කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්

ජනතාව වෙනුවෙන් යුක්තිය පසිඳලන විනිසුරුවරු නීතිය හා සමාජය ගැන දැන උගත්, ඉවසිලිවන්ත, කාරුණික, මානව දයාවෙන් පිරිපුන්, නිහතමානී, ගෞරවනීය මිනිස්සු විය යුතු ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ විට එම පුද්ගලයා මෙම ගුණාංගයන්ගෙන් පිරිපුන් විය යුතු ය. 

එහෙත්, හැම විට ම එසේ වන්නේ නැත. ශ්‍රී ලංකාවේ නම් පසුගිය සමයේදී අධිකරණ සේවයට ද දේශපාලන අතපෙවීම් අධික විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය යහළුවන්ට ගෙදරට අඩ ගසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරු පිරිනැමුවේ ය. ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණේ සුවච, කීකරු සේවයකි. එය සපුරන්නට අසමත් වූ අයට එරෙහිව දැඩි පියවර ගන්නා ලදී. හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක් කිරීම එක් සිද්ධියකි. 

ඇතැමෙක් මහින්ද රාජපක්ෂ බලයෙන් පහ වූ පසුවත් ඔවුන්ට සේවය කිරීම නවත්වා නැත. බරපතල දූෂණ චෝදනා එල්ල වූවන් අත්අඩංගුවට නො ගන්නැයි නියෝග නිකුත් කරන තත්වයට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පත් වී තිබේ.  

අලුත් ම සිද්ධිය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු සිය නිවසේ මෙහෙකාරියගේ හිසට රාජකාරි ආරක්ෂාව වෙනුවෙන් සපයා තිබෙන පිස්තෝලයේ මිටෙන් පහර දී හිස් කබලට හානි කළ බවට හා ලිංගික අඩන්තේට්ටම් කළ බවට චෝදනා ලැබීමයි. 

මෙවැනි විෂමාචාර චෝදනාවක් එල්ල වූ විට, විමර්ශනය අවසන් වන තෙක් නඩු ඇසීමෙන් ඉවත් වීමේ සදාචාරය හෝ තිබිය යුතු ය. එහෙත්, මෙම විනිසුරුවරයාට එරෙහිව ගෘහස්ථ කම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණ කරද්දීත්, විනිසුරුවරයා නඩු විභාගවලට සහභාගි වූයේ ය. නීතිඥ සංගමය පවා එයට විරෝධය පළ කළේ ය. 

ලංකාවේ අධිකරණ පද්ධතිය දූෂ්‍ය වී තිබෙන තරම පෙන්වා දීම සඳහා මෙය කදිම නිදසුනකි. රටට අවශ්‍ය වී තිබෙන සමාජ ප්‍රතිසංස්කරණයේ ගැඹුර තේරුම් ගැනීමට මෙය සිද්ධි අධ්‍යයනයක් බවට පත් කර ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ශ්‍රී ලංකාව වගෙ පසුගාමී සමාජයක මේ විනිසුරුවරයට කවදාවත් දඩුවම් ලැබෙන්නෙ නෑ. ජනතාවට තමන්ගෙ අයිතිවාසිකම් ගැන අවබෝධයක් නෑ . ඒ වෙනුවට තියෙන්නෙ දීන හැඟීම්.
    නඩුව දාපු නිසා මුගෙ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලාලු. ඒ නඩුව අද අහනව. මුගෙ යාලුවො තමා අහන්නෙ. මූම අහයිද දන්නෙත් නෑ.
    අපේ වැඩවසම් සමාජයෙ නඩුකාර හාමුදුරුවො කියල මෝඩයො වැද වැටෙනව .එතනයි අවුලෙ මුල.
    ඉස්සර නඩුකාරයන්ගෙන් මොන තරම් හිරිහැර මිනිසුන්ට වෙන්න ඇද්ද . අද වගෙ සමාජ ජාල නොතිබුන එදා මිනිසුන්ට තිබුන එකම විකල්පය දත් මිටි කෑමයි.
    ඊ නිව්ස් එක මුගෙ පතුරු ඇරල. හැබැයි වැඩවසම් පත්තර මුගෙ නම කියන්නත් බයෙන්.
    ඒකට වරදකුත් නෑ. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙනෙ

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ තියෙන වැඩවසම් මාෆියා කීපයක් දොස්තර මාෆියාව නඩුකාර මාෆියාව සංඝ මාෆියාව

      Delete
    2. මානසික බහුබූත .ඔවුන් මනුෂ්‍යත්වය ඉක්මවූ බහුබූතයො කරගෙන . මේ තුන් ගොල්ලම කරන වැරදිවලින් නිදහස. ජනතාවට තියෙන්නෙ ඔය මාෆියා තුනෙන් එකකට සෙට් වෙන එක. ලේසිම එක සිවුරක් පොරවගෙන ගනගෙඩියෙක් වෙන එක.

      Delete
  2. http://lankaenews.com/news/2223/si

    ReplyDelete
  3. ලංකාවේ ඉන්න ඇතැම්"INVESTIGATIVE JOURNALISTS" ල කියන එවුන් , ගැටකපන්නන් එක්ක සාකච්ඡා කරල, ඌ "මම පොකට් ගහන්නෙ මාළිගා හදන්න නෙමෙයි, මගේ අහිංසක දරුපවුලෙ බඩගින්දර නිවාගන්නයි" කියල කියනකොට ඒකත් අපිට ඒ පල්හොරා ගැන අනුකම්පාවක් ඇතිවෙන විදියට පත්තරේ දානවා. ඔන්න සසිරිබර මෙසිරිලකේ ජනමාධ්‍ය කලාව!

    ReplyDelete
  4. Cut out වල ලොකුවටම තිබුණෙ මහින්දගෙ මූණත් තහඩුව. සිරිසේන, ගම්ලත්, නිර්මල ඇමතිවරුන්ගෙ විතරක් නොවෙයි නාමල්ගෙ මූණත් තහඩුත් එකම ප්‍රමාණයෙන් යටින් අලෝල තිබුණ. මුද්දර අලවන්නා වගේ.

    පහුවදා උදේ මහා ජංජාලයක්. සිරිසේන ඇමතිවරයගෙ සම්බන්ධීකරණ ලේකම් මට කතා කළා. ලොක්කට මළ පැනල කිව්ව. වහාම Cut out ගලවන්න... අද රෑට අලුත් ඒව සවිකරන්න වෙනව කිව්ව.

    පරණ Cut out බිමට පාත් වුණා. අලුතින් සවි කළ Cut out වල මහින්ද ගෙ ලොකු ෆොටෝ එක ළඟින් සිරිසේනගෙත් ලොකු ෆොටෝ එකක් තිබුණ. මුද්දර වල අනෙක් මූණු තිබුණ.

    බිමට බාපු ඒවයෙ සල්ලි අපරදෙ.
    නැතත් අපරාදෙ තමයි. එකකට රු.75000 ක් නෙ.

    ඔන්න උත්සව දවසත් උදා වුණා.
    උත්සවය සංවිධානය කරන්නෙ කොම්පනියෙන් නිසා වැඩසටහන් විස්තරය හා කතා අනුපිළිවෙළ කොළඹින් එවල තිබුණ.

    උත්සවේට ආව ඇමති සිරිසේන වැඩසටහන් විස්තරේ ඉල්ලුව. එතුමාගෙ පෑන් පහරින් කථික ලැයිස්තුවෙ තිබුණ සිරිපාල ගම්ලත්ගෙ නම කැපිල ගොහිං තිබුණ.

    ඒ මදිවට උත්සවය අවසානයේ පැවති නොනිළ සාදය හා දිවා ආහාර වේල තමන්ගෙ හෝටලයෙ නොගත්තොත් ඇමතිතුමාව සහභාගි කරගන්නට නොලැබෙයි කියල තවත් සහෝදරයෙක් මට කතා කරල කිව්ව.

    යුද්දෙ පටන් ගත්තෙ ඊට පස්සෙ. පොළොන්නරුව පැත්ත පළාතෙ ගල්, වැලි, බොරළු ආධිපත්‍යය ඇමති සහෝදරයන්ටයි හිමි වෙලා තිබුණෙ.

    විශේෂයෙන් කොහේ හරි බොරළු නිධියක් ඇත්නම් ඒක මිලදී ගන්න ලේසි වුණේ නැහැ. බල ආධිපත්‍යය ඉදිරියේ ඉඩම්ලභීන් පවා පස්සට ගියා.

    ReplyDelete
  5. මේ උත්තමයා ගිය ආත්මයේ පින් කරපු ඇත්තෙක්. කට හොල්ලන්න එපල්ලා!

    ReplyDelete
    Replies
    1. මේ උත්තමයට ස්ත්‍රීදූෂන කරන්න බලය පවරල ඒව විවේචනය කරන අයට දඩුවම් දෙන ක්‍රමයක් හදමු. ඒව විවේචනය කරන එක උසාවියට අපහාස කිරීමක් කියල කියමු.

      Delete
  6. ලංකාවේ තියෙන්නේ පොලිස් මාෆියාව, අධිකරන මාෆියාව, දොස්තර මාෆියාව වගේ මාෆියා 2-3 විතරයි...

    ReplyDelete
    Replies
    1. ඇයි ගුරු මාපියාව අමතක වුනාද ? එහෙමත් එකක් වැඩි දෙනෙක් දන්නෙම නැතුව ක්‍රියාත්මක වෙනවා

      Delete
    2. මාපිය ගුරු දෙගුරු?

      Delete
  7. ඉන්දිය සාගරේ බැබළුන මුතු ඇටය
    කුඩුකෙරුමට පැමින ඇත වෙනසක නඩය
    රැවටුන තරම වටහාගැනුමට බැරිය
    අප්පච්චි වරෙන් මුළුගැන්වී බැරිය

    ReplyDelete
  8. මේ නඩුකාරයාට ප්‍රතිකාර අවශ්‍යයි

    http://transyl2014.blogspot.ca/2015/07/blog-post_7.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා