මිහින් එයාර් නවතම ගුවන් යානා ගනුදෙනුව ප්‍රශ්න කෙරේ


(2009 නොවැම්බර් 17 - W3Lanka) ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය වන අයුරින් අපාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව මුදල් යොදවා ආරම්භ කරන ලද මිහින් එයාර් සමාගමේ නවතම දුෂිත ගනුදෙනුව වී ඇත්තේ ඒ 320 වර්ගයේ තවත් ගුවන් යානාවක් මිලදී ගැනීම බව දූෂණ විමසුම ආයතනය පවසයි. 

මෙම ගුවන් යානාව සිංගප්පූරුවේ Bank of China පෞද්ගලික සමාගම විසින් සපයනු ලබන ලීසිං හෙවත් කල් බදු ක‍්‍රමයට මිලදී ගැනීමට යයි. ඒ සඳහා වර්ෂ තුනකින් ගෙවීමේ පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන් 13.5ක වියදමක් දැරිමට ගිවිසුම් ගත වී ඇත. වාහනයක් හෝ යමක් කල් බදු ක‍්‍රමයට මිලදී ගැනීමේදී ඒ සඳහා ඇප වන්නේ අදාල භාණ්ඩයයි. එහෙත් මෙහිදී අදාළ ගුවන් යානයට අමතරව මහා භාණ්ඩගාරය මගින් ද ඇපයක් ඉල්ලා ඇති බව දූෂණ විමසුම පවසයි. ඒ අනුව මහා භාණ්ඩාගාරයේ මුදල් හෙවත් මෙරට ජනතාවගේ මුදල් වක‍්‍ර ලෙස වංචාවකට යොදවා ඇතැයි පෙන්වා දෙන දූෂණ විමසුම පාඩු ලබන මිහින් එයාර් සමාගමට මහා භාණ්ඩාගාරය ඇප සහතික ලබා දෙන්නේ කුමන පදනමක් මතදැයි ප්‍රශ්න කරයි.

පසුගිය වසර තුනදී  පමණක් රුපියල් බිලියන 3. 6 ක පාඩුවක් ලබා ඇති මිහින්
එයාර් රුපියල් බිලියන 1.4 ක ණය මුදලක් ගෙවන්නේ කෙසේදැයි ද දූෂණ විමසුම අසයි. අද මෙම සමාගම සතුව ඇත්තේ එක් ගුවන් යානයක් පමණි. රුපියල් මිලියන ගණනක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද ණය වී ඇත. 

2009 අයවැයෙන් රුපියල් බිලියන 6 ක මුදලක් එම සමාගමට ද ඊට අමතරව ගුවන් යානා බදු ගැනීම සඳහා ට‍්‍රාන්ස්සාවියා සමාගමට රුපියල් මිලියන 1100 ක මුදලක් ද වෙන් කරන ලද බව දූෂණ විමසුම පෙන්වා දෙයි.

අඩු මිල ගුවන් සේවයක් ලෙස සඳහන් වුවත් මෙහි ප‍්‍රවේශ පත‍්‍ර මිළ අඩුවක් ද නැති බව එම සංවිධානය පවසයි.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා