මහ විරු දිනයේ ගිනි තැබුණු කැනඩා පන්සල
(2009 නොවැම්බර් 30 - W3Lanka ) ඡායාරූපයේ ඇත්තේ කොටි සංවිධානයේ මහ විරු දිනය යෙදුණු නොවැම්බර් 27දා පාන්දර 2ට පමණ ගිනි තබන ලද බව කියැවෙන කැනඩාවේ ටොරොන්ටෝහි සිංහල බෞද්ධයන්ගේ මහා විහාරයයි. මහ විරු දිනය නිමිත්තෙන් කැනඩාවේදී පැවැත්වූ කතාවක් හේතුවෙන් තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්ෂ සීමන් අත්අඩංගුවට ගෙන වහා සිය කැමැත්තෙන් එරටින් පිට නො වුණහොත් බලෙන් පිටුවහල් කරන බව කැනඩා රජය දැනුම් දුන්නේ ය. මේ පන්සලට පසුගිය මැයි මාසයේදී ද මෙවැනි ම ප්‍රහාරයක් එල්ල විය. එහෙත් කිසිවකු අත්අඩංගුවට ගැනුණේ නැත.