අපි ඇමරිකාව එක්ක තරහෙන් චීනෙට ළං වෙද්දි චීනෙ ඇමරිකාවට ළං වෙලා


(2009 නොවැම්බර් 18 - W3Lanka) ලංකාව සිය සම්ප්‍රදායික මිතුරන් වූ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් අමනාප කර ගනිමින් චීකයට තුරුළු වන්නට උත්සාහ කරමින් සිටින මුත් චීනය හා එක්සත් ජනපදය සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගනිමින් සිටිති. 


අමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා සහ චීන ජනාධිපති හු ජින්ටාවෝ අතර ඊයේ සාකච්ඡා පැවැත්විණි. වෙළඳ බාධක, යුවාන් මුදල් ඒකකය, ඉරානය සහ උතුරු කොරියාවේ වත්මන් තත්ත්වය ආදී කරුණුවලට එම සාකච්ඡා න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාව හිමිවු බව වාර්තාවේ. 

“යුවාන්” නම්වූ චීන මුදල් ඒකකය විශාල වශයෙන් අවප්‍රමාණකර තිබීම, ගෝලීය ආර්ථික අසමතුලිතතාවට හේතුව බව අමෙරිකාවේ මතයයි. කෙසේ වෙතත් ඇමෙරිකාවේ ආරක්ෂණවාදයට සහ මූල්‍ය ප්‍රතිපත්තිවලට චීනය දැඩි විවේචන එල්ලකර තිබේ. (දිනමිණ)



චීනය සහ ඇමරිකාව අතර චීනයට අතිශය වාසිදායක වෙළඳ ශේෂයක් ඇත. චීනය සිය විදේශ විනිමය සංචිතවලින් විශාල ප්‍රමාණයක් ඇමරිකාවේ ආයෝජනය කර තිබේ. 


එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා පසුගිය ඉරිදා නිල චාරිකාවක් සඳහා චීනයට පැමැණියේ ය.

Comments

  1. චීනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයකට වැඩි මුදලක් එක්සත් ජනපදයේ භාණ්ඩාගාරයේ තැම්පත් කරලා තියෙනවා. ඇමරිකාව බංකොලොත් වීමෙන් ආරක්ෂා කරගන්න පුලුවන් චීනයට විතරයි.

    ඇමරිකානු ඩොලරය ඉවත් කරන්න දැනටටමත් චීනය පටන් අරගන ඉවරයි. චීනය තෙල් සහ ගෑස් වලට මුදල් ගෙවන්න දැනටම $ පාවිච්චි කරන එක නවත්තලා තියෙන්නෙ.

    ඇමරිකාවවේ චීනය ආයෝජනය කරපු මුදල් ආරක්ෂා කරගන්න චීනය උත්සහ කරනවා. ඇමරිකාව උන් බංකොලොත් වෙන එක නවත්තගන්න උත්සහ කරනවා. නැතුව චීනය ඇමරිකාවේ ඔඩොක්කුවට යන්න උත්සහ කරන්නේ නෑ.

    අනික ඇමරිකාවේ ආර්ථිකය බිදවැටෙන එක නැවැත්තුවෙ නැත්නම් ඒක ලෝකෙ සාමයට ඇමරිකාවෙන් තියෙන තර්ජනය වැඩි කරන්න හේතුවෙනවා.

    මෙතන සිද්දවෙන්නෙ චීනය ඇමරිකාවට ලංවෙන එක නෙමයි. ඇමරිකාව චීනයට ලංවෙන්න උත්සහ කරන එක. මොකද මේ වෙලාවෙ ඇමරිකාවෙ ගැලවුම්කාරයා චීනය.

    ඔය දීගෙ වැඩි කකාලයක් තියෙන්නේ නෑ

    ReplyDelete
  2. අමෙරිකාව චීනයට ලං වෙද්දී කැනඩාව ඉන්දියාව එක්ක එකතු වෙනවා. රටවල් දෙකට බෙදී ආර්ථික අබුර්දතාවය සඳහා දෙපැත්තෙන් සැලසුමක් ඉතිරිපත් කරලා තියෙන අතර කොහේදෝ මේ නිසාවෙන් කැනඩාව හා ඇමෙරිකාව අතර තිබෙන තර්ගකාරිත්වයක් ඇති වෙන්නට පුළුවන් බවයි

    ReplyDelete
  3. කවුරු කොහෙට ලං උනත් අන්තිමට කෙල වෙන්නෙ අපිට තමයි...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා