සරත් 30දා වේදිකාවට

(2009 නොවැම්බර් 27 - W3Lanka) ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මැතිවරණ වේදිකාවෙන් දොරට වැඩීම 30දා හෙවත් අඟහරුවාදා සිදු වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම දොරට වැඩීම සිදු වන්නේ එදින පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී ය. 


මෙම රැස්වීම නුගේගොඩ නගර මධ්‍යයේ ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී පැවැත්වීම සඳහා සූදානම් කර තිබේ.



මෙම රැස්වීමෙන් පසුව එක්සත් ජාතික පෙරමුණ විසින් ද රැළියක් පැවැත්වීම සඳහා දැන් කටයුතු සූදානම් කෙරෙමින් තිබේ.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.