ජනපතිවරණයක් අබිමුව සිව් වසරක රටේ ජනපති
අජිත් පැරකුම් ජයසිංහ -
සිංහල භාවිතා කරන අන්තර්ජාල ප්‍රජාව අතර අප විසින් කරන ලද සමීක්ෂණයකදී ලංකාවේ මීළඟ ජනාධිපති වීමට සුදුසු පුද්ගලයා ලෙස වැඩි දෙනෙකු මේ මොහොතේ තෝරන්නේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ය. අන්තර්ජාල ප්‍රජාව හා ලංකාවේ බහුතරය වන ගැමි ජනතාව අතර සිතීම් රටාවේ සුවිශාල වෙනසක් තිබිය හැකි මුත්, රටේ ජනමාධ්‍ය හරහා ජන විඥානය හැසිරවීමේ ප්‍රධාන බලවේගයක් වන මෙම ප්‍රජාවේ මතය සමස්ත දේශපාලන ප්‍රජාව කෙරෙහි ම සුව්සල් බලපෑමක් කිරීමේ හැකියාවකින් යුක්ත වේ.
ජනාධිපති පදවියට පත්ව සිව් වසරක් ඇතුළත මෙතෙක් බොහෝ රාජ්‍ය නායකයන් දියත් කිරීමට අසමත් වූ මිලිටරි දේශපාලන මර්දනයකින් දෙමළ අරගලය හා එහි නියාමක බලවේගය බවට පත් වී සිටි කොටි සංවිධානය මුළුමනින් ම පරාජය කිරීමට සමත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක අභියෝගය භාර ගැනීමට සූදානම් වන්නේ මෙවැනි පසුබිමක් තුළයි. හමුදා නිලධාරියකු ජනාධිපතිවරණයට තරග කිරීම වළක්වා ලන නීතිමය ප්‍රතිපාදන පාවිච්චි කරමින් ජනරාල් සරත් ෆොන්සේකාගේ අපේක්ෂකත්වය වළක්වන ලෙසට ඊනියා හිතවතුන් දෙන කේවට්ට උපදෙස් පසෙක ලා තරගයට නො බියව මුහුණ දෙන ලක්ෂණ සිය දේශපාලනික ජීවිතය පුරා ම දක්ෂ සටන්කරුවකු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පළ කරමින් තිබේ. ඔහු 2005දී ජයග්‍රහණය සඳහා කළමනාකරණය කර ගත්තේ ද පරාජය නළලේ කොටා තිබූ ජනාධිපතිවරණයකි. එහෙයින් ජනාධිපතිවරණයක් කැඳවුවහොත් හා එම ජනාධිපතිවරණය දැනට අනුමාන කෙරෙන අන්දමේ සටනක් වුවහොත්, එය ඉතිහාසයේ පැවති තියුණු ම ඡන්ද සටනක් වනු ඇත.
ලංකාවේ දේශපාලනයට අදාළව, ගෝලීය හා දේශීය ධනේශ්වර දෘෂ්ඨිවාදය විසින් මහින්ද රාජපක්ෂ පාලනය අවසන් විය යුතු බව තීරණය කර ඇති බව රට තුළ සහ ජාත්‍යන්තරව සිදු වන චලනයන් ඔස්සේ වටහා ගත හැකි ය. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට එදිරිව ශක්තිමත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සැලසුම සමග එක්සත් ජාතීන්ගේ, ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ හා ඉන්දියාවේ පවා චලනයන් සමපාත වේ. විශේෂයෙන් ම යුද අපරාධ, මානව හිමිකම් චෝදනා මත ලංකාවේ රජයට එල්ල කරන පීඩනය, ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි කිරීමේ තර්ජනය, ලංකාවේ ආයෝජන දිරි නො ගැන්වීම වැනි ආර්ථික සම්බාධක ස්වරූපයේ බලපෑම් හා ජාත්‍යන්තර දේශපාලනයේදී කොණ් කරනු ලැබීම ආදී කාරණා මෙහිදී කැපී පෙනේ.
ධනවාදය මහින්ද රාජපක්ෂ පාලනයෙන් අපේක්ෂා කළ කාර්යභාරය මේ වන විට ඔහු සාර්ථක අන්දමින් අවසන් කර ඇත. කුමන අතකින්වත් සාධනීය චලනයක් දැක්වීමට අසමත් ව එක තැන ලැග සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් තළා පොඩි කර දැමීමේ අවශ්‍යතාව සඳහා තත්වය විසින් නිර්මානය කරන ලද සාර්ථක නායකත්වය බවට පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලොව ඕනෑම රාජ්‍ය නායකයකු ඊර්ෂ්‍යාවට පත් කරන තරමේ වාසනා ගුණයකින් යුක්තව සිය කාර්යය ඒ සඳහා අවශ්‍ය උපරිම දරදඬුභාවයකින් යුක්තව සම්පූර්ණ කළේ ය. රාජ්‍යයට ඒ සඳහා අවශ්‍ය ජවය බලමුළු ගන්වා ගැනීම අනිවාර්යයෙන් ම කළ හැකි වන්නේ සිංහල ස්වෝත්තමවාදී නැඹුරුවකින් පමණි. සියලු වර්ගවාදී උන්මත්තකයන්ට රාජ්‍යයේ දොරටු හායි ගා විවර වුණේ මෙම සංදර්භය තුළයි.
ලංකාවේ රජය යුද්ධය දිනුවත්, සාමය දිනා ගැනීමට අසමත් වී ඇති බව අද වන විට ලොව පුරා පැතිරෙමින් පවතින අදහසකි. දෙමළ බෙදුම්වාදී නැඹුරුව චිරස්ථායී ලෙස පරාජය කර ලංකාවේ ධනේශ්වර රාජ්‍යය තහවුරු කළ හැකි ලාංකික රාජ්‍ය ගොඩනැඟීමේ ව්‍යාපෘතියක් යුද්ධය හා සමාන්තරව හෝ පශ්චාත් යුද කාලීන සමයේ හඳුන්වා දීමට අසමත් වීම මහින්ද රාජපක්ෂ පාලනයේ අසාර්ථකභාවයේ ආරම්භයයි. එහිදී ජනාධිපතිවරයා අමාරුවේ දැම්මේ මේ සඳහා වූ වැඩසටහන වූ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව භාර ගත් ඊනියා වාමාංශිකයෝ ය. සර්ව පාක්ෂික නියෝජිත කමිටු වැඩසටහන යුද්ධය අතරතුරදී ජාත්‍යන්තර පීඩනය මැඬලීම සඳහා පාවිච්චි කිරීමට රාජ්‍ය නායකයන් පෙළමීම ස්වාභාවික ය. එහෙත් මෙම ඊනියා වම්මු එම වැඩසටහන පශ්චාත් යුද සමයේ අවශ්‍යතා සැපිරිය හැකි තත්වයකට ගොඩනැඟීමට කිසිදු දායකත්වයක් සැපයුවේ නැත. බලයේ එල්ලී සිටීම සඳහා දීන අන්දමින් කටයුතු කිරීම හැර අන් දැක්මක් නැති ඊනියා වාමාංශික පක්ෂවලට ජාතික සමගිය ගොඩනැඟීමේ කාර්යභාරයේ වගකීම් පැවරීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කරන ලද බරපතල අතපසු කිරීමකි. මෙම කාර්යය මීට වඩා සාර්ථක ලෙසින් කළ හැකි යයි අපේක්ෂා කළ හැකි අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටිති. විපක්ෂ සන්ධානයකට ජනාධිපති අපේක්ෂකයා ලෙස දැඩි සිංහලවාදියකු ඉදිරිපත් කරමින් පවා සුළුතර ප්‍රජාවන්ගේ සහයෝගය කළමනාකරණය කර ගැනීම පහසු වන ලකුණු දක්නට ලැබෙන්නේ මෙම සංදර්භය තුළයි.
දැවැන්ත රාජ්‍ය අංශයක් ගොඩනඟමින්, එය නඩත්තු කිරීම සඳහා අධික බදු බරක් ජනතාව මත පටවමින් රාජපක්ෂ පාලනය විසින් ගෙන යන ලද ආර්ථික තළමනාකරණ ක්‍රමවේදය සාධාරණීකරණය කර ගැනීම පශ්චාත් යුද සමයේ දුෂ්කර ය. මෙම රාජ්‍යවාදය විසින් රජයේ රැකියා අයිතිවාසිකම් ලෙස ඉල්ලන පිරිස් තව තවත් පාරට කැඳවන අතර පෞද්ගලික නිෂ්පාදන හා සේවා ආර්ථිකයේ වර්ධනය වේගවත් නො වීම හේතුවෙන් මෙම ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීම දුෂ්කර වී තිබේ. දෙස්, විදෙස් ආයෝජක විශ්වාසය දිනා ගැනීමට අසමත් වීම ද, යුද්ධයෙන් පසු අල්ලා ගත් ප්‍රදේශවල ආර්ථික ඵලදායිත්වය පූර්ණත්වයට පත් වීම සඳහා දීර්ඝ කාලයක් අවශ්‍ය වීම ද ආදී ගැටළු රැසක් රාජපක්ෂ පාලනයේ ආර්ථික කළමනාකරණය පසුබිමේ ඇත. නූතන සංදර්භය තුළ ගෝලීය ධනවාදය සමග යහපත් සම්මුතියකට නො එළෙඹ ජාතික ධනේශ්වර පාලනයකට සාර්ථකව පැවතිය නො හැකි බව ආණ්ඩුව විසින් ඔප්පු කරමින් තිබේ. ජාතික වස්තුවල සිට මාරවිල වැල්ලේ කොල්ලන් දක්වා ලාංකිකයන් ග්‍රීන් කාඩ්වලින් හෝ ට්‍රෝලර් බෝට්ටුවලින් සිය සිහින දේශය සොයා බටහිරට ඇදෙන රටක සිංහල ජාතිවාදීන්ගේ පුහු බටහිර විරෝධී මනස්ගාතවලට කළ හැකි දේ අල්ප ය.
සකලවිධ උන්නතිකාමී සටකපට පුද්ගලයන් එකතු කරගෙන ආණ්ඩුව ප්‍රමාණයෙන් විශාලනය කර ගත්තා මිස නිසි පුද්ගලයන් නිසි තැන ස්ථාපනය කර ඵලදායී, ගුණාත්මක පාලන යන්ත්‍රයක් නිර්මානය කර ගැනීමෙහි ලා අසමත් වීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉක්මණ් ජනාධිපතිවරණයකට තල්ලු කිරීමට ද හේතු වී තිබේ. මෙම උන්නතිකාමීන්ගේ සීමාන්තික ධන හා බල ලෝභය මහින්ද රාජපක්ෂ පාලනයේ ප්‍රධාන ම පිළිකාවයි. එය මුල් දිව ඇත්තේ පහසුවෙන් සුව කළ හැකි ආකාරයකට නො වේ.
ධනවාදය විසින් පාලනයේ වෙනසක් යෝජනා කරන්නේ මෙම පසුබිම මතයි. ජනාධිපතිවරයා ම මෙම වෙනස සඳහා අඩිතාලම දමන්නේ, එනම් ඉක්මණ් ජනාධිපතිවරණයක් කැඳවීමට අදහස් කරන්නේ මෙම කරුණ කෙරෙහි ඔහුගේ සංවේදීභාවය නිසා ය. ඔහුගේ පැත්තෙන් ඔහු උත්සාහ කරනු ඇත්තේ ද විපක්ෂය විසින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන තත්වයන් මිස අලුත් ඒවා නොවේ. සිය පැවැත්ම තහවුරු කර ගැනීමට නම් ඔහු විසින් කළ යුතුව තිබෙන්නේ ගෝලීය හා දේශීය ධනේශ්වරය සමග යහපත් සම්මුතියකට එළඹීම හා යුද්ධයට නම්නීකරණය කර තිබූ රාජ්‍යය හා ආර්ථිකය සංවර්ධනය දෙසට හැරවීම හා ලාංකීය රාජ්‍ය ගොඩනැඟීමක් වෙත යොමු වීමයි. එහිදී ඔහුට අභියෝගය වී ඇත්තේ ඔහු ම සහ ඔහු වටා සිටින පිරිස් ය.

ඔබගේ සමික්ෂයට සහභාගි වී තිබෙන්නෙ සියයට දශම එකකටත් වඩා අඩු ජන්ද දායකයින් ගණනකි. එබැවින් එය අවිද්‍යාත්මක වේ.
ReplyDeleteසමබර අපක්ෂපාතී විශ්ලේෂණයකි. රටක් ගොඩනැගීම යනු ආර්ථික සංවර්ධනය ගොඩනැගිලි පාලම් බෝක්කු පාරවල් තැනීම පමණක් නොවේ. නිදහස යනු යුද්ධයෙන් ත්‍රස්තවාදය මැඩලීම පමණක් නොවේ. එය ජනප්‍රිය සංස්කෘතියේ දේශපාලන කූට උපක්‍රමයන්ගේ නැගීමක් පමණි. එබදු ප්‍රපංචයන්ගෙන් අන්ධවන ජනතාවක් සිටීනම් එය නිවහල් දේශයක් නොවනු ඇත. සැබෑ නායකයෙකුට වචන දහස් ගණන් දිනපතා වැය කිරීමට අවශ්‍ය නොවනු ඇත. මාධ්‍ය වන්දිභට්ටයන් හෝ දවස පුරා ගුණ ගායනා කිරීමට මාධ්‍යන් සියතට ගතයුතු නැත. ගෝස්තරය සලසා ගැනීමට ආත්මය බල්ලට දමන උපදේශකයින් හෝ ඊනියා දේශප්‍රේමීන් සිය ගණනක් පිරිවරාගත යුතු නැත. එහෙත් මේ දේශයේ කවදත් සිටියේ බලයට පමණක් ආශා කල එබදු කුහක පමණි. ආරම්භය වැරදී ඇත නිවැරැදි කල නොහැකි ලෙස. සුඵතරයකට පමණක් මෙය සුරපුරක් වනු ඇත. බුද්ධිමත් යැයි කියන බහුතරය සදාකාලිකව රැවටෙනු ඇත. එහෙත් එය ඔවුන්ගේම තෝරා ගැනීමනම්?
ReplyDelete