Posts

Showing posts with the label ඒ-9

ඒ-9 පාරේ අලුත් කොටි කවුරුද?

Image
(2009 දෙසැම්බර් 29 - W3Lanka ) 2002 සටන් විරාමයෙන් පසු ඒ-9 පාර විවෘත වූ විට බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ කරුණක් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය එම මාර්ගයේ ගමන් කළ වාහනවලින් හා ප්‍රවාහනය කරන ලද භාණ්ඩවලින් බදු අය කිරිමයි.  දැන් ප්‍රභාකරන් හෝ කොටි සංවිධානය නැත. එහෙත් ඒ-9 පාරේ අලුත් ත්‍රස්තවාදයක් බිහි වී ඇති බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී ජයවික්‍රම පෙරේරා පෙන්වා දෙයි.  ඒ අනුව, නම් නො කරන ලද විශේෂ පුද්ගලයෝ ඒ-9 පාරේ ගමන් ගන්නා බස් රථවලින් එක් ගමන් වාරයකට රු. 50 බැගින් වු බද්දක් අය කරති. එජාප මන්ත්‍රීවරයා පවසන පරිදි මෙම පුද්ගලයෝ තුන් ලක්ෂයක් වූ අවතැන් වූවන් වෙනුවෙන් ආහාර සැපයුම් සිදු කළ අයගෙන් ද අධික කොමිස් ලබා ගත්හ. ඔහු කිය පරිදි බිත්තරයකින් අය කළ කෙමිස් මුදල රු.3කි. මේ අලුත් ත්‍රස්තවාදීහු කවරහුද?

රජය දෙමළ ජනයාට පනවා තිබූ තවත් සම්බාධක ඉවත් කරයි.

Image
(2009 නොවැම්බර් 19 - W3Lanka ) හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධ වීමත් සමග ම දැඩි සිංහලවාදියකු හා තද හමුදා නිලධාරියකු වූ, එමෙන් ම අවතැන් වූ ජනයා දීර්ඝ කාලයක් කඳවුරුවල රඳවා ගැනීමට හා වන්නියේ ලක්ෂයක හමුදාවක් රඳවා ජන විකසනය වෙනස් වන පරිදි එහි හමුදා පවුල් පදිංචි කිරීමට උවමනා වු ඔහුට දෙමළ ජන සහාය ලබා ගැනීමට ඇති අවස්ථාව සම්පූර්ණයෙන් ම අහුරා දැමීම පිණිස කටයුතු කරමින් සිටින රජය උතුරේ දෙමළ ජනයාට පනවා තිබුණු සම්බාධක ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.  අවතැන් කඳවුරුවල සිර කරගෙන සිටි ජනයා යළි පදිංචි කිරීම වේගවත් කර ඇති රජය යාපනයේ ජනතාවට දකුණට පැමිණීමට තිබූ සියලු බාධක ඊයේ (18) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස ද උපදෙස් දී තිබේ. ඒ අනුව යාපනයේ ජනතාවට යාපනයෙන් බැහැර වීමට මෙතෙක් අනිවාර්ය කැර තිබූ ආරක්ෂණ නිෂ්කාශන ලබා ගැනීම ඊයේ සිට අවලංගු කර ඇති බව දිනමිණ පුවත්පත පවසයි.  එමෙන්ම යාපනයේ සියලූම ලොරි හිමියන්ට සිය වාහන පූර්ව ලියාපදිංචියකින් තොරව භාණ්ඩ ප්‍රවාහනයේ යෙදවීමටත් ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය හිමි ව ඇති බව වාර්තා වේ. දෙමළ ජනතාවග...