නැගෙනහිර කොටි ක්‍රියාකාරකම් නිසා වැසුණු බුත්තල-කතරගම රජ මාවත යළි සම්පූර්ණයෙන් ම ඇරේ


(2009 නොවැම්බර් 10 - W3Lanka) කොටි සංවිධානයේ නැඟෙනහිර පළාතේ අවසන් ගරිල්ලා හා ත්‍රස්ත ක්‍රියාමාර්ග හේතුවෙන් රාත්‍රී කාලයේදී සිවිල් වැසියන්ගේ ගමනාගමනය සඳහා වසා දමා තිබුණු බුත්තල - තතරගම මාර්ගය ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පිට යළි සම්පූර්ණයෙන් විවෘත වේ. 

පසුගිය ජනවාරියේදී මෙම මාර්ගයේ ධාවනය වූ බසයක් එල්ල කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මගීන් 25කට වඩා මිය ගිය අතර යාල වනොද්‍යානය ආශ්‍රිතව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ විවිධ ප්‍රහාර දිගට ම සිදු වෙමින් තිබිණි.

රාම් නම් ජ්‍යේෂ්ඨ කොටි නායකයකු නායකත්වය දුන් කොටින්ගේ ගරිල්ලා කණ්ඩායම් මෙම ප්‍රදේශයේ රැඳී සිටි අතර, විශේෂ කාර්ය බලකායේ හා හමුදාවල දඩි මර්දනයෙන් බේරීමට ඔවුහු අසමත් වූහ. කරුණා අම්මාන්ගෙන් පසු නැගෙනහිර කොටි නායකත්වයට පත් වූ බව කියන රාම් නමැත්තා ද හමුදා අත්අඩංගුවට පත් විය. පසුගිය 07දා ගිරිතලේ හමුදා කඳවුරක අත්අඩංගුවේ සිටියදී පළා ගිය රාම් මින්නේරිය වැව අසල කැළයකදී නැවත අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇතැයි අලුත් ම වාර්තා පවසයි.


යුද්ධයේ නිමාවත් සමග මොනරාගල දිස්ත්‍රික්කයේ කතරගම වැනි සිද්ධස්ථාන හා නැඟෙනහිර පළාතේ අරුගම්බේ වැනි සුන්දර ස්ථාන වෙත දහස් ගණන් ජනයා ඇදී යාමත් සමග මෙම ප්‍රදේශයේ මං මාවත්වල ගමනාගමනය ද වැඩි වී තිබේ.







Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප