තොරතුරු තාක්ෂණ විද්වතුන් රැසක් ශ්‍රී ලංකාවට


(2009 නොවැම්බර් 20 - W3Lanka) 'ඉ - ඒෂියා 2009' තොරතුරු තාක්ෂණ සමුළුවට හා ප්‍රදර්ශනයට සහභාගි වීම සදහා ලොව පිලිගත් විද්වතුන් රැසක් ශ්‍රී ලංකාවට පැමීණෙන බව ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය අයි .එච්. කේ. මහානාම මහතා පවසයි.

මෙම තෙදින සමුළුව හා ප්‍රදර්ශනය සදහා දැනටමත් 40 කට අධික විදේශ තොරතුරු තාක්ෂණ විද්වතුන් සිය පැමීණීම තහවුරු කර තිබේ.

ඉන්ටෙල් සමාගමේ නියෝජ්‍ය සභාපති නවීන් ෂෙනෝයි , අයි බී එම් සමාගමේ කෙවින් නෝර්ත්, මයික්‍රෝ සොෆ්ට් සමාගමේ තාක්ෂණික ප්‍රධානී බෑෂ් බඞට් සහ ත්‍රී එම් සමාගමේ ආසියා පැසිපික් නියෝජිත චුන් වායි බුන්  ඒ අතර වෙති.

මේ අය අතුරින් ත්‍රී එම් සමාගමේ නියෝජිතයා බිජිං ඔලිම්පික් ක්‍රීඩාංගනයේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාවට නගන ලද පුද්ගලයාද වේ. හොංකොං ගුවන්තොටුපොළේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්  පිහිටුවීමටද ඔහු නායකත්වය සැපයීය.

මෙරටට පැමීණෙන විදේශ විද්වතුන් අතර සිටින මයික්‍රොසොෆ්ට් ආයතනයේ නියෝජිතයා cloud computing යන නව තොරතුරු තාක්ෂණ ප්‍රවනතාව පිළිබද දේශනයක් පැවැත්වීමටද නියමිතය.

ඉ- ඒෂියා 2009 ආසියාවේ වැදගත්ම තොරතුරු තාක්ෂණ සමුළුව ලෙස සැලකේ. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මෙය සංවිධානය කරයි.දෙස් විදෙස් තොරතුරු තාක්ෂණ සමාගම් මේ සදහා අනුග්‍රහය ලබා දී ඇත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා