එරිත්‍රියාවේ කොටි කටයුතු මැඬලන්න හමුදා බුද්ධි නිලධාරියෙක් තානාපති ලෙස පත් කරයි

(2009 නොවැම්බර් 15 - W3Lanka) සිය ජාත්‍යන්තර මෙහෙයුම්වලදී කොටි සංවිධානය එරිත්‍රියාවේ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබා ගෙන ඇති බව හෙළිදරව් වීමත් සමග ලංකා‍ව එරට එල්.ටී.ටී.ඊ. කටයුතු මැඬලීමේ අරමුණින් ජ්‍යේෂ්ඨ හමුදා බුද්ධි නිලධාරියකු එරට තානාපති ලෙස පත් කර තිබේ.

එරිත්‍රියාවේ නව ලාංකික තානාපති ලෙස පත්ව යන මේ මේජර් ජනරාල් අමල් කරුනාසේකර මීට පෙර හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ය. 


කොටි සංවිධානය එරිත්‍රියාව ගරහා ගුවන් යානා ඇතුළු යුද උපකරණ මිළ දී ගත් බව හා ‍එම සංවිධානයට අයත් දේපල එරට ඇති බව මෑතදී අත්අඩංගුවට පත් එම සංවිධානයේ නව නායකයා වූ කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී. විසින් ආරක්ෂක අංශවලට හෙළිදරව් කර ඇති බව මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.


Comments

  1. තහනම් කරන්නේ පොර ගහන ඒවා විතරද,පිස්තෝල කෙලිවලට මොකද කරන්නේ,මිනි මරන ඒවා,ඒවා මේ ඇමතියාත් කරනවානේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා