Posts

Showing posts with the label නිදහසේ වේදිකාව

සිවිල් සමාජයෙන් විපක්ෂ සන්ධානය වෙනසකට කැප කරන උත්සාහයක්

Image
(2009 නොවැම්බර් 11 - W3Lanka )  සිවිල් සමාජ ව්‍යාපාරයක් වන නිදහසේ වේදිකාව විසින් සකස් කරන ලද වෙනසකට කැපවෙමු නම් රට ගොඩ නැඟීමේ වැඩ පිළිවෙළ විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ වෙත පිළිගැන්වීමේ පළමු පියවර වශයෙන් එය එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත පිළිගැන්වීම නොවැම්බර් 12 වන බ‍්‍රහස්පතින්දා සවස 4.30ට කොළඹ 07 ජේ.ආර්.ජයවර්ධන කෙන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙම උත්සවයට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ (ම) නායක මංගල සමරවීර, ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහභාගී වනු ඇත. ‘නිදහසේ වේදිකාව’ විසින් දිවයින පුරා පවත්වන ලද දිස්ත‍්‍රික් නියෝජිත සමුළුවලදී සම්මත කරගත් රට ගොඩ නැගීම සදහා වන පස්වැදෑරුම් වැඩපිළිවෙල මත පදනම් ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන පුළුල්ම මහජන බලවේගයක් ගොඩනැගීම සඳහා ආරාධනා කිරීම අරමුණු කොට ඉදිරි දිනකදී ජනතා විමුක්ති පෙරමුණ, දෙමල ජාතික සන්ධානය, එක්සත් සමාජවාදී පක්ෂය, ඇතුළු සියළු විපක්ෂ දේශපාලන පක්ෂ වෙත මෙම වැඩ පිළිවෙල ඉදිරිපත් කරන බව නිදහසේ ...

හටපු හමුදාපති සුදුසු ගැලවීමේ හමුදාවට යයි මා කියූ වේලේ බැන්න අය දැන් ඔහුට ඊටත් අඩු තනතුරක් දෙන්න යනවා - මංගල කියයි

Image
(2009 ඔක්තෝබර්  14 - W3Lanka ) හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පුවත්පතකට කළ ප්‍රකාශයකට දේශපාලන පිළිතුරක් දෙමින් තමා ඔහු සුදුසු ගැලවීමේ හමුදාවේ නායකත්වයට බව පැවසූ අවස්ථාවේ තමාට බැන වැදුණු පුද්ගලයන් දැන් හිටපු හමුදාපතිවරයාට ගැලවීමේ හමුදාවේ නායකයාටත් වඩා අඩු බලතල සහිත ක්‍රීඩා හා විනෝද කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධුරය පිරිනමා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර පවසයි. අගෝස්තු 13දා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේ පැවති නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලද අපි ඔක්කොම රජවරු නම් තේමාවෙන් යුක්ත වූ රැස්වීම අමතමින් සමරවීර මේ බව පැවසීය. යුද්ධය දිනා දුන් රණවිරුවන්ට පදක්කමක්වත් නො දුන් රජය කාසියක් දීම සඳහා ඔවුන්ගේ වැටුපෙන් රු. 3080ක් අඩු කරගෙන ඇති බව ද ඔහු පැවසීය.  රණවිරුවන්ගේ ලෙයින් දහදියෙන් ලබා ගත් ජයග්‍රහණය සදාකාලික එකක් බවට පත් කර ගැනීමට රජයට උවමනාවක් මෙන් ම වැඩපිළිවෙලක් ද නැති බව මංගල සමරවීර පැවසුවේ ත්‍රස්තවාදය පරාජය කළමුත් සාමය උදා වී නැති බව ද පෙන්වා දෙමිනි.