ඉන්දියාව ලාංකික ධීවරයන් 68ක් අත්අඩංගුවට ගනියි


(නොවැම්බර් 29 - W3Lanka) ඉන්දීය බාහිර ආර්ථික කලාපයේ මසුන් මැරීමෙහි යෙදී සිටි ලාංකික ධීවර යාත්‍රා 13ක් සමග ධීවරයන් 68ක් ඒකාබද්ධ නාවික හා ගුවන් මෙහෙයුමකින් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගන්නා ලද පිරිස් හා යාත්‍රා සෙනසුරාදා කාසිමේඩු ධීවර වරාය වෙත ගෙන එන ලදී. වරාය පොලිසිය වෙත භාර දෙන ලද ධීවර පිරිස දැන් රිමාන්ඩ් කර තිබේ. 

තමිල්නාඩු වෙරළට නාවික සැතපුම් 150ක් දුරින් මුහුදේ මසුන් අල්ලමින් සිටි මේ බෝට්ටුවල තිබී මාළු කිලෝග්‍රෑම් 6600ක් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම බෝට්ටුවල සිටින තැන හඳුනා ගැනීමේ හා අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ තිබී ඇත.



මේ වසර තුළදී ඉන්දීය මුහුදු සීමාවේ මසුන් ඇල්ලුවේ ය යන ලාංකික බෝට්ටු 106ක් හා ධීවරයන් 553ක් අත්අඩංගුවට ගන්නා ලද බව ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා නිලධාරි රාජේන්ද්‍ර නාත් පවසයි. මෙම බෝට්ටු අතරින් 130ක් සහ ධීවරයන් 547ක් ආපසු ලංකාවට එවා ඇත. බෝට්ටු 40ක් තවමත් කාසිමේඩු වරායේ ඇත. 




Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.