නන්දන විමල්ගෙන් දික්කසාද වී හයියෙන් ම දෑත් ශක්තිමත් කරන්න ශ්‍රීලනිප යයි
(2009 නොවැම්බර් 06 - W3Lanka) සංචාරක ඇමැති නන්දන ගුණතිලක මහතා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන්, දේශපාලන මණ්ඩල සාමාජිකත්වයෙන් හා එහි මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඊයේ (05) ඉල්ලා අස්විය. තනතුරුවලින් ඉවත් වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඊයේ (5) දැනුම් දී තිබේ.
ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ධුරය දැරූ කමල් දේශපි‍්‍රය මාන්නප්පෙරුම මහතා ද නිල වශයෙන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු දැනට සංචාරක ඇමති නන්දන ගුණතිලකගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.
නන්දන ගුණතිලකගේ ඊළඟ පියවර වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳී ආසන සංවිධායක ධුරයක් භාර ගැනීම බව ද බොහෝ විට එය පානදුර ආසන සංවිධායක ධුරය විය හැකි බව ද ඔහුට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඔහුට ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ආරාධනා කර ඇති බව ද වාර්තා වේ.
නන්දන ගුණතිලක පාර්ලිමේන්තුවට පැමිණියේ ජවිපෙ නායකයකු ලෙස වන අතර, පසුව ජවිපෙන් ඉවත් කරන ලද හේ කලක් ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස සිට පසුව විමල් වීරවංශ හා කමල් දේශප්‍රිය මන්නවත්ත ආදීන් සමග එක්ව ජාතික නිදහස් පෙරමුණ බිහි කළේය. ජවිපෙ සහභාගිත්වයෙන් බිහි කරන ලද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල සභාපති වන්නේ ද නන්දන ගුණතිලකයි.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.