රජයට සහය නො දෙන TMVP දේශපාලන මණ්ඩල තීරණය එක කෝල් එකෙන් ඉවරයි

නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ නායකත්වයෙන් සිකුරාදා රැස් වූ දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් TMVP දේශපාලන මණ්ඩලය 15න් 13ක් ලෙස ඡන්දය දෙමින් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය නො දීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් එඩ්වින් සිල්වා කෛලාසරාජා පැවසූ බව ඊයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර පළාත් සභාව පිහිටවූ දා සිට ම නැගෙනහිර මහ ඇමති පිල්ලෛයන්ගේ බලතල පාලනය කළ අතර, නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතුවලදී හා රැකියා දීම් ආදී කාර්යයන්හිදී ඔහු කොණ් කරන ලදී. පසුගිය වසර එකහමාරක කාලය තුළ තමනට වැඩක් කිරීමට නො හැකි වූ නිසා ජනතාව අතරට යා නො හැකි බව TMVP කලින් කීවේය.
ඔන්න ක්‍රිෂ්ණගේ තාවකාලික මානසික සුරතාන්තය ඉවරයි. පිල්ලෙයාන් මහින්දට උදවු කරනවලු
ReplyDelete