රජය දෙමළ ජනයාට පනවා තිබූ තවත් සම්බාධක ඉවත් කරයි.


(2009 නොවැම්බර් 19 - W3Lanka) හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධ වීමත් සමග ම දැඩි සිංහලවාදියකු හා තද හමුදා නිලධාරියකු වූ, එමෙන් ම අවතැන් වූ ජනයා දීර්ඝ කාලයක් කඳවුරුවල රඳවා ගැනීමට හා වන්නියේ ලක්ෂයක හමුදාවක් රඳවා ජන විකසනය වෙනස් වන පරිදි එහි හමුදා පවුල් පදිංචි කිරීමට උවමනා වු ඔහුට දෙමළ ජන සහාය ලබා ගැනීමට ඇති අවස්ථාව සම්පූර්ණයෙන් ම අහුරා දැමීම පිණිස කටයුතු කරමින් සිටින රජය උතුරේ දෙමළ ජනයාට පනවා තිබුණු සම්බාධක ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. 

අවතැන් කඳවුරුවල සිර කරගෙන සිටි ජනයා යළි පදිංචි කිරීම වේගවත් කර ඇති රජය යාපනයේ ජනතාවට දකුණට පැමිණීමට තිබූ සියලු බාධක ඊයේ (18) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස ද උපදෙස් දී තිබේ. ඒ අනුව යාපනයේ ජනතාවට යාපනයෙන් බැහැර වීමට මෙතෙක් අනිවාර්ය කැර තිබූ ආරක්ෂණ නිෂ්කාශන ලබා ගැනීම ඊයේ සිට අවලංගු කර ඇති බව දිනමිණ පුවත්පත පවසයි. 


එමෙන්ම යාපනයේ සියලූම ලොරි හිමියන්ට සිය වාහන පූර්ව ලියාපදිංචියකින් තොරව භාණ්ඩ ප්‍රවාහනයේ යෙදවීමටත් ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය හිමි ව ඇති බව වාර්තා වේ.


දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් තහවුරු කෙරෙන මෙම පියවර වෙනුවෙන් මෙන්න W3Lanka වෙතින් රජයට මල් මිටක්! ජය වේවා! ඉදිරියට ම යන්න.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා