ආණ්ඩුවට නායකත්ව වෙනසක් අවශ්‍ය නැද්ද?
රජයට සම්බන්ධ චම්පික රණවක, උදය ගම්මන්පිල හා තවත් බොහෝ පිරිස් පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයට නායකත්ව වෙනසක් අවශ්‍ය ය. ඔවුන්ට අනුව රනිල් දේශප්‍රේමී මදි ය. ධනේශ්වර වැඩි ය. බටහිර ගැති ය. පිරිමිකම මදි ය. අරක ය. මේක ය. ඒ ගැන කතා කරන්නට අපට අවශ්‍යතාවක් නැත. මන්ද, අපට රනිල් ගැන ගැරන්ට් කරන්නට බැරි ය. කාටවත් කාවවත් ගැරන්ට් කරන්නට බැරි ය. එක්සත් ජාතික පක්ෂයට තිබෙන ගැටලුව වන්නේ රනිල් වෙනුවට පත් කර ගන්නට නායකයකු නැතිකමයි. ඔහුගේ ආසන්න ම තරගකරුවා වන සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ කෙනෙකු යයි බරපතල සැකයක් තිබේ. අනෙක් පැත්තෙන් ඔහු ජාතික නායකයකු නො වේ. හම්බන්තොට පැත්තේ ප්‍රාදේශීය නායකයකු ද යන්න අපි නො දනිමු. කරු ජයසූරිය වැනි නායකයන් පාංකඩවලින් ද හදා ගන්නට පුළුවන. ඒ නිසා කවුරු කැමති වුණත් අකැමැති වුණත් එජාපයට මේ මොහොතේ රනිල් හැර නායකයකු නැත. රනිල්ට අභියෝග කරන්නට හැකියාව තිබුණු එජාප නායකයෝ දැන් මහින්දගේ සෙවණේ පූස් පැටව් ය. අනෙක් පැත්තෙන් පොදු අපේක්ෂක කතා ද නො කෙරෙන වෙදකම් ය. පොදු අපේක්ෂක ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටින චරිතය වන මාදුළුවාවේ සෝභිත හිමි ද ඉන්නේ පොදු අපේක්ෂකත්වයට ගව් ගණනක් දු...