අපට වැඩි පඩි එපා කියන ධනවත් රජයේ සේවකයන්ගේ උද්ඝෝෂණය අද


(2009 නොවැම්බර් 10 - W3Lanka) හෙට සිට ඇරඹීමට නියමිත තෙල් සංස්ථා, විදුලි බල මණ්ඩල, වරාය අධිකාරි හා ජල සම්පාදන මණ්ඩල සේවක ඒකාබද්ධ අකුරට වැඩ ව්‍යාපාරය පරාජය කිරීම සඳහා ආණ්ඩුවේ වෘත්තීය සමිති 40ක නියෝජිතයෝ 25,000ක් අද (10) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී දැවැන්ත උද්ඝෝෂණයක නියැළෙන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා මහතා පවසයි.


‘කුමන්ත්‍රණ පරදවමු - ජනපති සමඟ පෙරට යමු’ තේමාව ඔස්සේ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය වශයෙන් මෙහෙයවනු ලබන මෙම විරෝධතාවේ ප්‍රධාන සටන් පාඨය වන්නේ වැඩි වැටුප් එපා යන්න බව වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි. 

වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ සේවකයන් අද දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්නේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකර ගැනීමේ අරමුණින් නොවන බව ලංකා කම්කරු සමිති මධ්‍ය බල මණ්ඩලය පවසන බව දිනමිණ පුවත්පත ද වාර්තා කළේය. 


Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප