පාකිස්තාන ගුවන් හමුදාපති ලංකාවේ


(2009 නොවැම්බර් 12 - W3Lanka) කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී ලංකාවට මහත් සේ ආධාර, යුද්ධෝපකරණ හා පුහුණුව සැපයූ පාකිස්තාන ගුවන් හමුදාවේ අණ දෙන නිලධාරි එයාර් චීෆ් මාෂල් රාඕ කමාර් සුලේමාන් අද සවස කෙටි චාරිකාවක් සඳහා ලංකාවට පැමිණෙයි. 

සිය චාරිකාව අතරතුරදී ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගුවන් හමුදාපති එයාර් මාෂල් රොෂාන් ගුණතිලක සහ තවත් යුද නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත ය. 

පාකිස්තානය ගුවන් හමුදාවට පුහුණුව, විශ්ෂඥ උපදෙස්, තාක්ෂණ ඥානය හා අවශ්‍යතා මිළ දී ගැනීමේ සහාය පමණක් නොව එෆ්-7 ප්‍රහාරක යානා සහ සී-130 මධ්‍යම එසවුම් ගුවන් යානා නඩත්තුව ද සපයා තිබේ.


පාකිස්තාන ගුවන් හමුදාපතිවරයා ත්‍රිකුණාමලයේ චීන වරායේ ගුවන් හමුදා කඳවුර නැරඹීමට ද යන්නට නියමිත ය.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප