Posts

Showing posts with the label පිල්ලලෙයන්

රජයට සහය නො දෙන TMVP දේශපාලන මණ්ඩල තීරණය එක කෝල් එකෙන් ඉවරයි

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) නැගෙනහිර පළාත් සභා පරිපාලනයේ දී යම් යම් අඩුපාඩු තිබුණත් තමන්ගේ න්‍යාය පත්‍රයේ එය දෙවෙනි තැනට දමා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පළමු තැනට ගෙන ක්‍රියා කරන බව නැගෙනහිර මහ ඇමති ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් පවසයි. ඔහු මෙම ප්‍රකාශය කිරීමට පෙර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහුට කතා කර තිබේ. නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ නායකත්වයෙන් සිකුරාදා රැස් වූ දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් TMVP දේශපාලන මණ්ඩලය 15න් 13ක් ලෙස ඡන්දය දෙමින් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය නො දීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් එඩ්වින් සිල්වා කෛලාසරාජා පැවසූ බව ඊයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර පළාත් සභාව පිහිටවූ දා සිට ම නැගෙනහිර මහ ඇමති පිල්ලෛයන්ගේ බලතල පාලනය කළ අතර, නැගෙනහිර පළා‍තේ සංවර්ධන කටයුතුවලදී හා රැකියා දීම් ආදී කාර්යයන්හිදී ඔහු කොණ් කරන ලදී. පසුගිය වසර එකහමාරක කාලය තුළ තමනට වැඩක් කිරීමට නො හැකි වූ නිසා ජනතාව අතරට යා නො හැකි බව TMVP කලින් කීවේය.

මාර සෙනඟ වට කරගෙන යම යුද්දේ - පිල්ලෛයන් මැතිඳු අද තනියම වෙල මැද්දේ

Image
(2009 සැප්තැම්බර් 18 - ) පාලක සන්ධානයෙන් ඡන්දයට ඉදිරිපත් වී විශිෂ්ඨ ජයක් ලැබ නැඟෙනහිර පළාත් මහ ඇමති පදවියට පත් වී සිටින සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් නමැති කලින් කොටි සංවිධානයේ හා පසුව කරුණා කණ්ඩායම නම් අතුරු හමුදාවේ සිටි සටන්කරුවා සහ රජය අතර නොහොඳ නෝක්කඩුවක් ඇති වී තිබේ. අලුත්ම සිද්ධියේදී නැඟෙනහිර පළාත් සභාවේ ලේකම් වී. බාලසිංහම් නමැති සැට විය සපුරා සිටින නිලධාරියාගේ සේවය දීර්ඝ කිරීම පිළිබඳ විරෝධය පාමින් පළාත් සභා බලතල අනුව ලේකම් පත් කිරීමේ බලය ඇත්තේ තමන්ට බව පෙන්වා දෙමින් ජනාධිපතිට ලිපියක් යවා තිබේ. මීට පෙර නැඟෙනහිර පළාත් සභාවට අයත් ඉඩම් මධ්‍යම ආණ්ඩුව විසින් සමාගම්වලට බදු දීම ද පිල්ලෛයන්ගේ විරෝධයට තුඩු දුන්නේය. නැ‍ඟෙනහිර පළාත් සභාවේ කටයුතු සඳහා ආණ්ඩුකාරවරයා කරන අත පෙවීම් සහ පළාත් සභා බලය ඉක්මවා ජනාධිපති උපදේශක සහ සහෝදර බැසිල් රාජපක්ෂ පළාතේ කරන කාර්යයන් පිල්ලෛයන්ගේ නොසතුටට හේතු වී තිබෙන බව වාර්තා වේ. ළමා සොල්දාදුවකු ලෙස කොටි සංවිධානයට බැඳී එහි ප්‍රධාන නොවන නිලයක කටයුතු කළ පිල්ලෛයන් ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙහි අත්දැකීම් ඇත්තකු නොවේ. ඔහු සමීපයේ සිටි දක්ෂ සංවිධායකයකු ...