උපාධිධාරීන්ට බොරු රැකියා මවා මහජන මුදලින් පඩි දෙනවාට එරෙහි වනු!

(2009 නොවැම්බර් 13 - W3Lankaජනසභා ලේකම්වරුන් වශයෙන් උපාධිධාරීන් 14000 ක්‌ බඳවා ගනු ඇති බව රජය පවසයි. වයස අවුරුදු 22 ත් 35 ත් අතර රැකියා විරහිත උපාධිධාරීන් මේ සඳහා බඳවා ගැනෙන බවත්, රුපියල් 15,215 ත් රුපියල් 25,960 ත් අතර ඉතා හොඳ වැටුප් තලයක්‌ මේ අයට හිමි බවත් මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා  නොවැම්බර් 11 දා මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

ඵලදායී ශ්‍රම මෙහෙවරක යෙදී ජීවත් වීමට සරි ලන වැටුපක් ලබා ගැනීම මූලික මිනිස් අයිතිවාසිකමකි. රජයේ රැකියා ඉල්ලා විරෝධය දක්වන  සටහන් පාඩම් කර උපාධි ලබා ගත්, කුසලතා නැති බහුතරයක් උපාධිධාරීන්ගේ ප්‍රශ්නය විසඳීම ඒ ප්‍රශ්නයට වග කිව යුත්තන් වන පවත්නා මුග්ධ අධ්‍යාපන ක්‍රමය රකින දේශපාලකයන්ගේ වැඩකි. 

එහෙත්, මෙහි ඇති ප්‍රශ්නය වන්නේ රාජ්‍ය සේවයේ මධ්‍යම පංතික පරපෝෂිත හැතිකරය අතරට එකතු වන තවත් 14,000ක් නිකමුන් පිරිසකගේ බර කර ගැසීමට මේ රටේ දුප්පත් වැඩ කරන ජනයාට සිදු වීමයි. 

මෙම උපාධිධාරීන්ට දෙන බව කියන්නේ ජන සභා ලේකම් නම් තනතුරකි. මේ ජන සභා තිබෙන්නේ කොහි ද? ගමකට එකා බැගින් පත් කරන මේ ලේකම්ලාට ගම්වල කරන්නට තිබෙන කාර්යය කුමක් ද?


ගම්වල ජනයාට සේවය සපයන පහළ ම පරිපාලන නිලධාරියා වන ග්‍රාම සේවා නිලධාරියාගේ සේවය පවා කාර්යක්ෂම ලෙස සැපයෙන පරිපාලන සේවයක් නැති ලංකාවේ මෙම ඊනියා ජන සභාකාරයන්ගෙන් ඇති වැඩේ කුමක් ද? මොවුන් ද වගා නිලධාරි, ගොවි නියාමක, සමෘද්ධි නියාමක වැනි ගම්වල සිටින මෙලෝ වැඩක් නො කර මහජන මුදලින් පඩි කන පරපෝෂිතයන් ගොන්න අතරට එක් වීම හැර අන් ප්‍රයෝජනවත් දෙයක් සිදු වේ යි අපේක්ෂා කල නො හැකි ය. මෙවැනි පරපෝෂිතයෝ රැසක් වෙනත් රජයේ ආයතනවල ද සිටිති. අප මොවුන් පරපෝෂිතයන් ලෙස සලකන්නේ එම තත්වයෙන් තමන් මුදා ගැනීම සඳහා කිසිදු මුලපිරීමක් ඔවුන් වෙතින් සිදු නො වන බැවිනි.


මොවුන්ට පඩි ගෙවිය යුත්තේ දුප්පත් වතු කම්කරුවන්, ඇඟලුම් සේවිකාවන් හා මැද පෙරදිග වහලුන් වැනි වර්ජන, පිකටිං, උපවාස නො කරන, හඬක් නැති දිළින්දන් පිරිසකගෙන් සූරා ගන්නා ශ්‍රමයෙනි. 


මේ අන්දමින් රාජ්‍ය අංශය කෘත්‍රිම ලෙස පුම්බා ජනතාව පීඩාවට පත් කිරීම සමාජවාදය නොවේ. ‍මෙම රාජය අංශය හරහා බිහි වන මධ්‍යම පංතිය හෙවත් සුළු ධනේශ්වර පංතිය ප්‍රතිගාමී පිළිලයකි. උපාධිධාරීන්ට මේ අන්දමේ රැකියා දීමට එරෙහිව මේ රටේ පීඩිත, දිළිඳු මහජනයා වහා පාරට බැසිය යුතු ය.




Comments

  1. Excellent post. Agree 99%.

    මේ අන්දමින් රාජ්‍ය අංශය කෘත්‍රිම ලෙස පුම්බා ජනතාව පීඩාවට පත් කිරීම සමාජවාදය නොවේ.

    Exactly. All what government should do is to develop the (now underdeveloped) private sector to absorb these graduates.

    ‍මෙම රාජය අංශය හරහා බිහි වන මධ්‍යම පංතිය හෙවත් සුළු ධනේශ්වර පංතිය ප්‍රතිගාමී පිළිලයකි.

    I would not call them සුළු ධනේශ්වර පංතිය , but fully agree with you they are a burden to the poor.

    ReplyDelete
  2. රාජ්‍ය සේවයට පැමිණීමට බලා සිටින්නේ කලා උපාධිධාරීන් ය. රාජ්‍යයේ මූලික වරදක් නිසාද මේ උපාධිධාරීන්ගේ ද්විතීයික වරදක් නිසා ද ඔවුන් බහුතරයක් සමාජයට කිසිම මෙහෙවරක් නොකරන පිරිසකි. ලංකාවේ සරසවි තවමත් නවීකරණය නොවූ නිසා පිරිනමන උපාධි වැදගම්මකට නැත. එහෙත් සරසවියේ ගෙවන අවුරුදු 03/04 තුළ ස්වයං අධ්‍යනයෙන් ඉංග්‍රීසි ඉගැන ගැනීමට මේ උපාධිධාරීන්ට එපා කියා ඇත්තේ කවුද?
    ඒ අනුව මේ උපාධිධාරීන් අනුන්ගෙන් යැපීමට බලාසිටින්නන් පිරිසක් පමණි. නිර්මාණශීලී පුද්ගලයන්ට කොහෙන් හෝ යැපීම් මාර්ගයක් සොයා ගත හැක. ඉංග්‍රීසි දැන සිටියානම් අවම වශයෙන් භාෂා පරිවර්තනය හෝ හොද ආදායම් මාර්ගයකි.
    මීට ඉහත දී ද රජයේ රැකියා ලබාදුන් උපාධිධාරීන් සමාජයට කිසිම මෙහෙවයක් කරන්නේ නැත.කිසිම ගුණාත්මක වටිනාකමක් නැති උපාධියක් හරහා බොරු සමාජ බලයක් ගොඩනංවා ගැනීමට රාජයේ සේවයට එනවා මිස කම්මැලි නැතිව නිර්මාණශීලීව වැඩ කිරීමට හැකි පිරිස ඒ අතුරින් ඉතා ටික දෙනෙකි. බහුතරය වරප්‍රසාද හා පඩිය ලැබීමට පමණක් කැපවූවෝය. දහවල් ආහාරය ගැනීමට කාර්යාලයට පැමිණ මාසෙ අන්තිම රුපියල් 20,000.00ක පමණ වැටුපක් ගන්නා උපධිධාරීහු දැනටමත් රටේ දුප්පතුන් තවත් කාළකන්නි කරමින් ආයතනයන්හි කාලය කා දමති.

    මේ කාලකන්නිකම තේරුම් ගැනීමට මගේ මිතුරෙකු කී අදහසක් කදිමට උපකාරී වේ.
    දැනට රාජ්‍ය සේවයේ සිටින 2005 දී බදවා ගත් උපාධිධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සදහා පැවරුනක් නියමිතව තිබුණි. රාජ්‍ය අංශයේ පවතින තමන් අත්දුටු යම් ගැටලුවකට අදාළව මෙම පැවරුම කළ යුතුව තිබී ඇත. කඩඉම සමත්ව ස්ථිර පත්වීමක් ලැබීමට නම් එම පැවරුම සාර්ථකව කළ යුතුව තිබුණි. එහෙත් නිර්මාණශීලීත්වයෙන් හීන බව කදිමට පෙන්වමින් මේ පැවරුමට විරෝධය පෑ උපාධිධාරී සංගමය එය කඩඉම් පරීක්ෂණයෙන් ඉවත් කර සාමාන්‍ය කඩදාසි විභාගයකින් කඩ ඉම් පරීක්ෂණය පවත්වා පත්වීම ස්ථිර කර ගැනීමට බලධාරීන් එකග කරගන්නා ලදි.

    රාජ්‍ය සේවයේ පත්වීම් ස්ථිර කර ගැනීමේ ගෞරවනීය ක්‍රමවේදයට ඔවුහු විරුද්ධ වූයේ නිර්මාණශීලීත්වයෙන් මොට පිරිසක් බව ලොවටම කියමිනි.

    අපි අච්චර රැකියා දුන්නා මෙච්චර රැකියා දුන්නා යැයි දේශපාලකයන් කෑමොර දෙන්නේ මෙවැනි කාලකන්නිභාවයක් රටට උරුම කරදෙමිනි.

    shan

    www.bumuthurunu.wordpress.com

    ReplyDelete
  3. කතාව සහතික ඇත්ත....
    මේ රටේ කවදාවත් ඉංජිනේරු/විද්‍යා උපාධිධාරියො ආන්ඩුවෙන් රස්සාවල් ඉල්ලන්නෙ නෑ.... උන්ටත් පුලුවන් අමන මුදලාලිලා ලඟ වැඩ කරනවට
    වඩා අපිටත් රජයේ රැකියාවක් දියව් කියන්න..
    වැඩි හරියක් මහ ලොකු වැඩක් කරනවා කියල හිතාගෙන campus ඇතුලෙ ජීවිතේ හොඳම කාලේ නාස්ති කරපු කලා උපාධි පොරවල්.
    අන්තිමට ඉතුරු වුනේ සහතික කරදාසිය විතරයි.
    ඒකෙන් කරන්න පුලුවන් මගුලක් නෑ කියල තෙරෙන්නෙ එලියට බැහැපු දවසක. technical degree එකක් වුනත් අද කාලේ අමතර සුදුසුකමක් විතරයි. ඒකටත් value addition එකක් අනිවාර්යයි.
    සල්ලි දීල කරන අනන් මනන් කෝස් නැතුවට තනියම කඩුව හරි හදා ගත්තම හෙන ගහනවද?
    මේ හදන්නෙ දැනට අක්‍රිය වෙලා තියෙන ජනසභා කියන බඩකඩිත්තුව
    අල්ල ගෙන වැඩේ ෂේප් කර ගන්න,
    ග්‍රම සේවකලා දැනට කරන වැඩ ටිකම දෙකට බෙදලා චන්දෙ බලාගෙන කරන සෙප්පඩ විජ්ජාවක්.
    දැන් වුනත් සමහර ආන්ඩුවෙ කන්තොරුවල තියෙන name boards දැක්කම හික් ගෑ වෙනවා. මුං මේවට වෙලා මොන මගුලක් කරනවද
    කියල,
    නිකමට ගිහින් බලන්නකො ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙකට...

    -කීර්ති
    http://wijayabahu.blogspot.com/

    ReplyDelete
  4. pretty damn true.
    Country is about to get another set of Pinbathas.
    These uneployed idiots should find a way to market themselves. And government should have a backbone to say 'there is no f* way we give jobs to all the undergrads'
    Until both parties understand and act on the bitter truth no one can solve the issue.

    ReplyDelete
  5. sahathika attha. Syllubus wenas karamuda

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා