කුරේට පොලිස් පොල්ල; පානදුරේ නන්දන වින්දන


(2009 නොවැම්බර් 22 - W3Lankaජනතා විමුක්ති පෙරමුණේ පිහිටෙන් පාර්ලිමේන්තුවට පැමිණ පසුව විමල් වීරවංශ සමග එක්ව ජාතික නිදහස් පෙරමුණ හදාගෙන එයින් ඇමතිකමක් ලබා ගෙන දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂට ළං වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පානදුර සංවිධායකකමට කෙළ හළමින් සිටින සංචාරක ඇමති නන්දන ගුණතිලකගේ සංවිධානයෙන් ඊයේ වාද්දුවේ පැවති මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීමේ රැළියට වර්තමාන ආසන සංවිධායක රෙජිනෝල්ඩ් කුරේ සහභාගි වීම පොලිසිය ලවා වළක්වා තිබේ. 


සංචාරක ඇමතිවරයා තමන් පැමිණීම වළක්වන ලෙස පොලිසියට උපදෙස් දී තිබුණු බව ද පොලිසිය ඒ අනුව ක්‍රියා කර තම පැමිණීම වැළැක්වූ බව ද කුරේ පවසයි. 


කුරේ බසුනාහිර පළාතේ හිටපු මහ ඇමති ය. පළාත් සභා මැතිවරණයේදී ඔහු කලුතර දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ලබා ගත් නමුදු ඔහුට මහ ඇමතිකම හෝ ඇමති ධුරයක් ලැබුණේ නැත. ඔහුව එක්සත් ජාතික පක්ෂයට පළවා හැරීම සඳහා ශ්‍රීලනිප නායකයන් උත්සාහ කරන නමුදු ඔහු ද කූඩැල්ලා සේ එල්ලී සිටීම ශ්‍රීලනිපයට මළ වධයක් වී තිබේ.

Comments

  1. Cooray, Please walk to UNP.

    Dayaratne
    Ratmalana

    ReplyDelete
  2. රෙජි,ඔබ ගැන දෙනියායේ සුගතේ ඉන්නේ දුකින්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා