මම දන්නෙ ඔහු ඉහළ ම හමුදා නිලධාරියකු බව පමණයි - ජනාධිපති: මට ඕනැ තීරණයක් මං ගන්නවා - ජනරාල්
(2009 නොවැම්බර් 10 - W3Lanka) ඊයේ රාත්‍රී අරලියගහ මන්දිරයේ සිට විකාශය වූ ජනපති ජන හමුව සජීවී රූපවාහිනී වැඩසටහනේදී හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වන බවට ඇති ප්‍රචාර පිළිබඳව ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ තමන් දන්නේ ඔහු ලංකාවේ ඉහළ ම හමුදා නිලධාරියකු පමණක් බවයි.
මෙම AFP ඡායාරූපයේ ජනරාල් සරත් ෆොන්සේකා හමුදා මූලස්ථානයේ සිය ආරක්ෂිත කාර්යාලයේ සිටින අයුර නිරූපිතයි. ඔහුගේ හිසට ඉහළින් ජනාධිපතිවරයාගේ රූපය බිත්තියේ එල්ලා ඇත.
මේ අතර, ජනරාල් සරත් ෆොන්සේකා අයත් ව සිටි සිංහ රෙජිමේන්තුව ආරක්ෂක ලේකම්වරයාගේ, ආරක්ෂක අමාත්‍යංශයේ හා යුද හමුදා මූලස්ථානයේ ආරක්ෂාවෙන් ඉවත් කර තිබේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම නොවැම්බර් 15දා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවේදී ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇති බව පක්ෂයට හා ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.
1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ එකලොස් වැනි වගන්තිය අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගත හැක්‌කේ ඡන්දයට ඉදිරිපත් වීමට සුදුසුකම් ඇති අයගෙන් පමණක් බව සඳහන් වේ. ඒ අනුව යුද හමුදාවේ, නාවුක හමුදාවේ හෝ ගුවන් හමුදාවේ නිත්‍ය බලකායේ සේවය කරන කිසිවකුට නාමයෝජනා භාර දිය නො හැක.
හමුදා ඇඳුම සහිතව දේශපාලනය කළ නො හැකි බව ද දේශපාලනය කරන්න එපා කියා වගේම දේශපාලනය කරන්න කියලත් කාටවත් බලපෑම් කරන්න බැරි බව ද තම නිදහස අනුව ඕනෑම තීරණයකට එළැඹීමට පුළුවන් බව ද ජනරාල් ෆොන්සේකා අද දිවයින පුවත්පතට පවසා තිබේ.
ජනාධිපතිවරණයට තරග නො කරන්නැයි ජනරාල් ෆොන්සේකාගෙන් ඉල්ලා සිටීමට ඊයේ බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී රැස් වූ රජයට පක්ෂපාත ජාතික දේශප්‍රේමී ව්‍යාපාරයේ රැස්වීමකදී භික්ෂූන් විසින් තීරණයක් ගැනිණි. එයට සහභාගි වූ ධර්ම විජය පදනමේ නායක හා අස්ගිරි පාර්ශ්වයේ භික්ෂුවක වන මැදගම ධම්මානන්ද හිමියන් මාධ්‍යවලට පැවසුවේ මෙම ඉල්ලීමට එකග නො වන්නේ නම් ජනරාල් ෆොන්සේකාට එරෙහිව සංඝ ආාවක් නිකුත් කරන බවයි. උඩුවේ ධම්මාලෝක මන්ත්‍රී හිමි සහ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද මෙම රැස්වීමට සහභාගි වූහ.

Well done Genaral... Go ahead... We always with you.
ReplyDeleteඅප ඔබ සමගයි.
ReplyDeleteඅපි රනිල් සමගයි.
ReplyDelete