Posts

Showing posts with the label ජනරාල් සරත් ෆොන්සේකා

ජොනීගේ රුවන් වැකි

Image
( 2010 ඔක්තෝබර් 18,  W3Lanka )  " ඔහුට (සරත් ෆොන්සේකාට) සමාව දිය යුතුයි කියා මම කොහෙත් ම කියන්නේ නැහැ. ඔහුට සමාව දෙනවා නම් හිරගෙවල්වල සිටින සෙසු පිරිසටත් සමාව දිය යුතුයි. අනෙක ඔහු අද හිර ගෙදර සිටින්නේ වංචාවක් කරලයි. මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් ටෙන්ඩර් පරිපාටියට බැහැරව තම බලතල අනිසි ලෙස භාවිතා කරමින් ඔහු සිදුකර තිබෙන්නේ මහා මූල්‍ය වංචාවක්. මූල්‍ය වංචාවක් කළ කොයි පුද්ගලයාට ද අද සමාව ලැබිල තියෙන්නේ. සමාව දිය හැකි වැරැදි තිබෙනවා. එහෙත් සරත් ෆොන්සේකා සිදුකර ඇති වරද සමාව දිය හැකි වරදක් නෙවෙයි." -ජොන්ස්ටන් ප්‍රනාන්දු,  සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය දිනමිණ පුවත්පතෙන් ලංකාවේ සමාව දිය හැකි වැරදි අතරින් එකක් වන්නේ ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණ කිරීමයි. විස්තර සඳහා ඩේලි මිරර් පුවත්පතේ මෙම වාර්තාව කියවන්න. Bookmark, remember easily and come again   www.w3lanka.com

පළමු යුද අධිකරණය තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා පැවරූ නඩුව ඔක්තෝබර් 13 වැනි දින විභාගයට

Image
( 2010 අගෝස්තු 16,  W3Lanka )  පසුගිය 13දා සරත් ෆොන්සේකා වැරැදිකරු බවට තීන්දු කරමින් ඔහුව හමුදා සේවයෙන් අගෞරවනීය අන්දමින් නෙරපා හැරීමට නියම කළ පළමු යුද අධිකරණය තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා පැවරූ නඩුව, ඔක්තෝබර් 13 වැනි දින විභාග කිරීමට නියමිත ය. මෙම පැමිණිල්ල අභියාචනාධිකරණ විනිසුරු සත්‍ය හෙට්ටිගේ, ඩබ්ලිව්. එල්. රංජිත් සිල්වා සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුමඬුල්ල හමුවේ පසුගිය ජුලි 26දා කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරිණි. යුද හමුදාපති ජගත් ජයසූරිය පළමු යුද අධිකරණයේ සාමාජිකයින් හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකැර ඇත. මෙකී පැමිණිල්ලට අනුව අභියාචනාධිකරණය පළමු යුද අධිකරණයට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කළ අතර, එම අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළේය. අතුරු නියෝගය දීර්ඝ නොකිරීමට එරෙහිව ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කළේය. අභියාචනා පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණයේ තීරණය අනුමත කරමින් අතුරු නියෝගය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළේය. යුද අධිකරණය පිහිටුවීමේ තීරණය...

ෆොනීත් ළඟදී ම ආණ්ඩුවට පනී? | Fonny to join hands with the government?

Image
(2010 ජුලි 08,  W3Lanka )  විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක්‌ හා එ.ජා.ප. මන්ත්‍රීවරයෙක්‌ ළඟදීම ආණ්‌ඩුවට යන සිරසින් යුත් ලිපියක් අද දිවයින පුවත්පතේ ඇත. එය ලියා ඇත්තේ හොඳ දේශපාලන සම්බන්ධකම් ඇති මාධ්‍යකරුවකු වන පියසේන දිසානායක විසිනි. එම වාර්තාව මෙසේ ය: විපක්‍ෂයේ පක්‍ෂ නායකෙයකු සහ එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ඉදිරියේ දී ආණ්‌ඩුවට එක්‌වීමට සූදානම්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග කියයි.ආණ්‌ඩුවට එක්‌වීම හා ඉදිරි තත්ත්වයන් පිළිබඳව මෙම දෙදෙනා ප්‍රබල ඇමැතිවරයෙකු සමග සාකච්ඡා කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම පක්‍ෂ නායකයා ආණ්‌ඩුවට පත්කර ගැනීමේ ප්‍රධාන කාර්ය එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයා විසින් සිදු කරන අතර ඔහු ඒ බව ජනාධිපතිවරයාටද ප්‍රථමයෙන් යෝජනා කර ඇති බවද දැනගැනීමට තිබේ. පක්‍ෂනායකයා සහ එ. ජා. ප. මන්ත්‍රීවරයා ප්‍රශ්න ගණනාවකට මුහුණදී සිටින අතර ඊට සහනයක්‌ ලබාගැනීමේ අරමුණ ඇතිව මෙලෙස ආණ්‌ඩුවට එක්‌වීමට තීරණය කර ඇති බව ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි. ප්‍රහේලිකා භාෂාවෙන් ලියා තිබෙන මෙම ලිපියේ ගැටලුව මෙසේ ලිහා ගත හැකි ය. විපක්ෂයේ ඇත්තේ ප්‍රධාන පක්ෂ තුනක් පමණ...

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ වගකීම හමුදාවට පවරා ආණ්ඩුව අත සෝදා ගනී | Government vest in the responsibility of Fonseka arrest to Army and washes hands

Image
(2010 මාර්තු 16- W3Lanka )   සක්‍රීය හමුදා සේවයේ සිටියදී දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් යුද හමුදා පනතේ 124 හා 102 (1) වගන්ති යටතේ විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට එරෙහිව යුද්ධාධිකරණයේ පවරා ඇති නඩුව අද වභාගයට ගැනේ. දෙවැනි නඩුව හෙට (17) කැඳවීමට නියමිතය. එම නඩුවෙන් යුද හමුදාවට භාණ්ඩ මිලදී ගැනීමට අදාළව ඇති නීති රීති රෙගුලාසි වලට පටහැනිව කටයුතු කෙළේ යැයි චෝදනා මත යුද හමුදා පනතේ 109 (ඊ) වගන්තිය යටතේ චෝදනා හතරක් ගොනු කැර තිබේ. සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට හා රජය පෙරළීමට කුමන්ත්‍රණ කළ බව කියමිනි. තමා බෝගම්බර සිරගත කිරීමටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ගාලු මුවදොර පිටියට ගෙන ගොස් ඝාතනය කිරීමටත් සැලැසුමක් තිබුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනවාරි 28දා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කෙළේය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති මන්දිරයට ගමන් ගනිද්දී ලේක්හවුස් වටරවුමේ දී හෝ ගාලු පාරේ දී මේ ඝාතනය කිරීමට සැලැසුම් කර ඇති බව ද ඝාතනය සඳහා හමුදාවෙන් ප...

ලංකාවේ මේ සිදු වන්නේ කුමක්ද?

Image
අජිත් පැරකුම් ජයසිංහ - විපක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කළ බව කියන රාජ්‍ය විරෝධී ක්‍රියා හෝ හමුදා විනය විරෝධී ක්‍රියා පිළිබඳව ආණ්ඩුවේ හා හමුදාවේ ප්‍රකාශකයන් කරන ප්‍රකාශ ඔස්සේ තවමත් නිරවුල් අදහසක් ඉදිරිපත් වන්නේ නැත. කර ඇති මොකක් හෝ වරද හේතුවෙන් මේ වන විට ෆොන්සේකා අත්අඩංගුවේ ය. පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ ෆොන්සේකා අත්අඩංගුවට ගත් පසුවයි. එනම් විපක්ෂයේ මතු වෙමින් තිබුණු සටන්කාමී නායකත්වය සිරගත කර මර්දනය කිරීමෙන් පසුවයි. ජනාධිපතිවරණය සඳහා එක්සත්ව කටයුතු කළ එජාප, ජවිපෙ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ මහ මැතිවරණය වෙන වෙන ම තරග කිරීමට තීරණය කර තිබිණි. සරත් ෆොන්සේකා ජවිපෙ හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ වැනි පක්ෂ සමග සන්ධානගතව හාවා ලකුණින්  තරග කිරීමට අදහස් කරමින් සිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණී. එජාපය අලියා ලකුණින් වෙන ම තරග කිරීමට කල් තබා ම තීරණය කර තිබිණි. එය එක්තරා අන්දමකින් ආණ්ඩුවට එරෙහි සටන අතහැර දමා විපක්ෂයේ සිය ශක්තිය වර්ධනය කර ගැනීමට ගත් පියවරකි. සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සිදු වන විට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිටියේ ඉන්දියානු චාරික...

සරත් හා විපක්ෂය අවංක නම් විමල්ගේ විවාද යෝජනාව භාර ගත යුතු ය.

Image
(2009 දෙසැම්බර් 29 - W3Lanka ) තම බෑණනුවන්ට අයත් යෑයි කියන අවි ආයුධ සමාගම පසුගිය සමයේ අවි වෙළඳාමෙහි යෙදුණු ආකාරය පිළිබඳව විවාදයකට පැමිණෙන්නැයි විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට ජාතික නිදහස්‌ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ (28 වැනිදා) එම පක්‍ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී විවෘත අභියෝගයක්‌ කළේය. ෆොන්සේකාට කරුණු දැක්‌වීමට නොහැකි නම් ඒ මහතාගේ නියෝජිතයන් කෙනකු හෝ දෙදෙනකු ද තම පාර්ශ්වයෙන් ද ඒ සමාන නියෝජිතයන්ගෙන් ද සමන්විතව පැවැත්විය යුතු අදාළ විවාදය මෙරට සියලුම විද්යුත් හා මුද්‍රිත මාධ්‍යය ඉදිරියේ සිදුවිය යුතු යෑයි ද වීරවංශ කියා සිටියේය. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා නිකම් ම නිකම් මන්ත්‍රීවරයකු වන විමල් වීරවංශ සමග විවාදයකට යාම තරම් නොවේ යයි සිතන්නේ නම් විකල්පයක් ද විමල් යෝජනා කරයි. මෙය ඉතා කාලීන යෝජනාවක් බව අපේ ද අදහසයි. මේ ඔස්සේ පසුගිය යුද සමයේ සිදු වූ අවි ජාවාරම් මෙන් ම සෙසු බොහෝ දූෂණ පිළිබඳව ද දේශපාලනික සංවාදයක් ආරම්භ කළ හැකි ය. කට කතා ලෙස පමණක් පැතිර යමින් ඇති තොරතුරු බොහොමයක් දැන ගැනීමේ අවස්ථාව ද ජනතාවට ලැබෙනු ඇත.  විශේෂයෙන් ම, 2005න් පසු අ...

පඹගාල්වල පැටලුණ අය ඒ පාර රණවිරුවන් වෙනුවෙන් පෝරකයට යන්න පෝලිමේ

Image
(2009 දෙසැම්බර් 15 - W3Lanka ) කොටි සංවිධානයට එරෙහි යුද්ධයේඅවසන් අදියරේදී භාර වීමට සුදු කොඩි රැගෙන පැමිණි එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක බී. නඩේසන් සහ එස්. පුලිදේවන් ඇතුළු පිරිස මරා දමන්නට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අණ දුන් බව හිටපු හමුදාපති සහ ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා පැවසූ බව සන්ඩේ ලීඩර් පුවත්පත වාර්තා කිරීම් සමග ම ඔහුට එරෙහිව දැවැන්ත විරෝධයක් එල්ල වෙමින් තිබේ.  ඒ සමග ම පඹ ගාලක පැටලී සිටින ෆොන්සේකා ඊයේ පැවති පුවත්පත් සාකච්ඡ‍ාවකදී කීවේ තමන් එවැන්නක් නො කී බවයි. පුවත්පත තම ප්‍රකාශයක් වැරදි ලෙස වාර්තා කර ඇති බව කී ෆොන්සේකා අදාළ කාල පරිච්ඡේදය තුළදී සිදු වූ සියලු සිදු වීම් සම්බන්ධයෙන් තමන් වගකීම භාර ගන්නා බව පැවසී ය.  මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ එදා මෙන් හෙටත් රණවිරුවන් වෙනුවෙන් තමා පෙනී සිටින බව සහ රණවිරුවන්ට එරෙහිව එල්ලවන ඕනෑම චෝදනාවක් රාජ්‍ය නායකයා වශයෙන් භාරගෙන පෝරකයට වුවත් යාමට සූදානම් බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ අදහස් පළ කෙළේ වෘත්තීය සමිති නායකයන්, සාමාජිකයන් අරලියගහ මන්දිරයේදී ඊයේ (14) මුණගැසුණු අවස්ථාවේදීය.  සන්ඩේ...

දේශපාලනයේ ජෙනරාල් සාධකය

Image
(2009 දෙසැම්බර් 09 - W3Lanka ලයනල් බෝපගේ විසින් පීපල්ස් මාච් සඟරාවට ලියන ලද ලිපියකි) ‘‘රටේ සංවර්ධනය සඳහා, රටේ ආරක්ෂාව සඳහා ගැනීමට අවශ්‍ය යම් පියවර තිබේ නම් පුරවැසියන් වශයෙන් අපේ යුතුකම එම පියවර ගැනීම බව මම විශ්වාස කරනවා. අපේ කාලය පී‍්‍රතිමත් මනෝ භාවයකින් ජීවත් වීමට ගත කරනවාට වඩා අනාගතයේ සිදු වනු ඇත්තේ කුමක් ද යන්නට අවධානය යොමු කිරීම වැදගත්.” -2009 ඔක්තෝබර් 25 ජෙනරල් සරත් ෆොන්සේකා වොෂින්ටනයේ බෞද්ධ විහාරයේ දී කළ කතාවෙන් උපුටා ගන්නා ලද කොටසකි සත්තකින්ම ජෙනරල් ෆොන්සේකාගෙන් ප‍්‍රකාශිත ප‍්‍රඥා සම්පන්න වචන සමූහයකි. දැන් එල්ටීටීඊයට එරෙහි යුද්ධය ජයගැනීමේ ප‍්‍රමෝදය අවසන් ය, සාමය දිනා ගැනීම, පශ්චාත්- යුද ප‍්‍රතිනිර්මාණය, වැඩෙන ආර්ථික අර්බුදය, අවතැන් ජනතාව පදිංචි කිරීම හා ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කිරීම වැනි මුහුණ දෙමින් සිටින සංකීර්ණ ප‍්‍රශ්න වෙත අපේ මනස් යොමු කළ යුතු ය. ශී‍්‍ර ලංකාව එහි සියලූ දෝෂ තිබියදීම තවමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක පෙනුම පවත්වා ගනියි. ශී‍්‍ර ලංකාවේ එහි ජනාධිපති ධූරය, පාර්ලිමේන්තුව, අධිකරණය හා සන්නද්ධ හමුදාවන් අතර බොහෝ විට නොපැහැදිලිතාවක් තිබුණ ද බෙදා ...

රජුන්, ජනරාල්වරුන් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් තනමු

Image
අජිත් පැරකුම් ජයසිංහ - විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම හා 17වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට ඉවහල් වන හා යහපාලනය හා සම්බන්ධ ජනතා බලාපොරොත්තුවල අපේක්ෂකයකු ලෙස චිත‍්‍රනය කිරීමට විපක්ෂය පියවර ගනිමින් සිටිද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එම පොරොන්දු සිය දෙවන ධුර කාලය තුළදී සපුරන බවට නැවතත් පොරොන්දු නිකුත් කරන්නට පටන් ගෙන ඇත. පාර්ලිමේන්තුවට බලය ලැබෙන සේ වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක‍්‍රමවේදයක් තමන් සතුව ඇතැයි  ද දෙවැනි වරටත් රාජ්‍ය නායක පදවියට පත් වී එම සැලැස්ම හා ක‍්‍රමවේදය ප‍්‍රකාශයට පත් කරන බවද ජනාධිපතිවරයා විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ප‍්‍රධානීන් අමතා පැවසී ය. මේ පිළිබඳව 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේ ය. විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප‍‍්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජනාධිපතිවරයා නිල මට...

දැන් බලනකොට සරත් ෆොන්සේකා‍ත් කොටියෙක්නෙ!

Image
(2009 නොවැම්බර් 27 - W3Lanka )  කොටි සංවිධානය කෲර‍ ලෙස මර්දනය කිරීම සඳහා මුල් වූ පුද්ගලයන් අතරින් එක් අයෙකු වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව ද ඔහු කොටි අතකොළුවක් ය යන කෝකටත් තෛලය පාවිච්චි කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.  සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය කොටි සංවිධානයේ උවමනාවන් ඉටු කිරීමට ඉවහල් වන බව පෙන්වා දීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ.  නිදසුනක් ලෙස අද දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වන විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම පවසන්නේ මෙසේ ය. විපක්ෂය යම් යම් ජාත්‍යන්තර බලවේගවල අතකොළු වෙලා. මෙහිදී ඔවුන් පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි. විදේශ රටවල් වෙනුවෙනුත් නෙවෙයි, ඔය රටවල තියෙන කොටි සංවිධාන විසින් තමයි අද විපක්ෂය මෙහෙයවන්නේ. මේ බලවේග සමහර රටවලට බලපෑම් කරනවා. විපක්ෂයේ සමහර දේශපාලනඥයෝ ඔය විදියේ බලවේගවල නියෝජිතයන් ලෙස ක්‍රියාකරනවා.  මේ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. විදේශ ඇමැතිවරයා හැටියට ඔය අදිසි හස්ත ක්‍රියාත්මක වන හැටි මම දකිනවා. ඇත්තටම ඒවායේ ක්‍රියාකාරිත්වය එකවර බාහිරයට පෙනෙන්නේ නෑ. නමුත්, එක්වරම කොහේවත් නැති අය ම...

ජනරාල්ගේ ආරක්ෂක විධිවිධාන හරහා මේ ඇරඹෙන්නේ යහපාලනය ද?

Image
(2009 නොවැම්බර් 25 - W3Lanka ) හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ආරක්ෂාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ‍ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වන ආකාරයට ඔහු ඉල්ලා ඇති ආරක්ෂක විධිවිධාන අතර ආරක්‍ෂක භටයන් 600ක්, ආරක්‍ෂක රථ 10ක් සහ වෙඩි නොවදින රථ දෙකක් ඇති බව  වාර්තා වේ.  තම ජීවිතය තිබෙන තුරුම මරණ තර්ජන පවතින බවත් ආරක්‍ෂක ලේකම්, වත්මන් හමුදාපති, හිටපු නාවික හමුදාපති ඇතුළු බොහෝ දෙනකුට සපයා ඇති ආරක්‍ෂාව සමඟ සලකා බලන විට තමාට ලබා දී ඇති ආරක්‍ෂාව කොහෙත්ම ප්‍රමාණවත් නොමැති බවත් පවසන හේ  ආරක්ෂාව සඳහා අඩුම වශයෙන් 600 ක පමණ ආරක්‍ෂක නිලධාරීන් කණ්‌ඩායමක්‌ තමාට අවශ්‍ය බව ඔහු කියයි. කොටි සංවිධානය නොවන වෙනත්බලවේගවලින් ද තමන්ට මරණ තර්ජන ඇති බව ෆොන්සේකා මීට ඉහතදී මාධ්‍යවලට පැවසීය. මේ රටේ පසුගිය සමයේ සිදු වූ ඝාතන රැල්ල පිළිබඳ ඔහුට ඇති අවබෝධය නිසා ඔහු මෙසේ ආරක්ෂාව ඉල්ලා සිටීම සාධාරණ ය. ඔහු හා සමාන ජීවිත තර්ජන ඇති අයට මෙවැනි ආරක්ෂාවක් සපයා තිබේ.  කිසියම් ජ...

ඇමරිකාව ෆොන්සේකාගෙන් ප්‍රශ්න කරන්න ගිය කතාව බොරු - කොහොන

Image
(2009 නොවැම්බර් 24 - W3Lanka ) එක්සත් ජනපදය හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහයක් නො දැරූ බව ඔන්න ඒ පාර ලංකාවේ හිටපු විදේශ ලේකම් සහ දැන් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන පවසා තිබේ.  ඔහු එසේ පවසා ඇත්තේ ඩේලි මිරර් පුවත්පතේ 'හොට් සීට්' වීඩියෝ වැඩසටහනේදී අසන ලද පැනයකට පිළිතුරු ලෙසයි. ඉහළ ම තැන්වලින් දැන ගන්නට ලැබී ඇති පරිදි එවැනි උත්සාහයක් දරා නොමැති බව කොහොන පවසයි. "We have information and this has been conveyed at the highest levels that no such attempt was made”. දැන් එසේ කීව ද පසුගිය මාසයේ අගභාගයේදී ‍සරත් ෆොන්සේකා සිය ග්‍රීන් කාඩ් පත දීර්ඝ කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා වෙත ගොස් සිටියදී එරට අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව යුද අපරාධ සම්බන්ධයෙන් ඔහු සම්මුඛ පරීක්ෂණයකට ලක් කිරීමට ඉල්ලා ඇති බවට ලංකාවේ ආන්දෝලනයක් ඇති විය. ජනරාල් සරත් ෆොන්සේකාට එම කරුණට අදාල ලිපියක් හා දුරකථන ඇමතුමක් ලැබී ඇති බව නොවැම්බර් 04දා ලංකාවේ විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක කියැවේ. එහෙත් දැන් කොහොන පවසන්නේ එවැනි සම්මුඛ පරීක්ෂණයක් පැවැ...

ෆොන්සේකාට එරෙහි මාධ්‍ය මෙහෙයුම දෙමළ මාධ්‍යවේදීන් හරහා ඇරඹේ

Image
(2009 නොවැම්බර් 23 - W3Lanka ) ජනාධිපති මහින්ද රාජපක්ෂට තියුණු අභියෝගයක් වී තිබෙන සරත් ෆොන්සේකාට එරෙහි මාධ්‍ය ප්‍රහාරය ඉතා සියුම් ලෙස සැලසුම් කෙරෙමින් ඇති අතර එහි පළමු අදියර ලෙස මේ වන විට ඉංග්‍රීසි භාෂාවෙන් ලියන හා වෙබ් අඩවි පවත්වාගෙන යන මාධ්‍යවේදීන් දෙදෙනෙකු සරත් ෆොන්සේකා දැඩිව විවේචනය කරන ලිපි පළ කරමින් සිටිති.  ඩී.බී.එස්. ජෙයරාජ් විසින් සරත් ෆොන්සේකාට පළමු ප්‍රහාරය එල්ල කරන ලද අතර, දෙවන ප්‍රහාරය ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ කර්තෘ කේ.ටී.රාජසිංහම් විසින් දියත් කර තිබේ.  ලංකාවේ සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු හතළිස් වසරක දූෂණයෙන් තොර හමුදා මෙහෙයකින් පසු ඉන්නට හිටින්නට ගෙයක් නොමැතිව විශ්‍රාම යන අයකු ලෙස විශේෂයෙන් ම ජවිපෙට සම්බන්ධ ජනමාධ්‍ය විසින් හුවා දක්වමින් තිබියදී ඉහත සඳහන් ලේඛකයන් දෙදෙනා ම එකී කරුණ අභියෝගයට ලක් වන කරුණු ඉදිරිපත් කර ඇත.  මෙහිදී විශේෂයෙන් ම සරත් ෆොන්සේකාගේ වැඩිමහල් දියණියගේ ස්වාමි පුරුෂයා හා හිටපු ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුතු වන දනුන තිලකරත්න ලංකාවේ හමුදාව සමග කරන අවි ගනුදෙනුවල අතරමැදියකු ලෙස කටයුතු කරමින් දැවැන්ත කොමිස් ලබා ගන්නා...

ආරක්ෂාවට දුන් කොමාන්ඩෝ සෙබළුන් ඝාතක කණ්ඩායමක් විය හැකි බව ෆොන්සේකා කියයි

Image
(2009 නොවැම්බර් 22 - W3Lanka ) තමන්ගේ ආරක්ෂාව පිණිස සපයා තිබෙන කොමාන්ඩෝ භට පිරිස තමන් විසින් තෝරා ගත් පිරිසක් නො වන බව ද ඔවුන් ඝාතක කණ්ඩායමක් විය හැකි බව ද සරත් ෆොන්සේකා සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් සමග සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ . "ඔවුන් මුලින් මගේ ආරක්ෂාව 25ට අඩු කළා. පසුව පාබල සේනා භටයන් 60ට එය වැඩි කළා. මා නැවත විරෝධය පළ කළ විට දැන් ඔව්න් මට හුදු කොමාන්ඩෝ සෙබළුන් 12ක් සපයා තිබෙනවා. ඒ මා විසින් තෝරා ගත් අය නොවෙයි. ඔවුන් සියලු දෙනා ම අලුත් අය. ඔවුන් ඝාතක කණ්ඩායමක් වන්න පුළුවන්. ඔවුන් මා ඝාතනය කරන්න උත්සාහ කරනවා වන්න පුළුවන්," යි ෆොන්සේකා පවසයි.  “They initially reduced my security to 25. I protested. They then increased it to 60 infantrymen.  Again I protested and now they have assigned me a mere 12 commandos­ — not men that I handpicked. They are all new men.  They could be an assassination squad — maybe they are trying to assassinate me.” ඔහුගේ ජීවිතයට අනතුරු ඇත්තේ කොටි සංවිධානයෙන් පමණක්දැයි අසන ලද පැනයට ෆොන්සේකා පවසන්නේ තමන්ව මැරීමට හැකිය...

අනාගත 'දිනමිණ කර්තෘ' ජනරාල්ගේ ගෙදරදී කසාද බඳී!

Image
(2009 නොවැම්බර් 22 - W3Lanka ) පසුගිය සමයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ළංව කටයුතු කළ, ඒ නිසා ම  බස්නාහිර පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල පවුලට අයත් ඉරිදා ලක්බිමෙන් කැපී දිනපතා ලක්බිමට වැටුණු මිහිරි ෆොන්සේකාගේ විවාහ මංගල්‍යය නොබෝදා සරත් ෆොන්සේකා දැනට පදිංචි කොළඹ බුලර්ස් පටු මගේ නිල නිවසෙහි පැවැත්විණි.  සරත් ෆොන්සේකාගේ ගමන් බිමන් ආරක්ෂක හේතු මත සීමා කර තිබෙන බැවින් මිහිරි ‍ෆොන්සේකාට සිය විවාහය සඳහා සරත් ෆොන්සේකා සාක්ෂිකරුවකු කර ගැනීම සඳහා මෙම පියවර ගැනීමට සිදු වී ඇති බව වාර්තා වේ.  මිහිරිට මිහිරි විවාහ දිවියක් පතන අපි ඔහුගේ සාක්කිකරු අනාගත ජනාධිපති වුවහොත් ඔහුට වඩාත් මිහිරි අනාගතයක් පතමු. පසුගිය සමයේ මිහිරි ෆොන්සේකාට සරත් ෆොන්සේකා විසින් විශේෂ ආරක්ෂාවක් සපයා තිබිණි.

රජුනුත් එපා! ජනරාල්වරුනුත් එපා! අපට ඕනෑ සිවිල් පාලකයන්

Image
අජිත් පැරකුම් ජයසිංහ - සරත් ෆොන්සේකා යුද්ධයේ ශූරයෙකි. රාජපක්ෂවරු දේශපාලයෙහි නිපුණයෝ වෙති. මෙම සටහන ලිවීමට මොහොතකට පෙර මම ඩී.බී.එස්. ජයරාජ් රාජපක්ෂලා සහ ෆොන්සේකා අතර ගැටුම පිළිබඳ අනගි ලිපියක් කියැවීමි. එය කියැවූ මට සිතුණේ රාජපක්ෂවරු සරත් ෆොන්සේකාට එරෙහිව මාධ්‍ය මෙහෙයුම කෙතරම් සියුම් ලෙස සැලසුම් කරමින් සිටින්නේ ද යන්නයි. ඩී.බී.එස්. ජයරාජ් වැනි දෙමළ සමාජයේ මෙන් ම ඉංග්‍රීසි හා සිංහල භාෂාවලින් මාධ්‍ය පරිහරණය කරන්නන් අතර ද ජනප්‍රිය පුද්ගලයකු සරත් ‍ෆොන්සේකා පිළිබඳ ඝනීභූත වී තිබුණු මාධ්‍ය භාවිතාව දිය කිරීම ආරම්භ කිරීම හා චෝදනා පිරි ෆොන්සේකාගේ ඉල්ලා අස් වීමේ ලිපියට පසුව පිළිතුරු දෙන බව කී ජනාධිපතිවරයා ඇතුළු පාලක පිරිස තවමත් නිහඬව සිටීම අහඹු සිදු වීම් යයි සිතිය නො හැකිය. ජනාධිපති පදවිය අපේක්ෂා කරන සරත් ෆොන්සේකා ඉදිරියේ ඇත්තේ යුද්ධයෙන් ප්‍රභාකරන් පරාජය කිරීමටත් වඩා දුෂ්කර අභියෝගයක් බව මෙවැනි සියුම් මාධ්‍ය මෙහෙයුම් ඔස්සේ ප්‍රකාශ වේ. සරත් ෆොන්සේකාගේ සහායකයන් විසින් ඔහු තුළින් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ලෙලවීමට සැරසෙන ප්‍රබල ම අවිය වන 'දූෂණයෙන් තොර නිකැළැල් චරිතය' පිළිබඳ ප්‍රශ්න කිරී...

රාජපක්ෂලා හා ‍ෆොන්සේකා අතර ගැටුම පිළිබඳ ඩී.බී.එස්. ජයරාජ්

Image
(2009 නොවැම්බර් 19 - W3Lanka ) සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දෙවන ලෝක යුද්ධයෙන් පසු බර්නාඩ් මොන්ට්ගොමරි වින්ස්ටන් චර්චිල්ට එරෙහිව තරග කිරීම හා බංග්ලාදේශ යුද්ධයෙන් පසු සෑම් මැනෙක්ෂෝ ඉන්දිරා ගාන්ධිට එරෙහිව තරග කිරීම හා සමාන කරන ප්‍රකට දේශපාලන හා යුද විශ්ලේෂක ඩී.බී.එස්. ජයරාජ් මෙම කරුණු පෙළගැස්ම පිළිබඳව මෙසේ පවසයි. 1991දී ශ්‍රී ලංකා හමුදාවේ ලුතිනන් කර්නල් ධුරයෙන් සමුගෙන එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ 2005දී ජනාධිපති පදවියට පත් සිය සහෝදරයාට හා රටට සේවය කිරීමටත්, කොටි සංවිධානය පරාජය කිරීමටත් ලංකාව‍ට පැමිණි අතර හිටපු හමුදාපති වූ මේජර් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ බ්‍රසීලයේ තානාපති තනතුරකට පත් කර 2005 දෙසැම්බර් 6දා විශ්‍රාම යාමට සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපති පදවියට පත් කරනු ලැබුවේ ද, එතැන් සිට දිගින් දිගට ම ඔහුගේ සේවය දීර්ඝ කරනු ලැබුවේ ද ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මතයි. මේ දෙදෙනා කලින් එකට මෙහෙයුම්වල යෙදුණු අය වන අතර ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් අස් වන විට සරත් ෆොන්සේකා ලුතිනන් කර්නල් තනතුරක් දැරීය.ෆොන්සේකා‍ රාජපක්ෂට වඩා එක් කණ්ඩායමක් ජ්‍යේෂ්ඨ විය. සරත...

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සරත්ටත් කල් ඕනැලු

Image
(2009 නොවැම්බර් 17 - W3Lanka )  නිල නො වන ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබී ඇති පරිදි ඉදිරි ජනාධිපතිවරණයකදී විපක්ෂ පොදු අපේක්ෂකත්වය අපේක්ෂා කරන්නේ යයි කියැවෙන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විධායක ජනාධිපති ක්‍රමය එක වර ම අහෝසි කිරීමේ කැමැත්තක් නො දක්වන අතර ඒ සඳහා  යම් කාල සීමාවක් ඉල්ලා ඇත. මෙම කාල සීමාව වසර දෙකක් විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් පසු ඔහුගේ දේශපාලන භූමිකාව පිළිබඳව ද සාකච්ඡා කෙරෙමින් ඇති බව වාර්තා වේ.  ජනාධිපතිවරණයෙන් ජයගත් පසුව ඉක්‌මණින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දාහත්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කර ස්‌වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීම, අවතැන් කඳවුරුවල සිටින ද්‍රවිඩ ජනතාව ඉක්‌මණින් සිය ගම්බිම්වල පදිංචි කරවීම සහ අත්අඩංගුවේ සිටින දමිළ තරුණයන් පිළිබඳ නීතිමය කටයුතු ඉක්‌මණින් සිදුකිරීම යන මූලික කොන්දේසි පිළිබඳ පොදු අපේක්‍ෂකයා එකඟ විය යුතු බවට ජනතා ...

විශ්වාසය කඩ වුණා නම් වහා ම යන්න; අනෙක් ප්‍රකාශ ගැන උත්තර පසුව - ජනාධිපති ලේකම් සරත්ට කියයි

(2009 නොවැම්බර් 16 - W3Lanka ) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කළ ඉල්ලීමට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා යැවු ලිපිය මෙසේ ය. ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම යාමට ඉල්ලුම්කරමින් 2009 නොවැම්බර් මස 12 වැනි දින ඔබ විසින් එවන ලද ලිපිය ලැබුණු බව දැනුම් දීමට අතිගරු ජනාධිපතිතුමා මට නියෝග කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම යාමට ප්‍රමාදයකින් තොරව ඉඩ ලබාදෙන බව දන්වන ලෙස අතිගරු ජනාධිපතිතුමා මා හට නියෝග කර ඇත. විශ්‍රාම යාමට නියමිත දිනයේ සිට වැඩිපුර වසර හතරක් ඔබ සේවයේ නිරතව සිටි බැවින් ප්‍රමාදයකින් තොරව විශ්‍රාම යාමට අවසර දෙන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරේ රාජකාරි කටයුතු නතර වනු ඇත.  ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත් ඔබ කෙරෙහි තැබූ විශ්වාසය මේ රටේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වශයෙන් කඩ වී ඇති බවට ඔබ විසින්ම විශ්වාසය කරන නිසා මෙම තීරණයට එළැඹිණි.  ඔබ විසින් එවන ලද ලිපියේ සඳහන් අනෙකුත් විවිධාකාර ප්‍රකාශ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පසුව දන්වන්නැයි ජනාධිපතිතුමා දැනුම් දී ඇත. ජනරාල් සරත් ...

ජනරාල්ගේ කට්ටියට දිගට ම කැපිල්ල

Image
(2009 නොවැම්බර් 15 - W3Lanka ) මීළඟ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට ඉඩ ඇති ජනරාල් සරත් ෆොන්සේකාට සම්බන්ධ පුද්ගලයන් හා බලවේග දේශපාලනික මර්මස්ථානවලින් ඉවත් කිරීමේ ක්‍රියාවලියේ අලුත් ම පියවර ලෙස ඔහුගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකාගේ අයියා වන ඒ.එස්.කේ. මුණසිංහ ඇමති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර වෙනත් තනතුරකට මාරු කර තිබේ.  දස වසරකට අධික කාලයක් ඇමති ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි මුණසිංහව මාරු කර ඇත්තේ එතරම් බලවත් අංශයක් නො වන සංචාරක පොලිස් අංශයටයි.  ජනරාල් සරත් ෆොන්සේකා අයත්ව සිටි සිංහ රෙජිමේන්තුව යුද හමුදා මූලස්ථානයේ හා ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂක රාජකාරිවලින් ඉවත් කරනු ලැබුවේ ෆොන්සේකා එක්සත් ජනපදයේ චාරිකාවක නියැලී සිටියදී ය. මේ පිළිබඳව ඔහු සිය ඉල්ලා අස් වීමේ ලිපියෙහි ද අප්‍රසාදය පළ කර තිබේ.