ජනරාල්ගේ ආරක්ෂක විධිවිධාන හරහා මේ ඇරඹෙන්නේ යහපාලනය ද?


(2009 නොවැම්බර් 25 - W3Lanka) හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ආරක්ෂාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ‍ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වන ආකාරයට ඔහු ඉල්ලා ඇති ආරක්ෂක විධිවිධාන අතර ආරක්‍ෂක භටයන් 600ක්, ආරක්‍ෂක රථ 10ක් සහ වෙඩි නොවදින රථ දෙකක් ඇති බව  වාර්තා වේ. 

තම ජීවිතය තිබෙන තුරුම මරණ තර්ජන පවතින බවත් ආරක්‍ෂක ලේකම්, වත්මන් හමුදාපති, හිටපු නාවික හමුදාපති ඇතුළු බොහෝ දෙනකුට සපයා ඇති ආරක්‍ෂාව සමඟ සලකා බලන විට තමාට ලබා දී ඇති ආරක්‍ෂාව කොහෙත්ම ප්‍රමාණවත් නොමැති බවත් පවසන හේ  ආරක්ෂාව සඳහා අඩුම වශයෙන් 600 ක පමණ ආරක්‍ෂක නිලධාරීන් කණ්‌ඩායමක්‌ තමාට අවශ්‍ය බව ඔහු කියයි.

කොටි සංවිධානය නොවන වෙනත්බලවේගවලින් ද තමන්ට මරණ තර්ජන ඇති බව ෆොන්සේකා මීට ඉහතදී මාධ්‍යවලට පැවසීය. මේ රටේ පසුගිය සමයේ සිදු වූ ඝාතන රැල්ල පිළිබඳ ඔහුට ඇති අවබෝධය නිසා ඔහු මෙසේ ආරක්ෂාව ඉල්ලා සිටීම සාධාරණ ය. ඔහු හා සමාන ජීවිත තර්ජන ඇති අයට මෙවැනි ආරක්ෂාවක් සපයා තිබේ. 



කිසියම් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් පවතින බවට බුද්ධි අංශ මඟින් දැනුම්දීමක් කළහොත් ඔහුගේ ආරක්ෂාව දැඩි කරන බවත්, සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් එවැනි වාර්තාවක් තවම ලැබී නැති බවත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාරසඳහන් කළ බව අද දිනමිණ පුවත්පත සඳහන් කළේ ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලිනුපුටා දැමීම සඳහා කෲර යුද්ධයක් මෙහෙයවූ හිටපු හමුදාපතිවරයාට ජීවිත තර්ජන ඇති බව බුද්ධි අංශවලට තව ම‍ නො තේරුණාට මන්ද බුද්ධික නො වන කවුරුත් ඔහුගේ ජීවිතයට තර්ජන ඇති බව දනිති. 

එහෙත් හමුදා මාධ්‍ය ප්‍රකාශකට අනුව ෆොන්සේකා  මෝටර් රථ 03 ක්, ඩබල් කැබ් රථයක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 7 ක්, වෑන් 4 ක්, ගිලන් රථයක් සහ යතුරුපැදි 9 ක් ඇතුළු වාහන 26ක් ද ආරක්ෂක භටයින් 103 දෙනෙකු හා නිලධාරින් හත් දෙනෙකු අනවසරයෙන් ළඟ තබාගෙන හෙවත් සොරකම් කර ඇත. 

ජනරාල් සරත් ෆොන්සේකා විසින් 2009.11.19 දාතම සහිතව ජනාධීපති ලේකම් වෙත යොමු කරන ලද ලිපිය මඟින් ඉල්ලා සිටි සම්පූර්ණ ආරක්‍ෂාව ඔහුට ලබා දී ඇතැයි ද කොමාන්ඩෝ රෙජිමේන්තු නිළධාරියෙකු සමඟ සෙබළුන් 22ක්ද, සිංහ රෙජිමේන්තුවෙන් නිළධාරීන් තිදෙනෙකු සමඟ සෙබළුන් 50ක්, සෙබළියන් 5ක්ද, රියදුරන් 10ක්ද, වෙඩි නොවදින රථයක් ඇතුළු වාහන 24ක්ද ඔහු ඉල්ලා සිටි බව ද බ්‍රිගේඩියර් නානායක්කාර පවසයි. ෆොන්සේකා මහතාගේ ලිපියට අනුව ඉල්ලූ වාහන අතරින් ලෑන්ඩ් රෝවර් ජීප් රථ 3 ක්, ආසන 26 බස් රථයක්, වෙඩි නොවදින වාහනයක් සහ වෑන් රථයක් මේ වනවිට ලබාදී ඇති බව ද ඔහු පවසයි. .


තමා ඇතුළු ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන්ට යුද්ධය නිමා වීමෙන් පසුව රජය විසින් ලබා දීමට තීරණය කරන ලද ඉඩම් කොටස් අතරින් තමාට වෙන්වූ කොටසේ ඔප්පුව ලබා දෙන ලෙසද විශ‍්‍රාමික ජනරාල් වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. 


ලබා දීමට නොහැකි වූයේ සෙබලියන් 5 දෙනෙකු පමණක් බවසඳහන් කරන්නේ උපහාසාත්මකව බව යයි ඇතැමෙක් කියති. මීට පෙර දෙමළ දේශපාලන හා ආරක්ෂක විශ්ලේෂක ඩී.බී.එස්. ජෙයරාජ් විසින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හා රජය අතර ඇති වූ මතභේදය පිළිබඳ ලියූ ලිපියක ද ජනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධ ලිංගික චෝදනා මතු කර තිබිණි.



Comments

  1. සුදු වෑන් වල යන පිළිතුරු වලට තැනක් – http://whitevans.wordpress.com/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා