සිවිල් සමාජයෙන් විපක්ෂ සන්ධානය වෙනසකට කැප කරන උත්සාහයක්


(2009 නොවැම්බර් 11 - W3Lankaසිවිල් සමාජ ව්‍යාපාරයක් වන නිදහසේ වේදිකාව විසින් සකස් කරන ලද වෙනසකට කැපවෙමු නම් රට ගොඩ නැඟීමේ වැඩ පිළිවෙළ විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ වෙත පිළිගැන්වීමේ පළමු පියවර වශයෙන් එය එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත පිළිගැන්වීම නොවැම්බර් 12 වන බ‍්‍රහස්පතින්දා සවස 4.30ට කොළඹ 07 ජේ.ආර්.ජයවර්ධන කෙන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවයට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ (ම) නායක මංගල සමරවීර, ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහභාගී වනු ඇත.


‘නිදහසේ වේදිකාව’ විසින් දිවයින පුරා පවත්වන ලද දිස්ත‍්‍රික් නියෝජිත සමුළුවලදී සම්මත කරගත් රට ගොඩ නැගීම සදහා වන පස්වැදෑරුම් වැඩපිළිවෙල මත පදනම් ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන පුළුල්ම මහජන බලවේගයක් ගොඩනැගීම සඳහා ආරාධනා කිරීම අරමුණු කොට ඉදිරි දිනකදී ජනතා විමුක්ති පෙරමුණ, දෙමල ජාතික සන්ධානය, එක්සත් සමාජවාදී පක්ෂය, ඇතුළු සියළු විපක්ෂ දේශපාලන පක්ෂ වෙත මෙම වැඩ පිළිවෙල ඉදිරිපත් කරන බව නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා ප‍්‍රකාශ කළේය.


Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප