ආරක්ෂාවට දුන් කොමාන්ඩෝ සෙබළුන් ඝාතක කණ්ඩායමක් විය හැකි බව ෆොන්සේකා කියයි



(2009 නොවැම්බර් 22 - W3Lanka) තමන්ගේ ආරක්ෂාව පිණිස සපයා තිබෙන කොමාන්ඩෝ භට පිරිස තමන් විසින් තෝරා ගත් පිරිසක් නො වන බව ද ඔවුන් ඝාතක කණ්ඩායමක් විය හැකි බව ද සරත් ෆොන්සේකා සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් සමග සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.
"ඔවුන් මුලින් මගේ ආරක්ෂාව 25ට අඩු කළා. පසුව පාබල සේනා භටයන් 60ට එය වැඩි කළා. මා නැවත විරෝධය පළ කළ විට දැන් ඔව්න් මට හුදු කොමාන්ඩෝ සෙබළුන් 12ක් සපයා තිබෙනවා. ඒ මා විසින් තෝරා ගත් අය නොවෙයි. ඔවුන් සියලු දෙනා ම අලුත් අය. ඔවුන් ඝාතක කණ්ඩායමක් වන්න පුළුවන්. ඔවුන් මා ඝාතනය කරන්න උත්සාහ කරනවා වන්න පුළුවන්," යි ෆොන්සේකා පවසයි. 



“They initially reduced my security to 25. I protested. They then increased it to 60 infantrymen.  Again I protested and now they have assigned me a mere 12 commandos­ — not men that I handpicked. They are all new men.  They could be an assassination squad — maybe they are trying to assassinate me.”

ඔහුගේ ජීවිතයට අනතුරු ඇත්තේ කොටි සංවිධානයෙන් පමණක්දැයි අසන ලද පැනයට ෆොන්සේකා පවසන්නේ තමන්ව මැරීමට හැකියාව සහ උවමනාව ඇති අපරාධකරුවන් දේශපාලනයේ සිටින බවයි. 


තමන්ගේ ආරක්ෂක ප්‍රශ්නය පිළිබඳව ජනාධිපතිට දැනුම් දුන් විට තමන් දැන් සිවිල් වැසියකු පමණක් බවට පිළිතුරු ලැබුණු බව ෆොන්සේකා පවසයි. 


සන්ඩේ ලීඩර් වෙබ් අඩවියේ මෙම පුවත පිළිබඳ අදහස් දක්වන පාඨකයකු පවසන්නේ මෙය ෆොන්සේකා භුක්ති විඳි සාදයේ අතුරුපස බවයි. දේශපාලනයට පිවිසීමෙන් පසු ඝාතනයට ලක් වූ ජානක පෙරේරාට කිසිදු හමුදා බොජුන්හලකට පිවිසීම සරත් ෆොන්සේකා විසින් තහනම් කර තිබූ අන්දම මෙම පාඨකයා මතක් කර දෙයි. 


තමන්ට කුලියට නිවසක් ලබා ගැනීමට බාධා කිරීම සම්බන්ධයෙන් ෆොන්සේකා ඍජුව ම ආරක්ෂක ලේකම්ට චෝදනා කරයි.

Comments

  1. ලංකාවේ දේශපාලනෙ කවුරුත් එකයි.
    මගේ අත්දැකීම් අනුව, ඔබතුමාත් එසේ වෙනවා වෙනවාමයි.
    මට අවුරුදු 45 යි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා