය. එය සිදු නො වන සංදර්භය තුළ ජුලි 15දා පුරවැසි බලය වේදිකාවේ පසුතල නිර්මානය වන්නේ ජනවාරි 08 ජනවරම පාවාදීමට එරෙහි සටන් පාඨයට මුල් තැන දෙමිනි. එහෙත්, ජනාධිපතිවරයා ජුලි 14දා සිය හඬ අවදි කළේ ය. ඉතා සරළ හා සැහැල්ලු ස්වරූපයකින් ජාතිය ඇමතූ ඔහුගේ පැහැදිලි කිරීම දේශපාලන පාඩමක් වැනි විය.

ඒ පැහැදිලි කිරීමේ හිස් තැන් බොහොමයක් තිබෙන බව ඇත්ත ය. ඔහු මූලික වශයෙන් පැවසූ දෙය වන්නේ තමන් ශ්‍රීලනිපයේ නායකත්වය භාර ගත්තේ සහ එය කළමනාකරණය කළේ දින සීයේ වැඩසටහන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුත් සුළුතර ආණ්ඩුව ආරක්ෂා කරන්නට බවයි. තමන් වගකියන්නේ ජනවාරි 08දා තමන් බලයට පත් කළ ජනවරමට මිස ශ්‍රීලනිපයට නො වන බව ඔහුගේ කතාවේ හරයයි. ඔහුගේ ප්‍රකාශය ශ්‍රීලනිපයට කාල බෝම්බයක් වී තිබේ. මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු බව ඔහු සිය කතාවේදී නැවත වරක් අවධාරණය කළේ ය.

මෛත්‍රීපාල ශ්‍රීලනිපයේ නායකත්වයට පත් කිරීමෙන් මහින්ද ඔහු යම් ආකාරයක සිරකරුවෙකු බවට පත් කරන්නට සමත් වූයේ යම් සේ ද, දැන් මෛත්‍රීපාල ද ඒ සබ්බුව ම මහින්දට දී තිබේ. වෙනම පක්ෂයක් හදාගෙන තරග නො කිරීම ගැන නලින් ද සිල්වා වැනි මහින්දගේ ජාතිවාදී සහචරයෝ දැන් ඔහු විවේචනය කරති.

ජනාධිපති මෛත්‍රීපාල මෙන් ම, ශ්‍රීලනිපය තුළ ඔහුගේ බලය රැක ගැනීම ද දේශපාලනිකව ඉතා වැදගත් ය. මේ වන විටත් මහින්ද හිතවාදීන් විසින් පැරදවිය යුතු මෛත්‍රීපාල හිතවාදී බලවේගයක් නම් කර තිබේ. ඔවුන් පැරදවීම සඳහා අභ්‍යන්තර වැඩසටහනක් මහින්ද විසින් දියත් කර තිබේ. මහින්දගේ ෆේස්බුක් ජාලය විසින් ලීක් කරන ලද එම ලැයිස්තුව මෙසේ ය: එස්.බී. දිසානායක, දුමින්ද දිසානායක, නවීන් දිසානායක, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, නන්දිමිත්‍ර ඒකනායක, ෆයිසර් මුස්තාපා, පියසේන ගමගේ, රංජිත් සියඹලාපිටිය, ලලිත් දිසානායක, තිලංග සුමතිපාල, සරත් අමුණුගම, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෙජිනෝල්ඩ් කුරේ, විජිත් විජයමුනි සොයිසා, මහින්ද අමරවීර, මහින්ද සමරවීර, ඒ.එච්.එම්. ෆවුසි, මල්ෂා කුමාරතුංග, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ජගත් පුෂ්පකුමාර, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශාන්ත බණ්ඩාර, ප්‍රමිත බණ්ඩාර, ජනක බණ්ඩාර, ලසන්ත අලගියවන්න, ෆීලික්ස් පෙරේරා, පණ්ඩු බණ්ඩාරනායක, ප්‍රසන්න සෝලංගආරච්චි, එරික් වීරවර්ධන, විජය දහනායක, ලක්ෂ්මන් යාපා, පේෂල ජයරත්න, චන්ද්‍රසිරි සූරියආරච්චි, දයාශ්‍රිත තිසේරා, නියෝමාල් පෙරේරා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙම අපේක්ෂකයන්ට එරෙහිව  මහින්ද රාජපක්ෂගෙන් වැටුප් ලබන එම්.ආර්. බලකාය නම් ෆේස්බුක් ව්‍යාපාරයක් විසින් දැවැන්ත ව්‍යාපාරයක් දියත් කර තිබේ. මහින්ද අගමැති කිරීමට නම්, ඒ ඒ දිස්ත්‍රික්කවලින් මෙම අපේක්ෂකයන් පැරදවිය යුතු බව ඔවුන්ගේ ප්‍රචාරක බැනරවල දැක්වේ.

ශ්‍රීලනිපයේ මහින්ද විරෝධීන් ලෙස හංවඩු ගැසී තිබෙන මෙම අපේක්ෂකයන් අභියෝගයකට මුහුණ දී සිටිති. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහමැතිවරණයේදී ස්වාධීනව සිටින සංදර්භයක් තුළ හා එජනිසයේ මැතිවරණ සටන් පාඨය මහින්ද බවට පත් වී තිබෙන සංදර්භය තුළ ඔවුන්ට බොහෝ විට සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කරන්නට සිදු වන්නේ තනිවම විය හැකි ය. මහින්දගේ ප්‍රබල ම හිතවාදීන් අතරින් බහුතරයක් පසුගිය සමයේ වැඩියෙන් ම දූෂණවලට සම්බන්ධ වූ අයයි. මොවුන්ට ඡන්දය වෙනුවෙන් විසි කරන්නට ඇති තරම් කළු සල්ලි තිබේ. රෙජිනෝල්ඩ් කුරේ වැනි අය ඡන්ද සටනින් ඉවත් වුණේ තමන්ට වැය කිරීමට මුදල් නැති නිසා බව ඔහු ප්‍රසිද්ධියේ කීවේ ය.

ජනාධිපති මෛත්‍රීපාල මුහුණ දී සිටින්නේ සංකීර්ණ ප්‍රශ්නයකට ය. ඔහු ශ්‍රීලනිපය අතහරින්නට සූදානම් නැති බව ලේකම්වරයා විසින් පක්ෂ විධායක සභාව හා මධ්‍යම කාරක සභාව කැඳවීමට එරෙහිව ප්‍රසන්න සෝලංගආරච්චි හරහා අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයෙන් පැහැදිලි වේ. ආණ්ඩුව පමණක් නොව, ශ්‍රීලනිපය ද මහින්දගෙන් ගලවා ගැනීම යහපාලනය සඳහා අරගලයේදී ඉතා වැදගත් ය. මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ජාතිවාදී චෞර නඩයට නිසි දඬුවම් ලබා දෙන තෙක් හෝ ඔවුන් සිටිය යුත්තේ ආන්තික දේශපාලන කල්ලිවල මිස ප්‍රධාන දේශපාලන පක්ෂවල නො වේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* උෂාර් වී */

    උෂාර් වීම යන්නේ නිර්වචනය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. " මව්බිමේ කක්කා බෙට්ට" !! කව්ද කියල දන්න ළමයි කියන්න බලන්න !!

      Delete
  2. Do you think Maithiree need to take the same approach to remove the Corrupt nature of the UNP in people like Ranil and Ravi K ?

    ReplyDelete
  3. /දිනේෂ් ගුණවර්ධනට හා වාසුදේව නානායක්කාරට පහසුවෙන් මෛත්‍රී සමග සන්ධානගත වීමට හැකියාව තිබුණත්, එය වැළැක්වුණේ ඉරිසියාව වැනි පුද්ගලබද්ධ කාරණා නිසා බව පෙනේ./

    - අධිරාජ්‍යය / ඇමරිකන් / යූ එන් පී විරෝධය කියන මෙන්ටල් බ්ලොක් එකත් හේතුවක්.

    ReplyDelete
  4. You are afraid of real comments? How much dollar do you receive per article? Today corruption is reserved only to Mahinda! Born corrupt politicians are very clean! Arjuna and Ranil did the most gargantuan theft in our history! Maithree himself admitted that the parliament was dissolved in order to protect Ranil! Cope report is hidden! You people go to Colombo and see what has happened to it!

    ReplyDelete
    Replies
    1. ඇලෙක්ස් ඩිලාජ්July 17, 2015 at 9:31 AM

      Para

      As per above commentator you are receiving unspecified amount of dollars per article - if that is case can you please enlighten us as to how get started in this wonderful self employment - and Anno above this is good for you too

      Delete
  5. my3 had no experience of handing a mass. Otherwise he should have removed both secretaries at the beginning and take the control in the party or give up the leadership to a good person. Now all is history.

    ReplyDelete
  6. හිටපු තුමා කුරහන් සාටකේ වයඹ පළාතට අදාලත්වයක් නැතිනිසා ඒ වෙනුවට පොල්කටු මාලයක් හරි පොල් ගස් නඟින වලල්ලක් හරි බෙල්ලෙ දාගන්න යනව කියන්නෙ ඇත්තද?

    ReplyDelete
  7. මෛත්‍රී 'ජාතිය අමතා' කලේ ජාමෙ බේරගන්න නාහෙන් ඇඩීමක්...
    හරි, ශ්‍රිලනිප පක්ෂෙ රැකගන්න, මරා වෙන පක්ෂයක් හදාගෙන ශ්‍රීලංකා කාරයින්ගෙ චන්ද කඩයි කියන බයට මරාට නාමයෝජනා දුන්නයි කියමුකෝ, එතකොට රත්තරන්, කුඩු ලංසා, එතනෝල් ජොනී, කුඩු දුමින්ද වගේ උන්ට නොමිනේශන් දුන්නෙ ඇයි?
    උනුත් වෙනම පක්ෂයක් හදාගෙන එයි කියන බයටද?
    මෙතැන වුනේ දූපත්පති ගමරාලට තමන් බලයට පත්කරපු සර්වපාක්ෂික ජනතාවට වඩා තමුන් අඩි 7 වලට යවන්න චන්දෙ දුන්න 'ශ්‍රීලංකා කාරයින්ව' ලොකුවුන එක...
    හරිනම් කරන්න තිබ්බේ මුලින්ම සංධානෙන් ශ්‍රීලංකා එක අයින් කරන එක, ඊට පස්සේ සුසිල්, මහින්ද යාපා වගේ උන්ව තනතුරු වලින් අයින් කරලා යහපාලනයට හිතවත් නිදහස් පක්ෂ සාමාජිකයින් ටිකක් තමන් වටේට ගන්න එක..

    ReplyDelete
  8. ඩීව් ගුණසේකර පහුගිය දවස්වල කීවා මෛත්‍රී ජනාධිපතිවරණය දිනුව දවසෙම ඔහු හමුවෙන්න ආ බවක් සහ මෛත්‍රීට පාලනය කළ හැකි ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ගැන කරපු සාකච්ඡාවක් ගැන. ඉතින් මෛත්‍රී උත්සහ කරේ දින 100 න් පස්සේ රනිල් පල් වෙන්න ඉඩ හැරලා, මහින්දට ලැබෙන ඡන්දත් ලබාගෙන මෛත්‍රීට හිතවත් වැඩි දෙනෙක් පාර්ලිමේන්තුවට ගන්න වෙන්න ඇති. නමුත් ලැයිස්තු දෙකේම බහුතරය මහින්දගේ අය උනාට පස්සේ තමා හැක් ගෑවුනේ.

    ReplyDelete
    Replies
    1. ලියන්න අමතක වුනා මෛත්‍රී නවසිය හැත්තෑගණන්වල මොස්කව් පාර්ටි ස්කූල් එකේ ඉගෙන ගත් කෙනෙක්. මෛත්‍රී දුසිරිතෙන් වැලකුණු කෙනෙක් නිසා එහේදි සාමාන්‍ය කොමිනිස්ට් කාරයෝ වගේ නොවී ඇත්තටම බෙුන් එක සොදගන්න ඇති.

      Delete
  9. මහින්ද හැමදාම කරේ,හොරවැඩ.දැන් ඒවයෙ ප්‍රතිපල ලැබෙන්න පටන් අරගෙන.ජම්පරේ දක්වාම යයි.හැදෙන්න තරම් ඔලුවක් නැහැනෙ.

    ReplyDelete
  10. This is a BYLA writer. He attacks Mahinda for his own publicity. He seems to be supporting for My3 in some expectation. He can write well. If he first came across Mahinda, he would definitely turn this writer to a 'marala hari ganna artist'. His tactics seems to be cheap. Comments of other 'ano's say the story behind.

    ReplyDelete
    Replies
    1. Unless you are Rip Van Winkle - you should remember that this writer has consistently criticized the MR administration even during its all powerful heyday back 2009 - 2012 as well
      Hence your criticism is without any foundation

      While I find this writer lacks depth when compared to someone like Taboo for example , still he's better than Maathalan .

      Delete
    2. Your answer does some justice to him. I appreciate you for that. He had been extremely critical of Mahinda at the right time and during very dangerous times. He is regularly published in Ravaya and I loved him to read. Even now, I bought this week's copy of Ravaya and searching for his name. I think it's a sudden burst of anger from my mind that is not just. Ha...lack of depth...taboo...I think its Uvindu.

      Delete
    3. One never knows who Taboo is - maybe Uvindu , maybe not -

      Having said that Para's issue is he carries this leftist baggage with him - it's like a strait jacket - he cannot think beyond that - same thing happened with Ramachandra - Perhaps Para should throw away his ideological baggage and analyze political situation dispassionately - I'm sure more readers will prefer that sort of approach - rather than the divisiveness he brings to the table now

      Delete
    4. Para tries to be polemicist but not much of an analyst

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා