දකුණේ බෝනස් ආසන ජාතික නිදහස් පෙරමුණට නැහැ

(2009 ඔක්තෝබර් 16 - W3Lanka) දකුණු පළාත් සභා මැතිවරණයෙන් ජය ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ බෝනස් ආසන දෙකෙන් එකක් පළාතෙන් කිසිදු ආසනයක් හිමි නො වූ ජාතික නිදහස් පෙරමුණට ලබා ගැනීම සඳහා දරන ලද උත්සාහය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය නිසා වැළකී ඇති බව වාර්තා වේ.

   මේ අනුව, අදාළ ආසන දෙක පිළිවෙලින් ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තුවේ ඊළඟ ස්ථාන ලැබ සිටින අපේක්ෂකයන් දෙදෙනා වන ජී. දේනෙත්තිට හා ජේ. කේ. සිරිපාලට ලබා දෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම ජයන්ත මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.
   එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා තරග කරන කුඩා පක්ෂ හා මහින්ද රාජපක්ෂ පවුලේ හිතවතුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම් කඩාගෙන ආසනවලට තේරී පත් වීම කෙරෙහි හා පාක්ෂිකයන්ට නිසි තැන නො ලැබීම කෙරෙහි මේ වන විට පක්ෂය තුළින් දැඩි විරෝධයක් මතු වෙමින් තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා