ප්‍රභාකරන් හිටියා නම් අදට 55යි


(2009 නොවැම්බර් 26 - W3Lanka) නැසී ගිය කොටි නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන්ගේ 55වන උපන් දිනය අදයි.  ඔහු රජයේ සේවයේ සිටියා නම් අද විශ්‍රාම යා යුතු ය. එහෙත් දේශපාලකයන්ට එවැනි විශ්‍රාම යන දිනයක් නැත. ඔහු දේශපාලකයකුටත් වඩා කැරළි නායකයෙකි. දේශපාලන අරමුණු සඳහා ත්‍රස්තවාදය පාවිච්චි කළ නායකයන් අතරින් එක් අයෙකි.



පසුගිය වසරේ ඔහු සිය උපන් දින සැමරුම සඳහා වූ උත්සව අවලංගු කළේ ය. හේතුව ප්‍රකාශයට පත් නො කරන ලද මුත්, ඒ වන විට කිලිනොච්චි නගරය රජයේ හමුදා අතට පත් වන්නට ආසන්න වී තිබිණි.


එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ ඒ ප්‍රභාකරන්ගේ අවසන් උපන් දිනය බවයි. 

නොවැම්බරයේ උපන් මහින්ද රාජපක්ෂ නොවැම්බරයේ උපන් ප්‍රභාකරන්ගේ ජීවිතය අවසන් කළේ ය. 


හෙට දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ මහ විරු දිනයයි. මේ වනාහි ප්‍රභාකරන් නැති ලෝකයක සැමරෙන හෝ නො සැමරෙන පළමු මහවිරු දිනයයි.


Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා