Posts

Showing posts with the label ජනාධිපති ආරක්ෂක උපදේශක

සරත් 30දා වේදිකාවට

Image
(2009 නොවැම්බර් 27 - W3Lanka ) ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මැතිවරණ වේදිකාවෙන් දොරට වැඩීම 30දා හෙවත් අඟහරුවාදා සිදු වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙම දොරට වැඩීම සිදු වන්නේ එදින පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී ය.  මෙම රැස්වීම නුගේගොඩ නගර මධ්‍යයේ ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී පැවැත්වීම සඳහා සූදානම් කර තිබේ. මෙම රැස්වීමෙන් පසුව එක්සත් ජාතික පෙරමුණ විසින් ද රැළියක් පැවැත්වීම සඳහා දැන් කටයුතු සූදානම් කෙරෙමින් තිබේ.

ජනමාධ්‍යකරුවනි, ජනරාල් මහත්තයෙක් කරමු!

Image
(2009 නොවැම්බර් 24 - W3Lanka ) "රජුන් පළවා හැරීමට ජනරාල්වරුන් තෝරාගැනීම ඉඟුරු දී මිරිස් ගැනීමක් නො වන්නේ කෙසේදැයි විශේෂයෙන් ම ජවිපෙ විසින් පැහැදිලි කර දිය යුතු වේ. මේ රටේ ජනතාවට අද අවශ්‍ය වී ඇත්තේ රජවරු හෝ ජනරාල්වරු නොව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සිවිල් පාලකයින් ය." ජනාධිපතිවරණය පිළිබඳ අප රජුනුත් එපා! ජනරාල්වරුනුත් එපා! අපට ඕනෑ සිවිල් පාලකයන් යන මැයෙන් පළ කරන ලද සටහනක අපි මෙසේ ලියුවෙමු.  සියලු ජනමාධ්‍ය සරත් ෆොන්සේකාගේ නම ඉදිරියෙන් ජනරාල් පට්ටමක් ඈඳද්දී අපි ඔහුගේ නම පමණක් ලියන්නෙමු. සම්ප්‍රදායක් ලෙස අපි මහතා යන පර්යාය පදය කිසිවකුගේ නමට අගින් නො යොදන්නෙමු. ඒ අපහාසයකට අගෞරවයකට නොව අපේ සම්ප්‍රදායයි. සරත් ෆොන්සේකා යථාර්ථයකි. ඔහු මේ රටේ අනාගත ජනාධිපති විය හැකි ය. ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ රටේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමයි. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමයි. දූෂණයෙන් තොර යහපාලනයක් පිහිටුවීමයි. ඔහු ඒකාධිපතියකු නො වන්නේ යයි වග බලා ගැනීම එජාපෙට හා ජවිපෙට පමණක් පවරා දෑත් පොරවාගෙන බලා සිටිය යුතු නැත.  සරත් ෆොන්සේකාට ඡන්දය දෙන ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු බවට ප...

ඉහළ මිලිටරි තලයේ පෙරළිකාර වෙනසක්

Image
(2009 ජුලි 13) සිය කළමනාකරණ දක්ෂතාව ප්‍රදර්ශනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මිලිටරි ඉහළ තලයේ තනතුරු රැඩිකල් ලෙස වෙනස් කර තිබේ.  ජුලි 15දා සිට බලපැවැත්වෙන පරිදි හමුදාපති සරත් ෆොන්සේකා වැඩි බලතල සහිත නව ආරක්ෂක කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කර ඇති අතර නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ජනාධිපති ආරක්ෂක උපදේශක නම් නව තනතුරක පිහිටුවා ඇත. මෙම තනතුරු දෙකෙහි බලතල සමගාමී නොවන අන්දමින් මෙම පත්වීම් සිදු කර තිබේ. යුද හා නාවික හමුදාපතිවරු එල්.ටී.ටී.ඊ. සංවිධානය පැරදවීමේ යුද්ධයේදී විශාල මෙහෙයක් කළහ. ඇතැම් ජනමාධ්‍ය විසින් ජයග්‍රහණයේ ගෞරවයේ ප්‍රතිශතය පිළිබඳ කාරණා ඉස්මතු කරමින් යම් මතභේදාත්මක තත්වයක් ිර්මානය කරන ලදී.  හිටපු යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි අද උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේය. 2006-2008 වකවානුවේ යාපනයේ අණදෙන නිලධාරිවරය‍ා ලෙස කටයුතු කළ හේ 2009 අප්‍රේල් මස සිට උතුරේ අවතැන් වූවන් පිළිබඳ බලය ලත් නිලධාරිවරයා විය. මේජර් ජනරාල් ජගත් ජයසූරිය යුද හමුදාපති ලෙස පත් වේ.  නව නාවික හමුදාපතිවරයා වන්නේ රියර් අද්මිරාල් තිසර සමරසිංහයි. ...