රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව
ගිලෙන නැවෙන් මීයෝ පැන යති. ආණ්ඩුව නම් නැව ගිලෙන්නට පටන් ගෙන නැතිමුත්, එය හොඳට ම අබලන් ය. කොයි මොහොතක හෝ වතුර කාන්දු වීම ආරම්භ වන්නට පුළුවන. එබැවින් බුද්ධිමත් මීයෝ පැන යා හැකි මං කල් ඇතිව සැලසුම් කර තබති. බුද්ධිමත් ම මීයෝ වනාහි ජාතිම ජාතිවාදියෝ ය. විමල් වීරවංශ පක්ෂයත්, ජාතික හෙළ උරුමයත් පළාත් සභාවලට විරුද්ධ ය. වඩාත් නිවැරදිව කීවොත්, උතුරු පළාතේ දෙමළ වැසියන් වෙනුවෙන් පළාත් සභා මැතිවරණයක් පවත්වනවාට විරුද්ධ ය. මේගොල්ලන්ගේ පිටවීමේ දොරටුව තිබෙන්නේ මෙතැන ය. පිටවීමේ මාර්ගය එළිපෙහෙළි කර ගැනීම සඳහා ජාතික හෙළ උරුමය පළාත් සභා අහෝසි කරන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනැවිත් තබන්නට ද කටයුතු කර තිබේ. සැප්තැම්බරයේ පළාත් සභා මැතිවරණය ගෙවන කිව්ව ද දැන් ජනාධිපතිවරයා ඒ ගැන සද්දයක් නැත. සැප්තැම්බරයේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයක් බලාගෙන දෙමළ ජාතික සන්ධානය සූදානම් වෙමින් සිටියි. මේ සැප්තැම්බරය මාස කීපයකින් එහාට යන්නට පුළුවන. ආණ්ඩුව ජාතික ගැටලුව සම්බන්ධයෙන් අනුගමනය කළ ජාතිවාදී ප්‍රතිපත්තිය වන්නේ 'දෙමළුන්ට කිසිවක් නො දෙන්නනෙමු' යන්නයි. එය එ...